• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

වටෙන්ම විරෝධතා එල්ලවද්දී ගෝඨා බය නැතිව අධිකරණය බාර දුන් කව්ද මේ ‘අලි සබ්‍රී’

August 24, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
වටෙන්ම විරෝධතා එල්ලවද්දී ගෝඨා බය නැතිව අධිකරණය බාර දුන් කව්ද මේ ‘අලි සබ්‍රී’
Share on WhatsAppShare on Facebook

‘ඔහු මගේ සමීපතම මිතුරෙක්. මගේ විශ්වවිද්‍යාල සහ දේශපාලන ජීවිතයේදී හමුවූ ඔහු අදටත් එදා මෙන්ම, එකම මතකයක ඉඳන් කටයුතු කරන කෙනෙක්. වර්තමාන ජනාධිපතිතුමාට ඔහුව හඳුන්වා දුන්නේත් මමයි. ඒ ඔහු පිළිබඳව මා තුළ තිබෙන අසීමිත විශ්වාසය නිසා. එකල ‘සන්ඬේ ලීඩර්’ පුවත්පත විසින් එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ‘මිග්’ ගුවන් යානා ගනුදෙනුව අදාළ කරගෙන අපහාසාත්මක ලිපි පළ කරන විටදී එයට එරෙහිව පුවත්පතට නඩු දැමීම සඳහා මම මොහුව සම්බන්ධ කරවූවා. එදා ඉඳන් ඔහු වත්මන් ජනාධිපතිතුමාට එරෙහිව දැමූ හැම නඩුවකටම නොමිලයේ පෙනී සිටියා. කිසිම ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවක් නැතිව මොහු තම මුදල් හා ශ්‍රමය වැය කරමින් වත්මන් ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී සිටියා විතරක් නොවේ ඔහුව ආරක්‍ෂා කළා. මොහු ජාතිවාදය නොව ජාතිකවාදය පිළිගන්නා උගත් ශ්‍රී ලාංකිකයෙක්.’
මේ ලිපිය කොතැනකින් පටන් ගන්නට දැයි සිත සිතා සිටින විටදී හදිස්සියේම ඉහත අපූරු කියමන මට දකින්නට ලැබුණේ සයිබර් අවකාශයේ (අන්තර්ජාලයේ), මුහුණු පොතේ පිටුවකින්. මේ වගතුගෙහි කතාවක ‘ඔහු’ නැතහොත් ‘මොහු’ කවුද? එසේම මෙම කතාව ලියා තබන්නේ කවුද යන්නද සැණෙන් පැනයක් බවට පත්විය. මෙහි පැවසෙන ‘ඔහු’ නොහොත් ‘මොහු’ අද සමාජය මහත් ඝෝෂාවකින් කතා කරනු ලබන අතිශය ආන්දෝලනාත්මක චරිතයකි. මොහු නම් වත්මන් නව අධිකරණ අමාත්‍ය මොහොමඞ් අලි සබ්රිය. කෙටියෙන් ‘අලි සබ්රි’ යන නාමයෙන් මුළු ශ්‍රී ලංකාවම හඳුනා ඔහුගේ සමාජ භූමිකාව අද සුවිශේෂී එකක් බවට පත්වී තිබෙයි. එවැන්නකු ගැන මෙම පූර්විකාව කියා සිටින්නේ රටේ නමගිය ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීරය. දිලිත් ජයවීරගේ මෙම කියමන සැබෑ ලෙසම සමාජය මෙතෙක් නොදත් රහස්‍යමය වගතුගක් ලෙසද සැලකිය හැකිය. එසේ වන්නේ අලි සබ්රි නමැති පුද්ගලයාගේ පිටුපසින් සිටින බලවේගය කුමක් දැයි ජනතාව නොදන්නා හෙයිනි.
අද වත්මන් නව අධිකරණ ඇමැති ධුරයට පත්ව සිටින මොහොමඞ් අලි සබ්රි මහතාට එල්ල වන ගල් – මුල් සහ මල් බොහෝය. එය සිදුවන්නේ පොදු සමාජයට වඩා යම්, යම් පාර්ශ්ව වෙතිනි. ඔවුන් දේශපාලනික සහ ආගමික පාර්ශ්වවලට අයත් වෙයි. පොදු සමාජයේ බහුතරයක් දෙනා අලි සබ්රි කවුදැයි නිසියාකාරව හඳුන්නන්නේ නැත. එහෙත් අද අලි සබ්රි මෙරට අධිකරණ ඇමැති යැයි බොහෝ දෙනෙක් හඳුනති. පසුගිය කාලයක් පුරාම එක්තරා සුවිශේෂී නඩුහබ කිහිපයකටම දායකත්වය ලබාදුන් ඔහු ජනාධිපති නීතිඥ අලි සබ්රි ලෙසටද ප්‍රකටව සිටියි.
