• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සාත්තර සූත්තර ‌තෝත්තර මාත්තර ‌දැන් ‌කෝ…?

April 14, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
සාත්තර සූත්තර ‌තෝත්තර මාත්තර ‌දැන් ‌කෝ…?
Share on WhatsAppShare on Facebook

කොරෝනා ලංකාවට එන්නට පෙර ලංකාව පුරාම වැඩකාරයෝ උන්නෝය. ඒ අය අතක්, පයක්, කකුලක් ඉස්සූ පමණින් ලෙඩ සුව වුණේය. දුක් දොම්නස් නැති වුණේය. ප්‍රශ්න නැතිවුණේ හුළඟට ගියා වගේය. ගිය අය ආවේය. ආ අය ගියේය. හොරු අරුං මුං අහුවුණේය. බොන අය නොබොන අය වුණේය. හැම එකක්ම නිමා විය. සමහරු කිව්වේ ඇමරිකාවට වුණත් වස්සවන්නට හැකි බවය.
ලෝකෙ ඕනෑම ලොක්කෙක්ට තරු පෙන්විය හැකි වැඞ්ඩෝ ලංකාවේ හිටියෝය. ග්‍රහලෝක අතේ තියාගෙන සාත්තර කියනා අය නිතරම එහෙං මෙහෙං මතු වුණේය. ආශ්චර්යයන් එමටය. රාවණා රජ්ජුරුවන්ගේ බැල්ම සමහරුන්ට තිබුණේය. යක්කු, පෙරේතයෝ භූතයෝත් අපේ අය එක්ක උන්නේය. දෙයියෝ ෆුල් ටයිම් වැඩය. ඉතිං අපි කිසි බයක් හැකක් නැතුව උන්නේය. අපේ අයියලා ජාති ආගම් කුල බේදවලින් තොරව වැඩකාරයන් බව කියූ එක අපි විශ්වාස කළෙමු.
හැබැයි ප්‍රශ්නය එද්දී කට්ටිය වැඩ නැත. කතන්දරකාරයෝ නිහඬය. හැබැයි අපි මේ නම් ගම් කියන්නේ ඔය කවුරුවත් අර කතන්දරකාරයෝ වගේ නොවෙනා නිසාය.
හැබැයි අවාසනාවකට මේ කාගෙවත් වැඩ කිඩ තාම පෙන්නුවේ නැත. එහෙම වැඞ්ඩන්ට මෙහෙම එකක් පරාජය කරනා එක ගේමක් නොවිය හැක. මොකද අපි අසා ඇත්තේ මෙහෙම වැඩ නොවේ. අපි මේ වෙලාවේ ඒ අයට මේ ගැන මතක් කර දෙන එක ඒ අයට කරනා අගරුවක් නම් සමාවිය යුතුය. ගැත්තාට අනුකම්පා කළ යුතුය. තරහා අවසර ගෙන මේ ඩිංගත් කියන්නටම අවශ්‍යය.
එකමත් එක අයෙක් කියා තිබුණේ ඔහුට මේ කොරෝනා වසංගතය නිම කරන්නට සත පහක්වත් අනවශ්‍යය බවය. ඒ මුලු රටටම බෙහෙත් කරන්නටය. රටේම කෝටි දෙකක් ඉන්නා බව ඔහු නොදන්නවා විය නොහැක.
ඒ වගේ රටක් දන්නා අය කටමැත දොඩවන්නේ නැත. කෝටි දෙකකට බෙහෙත් කරන්නට තරමේ දක්ෂයෙක්ට මේ රෝගීන් ගණන සොච්චමකි. ඒ නිසාම මේ අය ගැන ඔහුගේ අදහසවත් දැන අඳුනා ගැනීම වටිනා දෙයකි. අඩුම තරමේ මේ අයගේ බෙහෙත් වට්ටෝරුවේ අඩුම කුඩුම නොව පිළිවෙළ ගැනවත් රාජ්‍ය මට්ටමේ දැනුම්වත් කිරීමක් විය යුතුය. මේ තත්ත්වය යටතේ කිසිම දේශපාලකයෙක් ඊට අකැමැති නොවනු ඇත.
