• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ෆ්ලොයිඩ්ගේ හුස්මෙන් නැවතුණු අමෙරිකාවේ හදගැස්ම

June 7, 2020
in News, Politics
Reading Time: 5 mins read
A A
ෆ්ලොයිඩ්ගේ හුස්මෙන් නැවතුණු අමෙරිකාවේ හදගැස්ම
Share on WhatsAppShare on Facebook

“අනේ දෙවියනේ මාව මරන්න එපා. මරන්න එපා. මට හුස්ම ගන්න බෑ. මගේ හුස්ම හිර වෙනවා. මාව බේරගන්න අම්මේ, මාව බේරගන්න”
කෙසේ හෝ පැමිණි පොලිස් නිලධාරීන් තිදෙනාම වගේම මේ කළු මිනිසා අත්අඩංගුවට ගැනීම වහා කටයුතු කළේය. එම සිදුවීම ඒ අසල ගොඩනැඟිල්ලක තිබුණු ආරක්ෂක කැමරාවක යම් පමණින් සටහන්ව තිබිණි. මුලින් නිලධාරීන් තිදෙනා මෝටර් රථය වෙත ගොස් ෆ්ලොයිඞ්ට රථයෙන් බැසීමට පැවැසුවත් ඔහු එයට කීකරු නොවී රථය තුළම රැඳී සිටීමට උත්සාහ දරන ස්වරූපයක් පෙනෙයි. මෙම සී.සී.ටී.වී. දර්ශන පේන්නේ යම් දුර රූපයක සිටය. එහෙත් කෙසේ හෝ මුලින් රථයේ සිටින අනෙක් දෙදෙනා (තරුණයකු හා තරුණියක) රථයෙන් බස්සවාගෙන ඔවුන් මාර්ගයේ පසෙකට කරයි. ඉන්පසු දර්ශනවලින් පෙනෙන්නේ නිලධාරීන් මෙම කළු ජාතිකයා රථයෙන් බස්සවාගෙන අසල මාර්ගයේ පදික වේදිකාව වෙත යන අයුරුය. එහෙත් එම අවස්ථාවේදී ජෝර්ජ් ෆ්ලොයිඞ් පොලිස් නිලධාරීන් සමග කිසිම ගැටීමක් ඇති නොකරගෙන බොහෝ සන්සුන් ආකාරයෙන් පදික වේදිකාව මතට පැමිණෙයි. ඒ සැණින්ම එක් නිලධාරියකු ඔහුගේ දෑත් පිටුපසට තබා මාංචු දමයි. ඉන් පසුව ඔහු බිම හිඳුවයි. කළු මිනිසාගේ තොරතුරු සටහන් කර ගනී. ඒත් සමඟම පොලිස් ජීප් රථය එතැනට ගෙන එයි.
සැබෑ අරගලය පටන් ගන්නේ මෙතැන සිටය. පොලිස් නිලධාරින් තිදෙනා මෙම හැඩිදැඩි කළු මිනිසා ජීප් රථයේ පසුපස අසුනට නංවා ගැනීමට සැරසෙයි. එහෙත් කළු මිනිසා එය ප්‍රතික්ෂේප කරයි. වරක් රථය ඇතුළට දමා ගත්තද ඔහු එයින් එළියට පැනගනියි. ඒ සමඟම ඔහු මාංචු දමා තිබෙන තත්ත්වයද අභියෝගයට ලක් කරමින් නිලධාරීන් සමඟ ශාරීරිකව ගැටෙන්නට ගනියි. ඔහුට පොරබදන්නට නොහැකි වුණේ ඔහුගේ ගතේ ඇති ශක්තිය නිසා නිලධාරීන්ට ඔහුව මෙල්ල කළ නොහැක. නිලධාරීන් තිදෙනාම වහා ඔහු අල්ලා ජීප් රථයේ රෝදය අසල බිම හිඳුවා පසුව සැණෙන් බිම හාන්සි කරවයි. වඩාත් උද්වේගකර ජවනිකාව ඇරඹෙන්නේ එතැන සිටය. එනම් එක් නිලධාරියකු වහා තම වම් පාදයේ දණහිස කොටස නවා ගනිමින් කළු මිනිසාගේ ගෙලට තබා සිරකර ගනියි. සැබෑ ශෝකාන්තය ඇරඹෙන්නේ එතැන් සිටය. ඔබට මේ කතාව ලියා තබන විට ආරම්භයේදීම එම උද්වේගකර ජවනිකා පෙළ මා විසින් ලියා තැබුවෙමි. මේ සිදුවීම් සියල්ලම සඳහා ගතවන්නේ පැය භාගයකට වඩා අඩු කෙටි කාලයකි. එම කාලයෙන් කළු මිනිසාගේ සුසුම් පොද වියැකී යන්නට ගතවන්නේ විනාඩි 6-8ක කාලයක් පමණි.
ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ මරණ පරීක්ෂණයේදී පැහැදිලිවම නිගමනය වූයේ දිගු වේලාවක් ගෙල සිරකරගෙන සිටීම හේතුවෙන් ඇතිවුණු දැඩි ශ්වසන අපහසුතාවය හේතුකරගෙන පසුව හෘදය අක්‍රිය වීමෙන් මරණකරු මියගිය බැව්ය. මේ හදිසි රෝගී තත්ත්වය ‘ඇස්පික්සියා’ ලෙස නම් කෙරුණු අතර, ෆ්ලොයිඞ්ගේ මරණය සිතාමතා සිදුකළ ඝාතනයක් බවට නිගමනය කළේය. ඒ අනුව මෙම ඝාතනය සිදුකළ ‘මිනාපොලිස්’ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරී ඩෙරික් චාවින් වහා අත්අඩංගුවට ගන්නේය. පසුව ඔහුට එරෙහිව මහාධිකරණයේ නඩු පවරන ලදී. මෙම පොලිස් නිලධාරියාට එරෙහිව ගොනු කෙරෙන චෝදනා ඉතාමත් ප්‍රබල ඒවා වන අතර, අපරාධ නීතිය අනුව ඔහුට ඉදිරියේදී හිමිවනු ලබන දඬුවම්ද බොහෝ දරුණු වනු ඇතැයි ප්‍රකාශ වෙයි. මෙම නිලධාරියා සමඟ සිටි අනෙකුත් පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන නැතත් ඔවුන්ටද එරෙහිව පරීක්ෂණයක් දියත් වෙමින් ඇත. ඒ ඔවුන්ද මෙම සිදුවීමට යම් සහායක් දක්වා තිබීම හේතුවෙනි.

