• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ශිෂ්‍යත්වෙන් ලකුණු අරන් හීන ගොඩක් රන්දා: කාගෙන්වත් උදව් නැතිව පස් අදිනා පැංචා…

January 5, 2021
in News, Politics
Reading Time: 5 mins read
A A
ශිෂ්‍යත්වෙන් ලකුණු අරන් හීන ගොඩක් රන්දා: කාගෙන්වත් උදව් නැතිව පස් අදිනා පැංචා…
Share on WhatsAppShare on Facebook

අනේක දුක් කම්කටොලු අගහිඟකම් විඳිමින් පසුගියදා පැවති පහ වසර ශිෂ්‍යත්වයට මුහුණ දී ලකුණු 141ක් ලබාගත් දමිළ දරුවෙකු පිළිබදව දැනගන්නට ලැබුණා. ඒ දෙණියාය වරල්ල පිල්ලහේන වතුයායේ දිනේෂ් කුමාර් කණකරාජා නැමැති සිසුවාය.

පසුගිය දවසක ඒ දරුවා තමා ජීවත්වන ප්‍රදේශයේ පිල්ලහේන වතුයායේ අනුර ශාන්ත මහතාගේ කඩයට ආවේය. ඒ පැමිණියේ තව දෙදෙනකුද සමගය. ඒ මහතාගෙන් පෑනක් ඉල්ලා රුපියල් 500ක් දිගුකර “මාමේ මට මේක 166 ගානේ තුනට බෙදා දෙන්නැයි” ඉල්ලා සිටියේය. මුදලාලිද කැල්කියුලේටරය ගෙන ගණන සාදා බැලුවා. ගාන හරියටම හරි. ඒ රුපියල් 500 ලැබී තිබුණේ ගෙදරක පස් ඇදීම නිසා ලබාදුන් කුලිය වශයෙනි.

නැති බැරිකම් නිසා, ජීවත් වෙන්න ආදායම් හොයාගන්න මිනිස්සු විවිධ දේවල්වල නිරතවෙනවා. පුංචි දිනේසුත් පස් අදින්න ඇත්තේ කීයක් හෝ මුදලක් හොයාගන්නටය. මුදලාලි දරුවා පිළිබඳව විස්තර විමසුවේය. ඒවිට දරුවා කියාසිටියේ ඉන්න තැනක් නැති නිසා පිල්ලහේන වතුයායට දැන් මාස දෙකහමාරකට පෙර පැමිණි බවය. තමන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි බවද එයින් ලකුණු 141 ලබාගෙන ඇති බවත් දිනේෂ් මුදලාලිට කියා සිටියේය. තමන්ගේ විභාග අංකයද දිනේෂ් මුදලාලිට කට පාඩමෙන්ම පැවැසුවේය. (6242294)

අනුර මහතා මෙම දිනෙෂ් සිසුවාගේ හැකියාව පිළිබඳව මෙන්ම ඔහුගේ ජීවිතය පිළිබඳවද f්ජැ ඉදදන ගිණුමේ සටහනක් තබන්නට කටයුතු කළේය. ඇත්තෙන්ම අනුර මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත විය යුතුයි. සමාජ මාධ්‍ය තුළින් මෙවැනි දෙයක් ප්‍රචාරය කිරීම පිළිබඳව. බොහෝදෙනා ෆේස් බුක් ගිණුමේ වල්පල් තමයි ෂෙයාර් කරන්නේ. මේ ෆේස්බුක් සටහන අපිත් දැක්කා. මේ පිළිබඳව අප සොයා යන්නට කටයුතු කළා. අපි කොස්මෝදර පොලිස් ස්ථානයෙන් විස්තර විමසීමක්ද කළේය. ඒමගින් කොස්මෝදර පොලිස් ස්ථානයේ සේවයේ නියුතු අචිනි මහත්මිය අපට මොවුන් පිළිබඳව පැවසුවාය.

දිනේෂ් කියන්නේ අහිංසක අසරණ දරුවෙක්. ඔහුට කුඩා කල සිටම පිය සෙනෙහස අහිමියි. පිල්ලහේන වත්තේ ජිවත්වෙන්නේ. පුංචි දිනේෂුයි, නංගියි, මල්ලියි, අම්මායි විතරයි පවුලට ඉන්නේ. අම්මා දලු කඩන රස්සාවෙන් තමයි මේ පුංචි පවුල රැකෙන්නේ. දිනේෂ්ගේ අම්මා ‘මව්රට’ට පවසා සිටියේ මෙහෙම කතාවකි.

