චීනය හොංකොං ප්‍රදේශයේ මානව අයිතීන් දරුණු ලෙස තුට්ටු දෙකට තල්ලු කර අසල්වැසි රටවලට සිය සන්නද්ධ බලය යොදමින් දාමරිකයකු මෙන් රඟපාන්නට පටන් ගෙන තිබේ. සිය ආර්ථික ශක්තිය මෙහෙයවා රටවල් බලෙන් නම්මා ගනිමින්ද චීනය සිය අරමුණ ඉටුකර ගැනීමේ නිවට තත්ත්වයටද පත්ව ඇත. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යතු බවට ජාත්‍යන්තරයේ හඬක් ප්රතිරාව නැගෙන්නට පටන්ගත් කල්හි කළහකාරී මානසිකත්වයකට පත් බෙයිජිං (චීනය) ලෝකයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් යටකර දමමින් තර්ජනාංගුලියද එල්ල කරන්නේය. චීනයේ මේ සර්ව තර්ජනාත්මක හැසිරීම් රටාව ලෝකයේ සියලුම ජාතීන්ට එක්තරා පණිවුඩයක් වක්‍ර මාර්ගයකින් අතවනා කියා පාන්නකි. චීනය තවත් නාසි ජර්මනියක් වෙන්නට දඟලනවා. නුඹලා සියල්ලෝම ඊට එරෙහිව එකතු (සන්ධානගත) වෙයල්ලා යන්න ඒ පණිවුඩයයි.
ඔන්න ඔය කියන සන්ධාන ගතවීමක් සම්බන්ධයෙන් කිසියම් සංඥාවක්ද (ඉඟියක්) මතුවී තිබේ. එය රහස් සංඥාවක්, රහස් මුරපදයක් වැන්න. පදය, පසැස් (පංච අක්ෂි) – පස් + ඇස් යන්නය. මේ පසැස් යනු රටවල් පහක එකතුවකි. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ටේ්රලියාව සහ නවසීලන්තය ඒ රටවල්ය.
එක්සත් ජනපදය හැරුණු විට සෙසු රටවල් පහ මේ දක්වාම චීනය සමග කිසියම් පයුරුපාසානයක් පවත්වමින් දෙපාර්ශවීය වශයෙන් සම්බන්ධතා පැවැත්වූවන්ය. එතකුදු වුවත් චීනය හොංකොං පළාත ඉලක්ක කර ඉදිරිපත් කළ ආරක්ෂක නීතිය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරන පසැස්වරු තම විරෝධී මතය දැඩි කර ගෙන සිටිති.
මේ අතරවාරයේදී දිව්පුර හෙවත් හොංකොං හැර දමා පලා එන සරණාගත පිරිසට ආරක්ෂා පහසුකම් සැපයීමට එක්සත් රාජධානිය සහ ඕස්ටේ්රලියාව ඉදිරිපත්ව ඇත්තා සේම කැනඩාව සහ නවසීලන්තය චීනය සමග ඇති කර ගෙන සිටින සිය ගිවිසුම් අත්හිටුවන්නට සූදානම්ය.
මේ රටවල් භාවිත කරන චීනයේ හුවාවේ පණිවුඩ හුවමාරු ක්‍රමය සම්බන්ධයෙන් ද භීතිය සැකය පාදක කරගෙන වාද විවාදවලටද අවතීරණය වී ඇත. ඇමරිකාව පවසන්නේ චීන හුවාවේ තාක්ෂණය යනු ඒ ඒ රටවල්වලට තර්ජනාත්මකව යොදවා ඇති චරපුරුෂ සේවයක් බවයි. මේ නිසා පසැස්වාදීහු හුවාවේ :5 භාවිතය ක්‍රමිකව අත්හැර දමමින් සිටිත්.
තම තාක්ෂණය යොදවා විදේශීය රටවල් නිෂ්පාදන කරන හුවාවේ වැනි උපකරකරණ මෙන්ම චිප්ස් වැනි මෙවලම් තම රටේ භාවිතය කිරීම ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්්රම්ප් විසින් තහනම් කරන ලද පාඩම පූර්වාදර්ශයක් කොටගත් ප්රංශයද හුවාවේ නිෂ්පාදන තම රටේ තහනම් කර තිබේ. එහෙත් ආරක්ෂක අවදානම පාලනය කළ නො හැකි අන්දමට විශ්වසනීයත්වයෙන් තොර තාක්ෂණ වේදයක් හුවාවේ මගින් ක්‍රියාත්මක කිරීමට චීනේ බල ගැන්වේ.
චීනය (බෙයිජිං) හුවාවේ ජාලයෙන් චරපුරුෂ සේවා ලබාගැනීමට මෙන්ම විපත්තිදායක ප්‍රතිපල ඇති කිරීමටද යොදා ගැනේ. හුවාවේ ආයතනයේ හිමිකරුවා චීනයේ විමුක්ති හමුදාවේ හිටපු නිලධාරියකු වූ රෙන් ෂෙන්ග්ෆිය. ඒ නිසා හුවාවේ පණිවිඩ හුවමාරු ජාලය වරපුරුෂ කාර්යය සඳහාත් බැහැරියනට අනර්ථකාරී විපත්ති අත්කර දීමට යෙදවීමක් යන කරුණු සමග රෙන් ෂෙන්ග්ෆිගේ හමුදා පසුතලයද ඇමරිකාව කිසිසේත්ම අමතක නොකරන්නකි.
