• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

19ට රෙද්ද උස්සපු අය තමයි 20ට ගල් ගහන්නේ…

October 19, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
19ට රෙද්ද උස්සපු අය තමයි 20ට ගල් ගහන්නේ…
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා බහ දිනෙන් දින උණුසුම් වෙමින් ඇත. 20 වැනි සංශෝධනය ඉදිරිපත් කළ දින සිටම විපක්ෂ දේශපාලන බලවේග එයට දැඩි ලෙස විරුද්ධ විය. ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් රාශියක්ද අධිකරණයට ඉදිරිපත් වූ අතර එම පෙත්සම් විභාගයේ තීන්දුව මේ වන විට කථානායකවරයා වෙත ලැබී ඇත. මේ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවේචන එල්ල කරන ආකාරය දැක ගත හැක. ඒ අතර ඉදිරියේම සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාය. 20 වැනි සංශෝධනය හේතුවෙන් දේශපාලන පිටිය දිනෙන් දින උණුසුම්වද්දී, ශ්‍රී ලංකා අමරපුර-රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව මෙන්ම කතෝලික රදගුරු සම්මේලනයද නිවේදන නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටියේ 20 වැනි සංශෝධනය සම්මත නොකරන ලෙසය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් මෙසේය.


ද්විත්ව පුරවැසි භාවය සහිත පුද්ගලයකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව 20 වැනි සංශෝධනය හරහා නැවත ලබා දීම බොහෝ දෙනාගේ විවේචනයට හේතු වෙලා තියෙනවා. ඇත්තටම ඇයි එම කරුණ 20 වැනි සංශෝධනයට ඇතුළත් කළේ?
20 වැනි සංශෝධනය ගේන්නේ එක් එක් කරුණ ගැන සලකලා නෙවෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට නැවත නිවැරැදි කළ නොහැකි ආකාරයේ හානියක් සිද්ධ වුණා. ඒක නිවැරැදි කරන්න බැහැ. ඒ නිසා 1972 වසරෙන් පස්සේ ලංකාවේ දේශපාලනික සහ ආර්ථික ඉතිහාසය තුළ ඇති වුණු ලොකුම කළු පැල්ලම ලෙස තමයි 19 වැනි සංශෝධනය සලකන්න පුළුවන්. ඒ වැරැද්ද නිවැරැදි කරන්න බැහැ. ඒ හින්දා 19 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න අවශ්‍යයි. ඒ සඳහා තමයි 20 ගේන්නේ. එක් එක් කරුණු ගැන විතරක් සලකලා සංශෝධන ගේන්න බැහැනේ. ඒ හින්දා 20වැනි සංශෝධනයේ එක එක කරුණු ගැන නැතිව සමස්ත සංශෝධනය කෙරෙහි තමයි අපි අවධානය යොමු කරන්න ඕනෑ.
නමුත් 19 වැනි සංශෝධනයේ තියෙන යහපත් කාරණා රැකගෙන 20 වැනි සංශෝධනය ගෙන්න තිබුණා කියලා මතයක් තියෙනවා. ඇයි රජය ඒ මතයට ගරු නොකරන්නේ?
රජය ගරු කරන්නේ ජනතා මතයට. මොකද පසුගිය ජනාධිපතිවරණයේදී, පාර්ලිමේන්තු මැතිවරණයේදී විතරක් නෙවෙයි ඊට පෙර පැවැති පළාත් පාලන මැතිවරණයේදීත් 19 වැනි සංශෝධනය අහෝසි කරනවා කියන එක තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන පොරොන්දුව වුණේ. එහි අඩංගු ඇතැම් කරුණු සංශෝධනය කරනවා, ඇතැම් කරුණු සංශෝධනය කරන්නේ නැහැ කියලා අපි පොරොන්දු වුණේ නැහැ. දැන් ඉන්න ජනාධිපතිවරයා ජනතාවට පොරොන්දු වුණේ 19 වැනි සංශෝධනය අහෝසි කරනවා කියලා. අගමැතිවරයා ජනතාවට පොරොන්දු වුණෙත් 19 වැනි සංශෝධනය අහෝසි කරනවා කියලා. ඒ පොරොන්දුව 19 වැනි සංශෝධනයේ හැම වගන්තියටම අදාළයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නේ එක් එක් වගන්ති තෝර ගෙන සිදු කෙරෙන දෙයක් නෙවෙයි.
