පහුගිය දිනෙක සාරුවා සුනිල් හිරේ ගියේය. රන්ජන්ගේ හඬ පටත්, දුමින්ද නිදහස් කරගැනීමේ උපක්‍රමික සටනත් මිස වෙන මඟුලක් ජනතාවට මතක නැත. සාරුවා සුනිල්ට අවුරුදු පහළොවක හිරදඬුවමක් ලැබුණේය. මුළු රටම දන්නේ ඔහු ගෑනු සීයක් දූෂණය කර පාටි දැමූ බවය. නමුත් මේ කතාවේ බොහෝ අපි නොදන්නා කොටස් ඇති බව අකුරැස්සේ කරක් ගැසූ අපට පෙනුණේය. නමුත් ගින්නක් නැතිව දුමක් නඟින්නේ නැත. අපි මේ හදන්නෙ සුනිල් සුද්ද කරන්නට නොවේ. නමුත් ඇත්ත බොහෝ විට ඇත්තේ අඳුරුම අහුමුලුවලය. ඒවා ඇත්තේ අතපොවනා මානයට බොහෝ දුරින්ය. ඒවා මේවගෙ රටකට වලංගු නැත. මේ කියන්නේ සාරුවා සුනිල් ගැන නොවේ. ඒ ඇත්ත නැත්තත් ගැන කතා කිරීම වෙනමම කතාවකි. යුක්තිය පසිඳලීම් සීයට සීයක්ම අධිකරණ ක්‍රියාවලියකි. අපට එයට අභියෝග කිරීමේ අයිතියක් හෝ උවමනාවක් නැත.
නමුත් අප අකුරැස්සේදී දුටු සහ ඇසූ දේ මෙසේ ලියා තබමු. මේ හරහා යම් කිසි පාර්ශ්වයකට හිත් තැවුලක් වේ නම් අපේ කනගාටුව ප්‍රකාශ කරමු. මේ කිසිම වචනයකට හෝ විශේෂ යාළු මිත්‍රකමක්වත් වාසියක්වත් අප කිසිවෙක්ට නැත.
සාරුවා සුනිල් ගෑනු සීයක් දූෂණය කරනා තුරු ඒ ගම්වල අය මොනවා කළා දැයි වරක් මේ ගැන කතා කරනා විටක අකුරැස්සට පිටස්තරයෙක් ඇසීය.
සාමාන්‍යයෙන් තනි පුද්ගලයෙක්ට සිය දෙනෙක් දූෂණය කරන්නට ඉඩදී ගමක් බලා හිටියා නම් ඒ ගමෙන් වැඩක් නැත. මිනිස්සු ඒ ජඩකමට එරෙහිව නැඟී සිටිය යුතුය. එසේ කරන්නට බැරි වෙන තරමට දේශපාලනය බලය තිබුණේ නම් ඒ බලය කාගෙද? එදා ආණ්ඩුව තිබුණේ මහින්ද රාජපක්‍ෂ අතේය. අද තියෙන්නේත් මහින්ද රාජපක්‍ෂලා අතේය. එදා පීඩාවට පත්වූ ජනතාවට එරෙහි වෙන්නට බැරි තරමේ ධනය, බලය සාරුව සුනිල්ට තිබුණේද, එහෙම නැත්නම් මහින්දලාගේ බලය ගෙන ගෑනු සියයක් දූෂණය කර පාටියක් දැමූ ගමක. දූෂණයට පත්වුණු ගෑනුන්ගේ හත්මුතු පරම්පරාවම මහින්දලාට එරෙහි විය යුතුය. ඒත් එහෙම වුණේ නැත. අකුරැස්සෙන් මහින්දලා උඩින්ම දින්නේය.
එහෙම නම් අකුරැස්සෙ මොකද වුණේ?
අපි ඒ ගැන සොයා ගියා.
පසුගිය දිනෙක ඔහු අපිට මේ ගැන කී කතාද මොරල් විය යුතුය.
‘මහත්තයො මම ගෑනු සියයක් මරලා පාටි දැම්මේ නැහැ. මම ඔය කියන පාටිය දැම්මෙ මගේ වසමෙ. එදා ඒ පාටියට මගේ නෝනා ආවා. දරුවො ආවා. ඒ උත්සවය තිබ්බේ මගෙ පුතාගෙ මිත්‍රයෙක්ගෙ හෝටලේක. ඒක මගෙ ජයග්‍රහණයට උදව් වෙච්ච අයට. ඒක මගේ දේශපාලනෙත් එක්ක ඉන්න අයට මම එහෙම සලකනවා. මට පිස්සුද එහෙම පාටි දාන්ඩ. මේ වගේ මිනිස්සුත් එක්ක.
ඔහු එසේ කීය. ඔහු කියනා පරිදි මේ කතාව දේශපාලන උප්පරවැට්ටියක්. සාරුව සුනිල්ගේ වචනවලින් කියන විට ‘මගේ ප්‍රසිද්ධිය නිසා එක්තරා දේශපාලකයෙක් බය වුණා’
ඔහු කීවේය.
