පසුගිය වසරේ මැයි රැලිය පැවැත්වීම සදහා ජවවිපෙට දුන් එෆ්.ආර්. සේනානායක පරිශ්‍රය මෙවර මැයි රැලිය පැවැත්වීම සදහා සජබය ඉල්ලා සිටියද නගර සභා පරිශ්‍රය අවට ලබා දිය නොහැකි බව නාගරික කොමසාරිස්වරිය තමන්ට දැනුම් දී ඇති බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ නාගරික කොමසාරිස්වරිය එසේ පැවසුවද ජවිපෙට නගර සභා පරිශ්‍රය ආසන්නයේ පිහිටි ලිප්ටන් වටරවුම ලබා දීමට කටයුතු කොට ඇති බවකි.
ආණ්ඩුව සහ ජවිපෙ අතර මේ ඩීල් එක කුමක්ද යන්න සොයා බැලිය යුතු බව කී ඒ මහතා සජබයට ආණ්ඩුව මෙපමණ බය ඇයි කියා ප්‍රශ්නයක් මතුවන බවද කියා සිටියේය.