ඔබතුමා කියන්නේ මේ චෝදනා පදනම් විරහිතයි කියලද?
20 වැනි සංශෝධනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන හරියටම නොදන්න අය මේ ගැන වැරැදි ජනමතයක් ඇති කරන්න හදනවා. 20 වැනි සංශෝධනයේ ද්විත්වපුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නය හරි, ජනාධිපතිවරයාගේ වයස පිළිබඳ ප්‍රශ්නය හරි, ස්වාධීන කොමිෂන් සභා ගැන හරි වෙනම කතා කරලා වැඩක් නැහැ. සමස්ත ආණ්ඩුක්‍රම සංශෝධනය ගැනයි කතා කරන්න ඕනෑ. 20 වැනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟයි කියලා අධිකරණය තීන්දු කළොත් තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඒ සංශෝධනයේ ව්‍යවස්ථාවට පටහැනි කිසිම දෙයක් නැහැ කියන එක අපි දන්නවා. අධිකරණයේ තීන්දුව ප්‍රසිද්ධියට පත් වුණාම ඒක හැමෝටම දැන ගන්න පුළුවන්. ඒ හින්දා ස්වාධීන යැයි කියා ගන්නා ඇතැම් පිරිස් සහ පූජ්‍ය පක්ෂය මේ ගැන කතා කරන එක වැරැදියි කියන එකයි මගේ අදහස.
ඔබතුමා කියන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සද්භාවයෙන් ඉදිරිපත් කළ එකක් නෙවෙයි කියලද?
එහෙම සද්භාවයෙන් ඉදිරිපත් කළ එකක් වුණා නම් පාස්කු ප්‍රහාරය වගේ මහා විනාශයක් අපේ රටේ සිද්ධ වෙන්න පුළුවන්ද? මහ බැංකු කොල්ලය වගේ හොරකමක් වෙන්න පුළුවන්ද? ඔය කියන කොමිෂන් සභා හරියට ක්‍රියාත්මක වුණා නම් ඒවා වෙන්න බැහැනේ. ඇත්තම කියනවා නම් 19 වැනි සංශෝධනය ගෙනාවේ රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන. වෙන අරමුණක් එතැන තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඉලක්ක කරගෙන තමයි දෙවරකට වැඩිය ජනාධිපති ධුරය දරන්න බැහැ කියන සංශෝධනය ගෙනාවේ. බැසිල් රාජපක්ෂ මහත්තයා සහ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉලක්ක කර ගෙන තමයි ද්විත්ව පුරවැසියන් සම්බන්ධ සංශෝධනය ගෙනාවේ. ඒ වගේම නාමල් රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වේවි කියලා හිතලා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි වයස් සීමාව 35 ලෙස වෙනස් කළා. 2004 වසරෙදි චන්ද්‍රිකා ජනාධිපතිනිය තම බලය යොදා ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හින්දා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගමැති ධුරය නැති වුණා. මෛත්‍රී ජනාධිපතිතුමාත් එහෙම කරාවි කියලා හිතලා තමයි අවුරුදු හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි බවට සංශෝධනයක් ගෙනාවේ. එහෙම බැලුවම 19 වැනි සංශෝධනය කියන්නේ එක් එක් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් සකස් කළ එකක් මිස රටේ අනාගතය වෙනුවෙන් ගෙනාව එකක් නෙවෙයි.
රටේ නීති සම්මත කරන ප්‍රධාන ආයතනය තමයි පාර්ලිමේන්තුව. එවැනි ආයතනයක බලය ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන් අතට පත් වීම රටට තර්ජනයක් නෙවෙයිද?