කෙසේ හෝ ජෝර්ජ් ෆ්ලොයිඞ් ත්‍රාසජනක මාරක කතාවේ දෙවැනි කොටස දිග හැරෙන්නේ මෙතැන් සිටය. ඇමෙරිකාව යනු තවද යම් පමණකින් කළු – සුදු වර්ණභේදවාදී අරගලය මුල්බැසගත් රටකි. අප්‍රිකානු සම්භවය ඇති ඇමෙරිකානු කළු ජාතික වැසියන් විශාල ප්‍රමාණයක් ඇමෙරිකාවේ වෙසෙති. කෙසේ හෝ පසුගිය කාලයක් පුරාම විටින් විට සුදු ජාතිකයන් අතින් කළු ජාතිකයන් ඝාතනය කෙරෙන සිදුවීම් අසන්නට ලැබෙයි. මෙයට මාස දෙකකට පෙරදීද එවැනි ඝාතනයන් අසන්නට ලැබිණි. කෙසේ හෝ මෙවර සිදුවූ මෙම ෆ්ලොයිඞ් ඝාතකයන් සමඟ ඇමෙරිකාව උඩු යටිකුරු වන්නට විය. එනම් මෙම ඝාතනයට එරෙහිව ෆ්ලොයිඞ්ගේ උපන් භූමිය පිහිටි ඩෙන්වර් ප්‍රාන්තයේ මුලින්ම උද්ඝෝෂණයක් ඇරැඹිණි. එය යම් මට්ටමකට අඩු සහභාගිත්වයක් ඇති උද්ඝෝෂණයක් වුවත් පසුව දින 02ක් ඇතුළතදී ඇමෙරිකාවේ ප්‍රාන්ත 40 පුරා උද්ඝෝෂණ ව්‍යාප්ත වන්නට වූයේ ලැව් ගින්නක් මෙනි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වෙසෙන ධවල මන්දිරය දක්වාම මෙම උද්ඝෝෂණ පැතිර ගියේය.
ධවල මන්දිරය ඉදිරිපිටට දස දහස් සංඛ්‍යාත උද්ඝෝෂකයන් පිරිසක් පැමිණ උද්ඝෝෂණය කරන්නට වූහ. දහවල් කාලයේදී යම් සාමකාමී ස්වරූපයේ මෙම උද්ඝෝෂණවල සාමකාමී බවක් තිබුණද එය රාත්‍රියේදී බියකරු ස්වරූපයක් ගනී. එනම් කඩ සාප්පු කොල්ලකෑම මෙන්ම ගිනි තැබීම්ද බහුලව සිදුවිය. ජනාධිපති ට්‍රම්ප්ගේ ධවල මන්දිරය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණ ඉතා බියකරු වූ අතර, එහිදී ජනාධිපති ට්‍රම්ප් සහ පවුලේ සාමාජිකයන් වහා එම ධවල මන්දිරයේ ඇති භූගත බංකරයකට ගොස් සැඟවී ආරක්ෂාව සලසාගෙන ඇත. මෙම සිදුවීමේදී ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ තමන් කිසි විටෙකවත් බංකරයකට ගොස් සැඟවුණේ නැති බැව්ය. එහෙත් පසුව ධවල මන්දිරයේ ප්‍රකාශකයකු පවසා තිබුණේ ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ පවුලේ සාමාජිකයන් පැයක පමණ කාලයක් භූගතව පිහිටි සුව පහසු බංකරයකට ගොස් ආරක්ෂාව සලසාගත් බැව්ය. සමහර ට්‍රම්ප් විරෝධී පාර්ශ්ව විසින් මෙම සිදුවීමේදී ජනාධිපති ට්‍රම්ප් හඳුන්වාදී තිබුණේ ‘බංකර් කොල්ලා’ වශයෙනි. මෙය සැබෑ ලෙස හාස්‍යය උපදවයි.

