පොලිස් නිලධාරියෙක්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ සිටින හිටපු මන්ත්‍රීවරයා සම්භාහනය කිරීම සඳහා ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව පුද්ගලයෙකු පැමිණ ඇති බවත්, එසේ පැමිණීම සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටියදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක එම ස්ථානයට පැමිණ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධා කොට අදාළ පුද්ගලයා සිය නිල නිවාසය වෙත රැගෙන ගොස් ඇති බවත් පොලිසිය සදහන් කරයි.
කෙසේවෙතත් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රන්ජන් රාමනායක මහතා සදහන් කොට ඇත්තේ පීඩාවට පත් ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම නිමිති කොටගෙන තමන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානමින් සිටින බවකි.











