• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සිරිසගබෝ රජ කාලේ ගං හතක් පාලු කරපු ‘රතැස් යකා’ ‌කොරෝනාවක්ද?

April 14, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
සිරිසගබෝ රජ කාලේ ගං හතක් පාලු කරපු ‘රතැස් යකා’ ‌කොරෝනාවක්ද?
Share on WhatsAppShare on Facebook

“රක්තාක්ෂි යයි ප්‍රසිද්ධ වූ එක් යකෙක් මෙහි අවුත් ඒ ඒ තැන මිනිසුන්ගේ ඇස් රතු කෙරෙයි. උනුන් රත් ඇස් බලා බිය වැද මනුෂ්‍යයෝ නසති.”
මේ මහාවංශයේ එක්තරා කොටසක සටහන. ඒ ලංකාවෙ බොහෝ ප්‍රශ්න ගැටලු තිබුණ කාලයක්. එදා ලංකාවෙ රජකම් කරමින් උන්නේ සිරිසඟබෝ මහරජතුමා. බුද්ධ වර්ෂ 794-796 අතර කාලෙ. එදා මේ රටේ පැතිරෙමින් තිබුණ භයානක රෝගයක් ගැනයි මේ කියන්නෙ. මේ ලෙස ඔවුන් හඳුන්වන්නේ ඇත්තටම යකෙක් නොවෙන්න පුළුවන්. මේ සමහර විට එදා ඔවුන්ට හම්බුණ පළමු රෝගියාගේ රෝග ලක්ෂණයද?
මේ මීට වසර 1750කට වඩා පෙර අතීතය.
මහාවංශ කතුවරයා කියන්නේ “රක්තාක්ෂි යැයි ප්‍රසිද්ධ වූ එක් යකෙක් මෙහි අවුත් ඒ ඒ තැන මිනිසුන්ගේ ඇස් රතු කෙරෙයි” කියලා. මේ “යකාගේ” ලක්ෂණ දෙවෙනියට රෝගී වෙන පුද්ගලයාගේ ලක්ෂණ සමාන වෙනවා. ඒ කියන්නෙ එකම ලක්ෂණ මතුවෙනවා. හරියටම කොවිඞ් 19, සාර්ස්, ඉබෝලා වගේ රෝගයක් බෝවෙනවා වගේමයි. මේ තමයි ඒ ගැන මහා වංශයෙ තවදුරටත් තියෙන සඳහන.
“යක්ෂ තෙමේ ඒ මිනිසුන් සැක නැතිව කයි. රජ තෙමේ උන් උවදුරු අසා තැති ගත් සිත් ඇත්තේ හුදකලාව අටග පෙහෙවස් ඇතිව උපවස් ගෙය තුළ ඒ යකු නොදැක නොනැගිටින්නෙමි‘යි හොත්තේය. යක් තෙමේ රජහු දහම් තෙදින් රජහු වෙත ආය. රජු වෙතින් කවරෙද්දැයි පුලුවුස්නා ලද්දා වූ යක් තෙමේ මම (අසවලැයි) දැන්වීය. “කවර හෙයින් මාගේ ප්‍රජාව කයි ද නොකව”යි කියේය. යක් තෙමේ මට එක් දනව්වෙක මිනිසුන් දෙවයි කීය. නොහැක්කකැයි කී කල යක් තෙමේ ක්‍රමයෙන් ඉල්වා “එක් මිනිසෙක් දුන මැනව”යි කීය. රජ තෙමේ “අනිකෙක් දෙන්ට මට නොපිළිවන මා (මස්) කයි. “කීයේය. යක් තෙමේ නොහැක්කැයි කියා” ගමක් ගමක් පාසා බිලි දුන මැනව”යි රජහුගෙන් ඉල්වී. භූමීශ්වර තෙමේ මැනවැයි කියා සියලු දිව්හිම ගම්දොර තබ්බවා ඔහුට බලි (බත්) දෙවීය. සියලු සත්හු විසින් හටගත් මහාරෝග භය මේ උපායෙන් නසන ලදී.”
මහාවංශ කතුවරයා මේ කතාවෙ මේ කොටස මේ විදියට අවසන් කරනවා. මේ සාහිත්‍යමය කොටස් ඉවත් කළාට පස්සෙ පැහැදිලි වෙනවා මේ අර්බුදයේ ස්වභාවය.
“ඒ ඒ තැන මිනිසුන්ගේ ඇස් රතු කෙරෙයි”
කියන්නෙ මේ රෝගය තවත් අයට බෝ වෙලා තියෙනවා. ඒ කියන්නෙ මේක බැලූ පමණින් බෝ වෙන රෝගයක්. බැලූ පමණින් කියන්නෙ සමහර විට ඉස්සරහ හිටියම මිනිස්සු ලෙඩ වුණා වෙන්න පුළුවන්. එහෙම නං ඒ ඉතාම ඉක්මනින් පැතිරුණ නිසා අපි හදාගත් ස්වභාවයක් වෙන්න ඇති. කොහොම නමුත් මේක බෝ වෙන රෝගයක් වෙන්න පුළුවන්.
මේ ගැන අත්තනගලු වංශයේ සඳහන් වෙනවා.
“ජටර පිටර භාරක්ඛන්ත වන්කූරු ජානු
සජල ජලජ කූඨා ඛාර ඝෝරුරු කායෝ
කුටිල කටින දාඨා කෝටි සන්දට්ඨ ගන්ඩෝ
නව දිවසක රක්ඛෝ රක්ඛ සෝ දීපමාග”

