• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ලෝකෙම චීනෙට එරෙහි වෙයි

May 31, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
ලෝකෙම චීනෙට එරෙහි වෙයි
Share on WhatsAppShare on Facebook

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කිරීම සඳහා ප්‍රංශයේ විදේශ කටයුතු ඇමතිවරයා විසින් එරට චින තානාපති ලු ෂෙය් සිය අමාත්‍යාංශයට පසුගිය අප්‍රේල් දාහතර (14) වැනිදා කැඳවනු ලැබිණි. මේ සම්බන්ධව ප්‍රංශ ඇමතිවරයා විසින් ප්‍රසිද්ධ නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇත.
ප්‍රංශය ඇතුළු බරහිර රටවල් කොරා්නා වෛරසය පැතිරීම වැළැක්වීමට උනන්දුවකින් කටයුතු නොකර ඇල් මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ප්‍රංශයේ චීන තානාපතිවරයා සිය කාර්යාලීය නිලවෙබ් අඩවියෙන් දිගින් දිගටම අභූත චෝදනා නඟන බව ප්‍රංශ විදේශ කටයුතු ඇමතිවරයා සිය නිවේදනයේ දක්වා ඇත. එම චෝදනා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සමාජ ගත කෙරෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් කියා ඇත.
චීනය ජාතිවාදය අවුස්සන බවටත්, කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීමට ප්‍රංශය අපොහොසත් බැවින් එරට (ප්‍රංශයේ) ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැක බලා ගැනෙන වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානවල සාත්තු සේවා කාර්ය මණ්ඩලය තනතුරු හැර දමා ගොස් ඇති බවටත් චීනය ඇතුළු යුරෝපා රටවලට ප්‍රංශයේ චින තානාපති කාර්යාලීය වෙබ් අඩවියෙන් පසුගිය මාර්තු විසි දෙවැනිදා (22) සිට අප්‍රේල් fදාළොස් වැනිදා (12) දක්වා අතර කාලය තුළ පළකර ඇති ලිපි ගණනාවකින් එසේ අභූත වෝදනා නඟා ඇති බවත් විදේශ ඇමතිවරයාගේ නිවේදනයේ සඳහන්ය. චීනය fදා්ෂ සහිත පාවිච්චියට නුසුදුසු උපකරණ සහ මුඛ වැසුම් බෙදාදෙන බවට ප්‍රංශ පුවත්පත්වල මේ අතර පළවීම සම්බන්ධයෙන් ප්‍රංශයේ චීන තානාපති කාර්යාලීය ප්‍රකාශකයකු විසින් අප්‍රේල් පළමුවැනිදා (01)දා සිට අට වැනිදා (08) දක්වා කාලය තුළ පිළිතුරු ලිපි තුනක්ද පුවත්පත්වල පළ කරනු ලැබ තිබේ.
චීනය ඉලක්ක කර ද්වේෂසහගත අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමක් සම්බන්ධයෙන් නෙදර්ලන්තයේ චීන තානාපති කාර්යාලය එරට පුවත් පතකටද චෝදනා කර ඇත. චීනය මේ අතර චීනය කොවිඞ්-19 වසංගතය නිසා සිදුවූ පාඩුවට වන්දි ගෙවීමට ජර්මනියේ ද බිල්ඞ් පුවත්පතේ කර්තෘවරයා කැඳවා තිබේ.
එහෙත් එක්සත් රාජධානියේ චීන තානාපති ලී සියාවෝ මිං එරට (එක්සත් රාජධානිය) සමග මිත්‍රශීලී සුහදතාවයකින් කටයුතු කරන බව දැනගන්නට ඇත.
හොකොංවල පවත්වා ඇති උද්ඝෝෂණක් චීනයේ අනුදැනුම ඇතිව කෙරුණු එකක් බවට බි්‍රතාන්‍ය මාධ්‍යවල පළවීමෙන් පසුව තානාපති ලීි සියාවෝ මිං පවත්වා ඇති මාධ්‍ය සාකච්ඡාවේදී එරට මාධ්‍යවලට හොඳටම දෙහි කපා ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත් එක්සත් රාජධානිය කොවිඞ්-19 වෛරසය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයට පිළිතුරු දීමෙන් හෝ විවේචනය කිරීමෙන් හෝ තානාපති ලී සියාවෝ මිං වැළකී සිටින බවක්ද පෙනෙන්නට තිබේ.