ජනාධිපති නීතිඥ අලි සබ්රි කොතැනක සිට මෙම වත්මන් දේශපාලන තෝතැන්නට කඩාවැටුණේ දැයි සමහර පාර්ශ්ව ළතෝනි තබති. ඒ අපට ඇසෙන නිකම් ළතෝනියකි. එහෙත් එතැනින් එහාට ගිය මරළතෝනියක් තබමින් තවත් පාර්ශ්ව අසා සිටින්නේ, අලි සබ්රිට මන්ත්‍රිකමක් සහ ප්‍රධානතම කැබිනට් ඇමැතිකමක් ලැබුණේ කෙසේද යනුවෙනි. කවුරු කෙසේ ළතෝනි තැබුවත් මේ වන විට අලි සබ්රි නමැති මිනිසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පුටුවේත්, කොළඹ අලුත්කඬේ මහ උසාවියේ ඇමැති පුටුවේත් වාඩිගෙන හමාරය. එය වළක්වන්නට කිසිදු ජගතකු නොවීය. මෙම අපූරු මිනිසාගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් ගැන ඉහත වැදගත් රහසක් ලියා තැබුවේ ව්‍යාපාරික දිලිත් ජයවීරය. එනම් එය දශකයකට ඔබ්බට ගිය වගතුගකි. එලෙස කිරා, මැන බලන විටදී අලි සබ්රි නම් මිනිසා දේශපාලනික තෝතැන්නට ඇදගෙන වැටී ඇත්තේ නිකම්ම, නිකම් මිනිසකු ලෙස නොවේය. එසේ නම් ඔහුගේ එම අතීතයට දිවගොස් සොයා බලමු.
කළුතරදී උපත ලද අලි සබ්රිගේ සම්පූර්ණ නම මොහොමඞ් උවෙයිස් මොහොහඞ් අලි සබ්රි වෙයි. ඔහු තම මූලික අධ්‍යාපනය ලැබුවේ කළුතර මුස්ලිම් මහා විද්‍යාලයේදී වන අතර, පසුව කොළඹ සහිරා විද්‍යාලයේදී අධ්‍යාපනය ලැබීය. පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහු උසස් අධ්‍යාපනය සඳහා කොළඹ නීති විද්‍යාලයට ඇතුළත් විය. උපතින් මුස්ලිම් ජාතිකයකු ලෙස තම මවුපිය උරුමයෙන් ලද දමිළ භාෂාවද, ඉන් පසුව සිංහල භාෂාව මෙන්ම ඉංග්‍රීසි භාෂාවද අලි සබ්රි විසින් මනාව ප්‍රගුණ කර ගත්තේය. ඔහු සිංහල භාෂාව ලිවීමේ සහ කතා කිරීමේ අතිශය ප්‍රවීණ බවක් පෙන්නුම් කළ අතර, සිංහල භාෂාව බොහෝ හරබරට කතා කරනු ලබන්නේ සිංහල ජාතිකයකු පවා අබිබවා යන ලෙසිනි. එයට එක් ප්‍රධාන හේතුවක් වූයේ අලි සබ්රි නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේදී එහි සිංහල විවාද සංගමයේ නායකයා වීමය. එසේම එම තත්ත්වයන්ට නීතිඥ වෘත්තියද විශාල ආභරණයක් විය.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ උගෙනගන්නා සමයේදී අලි සබ්රි එහි ශිෂ්‍ය සංගමයේ මහ ලේකම් ධුරයද දැරුවේය. කෙසේ හෝ පසුව නීතිඥවරයකු ලෙස දිවුරුම් දීමෙන් පසුව ඔහු සිවිල් නීති ක්‍ෂේත්‍රයට අදාළව විශේෂඥතාවක් හිමිකර ගත්තේය. එසේ ඔහු කාලයක් පුරා ප්‍රවීණ නීතිඥවරයකු ලෙස කටයුතු කළේය. මෙසේ කාලය ගතවෙද්දී අලි සබ්රිගේ උනන්දුව ඇතිවන්නට ගත්තේ දේශපාලනය කෙරෙහිය. අදත් අලි සබ්රිගේ භූමිකාවට ඝෝෂා නඟන බොහෝ දෙනකු ඔහුගේ මෙම දේශපාලන අතීතය දන්නේ නැත. එනම් ඔහු ඉතාමත් තරුණ වයසේදීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බැඳී ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළේය. එම පක්‍ෂයේ තරුණ සංගම් නියෝජනය කරමින් කටයුතු කළේය. මේ ආකාරයට දැනට ඔහුට දශක දෙකකට අධික දේශපාලන ජීවිතයකට අයිතිවාසිකම් ඇත. එසේ බලන විට ඔහු නිකරුණේ අහසින් කඩාපාත්වී නැති බැව් පෙනේ. කෙසේ හෝ අලි සබ්රිගේ මෙම දේශපාලන ජීවිතය සැබෑ ලෙස සමාජයට විවර වන්නට ගත්තේ ඊට බොහෝ පසු කාලයකදීය.

