• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජ්‍යොතිෂ මේනියාවෙන් ඇදවැටුණු බොලිවුඩය

May 31, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ජ්‍යොතිෂ මේනියාවෙන් ඇදවැටුණු බොලිවුඩය
Share on WhatsAppShare on Facebook

ලෝකප්‍රකට බොහෝ වියත් වැකි අතර එක් සුවිශේෂී වැකියක් වේ. ඒ, ‘බලාපොරොත්තු මත සිහින දැකිය යුත්තේ, ඒවා ඉටු නොවූ විටෙක ඇති වන වේදනාවද දරාගත හැකි නම් පමණය.’
යනුවෙන්ය. ඇත්තෙන්ම, මිනිසුන් වූ අප හෙට දවස දෙස බලන්නේ ‘සිහින සහ බලාපොරොත්තු’ මැදින්ය. එලෙසම සිහින හෝ බලාපොරොත්තුවලට තරාතිරමක් නැත. සුපිරි කෝටිපතියාට වාගේම පොල් අතුපැලක දිවි ගෙවන දුගියාටද බලාපොරොත්තු සහ සිහින වේ. මෙහිදී ඇතැමුන් තම බලාපොරොත්තු ඉටු නොවූ විට ඉච්ඡාභංගත්වයට පත්වෙයි. තවත් ඇතැම් අය බලාපොරොත්තුවලට බියෙන් උපේක්‍ෂාසහගතව ජීවිතයේ ඉතිරි කාලයට මුහුණ දෙති.