මේ විස්තර වෙන්නෙ යකාගේ ලක්ෂණ ටික. හැබැයි මේ රෝගියාගේ ලක්ෂණ වෙන්න පුළුවන්. ඔහුගේ උදරය විශාලයි. කකුල් දෙකට දරාගන්න බෑ. ඒ නිසා කකුල් ඇදවෙලා. දත් එළියට ඇවිත්. විලිස්සාගෙන. ඇස් රතුයි. මේ සාහිත්‍යකරු ඒ ඇස්වල ස්වභාවය කියන්නෙ හරියට “දවල් කාලෙ ඉර වගේ” කියලා.
එහෙමනම් අපිට සරලව තේරුම් ගන්න පුළුවන් මේ රෝගියාගේ ලක්ෂණ ටික. ඔවුන්ගේ උදරය විශාල වෙනවා. ඒකට හේතුව බඩ ඉදිමීම. කකුල්වලටත් මේක බලපානවා. මුහුණේ හැඩය වෙනස් වෙනවා. අපහසුව නිසාම දත් විලිස්සෙනවා වෙන්න පුළුවන්. ඒකට හේතුව හුස්ම ගැනීමේ අපහසුවක් වෙන්න බැරි නෑ. හැබැයි මේ සාහිත්‍යයට අනුව මේ රෝගයේ ප්‍රධානතම ලක්ෂණය ඇස් රතු වීම. මේ තමයි පළවෙනි රෝගියා. අත්තනගලු වංශයට අනුව “රක්තාක්ෂියා” මෙහෙට එන කෙනෙක්. එහෙමනම් ඔහු එන්නෙ පිටරටක ඉඳලා. එහෙමනම් මේ රෝගයත් එන්නෙ පිටරටක ඉඳලා. එදා මේ රෝගයෙන් විශාල පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. ජනප්‍රවාදයේ සඳහන් වෙන විදියට ගං හතක් පාළු වෙලා තියෙනවා.
“සූරිය පාලුව
කැන්ද ලියද්ද පාලුව
නාරංගොඩ පාලුව
බටවල පාලුව”
මේ අතරින් කීපයක්. එහෙමනම් මේක විශාල පිරිසක් මරණයට පත්කරපු රෝගයක්.
එදත් මේ රෝගය මුළු රටටම බලපෑම් කරලා තියෙනවා. මේක රාජ්‍ය මට්ටමින් විසඳන තැනට එන්නෙ ඒ නිසයි. සන්නිවේදනය කිසිසේත්ම දියුණු නොවුණ කාලයට ප්‍රධාන රාජධානියෙන් කිලෝමීටර එකසිය පනහකට වඩා දුරගං හතක් පාළුවෙන කොට රජ්ජුරුවො සත්‍යග්‍රහයක් කරනවා කියන්නේම ඒ ගැටලුව දරුණු වෙන්න ඇති.
ඒ වගේම ඒ රෝගයට බෙහෙත් තිබිලා නෑ. ඒ නිසා රජු සත්‍යග්‍රහ කරනවා වෙන්න පුළුවන්.
“රජ තෙමේ උන් උවදුරු අසා තැති ගත් සිත් ඇත්තේ හුදකලාව අටග පෙහෙවස් ඇතිව උපවස් ගෙයැ තුළ ඒ යකු නොදැක නොනැගිටින්නෙමි‘යි හොත්තේය.”
මහාවංශ කතුවරයා මේ ගැන කියන්නේ එහෙම.
රජු මේ ප්‍රශ්නයත් එක්ක කලබල වෙනවා. රජ කෙනෙක්ව කලබල කරන්න තරම් මේ ලෙඬේ දරුණුයි. එහෙමනම් මේකත් ජාතික ව්‍යසනයක්. ඔවුන් මේකට පිළියම් හොයන්න බැරුව ඉන්නවා. රාජකීය පණිවුඩ එන්නෙ, රජුට යකා මුණ ගැහුණ බව.
“භූමීශ්වර තෙමේ මැනවැයි කියා සියලු දිව්හිම ගම්දොර තබ්බවා ඔහුට බලි (බත්) දෙවීය”
අවසන් විකල්පය ඒක. අදත් මේ වෙනකොට අපි ඉන්නෙ එතැන. ගමක් ගමක් පාසා ආහාර තියෙනවා.
සමහර විට එදා මේ විදියටම ගම් පිටින් වහලා දාන්න ඇති. ගොවිතැනක් බතක් කරගන්න බැරි අය ගම් පාමුල කෑම් බීම් තිබ්බා වෙන්න පුළුවන්. මේක පැහැදිලි කරන්න බැරි නිසා ඔවුන් “යකෙක් ලෙඩ කරනවා” කියන තැනට ආවා වෙන්න පුළුවන්. කොහොම වෙතත් එදත් මේ වගේම වසංගතයකට අපි මුහුණ දුන්නා වෙන්න පුළුවන්. රෝග සුව වෙන්නෙ නිරෝධනයෙන්. ඔවුන් යකාට බයේ ගෙවල්වල ඉන්නවා. රජු සත්‍යග්‍රහ කරනවා. එහෙමනම් එදා ඒ වසංගතයත් මේ වගේම එකක් වෙන්න බැරි නෑ.
සමහර විට ඒක එදා ලෝකයේ මතුවෙන කොරෝනා වර්ගයේ වසංගතයක් වෙන්න බැරි නෑ. මොකද සතුන්ගෙන් බෝ වෙන සෑම වසංගතයක්ම කොරෝනාවක් නිසා. මේක සමහර විට එදා සත්තුන්ගෙන් බෝ වෙලා මිනිස්සු අතර පැතිරුණා වෙන්න පුළුවන්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රන්ජන් අත්අඩංගුවට ගත්තේ මසාජ් කළාටද-කෑම ‌බෙදුවාටද?

Next Post

සාත්තර සූත්තර ‌තෝත්තර මාත්තර ‌දැන් ‌කෝ…?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.