අලි සබ්රි එලෙස දේශපාලන වේදිකාවක සිටියත් ඔහු සැබෑ ලෙස සමාජය අතරෙහි ප්‍රකට වන්නේ ජනාධිපති නීතිඥවරයකු බවට පත්වී සිදුකරන යම් කාර්යභාරයක් හරහාය. එනම් ඔහු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙවර රැසක් සඳහා දායක වීම එම ක්‍රියාවලියයි. මෙම ලිපියේ මුලින් සඳහන් කළ ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය වූයේ ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් අලි සබ්රි මහතාව එකල ආරක්‍ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්‍ෂ වෙත හඳුන්වා දීමයි. ඒ ආකාරයට එකල සන්ඬේ ලීඩර් පුවත්පතට එරෙහිව ගොනුකළ නඩු හබයේ සිට මේතාක් දක්වාම වත්මන් ජනාධිපතිවරයාගේ නීතිමය කටයුතු සඳහා ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නේ අලි සබ්රිය. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව කලින් කල ගොනු කෙරුණු නඩුහබ ගණනාවකටම විත්තියේ ප්‍රධාන නීතිඥයා ලෙස පෙනී සිටි ඔහු දැනටද වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රධාන නීති උපදේශක සහ අනුශාසක ලෙස කටයුතු කරයි.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ගොනු කෙරුණු දූෂණ, වංචා නඩු මෙන්ම, ඔහුගේ ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව ගොනු කෙරුණු නඩුහබ සඳහාද විත්තියේ නීතිඥ පාර්ශ්වය මෙහෙයවනු ලැබුවේ අලි සබ්රි මහතා විසිනි. එසේම ඔහු ඒ මෙහෙවර සඳහා අතිශය දැඩි ශ්‍රමයක් සහ කැපකිරීමක් සිදුකළ බැව් බොහෝ දෙනකු අවිවාදයෙන් පිළිගෙන ඇත. 2019 වසරේ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්‍ෂ පෙනී සිටින විටදී ඔහුට තම ද්විත්ව පුරවැසිභාවය හරහා එල්ලවූ දෙස්, විදෙස් තර්ජන බොහෝ ප්‍රබල විය. එහෙත් නිසි නීතිමය ක්‍රමවේදයක් හරහා එම බාධක මැඩ ගැනීමට එකල අලි සබ්රි නීතිඥවරයා සමත් විය. එසේම ඔහු ඒ වන විට ජනාධිපති නීතිඥවරයකු ලෙසද තම අභියෝග සියල්ල ජය ගනිමින්, ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්‍ෂට ඉදිරිපත් වීමට සියලු මාර්ගය සකස් කර දුන්නේය. එය සැබෑ ලෙසම ඉතාමත් දුෂ්කර කාර්යයක් විය.
මේ ආකාරයට අලි සබ්රි නමැති මිනිසා තම ගමන්මඟ කිසිසේත්ම නවතා දැමුවේ නැත. අලි සබ්රි ‘කළුද, සුදුද යැයි දැන නොගෙන සිටි ගෝඨාභයට අලි සබ්රි නැතිවම බැරි විය. මෙම කාලයේදී සැබෑ ලෙසම අලි සබ්රිගේ භූමිකාව විවර වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළිනි. එනම් ඔහු එම පක්‍ෂයේ ප්‍රබලයකු ලෙස කටයුතු කරන්නට ගත් අතර, ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුස්ලිම් ජාතික සම්මේලනයේ සභාපතිවරයාද විය. සමහර අන්තවාදී මුස්ලිම් නායකයන් නිසා අනෙකුත් ජාතීන් සමඟ විරසකව සිටි බොහෝ මුස්ලිම් ජනයා, සුහද මඟකට ගෙන ඒමට අලි සබ්රි බොහෝ කැපවී කටයුතු කළේය. පාස්කු ප්‍රහාරයෙන් පසුව අතිශය දරුණු ලෙස උත්ගතව තිබුණු එම අසමගිය බොහෝ සාර්ථකව සමනය කරගැනීමට අලි සබ්රිට හැකි විය. ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදීද මුස්ලිම් ජනයා දහස් ගණනින් වත්මන් රජය වෙත පක්‍ෂපාතී කරගැනීමටද අලි සබ්රි දක්‍ෂයකු විය.
පසුගිය රාජපක්‍ෂ රජය සමයේදී අලි සබ්රි මහතා තවත් වගකිවයුතු රාජ්‍ය තනතුරු කිහිපයක්ම දැරුවේය. ඔහු කලක් සවුදි අරාබියේ කවුන්සිල් ජනරාල්වරයා ලෙසද කටයුතු කළ අතර, එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ මානව හිමිකම් කවුන්සිලයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ කිහිපයකටද සහභාගි විය. 2012 වසරේදී ඔහු මෙලෙස මානව හිමිකම් සැසිවාරවලට සහභාගි වෙමින් ශ්‍රී ලංකාව නියෝජනය කළේය. අලි සබ්රි ජනාධිපති නීතිඥ ධුරයට නම් කරනු ලැබුවේද 2012 වසරේදීය. එකල ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ භාණ්ඩාගාරිකවරයා ලෙසද කටයුතු කළේය. මේ ආකාරයට ඔහු තම නීතිඥ වෘත්තියේත්, දේශපාලනයේත් නියැළෙමින් කටයුතු කරන්නට විය. අලි සබ්රි නිරන්තරයෙන් කතා කළේ ජාතිවාදය නොව ජාතිකවාදය යැයි බොහෝ පාර්ශ්ව අවධාරණය කර සිටියේය. මේ නිසාම ඔහු අන්තවාදී මුස්ලිම් කණ්ඩායම්වලට ‘වහකදුරු’ ලෙස පෙනෙන්නට විය. එහෙත් ඔහුගේ ක්‍රියාකලාපයට පක්‍ෂ මුස්ලිම් බලවේගයක්ද වූ අතර, ඔවුන් රාජ්‍ය පාක්‍ෂිකව කටයුතු කරන්නට ගත්තේය.
අලි සබ්රි ප්‍රධානතම ලෙස ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ප්‍රවාහයට එකතු වන්නේ 2020 වසරේදී සිටය. එනම් එය ඔහුගේ සුවිශේෂී හැරවුම් ලක්‍ෂ්‍යය විය. 2020 මහ මැතිවරණය සඳහා අපේක්‍ෂකයකු ලෙස ඔහු තරග නොකළත්, මැතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා දිවා – රෑ නොබලා දරදිය අදින්නට විය. අවසානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත් අතර, නව රජයක්ද පිහිටුවූයේය. අලි සබ්රි කතාවේ ස්වර්ණමය පිටුව එතැන සිට පෙරළිනි. එනම් රජය ඔහුට කළගුණ සැලකීමක් වශයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදුන් අතර, එතැනින්ද නොනැවතී වත්මන් නව රජයේ අධිකරණ කැබිනට් අමාත්‍ය ධුරයද ලබා දුන්නේය. අද අලි සබ්රි යනු තානාන්තර, පට්ටම් රැසක්ම සමඟ කියැවෙන නාමයකි. එනම් අධිකරණ කැබිනට් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ අලි සබ්රි ලෙස ඔහුගේ නාමය හැඩවැඩ ගැන්වී ඇත.
පසුගියදා වත්මන් රජයේ නායකයන් විසින් මේ ‘කඩු කස්ථාන’ ඔහුට පිදුවේය.