පහුගිය කාලයේ හදිස්සියෙම කරළියට ආ එක්තරා පුද්ගලයෙක් හිටියේය. ඔහු කොයි තරම් ජගතෙක්ද කිවහොත් සිය අනුගාමිකයන්ගේ ෆෝන් චාජ් කළේය. ඒවට සල්ලි එව්වේ ඔහුටද ලෙඩ දුක් සුව කිරීමේ අරුම පුදුම බලයක් ඇති බව කියමිනි. මේ බරපතළ ව්‍යසන අවස්ථාවේ ඒ අය පෙරට පැමිණිය යුතුය. ඔහුගේ ලෙඩ හොඳ කිරීමේ සාමාන්‍ය සුව මෙහෙයකට එන පිරිස ලංකාවේම රෝගීන් ප්‍රමාණය වගේ හත් අට ගුණයකි. ලෙඩ හොඳකිරිල්ල කෙසේ වෙතත් ෆෝන් ටිකට කාඞ් ටික දමා දෙන එකවත් ඔහු ලවා කරවා ගත හැක. අත්‍යාවශ්‍ය සේවාවල ඉන්නා අයටවත් මේ වැඬේ කර දිය හැකි නම් එය කදිම සේවයකි.
නැත්නම් රෝහල්වල ඉන්නා රෝගීන් කීපදෙනාගේ ජංගම දුරකථන ටික “චාජ්” කරන එකවත් ඔවුන්ට කළ හැක. එය මේ රෝගීන්ට කරනා විශාලතම සේවයකි. ඊට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ගැන බය වෙන්නට දෙයක් නැත. ලෝකයේම පාලකයෝ මේ වෙලාවේ ඉන්නේ මීයො අල්ලනවා නම් බළලා මැටියෙන් නෙමේ ලීයෙන් උනත් කමක් නෑ කියනා තැනය.
ඒ අතර ෆෙන්ෂුයි අරවා මෙව්වා සාත්තරවලින් මුළු රටම උන්නේ හෙන ප්‍රයෝජන ගනිමිනි. ඒ රූපවලට, කාසි කීපයකට, සීනුවලට, රතු පාට කවරවලට, තෝරාගත් පැලවලට ලෝකය උඩු යටිකුරු කළ හැකි බව ඔවුන් ඔප්පු කර කීවේය. දුප්පත්, පෝසත්, උගත්, නූගත් හැමෝම මේවා පිළිගත් අය අතර උන්නේය. එහෙමනම් එදා ජනතාවගේ දුකේදී පිහිටට ආ මේ සාත්තරයට අද මේ කරදර අවස්ථාවේ කරන්ඩම දෙයක් නැති විය නොහැක.
ඔය රූප සාත්තර සහ සූත්තරවලින් මොකක්ම හරි කරන්නට හැකි විය යුතුය. නැත්නම් ඔය පුළුවන් කාලේ කී කතා සියල්ලම බයිලා බවට පත් වෙනු ඇත. එහෙම වුණ විට අපේ රටේ සාමාන්‍ය මිනිස්සු ලක්ෂ ගණන් වියදම් කර තියා ගත් මල් පෝච්චි, රත්තරං පාට ගෑ ලාෆිං බුද්ධා පිළිම අල්ලා විසිකරන්නට සිදුවෙයි. ඒ සඳහා විය හියදම් කළ ඒවායේ සත පහක වටිනාකමක් නැතිබව තේරුම් යනු ඇත. එහෙම නම් මේ ඇඳිරි නීතිය ඉවර වූ වහාම ඔය ජාතියේ සාප්පුවලට ඒ ඒ අය එන එක නතර කරන්නට බැරි විය හැක.
මේ ජාතියේම තවත් අයෙක් පහුගිය මාස කීපයේම කරළියට ආවේය. ඔහු අත ඉස්සූ සැණින් ලෙඩ දුක් සුව වෙනා අතර ඒ ආශීර්වාදය ගන්නට ගිය කීප දෙනෙක්ම අව්වේ තෙරපී මිය ගියේය. ඒ මරණවලට මේ ආශ්චර්ය කරනා පුද්ගලයාගේ සම්බන්ධයක් ඇතැයි නොකියවේ. ඒ කෙසේ වෙතත් මේ වෙලාවේ රෝහල් හදමින් දිවා, රෑ වෙහෙසෙමින් කටයුතු කරනා දහස් ගණන් දෙනා වෙනුවෙන් මේ පුද්ගලයාට එක කුටියක් හදා දුන්නා නම් ඇති විය හැක. ඔහුට තියෙන්නේ අයි.ඩී.එච්. එකේ කොරෝනා වාට්ටුව ඉස්සරහට ගොස් අත උස්සන්නටය. දවසකට සැරයක් රෝගීන් මහ ගොඩක් එක්වන්නේ නැත. වැඩිම වුණොත් ඒ ගාන විස්සකි. දැනට ඇති සංඛ්‍යා ලේඛන අනුව සාමාන්‍ය ප්‍රතිශතය පහක් හයකි. රොතු පිටින් සුව කරනා මේ අයට පහක් හයක් වැඩක් නොවේ.