ඔහු ඒ තරම්ම අකුරැස්සට වැඩ කළාද?
අප ඒ ගැනත් හෙව්වෙමු.
පහුගිය කාලයේ ඇති වූ ගංවතුර කාලයේ ඔහු තනිව සමඟ සටන් වැදි බව අකුරැස්සේ ජනතාව පවසයි. සුනිල් සාමාන්‍යයෙන් බොහෝ කටයුතුවලට මුල්තැන ගෙන වැඩ කළ අයෙකි. ඒ බොහෝ විට ඔහු සිය පෞද්ගලික ධනයත්, වෙහෙසත් දැරූ බවට සාක්‍ෂි ඕනෑ තරම් අකුරැස්සේ තිබේ. ඔහු අකුරැස්සෙන් ප්‍රාදේශීය සභාවට පත්වන්නේම වාර්තාගත මනාප ප්‍රතිශතයක් සමඟය. අකුරැස්ස ප්‍රාදේශීය සභාවට තරග වැදුණු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායම මුළු ඡන්ද දහනව දහසක් ලබාගනිද්දී ඉන් පහළොස් දහසක් ගන්නේ ඔහුය. ඔහුගේ සාමාන්‍ය සියයට අසූවකට ආසන්නය. නමුත් ඒ වන විට ඔහුට මේ කිසිම චෝදනාවක් තිබුණේ නැත. ඇත්තටම සුනිල් කන්‍යාවියන් සියයක් දූෂණය කළා නම් ඒ දූෂණය කළේ මේ ඡන්දය දුන් ජනතාව විය යුතුය. අකුරැස්සේ ජනතාවට එවැනි ව්‍යසනයක් වුණා නම් ඔවුන්ට තිබුණේ සාරුවා සුනිල්ට එරෙහිව මීට පෙර නැඟී සිටින්නටය.
නමුත් සාරුවා සුනිල්ට අකුරැස්සේ මිනිස්සු බොහෝ විට වෙනසක් කළේ ගිය අවුරුද්දේත් ඉස්කෝලවල ක්‍රීඩා උත්සවවල ඔහුට මුල් පුටුවක් ලැබුණේය. ශිෂ්‍ය නායක නිල ලාංඡන පලඳවන්නට ඔහුට ආරාධනා ලැබුණේය. එක්කෝ ජනතාවට වැරැදී තිබුණේය. නැත්නම් වරද්දා තිබුණේය. එහෙම නැත්නම් ජනතාව ඇත්ත දැන උන්නේය. මේ කතාව මෙතැනින් එහාට කියන්නට අප දන්නේ නැත.
අකුරැස්ස නගරයේ පහුගිය දිනෙක ඇති වූ හදිසි ගින්නකදී ඔහු එය මැදිහත් වූ බවක් අපට දැනගන්නට ලැබුණේය.
කඩවල්වල ගින්නක් පටන් ගත්තා. ගිනි නිවන එකෙනුත් ආවා. ඒත් නිවන්න බැහැ. අන්තිමට සුනිල් අයියා ඇවිල්ලා ඩෝසරේ ගත්තා. අරගෙන ගින්න මැදින් ගිහිල්ලා මැද කඬේ කැඩුව. එයා වතුර අල්ලන්න කියලා ඒකෙන් තමා ගින්න නැවැතුණේ.
මේ ඔහු ගැන කියන කතාවකි. නමුත් මේ මොනව කළත් සුනිල්ට ගිය පළාත් පාලන ඡන්දයේදීවත්, ඉන් පෙර හෝ පසු වෙන කිසිම ඡන්දයකදීවත් නාම යෝජනා ලැබුණේ නැත. සාරුවා සුනිල් කියන්නේ ඒ නොදෙන්නට බලපෑවේ එක්තරා දේශපාලන කෙරුමෙක් කියාය. ඔහු ඔහුගේ දේශපාලන ගමනට ඇති බාධාවක් ලෙස සාරුවා සුනිල්ව දේශපාලන ගමනෙන් ඉවත් කළ බව සමහරුන්ගේ මතයයි.
නමුත් සාරුවා සුනිල්ට පහළොස් වසරක හිරදඬුවමක් ලැබෙන්නේ මේ කන්‍යාවියන් සියයක් දූෂණය කළාය කියන වරදට හෝ පාටි දැමූ කතාවකට නොවේ. ඔහු විසින් බාලවයස්කාර දැරියක දූෂණය කළ බවට වූ චෝදනාවටය. අපි ඒ කතාව ගැන ලියන්නට යන්නේ නැත. එය පූර්ණ වශයෙන්ම අධිකරණ ක්‍රියාවලියකි. නමුත් මේ ගෑනු සියයක් දූෂණය කිරීමේ කතාව, අකුරැස්සේ මිනිසුන් අනුව නම් නාට්‍යයකි. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනය ගොඩනඟන්නට බැරි එකක් නොවෙනා බවද අප්‍රසන්න සත්‍යයකි.
ජීවන පහන් තිලිණ