කොවිඞ් වෛරසය ආරම්භ වූ චීනය මේ තරම් කඩිනමින් යථාතත්වයට පත්වූයේ කෙසේ දැයි යන්න ගැන ජාත්‍යන්තර ප්‍රජාව මහත් විමතියට පත්ව ඇතැයි මේ අතර සයිප්‍රස් චීන තානාපති හුවෑං සිංන්යුආන් කියයි.
ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රමාණයකට මරු කැඳවූ කෙරෝනා මාරක වසංගතය චීනයේ ආරම්භ වූයේ කෙසේද යන්න ගැන පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවද, එම වෛරසයේ ආරම්භය සහ ව්‍යාප්තිය පිළිබඳව වැලගිය මුලගිය තැන් දක්වා සෙවිය යුතු යැයිද ඒ සඳහා චීනය යුරෝපා කොමිසම සමග එක්ව කට යුතු කළ යුතු යැයිද එම කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර් ලේයන් පසුගිය පළමුවැනිදා (01)පැවසීය.
ඕස්ටේ්‍රලියාවේ නිෂ්පාදිත භාණ්ඩ මිලට ගැනීමෙන් සහ එරට සංචාරය කිරීමෙන් වැළකී සිටිය යුතු යැයි ඕස්ටේ්‍රලියාවේ චීන තානාපති ජින්ගි චෙං පසුගිය අප්‍රේල් විසි හය වැනිදා (26) කළ ප්‍රකාශයෙන් පසු චීනය සමග ඕස්ටේ්‍රලියාව පැවති ආතතිය උග්‍ර වී කොවිඞ් -19 පැතිරුණේ කෙසේද යන්න ගැන සෙවීමට ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්විය යුතු යැයි කියයි. ඊට පිළිතුරු ලෙසින් අප්‍රේල් විසිඅට වැනි දා (28) නිවේදනයක් නිකුත් කරමින් ඕස්ටේ්‍රලියාවේ චීන තානාපති කර්යාලය කියන්නේ ඕස්ටේ්‍රලියාව දේශපාලන ගේමක් ගහන්න යන බවයි.
චීන තර්ජනයට අභියෝගාත්මක පිළිතුරක් එදිනම අප්‍රේල් විසිඅට වැනිදා (28) නිකුත් කරමින් ඕස්ටේ්‍රලියාවේ වෙළෙඳ ඇමති සයිමන් බර්මිංහැම් පවසන්නේ ආර්ථිකයට කවර තර්ජනයක් ආවත් මහජන ආරක්‍ෂාව සඳහා තමන් පෙරට තැබූ පය ආපස්සට නොගන්නා බවයි.
තම රට යුරෝපියානු සංගමය සමග අත්වැල් බැඳ කොරෝනා වසංගතය ඇතිවීමට හේතුව සෙවීමේ පරීක්‍ෂණයට සම්බන්ධවීමට සැලසුම් කරන බව ස්වීඩනයේ සෞඛ්‍ය ඇමති ලේනා හෝලින්ග්‍රන් පැවසීය.
ස්විඩනය මේ ලෑස්ති වෙන්නේ පරණ කෝන්තරයක් පිරිමසා ගැනීමටත් සමගය. චීන සම්භවයක් ඇති ස්වීඩිනියානු ග්‍රන්ථ ප්‍රකාශකයකු වන ගුයි මින්හායි ජනාධිපති සි ජින්පිං විවේචනය වන පොතක් පළ කළේය. ඒ වැරැද්ද ඒ අනුව ගුයි මින්හායි දෙදහස් දහ අටේ (2018) ජනවාරි අත්අඩංගුවට ගනු ලැබ දෙදහස් විස්සේ (2020) පෙබරවාරි දුන් තීන්දුවෙන් වසර දහයකට හිරේට නියම විය.