“දලු නෙළලා දවසකට හම්බවෙන්නේ රුපියල් පන්සීයක් විතරයි. ඒ මුදලත් ලැබෙන්නේ දලු තිබුණොත් විතරයි. මේ දරුවන්ට කන්න දීලා ඉස්කෝලේ යවන්න මේ ලැබෙන මුදල මදි. මුලින් අපි හිටියේ කුලියට. ඒත් කුලිය ගෙවාගන්න බැරි නිසා අපි වරල්ල, පිල්ලහේන වතුයායට ආවා. ඒ ආවේ මේ දරුවන්ව ඉලුප්පල කනිෂ්ඨ විද්‍යාලයෙන් අස්කරගෙනයි. තාම ඉස්කෝලේකට දාගන්න ලැබුණේ නැහැ. උදේ හතට අටට ගෙදරින් යනවා. ආපහු එනකොට හවස පහ, හය වෙනවා. දරුවන්ගේ වයස අටයි, දහයයි, එකොළහයි. දරුවන්ව වත්තේ තනියම තමයි දාලා යන්නේ. දරුවන්ගේ තාත්තා වෙනම ජීවත් වෙනවා. දරුවන් ගැන බලන්නේ නැහැ. දරුවන්ට සලකන්නෙත් නැහැ. ඔහුට අනියම් සම්බන්ධයකුත් තියෙනවා කියලා ආරංචියි. ඉන්න ගෙයක් නැහැ. ලයිමේ ගෙදරක තමයි ඉන්නේ. වහිනකොට ගේ ඇතුළට වතුර ඇවිත් ගේ දෝරේ ගලනවා.”

හොඳට ඉගෙන ගන්න පුළුවන් වුණත් දිනේෂ්ට හැමදාම ඉස්කෝලේ යන්න ලැබෙන්නේ නැහැ. ඒ මේ දරුවන්ට ජීවිතය ගැටගහගන්න ගොඩාක් අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන නිසා. කවදාවත්ම මේ දරුවා කිසිදු පෞද්ගලික පන්තියකට සහභාගි වෙලා නැහැ .

පසුගියදා පැවැති පහවසර ශිෂ්‍යත්වයට මුහුණදුන් ආකාරය පිළිබඳව දිනේෂ් අපට කිව්වේ මෙහෙමයි.

“මම ඉස්කෝලේ ගියේ ඉලුක්පල කනිෂ්ඨ විද්‍යාලයටයි. ඉන්න තැනක් නැති නිසා ඉස්කෝලෙන් අස්වෙලා වරල්ලට ආවා. ඉස්කෝලේ ගුරුවරු කියලා දෙන එක හොඳට අහගෙන ඉන්නවානම් ඒ ඇති. අපි ළඟදි තමයි පිල්ලහේන වතුයායට ආවේ. තාත්තා අපිව පොඩි කාලේ ඉඳලාම දාලා ගිහින් අපට කන්න දෙන්නෙත් නැහැ. අපි ගැන කිසිම දෙයක් බලන්නෙත් නැහැ. වෙනම ඉන්නේ. මට නංගියි මල්ලියි ඉන්නේ. අම්මා තමයි දලු කඩලා අපට කන්න දෙන්නේ. මම ආසයි ඉගෙන ගන්න. කවදාවත් ශිෂ්‍යත්වේ කියලා පෞද්ගලික පන්තියකට ගිහින් නැහැ. අපට එහෙම පන්ති යන්න සල්ලි තිබුණෙත් නැහැ. අපි සමහර වෙලාවට කන්නේ එක වේලයි. ඒකත් බඩපිරෙන්න නෙවෙයි” යනුවෙනි.

දිනේෂ් පස් ඇදලා රුපියල් 500 හොයාගෙන ගොඩාක් දේවල් කරන්න හිතන්න ඇති. පොඩි කාලේ පුංචි ළමයි ආසයි කවුරු හරි සල්ලි දෙනවානම්. ඒ සල්ලිවලින් මොනාද කළේ කියලා මම පුංචි දිනේෂ්ගෙන් ඇහුවා.

“ඒක අරගෙන නංගිට ආස දෙයක් ගෙනිච්චා. ඉතුරු මුදල් අම්මාට දුන්නා ගෙදර වියදමට කියලා…”

හැමදාම ඔහොම වැඩට යනවාද ?

“කොහේ හරි ගෙදරක වැඩ තිබුණොත් තමයි යන්නේ”

අම්මා තාත්තා ශක්තිවන්තව ඉන්නවා නම් මේ අවුරුදු දොළහක පුංචි දරුවෙක් කවදාවත්ම ගෙවල්ගානේ පස් අදින්න යවන්නේ නැහැ. මේ පුංචි දිනේෂ් හරිම අහිංසකයි. පවුලක ශක්තිය අම්මායි තාත්තායි. ඒ දෙන්නාගෙන් කෙනෙක් පවුල අතහැරියොත් ඒ පවුලේ ශක්තිය නැතුව යන්නේය. දිනේෂ්ට වුණේද ඒ ඉරණමමය.