චීනය වෙනත් රටවල රහස් දැන ගැනීම සඳහා සයිබර් තාක්ෂණය චරපුරුෂයකු ලෙස යොදා ගැනීම ජාත්‍යන්තරයේ පවත්නා ප්‍රසිද්ධ රහසකි. ඇමරිකාවේ රාජ්‍ය ආරක්ෂක අංශයේ ඇමරිකානු ඩොලර් බිලියන දෙසිය හැටහතරක් (2,64,00,00,00,000) වටිනා දත්ත තොගයක් දෙදහස් fදාළහ (2012) වර්ෂයේදී මේ චරපුරුෂ සේවය ලවා සොරාගත් බව අනාවරණය වූ එක් මගඩියකි.
චීනය ක්‍රියාත්මක කරන පරිගණක ජාල දුෂණ සහ වංචනික ක්‍රියා නිසා බොහෝ රටවල රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ ආයතනවල ව්‍යාපාරික සහ ආර්ථික කටයුතුවලට විශාල තර්ජනයක් පැන නැගී ඇත. චීනය දෙදහස් fදාළහේ (2012) සිට දෙදහස් දහඅට (2018) දක්වා කාලය තුළ ඇමරිකාවේ රාජ්‍ය සහ පෞද්ගලික ව්යාපාරස්ථානවලින් සොරා ගන්නාද තොරතුරු පිළිබඳ දීර්ඝ ලේඛනයක්ද අමෙරිකාව විසින් ජාත්‍යන්තරයට මුදා හරිනු ලැබ තිබේ.
සයිබර් ආරක්ෂක විශේඥයකු වන ජෝ රොබින්සන් පවසන්නේ චීනයේ ක්‍රියාත්මක අනුන්ගේ පරිගණක දත්ත හොරා කන්නන් දෙදහස් නවයේ (2009) සිට දෙදහස් දහඅට දක්වා (2018) කාලය තුළ අවස්ථා පන්සියයක (500) දී තරම් ප්‍රමාණයක් මෙසේ හොරාකා ඇති බවයි.
චීනයේ මේ හොරකම්වලින් මිදෙන්නට රටවල් දහයක් (10) එක්ව ඩී 10 නමැති සමාජයක් ස්ථාපනය කිරීමට යෝජනා කර ඇත. දකුණු කොරියාව, ජපානය සහ ඉන්දියාව වැඩසටහනේ පුරෝගාමීන්ය. මෙහි අරමුණ චීනයේන් යැපීම අවම කර තමන්ගේ 5G තාක්ෂණය වර්ධනය කර ගැනීමය. මෙම වැඩ සටහන ජාත්‍යන්තර දේශපාලනයේ මහත් බලපෑමක් ඇති කරවන්නක් විය හැකි යැයි අපේක්ෂා කෙරේ.
මේ වන විට සෑම රටක්ම පාහේ මහත් අසරණත්වයකට මෙන්ම කිව නොහැකි විසඳිය නොහැකි අන්දමේ සෞඛ්‍ය අර්බුදයකට පාත්‍ර කර ඇති කොවිඞ් දහනමය (19) වසංකිරීම සම්බන්ධයෙන් සෑම රටකින්ම පාහේ චීනය විවේචනයට ලක් කරනු ලබන්නේය.
චීනයේ මේ අවකල් ක්‍රියාව ගැන වචනයක් හා් නොfදාඩා නොකියා ඒ පැත්තට මේ පැත්තට කොයි පැත්තට පනින්න දැයි සිතමින් වැට උඩට වී සිටින රටවල්ද ඇත. ඔන්න ඔය අන්දමට සිටින රටවල්වලට ඩී දහය සමාජයෙන් ආරාධනය කෙරෙන්නේ තම සමාජයට බැඳී අධිරාජ්‍යවාදී ඒකාධිපතිවාදී චීනයට එරෙහිව කෙරෙන සාමුහික සටනට අත්වැල් බැඳ ගැනීමට එක්වන ලෙසටය.
හුවාවේ තහනමෙන් රටවල් අපේක්ෂා කළ ඉලක්කය ඉටු වී තිබේ. ඒ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් පමණක් නොව චීනයේ රාජ්‍යපාලනයට යටත්ව ක්‍රියාත්මක කෙරෙන ප්රවෘත්ති මාධ්‍යටද තදින්ම බලපා ඇත. තහනම අප්‍රසන්නයි. වැරදියි. යනුවෙන් බි්රතාන්යයේ චීන තානාපති සියාවෝමිං පවසයි.
මේ වනවිට චිනය ගෝලීය දේශපාලනයේ ‘පරයකු’ වි ඇත. තායිවානය, ජපානය සහ වියට්නාමය යන රටවල චීනයේ ගුවන් සහ සාගරවල කෙරෙන සහ මෙතෙක් කළ ආක්‍රමණශීලී කටයුතු පිළිබඳව තොරතුරු රැස්කරයි. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය දත්ත ජපානය විසින් සොයනු ලැබේ.
මානව වර්ගයාට තර්ජනයක් වූ හිට්ලර්ට එරෙහිව ලෝකයම දෙවැනි ජගත් සංග්රාම සමයේදී පෙළ ගැසුණු අන්දමින්ම දැන් සිදුවෙන්නේද චීනයට එරෙහිව මුළු ලෝකයම අත්වැල් බැඳ ගැනීමය.
චන්ද්‍රසේන මාරසිංහ











