• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සමිතට සෙට්වුණු 21 කොල්ල කවුද?

May 31, 2020
in Heart
Reading Time: 1 min read
A A
සමිතට සෙට්වුණු 21 කොල්ල කවුද?
Share on WhatsAppShare on Facebook

කලා ලෝකය කියන්නේ පුදුම තරම් වේගයකින් ආදර කතා, කඳුළු කතා වගේම කටකතාත් හැදෙන තැනක්. සමහරු සමහර කතාවල වචනයක් දෙකක් එහා මෙහා කරලා කවුරුහරි ගැන කටකතාවක් හදනවා. තවත් සමහරු හිතාමතාම සමහර කතාවලට වචනයක් දෙකක් දාගෙන කතාවක් හදාගන්න බලනවා. එහෙම කතාවක් හදාගන්න උත්සාහ කරන බොහෝ දෙනෙක්ගේ අරමුණ ඔබට අපට පෙනෙන දේට වඩා ටිකක් විතර වෙනස් වෙන්නත් පුළුවන්. එහෙම තැන්වල හැංගුණු වෙළෙඳ අරමුණක් තියෙන්නත් බැරි නැහැ. කලා ලෝකේ කියන්නේ එහෙම ටිකක් විතර අමුතු තැනක් කියන එක දැන් කාටත් රහසකුත් නෙවෙයි. සමහරුන්ට කටකතා හදලා මඩ ගහනකොට කට කතාවක් හදාගෙන මඩ ගහගෙන ජනප්‍රිය වෙන්න හදන අයත් ඕනෑ තරම් ඉන්නවා. ඒකට ඉතින් වරදක් කියන්නත් බැහැ. හැමදේම තරගකාරී වෙනකොට කලාවේ නියැළෙන අයත් තරගකාරීව ටාගට් පහු කරන්න එක එක මාකටින් උපක්‍රම භාවිතා කරනවා.

ඔය වගේ විවිධ කතා කාලෙන් කාලෙට කරළියට එන කලා ලෝකෙ පසුගිය දිනවල තවත් ආන්දෝලනාත්මක කතාවක් පැතිරුණා. සමිතගෙ අලුත් ආදර කතාව එහෙම නැත්නම් සමිතාගේ පෙම්වතා. මේ විවිධ හැඳින්වීම් සමඟින් සමාජ මාධ්‍යයන්හි වඩාත් ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වූ මේ කතාව ගැන ඇත්ත නැත්ත හොයන්න දැන් බොහෝ දෙනෙක් උත්සාහ ගන්නවා. මොකක්ද මේ තමන්ට වඩා වසර ගණනාවකින් බාල කෙටියෙන් කියනවා නම් සිය දරුවන්ටත් වඩා වයසින් අඩු තරුණයකු සමඟින් සමිතා මුදුන්කොටුවගේ ඇති සම්බන්ධය.

මේ කතාව කරළියට එන්නේ ස්වර්ණවාහිනියෙ ‘හිත ඉල්ලන තරු’ වැඩසටහනට පැමිණෙන සමිතා එහිදී කරනු ලබන ප්‍රකාශයකට අනුවයි. එම වැඩසටහනේදී ඇය පවසන්නෙ තමාටත් දරුවන් දෙදෙනාටත් ආදරය කරන කෙනකුට තමන්ද ආදරය කරන බවකුයි. ජංගම දුරකතනයකින් ඡායාරූපයක්ද පෙන්වන අතර ප්‍රේක්ෂකයා තුළ යම් කුතුහලයක් ඇති කරන්නට සමත් වන මෙම සිදුවීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ ප්‍රතිචාරයන් ලැබෙන්නට පටන් ගන්නේ එම කාරණාවේ ඇති ආන්දෝලනාත්මක ස්වභාවය නිසාමය.

මෙවැනි කතාවක අරමුණ කුමක් වුවද වැඩි කාලයක් යන්නට පෙරම තත්ත්වය යම් තරමක උණුසුම් වී ඇති බවකුයි දක්නට ලැබුණේ. ඇතැම් විට සියල්ල වැරැදි පැත්තට හැරුණාදෝ කියා කෙනකුට සිතෙන්නටද බැරි නැත. කෙසේ නමුත් සමිතාගේ පිළිතුර ඇත්ත කතාව යනුවෙන් සටහනක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට පටන් ගන්නේ ඔය අතරතුරය. එම සටහනට අනුව සමිතා පෙර චෝදනා ප්‍රතික්ෂේප කරමින් එම තරුණයා සිය මියුසික් වීඩියෝවක රංගනයට එකතු වූ අයකු බවට පැහැදිලි කරදීමටද කටයුතු කර ඇත.