සිහිනෙකින්වත් රජයේ මහ කෙරුම්කාරයකු වන්නට නොසිතූ අලි සබ්රි නමැති අපූරු මිනිසා රාත්‍රී හතක් ගතවන්නට මත්තෙන් මන්ත්‍රිවරයකුද වී, කැබිනට් ඇමැතිවරයකුද වූයේය. කෙසේ හෝ ඔහුගේ මෙම අපූරු ආගමනයත් සමඟ රටේ සමහර පාර්ශ්ව ගිනිගෙන දැවෙන්නට වූයේය. සිංහල – බෞද්ධ, මුස්ලිම් – ඉස්ලාමික මෙන්ම දමිළ – හින්දු පාර්ශ්ව කිහිපයක්ම අලි සබ්රි හට අධිකරණ ඇමැති ධුරය ලබා දීම ගැන එළිපිටම විරෝධය ප්‍රකාශ කරන්නට විය. ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම්වරුන් අන්තවාදී ඉස්ලාමික ක්‍රමවේදයකට යොමුකර ගැනීමට උත්සාහ දරන මුස්ලිම් පාර්ශ්ව විසින් අලි සබ්රි හට විරෝධය පළ කරන්නට ගත් අතර, යම් බෞද්ධ පැවිදි පාර්ශ්වද ඔහුට විරුද්ධත්වය ප්‍රකාශ කළේය. උතුරේ සිටින අන්තවාදී දමිළ පාර්ශ්ව විසින්ද විරෝධය එල්ල කරන ලදී. ආගමික පාර්ශ්ව එසේ සිදුකරද්දී රජයට විරුද්ධ දේශපාලන බලවේග විසින්ද මෙම තත්ත්වය හෙළා දකින ලදී. ඔවුන් එකහෙළා ප්‍රකාශ කර සිටියේ, වත්මන් ජනාධිපතිවරයාගේ බොහෝ නඩු කටයුතු දිනා ගැනීමට කටයුතු කළ හෙයින් අලි සබ්රි හට ඇමැති තනතුරක් ලබාදුන් බැව්ය.
කෙසේ හෝ මේ වන විට බහුතර සිංහල ජනතාව අලි සබ්රි අධිකරණ ඇමැති ලෙස පත්කිරීම බොහෝ සාවධානව ඉවසා සිටිති. එසේ වන්නේ අලි සබ්රි නමැති මිනිසාත් සිංහල ප්‍රජාව වෙත මහත් ළෙන්ගතුකමක් දක්වන හෙයිනි. තත්ත්වය එසේ වුවත් සමහර මුස්ලිම් පාර්ශ්ව අලි සබ්රි හට අභියෝග කර ඇත්තේ ජාතික ලැයිස්තුවෙන් නොව හැකිනම් ජනතා ඡන්දයෙන් ආසනයක් දිනාගන්නා ලෙසය. මේ වන විට මෙම කලබැගෑනිය නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ජාලා වෙතින් අසන්නට ලැබෙයි. කෙසේ හෝ මේ වන විට වත්මන් නව රජයේ කැබිනට් මණ්ඩලයේ සිටින එකම මුස්ලිම් ජාතිකයා වන්නේ ඔහුය. එසේම ඔහු අධිකරණ අමාත්‍ය ධුරයට පත්වූ දෙවැනි ජනාධිපති නීතිඥවරයාද වෙයි.
මෙලෙස නව අධිකරණ අමාත්‍ය ධුරයට පත්වූ අලි සබ්රි මහතා
පසුගියදා ප්‍රකාශ කර සිටියේ ඉතාමත් වැදගත් පුවතකි. එනම් දැනට නිරන්තරයෙන්ම ප්‍රමාද වීම්වලට ලක්වන නඩුහබ ක්‍රමවේදය වහාම පැහැදිලි වෙනසකට ලක්කරන බැව් ඔහු ප්‍රකාශ කර ඇත. එනම් නඩුහබ ඉක්මනින් විසඳා තීන්දු, නියෝග දීමේ ක්‍රමවේදයක් වහාම අරඹන බවට ඔහු ප්‍රතිඥා දී ඇත. මෙය සැබැවින්ම ශ්‍රී ලංකා නීති පද්ධතියට වහාම අත්‍යාවශ්‍ය වන ක්‍රමවේදයකි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

19 ගැන සමගි ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක්

Next Post

චීනයට වට කර ප්‍රහාරයක්

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි ඇසළ පෙරහැර  මංගල්‍යයේ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් උද්ගතව ඇති වාතාවරණය පිළිබඳව දේවාලයේ...

Read more
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.