ඊට එකට එක කිරීමක් වශයෙන් චීන සිසුන් වෙනුවෙන් තිබූ අධ්‍යාපන ආයතන ගණනාවක් ස්වීඩනය වසා දැමුවේය. එපමණක් නොව දෙරට අතර තිබූ ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමද අත්හළේය. දැන් රටවල් දෙක අතර නයි වෛරයක් පවතී. චීන තානාපති දෙදහස් දහනමයේ (2019)නොවැම්බර් මාසයේදී මෙසේ ප්‍රකාශයක් කෙළේය.
චීනය යහළුවන්ට සලකන්නේ හොඳ වයින්වලින්. සතුරන්ට දෙන්නෙ තුවක්කුවෙන් කොවිඞ්-19 සම්බන්ධයෙන් චීනයට එරෙහිව මධ්‍යම ආසියානු රටවල් වන කසකස්ථානය සහ කිර්ගිස්ථානය වැනි රටවල මහා පරිමාණයේ උද්ඝෝෂණ විරෝධතා පැවැත්වේ. වෛරසය ආසාදිතවූ චීන රෝගීන් රෝහල්ගත කිරීමට එරෙහිව කසකස්ථානයේ සයිසාන් දිස්ත්‍රික්කයේ වැසියෝ පසුගිය පෙබරවාරි දහ (10) වැනිදා මහත් වූ විරෝරෝධතාවක් පැවැත් වූහ.
කිර්ගිස්ථානයේ චීන දේශ සිමාව ආසන්නයේ නාරින් පළාත්වාසීහු කිර්ගිස්ථානයේ කම්හල්වල චීන සේවකයන්ට යළි සේවයට පැනීමට ඉඩ නොදුන්හ. ඔවුන් පලවා හරින ලෙසට ඉල්ලමින් ඔවුහු විරෝධතා දැක්වූහ.
චීනයේ වුහාන් නගරයේ විදා්‍යාගාරයකින් කොවිඞ්-19 වෛරසසය ආරම්භවී පැතිර ගිය බවට වෝදනා කරමින් යුක්රේනයේ චීන තානාපති කාර්යාලයයේ යුක්රේන් ජාතික ආරක්‍ෂක කවුන්සලයේ ඔලෙක්සි ඩැනිලෝව් උද්ඝෝෂණයක් කෙළේය.
චීන භෝජන ශාලාවලින් කිසිවක් නොගන්නා ලෙසටත්, චීනෙන් කිසිම දෙයක් කවර අන්දමකින් හෝ ගෙන්වා නොගන්නා ලෙසටත් තම වැසියන්ට අසර්බයිජාන රජය උපදෙස් දුන්නේය.
චීනයේ සිටි නයිජීරියානුවන්ට වෛදා්‍ය ප්‍රතිකාර පවා නොදී එරටින් බලෙන් පිටමං කිරීමට එරෙහිව රොද බැඳගත් අප්‍රිකානුවෝ කුපිත වී සිටින්නෝය. චීනයේ වෙසෙන නයිජීරියානුවන්ට එරෙහිව කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ හිංසනයට විරුද්ධව නයිජීරියානු පාර්ලිමේන්තුව පසුගියදා යෝජනාවක්ද සම්මත කර තිබේ.
චීනය මුළු ලොවම ඇල්ලීමට (යටත්කර ගැනීමට) උත්සාහ දරන බව බ්‍රසීලයේ අධ්‍යාපන ඇමති කියයි. ගිනි තියන චීන ප්‍රකාශන අවුරා දැමීමට ශ්‍රී ලංකාව ද තාවකාලිකව චීන තානාපති කාර්යාල ට්ව්ටර් සබඳතා අත්හිටුවා තිබිණි. සියලුම චීන තානාපති කාර්යාලීය නාලිකා කෙරෝනා වසංගත චෝදනාවෙන් චීනය මුදාගැනීමේ මෙහෙයුමක යෙදේ. සෑම නාලිකාවකින්ම පාහේ කෙරෙන්නේ චීනයේ පරෝපකාරී ත්‍යාගවන්තභාවය පිළිබඳව ලෝකය දැනුවත් කිරීමය. චීනය පරිත්‍යාග කරන උපකරණ වෛදාධාර තොගය හුවා දැක්වීමටය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ජ්‍යොතිෂ මේනියාවෙන් ඇදවැටුණු බොලිවුඩය

Next Post

සමිතට සෙට්වුණු 21 කොල්ල කවුද?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.