මීට කලින් ද්විත්ව පුරවැසි භාවය සහිත වූ පුද්ගලයන් කී දෙනෙක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවද කියලා කවුරුත් කතා කරන්නේ නැහැනේ. ඒ හරහා එවැනි බලපෑමක් ඇති වෙලත් නැහැනේ. කලිනුත් කිව්වා වගේ බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඉලක්ක කර ගෙන තමයි 2015දි ඔය සංශෝධනය ගෙනාවේ. ඒත් එවැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙද්දිත්, සිංගප්පූරු පුරවැසිභාවය තියෙන පුද්ගලයෙක් අපේ රටේ මහබැංකු අධිපතිවරයා බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි සිංගප්පූරු පුරවැසිභාවය විතරක් තියාගෙන ඔහු මහබැංකුව මහ දවල් මංකොල්ල කෑවා. අදටත් ඔහුව ලංකාවට ගේන්න හැකියාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි. පසුගිය ආණ්ඩුව කාලේ ජාතික ආර්ථික කවුන්සිලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ඇමෙරිකානු පුරවැසියෙක්. අඩුම ගාණේ ඔහුට ද්විත්ව පුරවැසි භාවයවත් තිබුණේ නැහැ. එහෙනම් 19 වැනි සංශෝධනය ගෙනාව එකෙන් මොකක්ද ඇති වුණු ප්‍රයෝජනය. එදා 19ට රෙද්ද උස්සපු අය තමයි අද 20ට ගල් ගහන්නේ.
ඒත් ආණ්ඩුව ඇතුළෙන්මත් 20ට එරෙහිව විරෝධයක් ඇති වෙලා තියෙන බවක් පේනවා නේද?
ඒ වගේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ජනතාවගේ වරමින් 2/3ක බලයක් ලබා ගත්ත ආණ්ඩුවක් විදියට ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන එක තමයි අපි කරන්න ඕනෑ. ඔය කියන පුද්ගලයෝ ගැන ජනතාව ඉදිරියේදී තීරණය කරාවි. මොකද ජනතා බලය හැමදේටම වැඩිය බලවත්. ඔය කියන උදවිය මීට කලින් මැතිවරණවල දිස්ත්‍රික්කයේ පළමු තැනට ආවා. ඒත් මේ සැරේ සමහරු දෙවැනි තැනට පත් වෙලා. සමහරු පස්වැනි තැනට පත් වෙලා. ඒ අය කටයුතු කරන විදිය අනුව ඉදිරියේදී ජනතාව ඒ අය ගැන තීරණය කරයි.
කඩිමුඩියේ 20 සංශෝධනය ඉදිරිපත් කළත්, හැකි ඉක්මණින් නව පූර්ණ ව්‍යස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරන බවත් ආණ්ඩුව ප්‍රකාශ කරනවා. එහිදීත් ද්විත්ව පුරවැසි භාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ලබා දිය යුතුයි කියලා ඔබතුමා හිතනවද?
20 කියන්නේ තාවකාලික සංශෝධනයක්. ජනතාවට පොරොන්දු වූ පරිදි 19 හැකි ඉක්මණින් අහෝසි කරන එක තමයි අපි එහිදී කරන්නේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන එක ආප්පයක් හදනවා වගේ ලේසි වැඩක් නෙවෙයි. ඒ සඳහා සැලකිය යුතු කාලයක් යනවා. ඒ වගේම ඒ වෙනුවෙන්ම පත් කළ ව්‍යවස්ථා මණ්ඩලයක් හරහා තමයි ඊට අඩංගු සංශෝධන පිළිබඳව සලකා බලන්නේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අඩංගු විය යුතු සහ නොවිය යුතු දේ ඒ අය තීරණය කරාට පස්සේ තමයි අපිට ඒ ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි ඒ ගැන කතා කරමු.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

බ්‍රැන්ඩික්ස් කොරෝනාවේ මුල හොයාගනී

Next Post

අභයාරාමෙන් අගමැති-මැති අමැතිවරුන් කැඳවයි: අවසන් තීන්දුව දැනුම් දෙයි EXCLUSIVE

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.