සියල්ල වඩාත් උණුසුම් තත්ත්වයට පත්වීමත් සමඟින් සමිතාගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරි සිය මුහුණු පොතෙහි සටහනක් තබා ඇත්තේ මේ මාතෘකාව සම්බන්ධව තබන අවසන් සටහන ලෙසින් නම් කරමින්. ඒ මෙලෙසිනි.
“මට, අම්මට, මගේ මල්ලිට ලංකාවේ ඉන්න බහුතරයක් කියන්න ඕන කතා ඔක්කොම කිව්වා. එදත්, අදත්, හෙටත්, ඉදිරියටත් එයාලා නොයෙකුත් දේවල් කියයි. ඒ හැම වචනයකින්ම හිත රිදුණ කාලයක් තිබුනා. මොකද තමන්ගෙ ළඟම හිටිය යාලුවොත් මං ගැන කියන කතා ආරංචි වෙලා. ඒත් දැන් වෙනකොට ඒ හැම වචනයක්ම මට හයියක් වෙලා.

මගේ අම්මා හොඳින් හිටියත් අහගන්න ඕන හැම කුණු කතාවක්ම අහගත්තා, ඒත් එයා වැටෙන්නේ නැතුව තනි මවක් විදිහට මාවයි මගේ මල්ලිවයි ඇස් දෙක වගේ බලාගත්තා, බලාගන්නවා. ඒක නිසා මගෙ අම්මාගෙ ජීවිතේ ගන්න තීරණ ගැන මටයි මගේ මල්ලිටයි ප්‍රශ්නයක් නැත්තම් අනිත් අය ප්‍රශ්නයක් කරගන්න ඕනෙම නෑ. අපේ ප්‍රශ්න උන්ගේ ප්‍රශ්න කරගෙන පුදුම නැටිල්ලක් නටන්නේ කමෙන්ට්ස්වල මේ මිනිස්සු පවු අප්පා.

කොහොම උනත්,
මගේ අම්ම මේ ලෝකේ ඉන්න දික්කසාද උන පළවෙනි ගැහැනිය නෙමේ. අනික ඇය දික්කසාද වෙලා දැනට අවුරුදු හරියටම 10ක් වෙනවා. ඇයගේ ජීවිතේ ගන්න කිසිම තීරණයකට ඇත්තටම කිව්වොත් මටවත් ඇඟිලි ගහන්න අයිතියක් නෑ කියන තැන මම ඉන්නේ, මොකද මගේ තාත්තා මාවත් එපා කියලා දාලා ගිහින් මම ඉන්නවාද නැද්ද කියලාවත් බලන්නේ නැති එකේ මගේ අම්මත් මාව දාලා ගියා නම් මට මෙලහකට මොනා වෙලා ඇතිද? මගේ අම්මට දහදහස්වාරයක් පිං මාවයි මල්ලිවයි ඒ හැම දුකක්ම උහුලගෙන අපිව ඇස් දෙක වගේ බලාගන්නවට.
බුදුන්ටත් කතන්දර හැදුවානම් මිනිස්සු, අපි කවුද?
හැමෝටම බුදුසරණයි!
-කවී-”
කාවින්ද්‍යාගේ පිළිතුරෙන් පසු තත්ත්වය සන්සුන් වන්නේද නැතහොත් කතාව කෙලෙස අවසන් වේද යන්න කිසිවකුට පැවැසිය නොහැක. එසේ වුවද තවමත් සමාජ මාධ්‍ය තුළ මේ පිළිබඳව ඇති උණුසුම අවසන්ව නැති බවත් ඉතා පැහැදිලිව දැකගත හැකිය.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

ලෝකෙම චීනෙට එරෙහි වෙයි

Next Post

ඉම්රාන්ග‌ේ පාකිස්තානයට අද වෙලා තියෙන දේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.