ලෝක වසංගතයට ජාත්‍යන්තර ප්‍රජාවෙන් දෙලක්ෂයකට (2,00,000) අධික සංඛ්‍යාවක් මේ වන විට (2020.05.06) ජීවිතක්ෂයට පත්ව, තිස් ලක්ෂයකට (30,00,000) ආසන්න පිරිසක් ආසාදිතයන් වී මරණ මංචකයේ වැතිර දෙලොවක් අතර දෝලනය වෙමින් සිටින්නේ චීනය අලෙවි කරන මිනිස් පරිභෝජනයට නොහොබින සත්ව මාංශ අනුභව කිරීමෙන් හටගත් කොරා්නා (කොවිට්-19) වෛරසයෙන් බව ප්රත්යක්ෂ වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ෆෙඩලා චායිබ් කියයි.
මිනිස් පරිභෝජනයට කිසිසේත්ම සුදුසු නැති වවුලන්, සර්පයන් කටුස්සන්, කබල්ලෑවන් සහ ගෝනුස්සන් වැනි සතුන්ගේ මාංශ ආහාරයට ගැනීමෙන් පසුව චීනයේ වූහාන් ප්‍රදේශයෙන් පැතිරුණු මාරක ලෝක වසංගතයේ මූලිකයා වවුලා බවද කියයි.
මානව සංහතියේ ගෙල මිරිකා දමන මිනිස් පරිභෝජනයට කිසිසේත්ම නොසුදුසු සත්ව මාංශ අලෙවිය නතර කරන ලෙසට ජාත්‍යන්තරයේ කීර්තිධර වෛද්‍ය විශේෂඥයන්, පරිසරවේදීන් සහ බහුවිධ සංවිධානවල ඉල්ලීමට චීනය පයින් ගසා තිබේ.
මිචිගන් සරසවියේ වෛද්‍ය දෙපාර්තමේන්තුව පැවැත් වූ පරීක්ෂණ වාර්තාවක සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසය වවුලන්ගෙන් කබල්ලෑවන්ට ආසාදිතවී ඇති බවයි. වෛරසය ඉතා වේගයෙන් පැතිරවීමේ හැකියාව ඇති භයානකම ප්‍රවාහකයා පැන්ගොලින් (කබල්ලෑවා) බව හඳුනාගෙන ඇති බවද පර්යේෂකයෝ කියති.
වවුලන්ගෙන්ම බෝවී දෙදහස් දෙක සහ දෙදහස් තුන (2002-2003) යන කාලය තුළ චීනයෙන්ම ව්‍යාප්ත වූ සාස් නමැති වෛරසයෙන් ලෝක ප්‍රජාවෙන් දෙකෝටියක අධික මානව සාමාජිකයින් පිරිසක් මියගියහ. එම මාරක වෛරසයට මූලික හේතුවද අද මෙන්ම වවුල් මාංශ ඇතුළු සත්ව මාංශ ආහාරයට ගැනීමයි.
ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉල්ලීමට අනුව ඒ අවස්ථාවේදී චීනය සත්ව මාංශ අලෙවිය නවතා දැම්මේය. එහෙත් ඒ මාස කීපයකට පමණී. වන සත්ව ව්‍යාපාරිකයෝ ඒ අතරේ ගොරවන්නට වූහ. යළි පටන්ගත් මාංශ වෙළෙඳාම පෙර අලෙවියට දෙතුන් ගුණයක ශීඝ්‍ර වේගයෙන් ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේය. වන සත්ව ආරක්ෂක පනතේ නීතිරීති දුර්වලයි ඊට වැඩිය බලවත් හස්තයන් ක්‍රියාත්මක වෙනවා, අපි මොනව කරන්නද? චීනයේ ජෛජව විවිධත්ව සංරක්ෂණ පදනමේ සහ ග්‍රීන් සංවර්ධන පදනමේ මහ ලේකම් ජිං ෆෙංෂෝ කියයි. සත්ව මාංශ වෙනුවෙන් විවිධ වර්ගයට අයත් සතුන් එකසිය දහයකගේ (110) මාංශ වෙළෙඳ පොළට යොදවන බවද 2007 වර්ෂයේදී චීනය ජාත්‍යන්තරයට අලෙවි කළ සත්ව මාංශ වෙනුවෙන් උපයා ගත් විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන හතක් හෙවත් ඇ.ඩො. හත්සියය (7,00,00,00,000) ඉක්මවා ඇතැයි වාර්තාවේ සඳහන්.
තම මිනිස් වර්ගයාගෙන්ම දෙකෝටියකට (200,00,000) මරු කැඳවූ සිද්ධියෙන් චීනය පාඩමක් ඉගෙන ගත්තේ නැතැයි මිචගන් සරසවියේ වෛද්‍ය පර්යේෂකයන්ගේ වාර්තාව අවධාරණය කර තිබේ.
මිනිස් පරිභෝජනයට නුසුදුසු සත්ව මාංශ අලෙවිය සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඕස්ටේලියාවේ ඇමැතිවරයකු වන ඬේවිඞ් ලිට්ල් ප්රවුඞ් කියයි.
අපි චීනයට තරයේ දැන්වූවා මිනිස් ආහාරවල සුරක්ෂිතතාව තහවුරු කරන ලෙසට. එසේ නොවුවහොත් මීට වඩා භයානක තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධවෙයි කියලා. ඒ නිසා සත්ව මාංශ අලෙවිය තහනම් කරන්න කියලා දැන්වූවා යැයි ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේ කියයි.
වවුලන්ගේ සහ කබල්ලෑවන්ගේ මස් වෙළෙඳාම තහනම් කරන ලෙසට හොංකොං විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශය චීනයෙන් ඉල්ලා ඇත.
ජාත්‍යන්තර වෛද්‍ය විශේෂඥවරුන්, පරිසරවේදීන් සහ බහුවිධ සංවිධාන චීනයෙන් ඉල්ලන්නේ තම වර්ගයාටම (මානවයාටම) මරු කැඳවන සත්ව මාංශ වෙළෙඳාම නවත්වා දමන ලෙසටය. මේ ඉල්ලීම් ගැන චීනයේ විද්‍යායතනය පිළිතුරක්දී තිබේ.
ඒ මෙසේය.
සතුන් ජීවත්වෙන්නේ මිනිසුන් සඳහා විනා පයුරු පාසාන පැවැත්වීමට නොවේ.
(ANIMALS ARE LIVING FOR MAN NOT SHARING WITH MAN)
චන්ද්‍රසේන මාරසිංහ