ඇත්තටම මෙම ‘වර්ණභේදවාදී මරාලය’ කඩාගෙන පාත්වූයේ තවද කොරෝනා මාරයා ඇමෙරිකාවේ ජයටම පිනුම් ගසමින් සිටිනා අවස්ථාවකදීය. දැන් මේ වන විට ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් ලක්ෂ 19ක් ඉක්මවා ඇති අතර, මරණ 1,10,000කට ආසන්නව ඇත. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යනු බොහෝ හිතුවක්කාර ගති පැවැතුම් ඇති බොහෝ විට තමන්ගේම මතයේ පමණක් සිටින පුද්ගලයෙකි. ඒ බැව් අද මුළු ලෝකයම දනිති. ඔහු කෙතරම් පටු ආකල්පවල සිටින මිනිසකුද යත්, බොහෝ අවස්ථාවලදී ඔහු මාධ්‍යවේදියකුට හෝ ප්‍රශ්නයක් ඇසීමට ඉඩ නොදෙයි. කෙසේ හෝ එවැනි තත්ත්වයන් පසෙක තැබුවද මෙවර ඔහු කොරෝනා වසංගතය හමුවේ බොහෝ අමනෝඥ ආකාරයෙන් කටයුතු කළ බවට මුළු ලෝකයේම දෝෂාරෝපණය එල්ලවී ඇත. කොරෝනා රෝගයෙන් ඇමෙරිකාවේ මැරෙන මිනිස්සු මැරීගිය පසු ඉතිරි මිනිසුන් රෝගයකින් තොරව ජීවත් වනු ඇතැයි ඔහු වරෙක ප්‍රකාශයක් කළේය. මෙය සැබැවින්ම අතිශය මන්දබුද්ධික ප්‍රකාශයකි.
කෙසේ හෝ ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ ඝාතනය හේතුවෙන් දැනට උද්ඝෝෂණ සිදුවන විටදීද ඩොනල්ඞ් ට්‍රම්ප් නිකම් සිටියේ නැත. එම උද්ඝෝෂණ මෙල්ල කිරීම සඳහා පොලිසියට ඔහු සියලු නියෝග ලබාදී තිබිණි. උද්ඝෝෂකයන්ට බැටන් පොලු ප්‍රහාර, කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ රබර් උණ්ඩ යොදා වෙඩි තැබීමටද ඔහු නියෝග කර තිබිණි. එසේම ඉදිරියේදී කඩ සාප්පු කොල්ලකන පිරිස්වලට සජීවීව වෙඩි තැබීමටද සිදු වන බවට අනතුරු අඟවා ඇත. එය ඔහුගේම බසින් ඉංග්‍රීසියෙන් කියා ඇත්තේ ,”If looting is there, the shooting also will be there” යනුවෙනි. එහි සිංහල අරුත වන්නේ ‘මංකොල්ලයට යනවා නම් එතැන වෙඩි තැබීමක් තිබෙනවා’ යන අරුතය. කෙසේ හෝ උද්ඝෝෂණ මුවාවෙන් මංකොල්ලකෑම අනුමත කළ හැකි ක්‍රියාවක් නොවේ. ඝාතනයට ලක්වූ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ අවමංගල්‍යය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජුනි 09 වැනිදාය. එදිනද එතරම් සතුටුදායක දිනයක් නොවන බවට විමර්ශකයන් අනතුරු අඟවා ඇත.
කෙසේ හෝ මෙලෙස එකා මත එකා ගැටෙමින් ලක්ෂ ගණනාවක පිරිස් උද්ඝෝෂණවල නිරත වීම හේතුවෙන් තව දින කිහිපයක් යන විටදී කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව තවත් අතිශය දරුණු වනු ඇතැයි ඇමෙරිකානු වෛද්‍ය අංශ අනතුරු හඟවා ඇත. එසේම ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ අවමංගල උත්සවය පැවැත්වෙන ලබන ජුනි 09 වැනිදාද ජනතාව ලක්ෂ ගණනින් සහභාගි වන හෙයින් එදිනද කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්ත වීමට පහසු මාර්ගයක් සැලසෙනු ඇත.
මෙය ලියාගෙන යන විටදී තවත් අපූරු පුවතක වගතුග ආරංචි විය. එනම් ඝාතනයට ලක්වූ කළු ජාතිකයා විසින් ඩොලර් 20 මුදල් නෝට්ටුව ලබාදුන් වෙළෙඳසැලේ අයිතිකරු සිදුකර ඇති ප්‍රකාශයකි. ඔහු බොහෝ දැඩි සංවේගයෙන් යුතුව මෙසේ ප්‍රකාශ කර ඇත.

