‘අපි ඉන්නේ ඉතා අවදානම් තත්ත්වයක. ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා එකතුවෙලා බීජිංවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ උසස් අධ්‍යාපන කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබෙනවා වූහාන්වල සිටින සියලු සිසුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න කටයුතු කරන්න කියලා..” යැයි පාලි භාෂා කථිකාචාර්යවරයකු වන චීනයේ වූහාන් නගරයේ ප්‍රධාන විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධිය හදාරන උපුල් ගමගේ පැවසීය.
බීබීසී සිංහල සන්දේශය සමග අදහස් දක්වමින් උපුල් ගමගේ මහතා මේ බව සදහන් කර ඇත.
වෛරසය හේතුවෙන් ගමනාගමනයට සීමා පැනවීමත් සමග වූහාන් නගරයේ දෛනික කටයුතු සියල්ල අඩාල වී ඇති බව පවස හෙතෙම වූහාන් නගරයේ දුම්රිය, බස් සහ කුලී රථ සේවා පවා නවත්වා තිබීම නිසා නගරයට ඇතුළු වීම සහ පිටවීමට නොහැකි ඇති බවද පවසා තිබේ.
තමන් දන්නා පරිදි වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් අතරින් වෛරසය ආසාදනය වූවන් තවමත් වාර්තා වී නොමැති බව පවසන උපුල් ගමගේ ඔවුන් එකිනෙකා විවිධ සන්නිවේදන මාර්ග ඔස්සේ සම්බන්ධ වන බව පවසා ඇත.
කෙසේනමුත් වූහාන් නගරය සම්බන්ධයෙන් මේ වන විට පවතින නීති රෙගුලාසි අනුව එයින් පිටවීමට තවමත් ඉඩ නොමැති බව තානාපති කාර්යාලය සිසුන්ට දැනුම් දී ඇතැයි උපුල් ගමගේ පවසා තිබේ.
ශ්‍රී ලාංකික සිසුන් අනතුරේ වැටෙන්න පෙර ශ්‍රී ලංකා රජය ඉක්මන් පියවරක් ගත යුතු බවද තවමත් මේ සියල්ල පවතින්නේ සාකච්ඡා මට්ටමේ බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කොට ඇත.