• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා ගැන හරියටම කියපු අභිග්‍යාගෙන් තවත් භයානක අනාවැකියක්

May 10, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
කොරෝනා ගැන හරියටම කියපු අභිග්‍යාගෙන් තවත් භයානක අනාවැකියක්
Share on WhatsAppShare on Facebook

කොරෝනා වසංගතය පිළිබඳව අනාවැකි පළ කිරීමට ලෝකයේ කිසිදු ජ්‍යොතිෂඥයෙක් අසමත් වද්දී, ඒ සම්බන්ධයෙන් නිවැරැදිව අදහස් පළ කළ ඉන්දියාවේ අවුරුදු 14ක පිරිමි ළමයා පිළිබඳව සියලු දෙනාගේ අවධානය හිමි විය. අභිග්‍යා ආනන්ද් නැමැති ඔහු ලෝකයටම බලපාන වෛරසයක් පිළිබඳව අනාවැකි පළ කර තිබුණේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේදීය. මාර්තු මාසයේ සිට මැයි මාසය වෙන තෙක් සමස්ත ලෝකයටම රුදුරු ව්‍යවසනයක් බලපවත්වන බවට ඔහු සිදු කළ ප්‍රකාශය මේ වන විට සත්‍යයක් වී ඇත. එම තත්ත්වය මැයි මස 30 වැනිදායින් පසුව පහව යන බවට ඔහු ප්‍රකාශ කළ බව මාධ්‍ය සඳහන් කළත්, පසුව අභිග්‍යා සඳහන් කර තිබුණේ මාධ්‍ය විසින් තමන්ගේ ප්‍රකාශය වැරැදියට හුවා දක්වා ඇති බවය. එහිදී ඔහු සඳහන් කර තිබුණේ මැයි 30 වැනිදායින් පසු වෛරස ව්‍යාප්තියේ පාලනයක් දක්නට ලැබෙන නමුත් මෙම වසරේ ජූලි මාසය දක්වාම එහි බලපෑම ලෝකයට දැඩිව දැනෙනු ඇති බවය.
මේ අතර අභිග්‍යා ආනන්ද් පළ කළ නවතම අනාවැකියක් හේතුවෙන් නැවත වරක් මුළු ලෝකයේම අවධානය ඔහු වෙතට යොමු වී ඇත. එම අනාවැකිය මඟින් ඔහු පවසා ඇත්තේ කොරෝනා වෛරසය පහව ගියද, නැවත වරක් මෙම වසරේ දෙසැම්බර් 21 වැනිදා පටන් නව ව්‍යවසනයකින් ලෝකයම පීඩා විඳින බවය. එම දරුණු ව්‍යවසනය ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බවද අභිග්‍යා ප්‍රකාශ කර ඇත. අභිග්‍යා ආනන්ද් ප්‍රකාශ කරන ආකාරයට එම නව ව්‍යවසනය හේතුවෙන් ලෝකයට සිදුවන හානිය කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සිදුවූ හානියට වඩා ඉතා වැඩිය. කොරෝනා වෛරසය පාලනයට එන්නතක් සොයා ගත්තද, එම නව වෛරසය පාලනය කිරීමට එමඟින් හැකියාව නොලැබෙන බව අභිග්‍යාගේ විශ්වාසය වී ඇත. ප්‍රතිශක්තීකරණය දුර්වල බොහෝ දෙනෙකු එම නව වෛරසය ඉදිරියේ ඉතාම ඛේදනීය ඉරණමකට මුහුණ දෙනු ඇති බවද අභිග්‍යා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
කෙසේ නමුත් උදා වීමට නියමිත රුදුරු ව්‍යසනයෙන් බේරීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳවද අභිග්‍යා විසින් සඳහන් කර තිබීම විශේෂත්වයකි. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ හැකි තරම් පරිසරය ආරක්ෂා කර ගන්නා ලෙසය. සත්ව ඝාතනය නවත්වන ලෙස ඉල්ලා ඇති අභිග්‍යා සත්ව වෙළෙඳාමට සම්බන්ධ වූවන්ගෙන් ඉල්ලා ඇත්තේ, ලෝකයේ අනාගතය වෙනුවෙන් තම වෘත්තිය අත්හැර දමන ලෙසය. එමෙන්ම හැකිතාක් කාබනික පොහොර යෙදූ ආහාර වර්ග පමණක් අනුභව කරමින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩි කර ගන්නා ලෙසද අභිග්‍යා ලෝකවාසී ජනතාවට උපදෙස් ලබා දී ඇත.
අභිග්‍යා ආනන්ද් පසුගිය අගෝස්තු මාසයේදී කොරෝනා සම්බන්ධව පළ කළ අනාවැකිය එකල කිසිවකුගේ අවධානයට ලක් වූයේ නැත. ඒ පිළිබඳව බොහෝ දෙනකු දැන ගත්තේද ජනවාරි මාසයේදී චීනයෙන් පළමු කොරෝනා ආසාදිතයා සොයා ගැනීමෙන් පසුවය. අභිග්‍යා මුදා හැර ඇති වීඩියෝවේ සඳහන් සියල්ල එකින් එක සත්‍ය වන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය. අභිග්‍යා පිළිබඳව ලෝකය පුරා ප්‍රචලිත වූයේ කොරෝනා සම්බන්ධ අනාවැකියෙන් වුවද, මේ සුවිශේෂී අනාවැකිකරුවා පිළිබඳව ඉන්දීය මාධ්‍ය පළමු වරට වාර්තා කර ඇත්තේ මීට වසර හතකට පෙරය. එනම් අභිග්‍යා හත් වැනි වියේ පසුවද්දීය.
කෙසේ වෙතත් ඇදහිය නොහැකි ආකාරයෙන් අභිග්‍යා පළ කළ අනාවැකිය සත්‍ය වී ඇත. ඔහු පැවසූ ආකාරයෙන්ම මැයි මස අවසන් වන විට එහි යම් අඩුවීමක් පෙන්නුම් කරන බවද, දැන් තිබෙන තත්ත්වය අනුව නිගමනය කළ හැක. එබැවින් ලෝකය දැන් පටන් සූදානම් විය යුත්තේ මේ විශ්වකර්ම අනාවැකිකරුවාගේ ඊළඟ අනාවැකිය කෙරහිය. එය සත්‍ය අසත්‍යභාවය කොයි හැටි වුවද, පෙර සූදානම කෝකටත් හොඳ බව අපේ අදහසය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

වවුලන්ගෙන් කොරෝනා එවපු චීනය ඊළග වයිරසය එවන්නේ මොකා අතේද?

Next Post

චීනය කොරෝනාව හදපු හැටි අමෙරිකානු බුද්ධි වාර්තාවකින් එළියට එයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.