විසිවන සංශෝධනය ඉදිරිපත් කිරීම වහාම අත්හිටුවන ලෙස නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අද (19) දින දැනුම් දීමට පියවර ගෙන ඇත.
අද පෙරවරු 11ට මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් අභයාරාමයේදී පැවැත්වීමට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු ආණ්ඩුව ගෙන ඒමට සහාය දැක්වූ ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් කටයුතු කොට තිබේ.
ඊට සහභාගී වන ලෙසට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ප්‍රධාන පෙළේ මැතිඇමැතිවරුන්ට දැනුම් දීමටද උන්වහන්සේලා පියවර ගෙන ඇත.
එම දැනුම් දීමට අනුව දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, ගෙවිදු කුමාරතුංග යන මැතිඇමැතිවරුන් මෙම සාකච්ජාවට සහභාගී වී තිබේ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ, මැදගොඩ අභයතිස්ස, බෙංගමුවේ නාලක යන නාහිමිවරුන්ට අමතරව තවත් ප්‍රධානපෙළේ ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ද මෙම සාකච්ජාවට සම්බන්ධ වී ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙහිදී මුරුත්තෙට්ටුවේ හිමියන් අවධාරණය කොට ඇත්තේ වහාම 20 වන සංශෝධනය ගෙන ඒම අත්හිටුවන ලෙසය.
මෙය අවසන් දැනුම්දීම බවත්, තමන් වහන්සේලාගේ අනුශාසනා නොතකා 20 වන සංශෝධනය රැගෙන එන්නේ නම් පාර්ලිමේන්තුව වැටලීමට තමන් වහන්සේලා කටයුතු කරන බවත්, එතෙකින් නොනැවතී රට පුරා උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු කරන බවත් උන්වහන්සේලා අගමැතිවරයාට දැනුම් දීමට පියවර ගෙන ඇත.
20 ගෙන ඒම අත්‍යවශ්‍ය නම් ඊට අවශ්‍ය සංශෝධන අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යතු බවත් මෙහිදී උන්වහන්සේලා අගමැතිවරයා ඇතුලු මැතිඇමැතිවරුන්ට පෙන්වා දී ඇත.
කෙසේවෙතත් මෙම සාකච්ජාව අවසානයේදී ආනන්ද හිමියන් විසින් පිරිසට දිවා භෝජනයද ලබා දී ඇති බව දැනගන්නට තිබේ.