මේ අතර දෙවියන් වහන්සේගේ ආශ්චර්ය බලයෙන් සුව මෙහෙයවල් කරන සහෝදරතුමන්ලා එමටය. ඒ සඳහා ලොකු වේදිකාවල් තනා පිට්ටනි වෙන් කරගන්නා තැන් අපි ඕනෑ තරම් දැක තිබේ. එහෙම විශ්මිත හාස්කම් කළ හැකි අය අද තම තම වාසබවන්වල දෙවියන් සමග පුද්ගලික කතා බස් කරමින් ඉන්නා එක බරපතළ වරදකි. රාජ්‍ය මට්ටමින් මේ වැඬේ කරන්නට ඕනෑ නම් මුළු රටටම ඉහළින් වේදිකාවක් තනවා ගත හැක. ඇමරිකාව, එංගලන්තය ඇතුළු ඕනෑම රටකින් ඊට සහය ලැබෙනු ඇත.
ඊ ළඟට ලංකාවෙ හෙට ගැන සාත්තර කියූ ජෝතීර්වේදීන් ගැනද මේ මොහොතේ සිහිපත් කළ යුතුමය. අපි ඔබේ සාත්තරය අභියෝගයට ලක්කරනවා නොවේ. නමුත් යුද්ධයට නැති කඩුවෙන් වැඩක් නැත. ඊළඟ ඡන්දයෙන් දිනන කෙනා හෝ නැකැත් සාත්තර ටික කියා දෙන්නට විතරක් ඔය සාත්තරය තිබ්බාට වැඩක් නැත. කරදරවලදී අවශ්‍ය සහයෝගය තිබිය යුතුය. මොකක්දෝ අහේතුවකට මේ වසංගතය ඔය කාටවත් ටක්කෙටම අහුවුණේ නැත. සමහර විට මේ දේශපාලන හුටපට අස්සේ ඕවා බලන්නට අමතක වුණා වන්නට පුළුවන. නමුත් දැන්වත් කරළියට පැමිණිය යුතුය. අපළ සපල වන්නට තෝත්තර තිබේ. ඒවා දන්නේ ඒ අයය. අපි වගේ සාමාන්‍ය මිනිස්සු මේවායින් ගලවා බේරා ගැනීම ඔවුන් සතුය. අපේ ග්‍රහචාරත් රටේ ග්‍රහචාරත් දන්නේ ඔය මහත්තුරුය. ලංකාවේ හැම නාළිකාවකටම නිතරම වගේ මේ ජ්‍යොතිෂය දන්නා අය පැමිණියේය. සමහර වෙලාවට එකට හතරක් ආවේය. එහෙම ආ අයට මේක පෙනුනාද නැද්ද කියනා එකෙන් අපිට දැන් වැඩක් නැත. නමුත් තවම මේ වසංගත තත්ත්වය අවසන් නැත. කපුටන්ට කෑම දීමෙන් හෙනහුරු ශේප් කරගන්නවා වගේ මේවාටත් වැඩ තිබිය යුතුය.
ඒ නිසා අපි එක්කෝ ඔබ ගැන තව ටික දොහක්වත් බලාපොරොත්තු තබා ගත යුතුය. නැත්නම් දුකේදී නැති හාදකං සැපේදී කොහොමටවත් ඕනෑ නැතැයි කියා අමතක කර දැමිය යුතුය. මේ වෙලාවේ පිහිටට ආ නොහැකි සාත්තරවලින් වැඩක් නැත.
ඒ නිසා අපි බලා ඉඳිමු. අපේ වැඩකාරයෝ තවම ඇහැරී නැති විය හැකියි සිතනා සාමාන්‍ය මිනිස්සුන්ට හැකි ඉක්මනින් වැඩ පෙන්නනා ලෙස අපි ඔය හැමෝගෙන්ම ඉල්ලා සිටිමු. වරදක් ඇතොත් ගැත්තාට අනුකම්පා කරන සේක්වා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සිරිසගබෝ රජ කාලේ ගං හතක් පාලු කරපු ‘රතැස් යකා’ ‌කොරෝනාවක්ද?

Next Post

කොවිඩ්-19 ට විසඳුම හැමර් ඇන්ඩ් ඩාන්ස්ද…?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.