බොහෝ දෙමව්පියෝ පහ ශිෂ්‍යත්වය කිව්වාම රැයක් දවාලක් නැතුව ළමයින්ව ඇදගෙන දුවනවා ටියුෂන් පන්තිවලට. ඒ දුවලත් ලකුණු 100ක් වත් ගන්න බැරි ළමයි කොතරම් ඉන්නවාද? ඒ අතින් මේ පුංචි දිනේෂ් කොතරම් දක්ෂද? කොළඹ ළමයින්ට කොතරම් නම් සැප පහසුකම් තියෙනවාද දිනේෂ් වැනි දරුවන් ගම්වල කොතෙකුත් ඉන්නවාද? ඒ දිළිදු දරුවන්ට අතදීම ඒ ගම්වල බලධාරීන්ගේ වගකීමක් නොවේද?

මේ රටේ බොහෝ අසරණ මිනිස්සු ඉන්නවා. ගොඩාක් මාධ්‍ය මෙවැනි දේවල් ප්‍රචාරය කරනවා අඩුයි. අනුන්ගේ ඕපදුපයක් කුණුගොඩක් තමයි අවුස්සලා ප්‍රචාරය කරන්නේ.

මේ පුංචි පැටවුන්ගේ ජීවිතය කොහොම විසඳෙයිද හිතාගන්න බැහැ. නැති බැරිකම් අගහිඟකම් කාටත් පොදුයි. ඒවා මැඩගෙන ජීවිතය ජයගන්න දරුවන් බොහෝ අප සමාජයේ ඉන්නවා. දිනේෂ් කියන්නෙත් ඒ වගේ දරුවෙක්. ඒ දරුවාටත් අනාගතය ගැන ගොඩාක් හීන බලාපොරොත්තු ඇති. ඒ හීන සැබෑ කරගන්න අතදීම සමාජයේ යුතුකමක් වගේම වගකීමකි. ඒ අසරණ මිනිසුන්ට පිහිටක් වෙන්න තියෙනවානම් කොතරම් වාසනාවක්ද? ගොඩාක් අය පින් කරන්නේ ලෝකෙට පේන්න ප්‍රසිද්ධියට. නමුත් මේ වගේ අහිංසක පවුලකට ඉන්න හිටින්න තැනක් හදලාදෙන්න පුලුවන්නම් මේ දරුවාට පාසල් යන්න ඉඩ සලස්වලා දෙන්න පුළුවන්නම්, තමන්ට හැකි පමණින් උදව් කරනවානම් කොතරම් දෙයක්ද?

අපි කළ හොඳ විතරයි ජීවිතේ අවසානයට ගෙනයන්නේ. මනුස්සකම පරිත්‍යාගශීලීත්වය කියන දේ තියෙන්නේ සැබෑ මිනිසුන් තුළ පමණය. පරිත්‍යාගශීලීත්වය පුංචි කාලේ ඉඳලා දරුවන්ට උගන්වන්න ඕනේ. මේ දරුවන් රටේ අනාගත සම්පත්. ඒ නිසා වල්බිහිවෙන්න ඉඩ නොදී රැකගැනීම සමාජයෙත් රටෙත් වගකීමකි. නැතිබැරිකම් අගහිඟකම් පිරිලා තියෙන මේ පුංචි හිත්වල බලාපොරොත්තුවලට සවියක් වෙන්න වගේම ඒ පුංචි හිත්වලට හිනාවක් ගේන්න පුළුවන් නම් ඒක ලොකු පිනක් ලැබෙන මහඟු සද්කාර්යයක්.

තවමත් ඔවුන්ට බැංකු ගිණුමක් විවෘත කරගැනීමට හැකියාව ලැබිලා නැහැ. සියැසින් මොවුන්ගේ දුක දැකලා උපකාර කිරීමට කැමති කෙනෙක් වෙතොත් මේ දරුවාගේ විස්තර පහත සඳහන් කර ඇත.

(මවගේ නම – අලගර්සාමි කමලා දු.ක අංකය 071-1151447/0741406605
ලිපිනය – පිල්ලහේනවත්ත, වරල්ල, දෙණියාය)

හිරු සඳු යටට ජීවිතේ කරපින්නාගෙන ඇවිත් දුක කඳුලු තුළින් සිනාසෙන්න, අධිෂ්ඨානයෙන් ජීවිතය සතුටක් කරගෙන ලෝකය දකින්න පුංචි දිනේෂ්ට ශක්තිය වාසනාව ලැබේවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අටලුගම කොරෝනා කෙළ ගැහිල්ල පොල්ගොල්ලටත් බෝවෙයි

Next Post

ප්‍රංශයේ නොස්ට්‍රාඩාමස්: බල්ගේරියාවේ බාබා වන්ගා: ඉන්දියාවේ අභිග්‍යා ආනන්ද්: ඇමරිකාවේ නාසා: 2021 ගැන කියපු ප්‍රබල අනාවැකි මෙන්න…

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.