(Photo by Hannah Peters/Getty Images)

“අපේ පවුලේ අය මේ වෙළෙඳසල අවුරුදු 31ක් පුරාම පවත්වාගෙන යනවා. මම ජෝර්ජ් දන්නවා අවුරුදු ගණනාවක ඉඳන්. මේ සිද්ධිය වන විට මම වෙළෙඳ සැලේ හිටියේ නැහැ. වැඩ කරන සේවකයකු තමයි ජෝර්ජ් ලබාදුන් මුදල් නෝට්ටුව හොර එකක් බව හොයාගෙන තිබෙන්නේ. එය ඇත්තටම හොර නෝට්ටුවක්. ඒත් මට හිතෙන විදිහට ජෝර්ජ් දන්නේ නැතිව ඇති මෙය හොර නෝට්ටුවක් කියා. හරිම කනගාටුදායක සිදුවීමක් වුණේ. පොලිසියත් කිසිම ඉවසීමක් නැතිව කටයුතු කළා. ජෝර්ජ්ගේ ජීවිතය නැතිවීම ගැන මම හරිම කනගාටු වෙනවා.”
මෙම සිදුවීමේදී ලියා තැබිය යුතු අතිශය සුවිශේෂීම කතාව කරළියට එන්නේ මෙතැනදීය. එනම් මෙම ජෝර්ජ් ෆ්ලොයිඞ් සිදුවීම සී.සී.ටී.වී. කැමරා දෙකක සටහන්ව තිබුණත් එම දර්ශනවලින් ජෝර්ජ්ගේ මරණය සිදුවන ප්‍රහාරය පැහැදිලිව නැත. එහෙත් එක් පදිකයකු විසින් ගත් වීඩියෝ දර්ශන පෙළකින් එම සිදුවීම පැහැදිලිව පෙනෙයි. අද ලොව පුරා කෝටි ගණනක ජනතාව නරඹන එම ත්‍රාසජනක දසුන් පෙළ තම ස්මාර්ට් දුරකතන කැමරාවට හසුකර ගත්තේ 17 වැනි වියැති තරුණියක් විසිනි. ඩාර්නෙල්ලා ෆ්රේසර් නමැති ඇය තවම පාසල් යන යුවතියකි. ඇය මෙම දසුන් බොහෝ බියෙන් යුතුව යම් දුර ප්‍රමාණයක සිට දුර රූප කාචය භාවිතා කරමින් රූපගත කර ඇත. ඇය සිදුකර ඇති මෙම ක්‍රියාව මහත් ප්‍රසාදයට ලක්ව ඇති අතර, එහෙත් එක්තරා පාර්ශ්වයක් ඇයට තර්ජනය කිරීමට කටයුතු කර ඇත. මේ හෙයින් ඇය බියට පත්වී තම මවුපියන් සමඟ මානසික වෛද්‍යවරයකු වෙත ගොස් උපදෙස් ලබාගෙනද ඇත. මේ වන විට ඇය වෙනුවෙන් ආරක්ෂාවට ආධාර අරමුදලක්ද ස්ථාපිත කර ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සිරිසේන ශ්‍රීලනිපය බංකොලොත් කරයි: ජන්දෙට සල්ලි නැතිව කරන්න යන දේ..

Next Post

පාතාල මර්දනය ඇරඹේ: ‘ගොනාකෝවිලේ රාජු’ පොලිස් වෙඩි පහරින් මරුට

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.