ඒ අතර තවත් පිරිසක් වේ…’
ඔවුන් වනාහි මියැදුණු බලාපොරොත්තුවලට සතුටින් සමුදී නැවැත අලුත් බලාපොරොත්තු සහ සිහින මත ජීවිතය දකින්නන්ය.
මේ කියන්නට යන්නේද එවැනි මිනිසුන් පිරිසක් ගැනය.
තරාතිරම අතින් ඔවුන් සුපිරි ජීවිත ගෙවන සුපිරි තාරකාවන් වේ. කෙටියෙන් කියනවා නම් ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සාක්කු කෝටි ගණනින් පුරවන්නට තම රංගන හැකියාවන් උකසට තියන ඔවුන් උතුරු ඉන්දියානු සුපිරි තාරකාවන් වේ.
මේ සුපිරි තාරකාවන් සිහින සහ බලාපොරොත්තු තුළ ජීවත් වන්නේ ඒවා ඉටුනොවුණු තැන නැවැත අලුත් බලාපොරොත්තුවකට ඉඩ සලසමිනි.
බලාපොරොත්තුව ගොඩනඟන ඔවුන්ගේ සිහින මාලිගය තැනෙන්නේ ජ්‍යොතිෂයද මුල්කොටගෙනය.
එය මෙලෙස පැහැදිලි කරන්නට පුළුවනිය.
ෂාරුක් ඛාන් අලුත් චිත්‍රපටයකට ගිවිසුමක් අත්සන් කරන කල නිෂ්පාදක සහ අධ්‍යක්‍ෂවරයාගෙන් ‘පොරොන්දුවක්’ ගැනීමට අමතක නොකරයි. පොරොන්දුවෙහි සඳහන් වන්නේ චිත්‍රපටය දීපවාලි උත්සවයට හා හා පුරා කියා තිරගත කිරීමටය. ඔවුන් බැරි වෙලාවත් හෝ එයට අකැමැති වුවහොත් චිත්‍රපටය අතහැර දැමීමට තරම් ෂාරුක් තම බලාපොරොත්තුව ‘ජ්‍යොතිෂය’ සමඟ පටලවා ගෙන ඇත.
අමීර් ඛාන්ටද එවැනිම මේනියාවක් වේ. අමීර් චිත්‍රපටයක් රිලීස් කිරීමට කැමැති වන්නේ සුන්දර නත්තල් උත්සවය සමඟය. නිෂ්පාදකවරුන්ට ‘තගක්’ දැමීමට තරම් ෂාරුක් වාගේ ආඩම්බරකාරයකු නොවන ආමීර් කෙසේ හෝ සුහදව නත්තල ආසන්නව තම චිත්‍රපටය මුදාහැරීමට ඔවුන්ව කැමැති කරවාගනියි.
අක්‍ෂය කුමාර්ද බොහෝ විට තම චිත්‍රපටයක් දීපවාලි උත්සවය ආශ්‍රිතව හෝ ‘දසෙරා’ උත්සවය ආශ්‍රිතව රිලීස් වෙනවාට කැමැතිය.
සල්මන් ඛාන්, තම චිත්‍රපට ‘රාමසාන් වසන්තය’ සමඟ එළි දැක්වීමට පෙරුම්පුරන ජ්‍යොතිෂ මේනියාකාරයෙකි. සිනාසී විහිළුවක් කරමින් හෙතෙම තම කැමැත්තට නිෂ්පාදකයන් කැමැති කරවා ගැනීමට සමතකු වේ.
ඉතින්, ඉහත සඳහන් ජ්‍යොතිෂය විiාව ඔවුනට සෙතක් සැලසුවාද?
සත්තකින්ම එය එසේ සිදුවිය.
නිදසුන් කිහිපයක් දක්වන්නේ නම්,
ෂාරුක් ඛාන්ගේ දිල් වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ සහ කුච් කුච් හෝතා හේයි.
අමීර් ඛාන්ගේ තාරේ සමීන් පර් සහ ගජිනි.
සල්මන් ඛාන්ගේ දවාන්ග් සහ ඒක්තා ටයිගර්.
අක්ෂය කුමාර්ගේ මේ කිලාඩි තූ අනාරි සහ ගබ්බර් ය.
පසුගිය වසරවල ඛාන්ලා එක පිට එක ඇද වැටුණේ ඉහත කී උත්සව අනුසාරයෙන් චිත්‍රපට රිලීස් නොකළ නිසා දැයි කිසිවකු මෙතැන දී අසන්නට බැරිය.
එයටද පිළිතුරක් වෙයි..,
ඇත්තෙන්ම සල්මන් සහ ෂාරුක් යන ‘ඛාන්’ දෙපළ 2018 සහ 2019 යන වසරවල හතරගාතේ දමා බිම ඇදවැටිණි. නන්නත්තාරව ගියහ.
එහෙත්…
මේ කදිම සුපිරි තරු කෙසේවත් සැලුණේ නැත. සිහින සහ බලාපොරොත්තු බිඳී ගිය තැන ඔවුන් අලුත් සිහින සහ බලාපොරොත්තු නැවැත ගොඩනඟාගන්නා පිරිසක් බව අප කීවේ ඒකය.
ඒ පිළිබඳව වැඩි දුර ගවේෂණය කිරීමට අවැසි නැත.
අප ආසන්නයේ තවමත් දෑත් අයා සිටින කෝවිඞ් උවදුර එයට හොඳම නිදසුනකි. ෂාරුක්, සල්මන්, අක්ෂේ සහ අමීර් තම අලුත්ම චිත්‍රපටවලට කෝවිඞ් උවදුර නිසා සිදුවූ අගතිය ගැන දැඩි කම්පාවට පත්ව සිටින බව පසුගිය දිනෙක සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ සඳහන්ව තිබිණි.
එයට ආසන්නම වශයෙන් මැයි 19 වැනි දින පළවූ අලුත්ම ප්‍රවෘත්තියෙහි සඳහන් වූයේ මෙතෙක් දීපවාලි, රාමසාන් සහ දසෙරා යන උත්සවයන් තම වාසනාවන්ත ඉලක්කයන් කොටගත් සුපිරි තරු රෑන දැන් මීළඟ‘ නත්තල උත්සවය තම චිත්‍රපට එළිදැක්වීමේ වාසනාවක් වූ සංකේතය ලෙස ගැනීමට සූදානම් වන බවය.
ඒ ඔවුන්ගේ අලුත්ම ජ්‍යොතිෂය මතයද?
ඒ ගැන කියන්නට දන්නේ නැත. කිසිවකු එවැනි සඳහනක් කොතැනකවත් පළකොට නැත. සමහර විට එහි වන්නේ ‘කැත්තෙන් බැරි නම් පොරවෙන්’ යන තියරිය වන්නට ඇත.
වෙළෙඳ විශ්ලේෂක තාරන් ආදර්ශ් සහ ප්‍රදර්ශක බෙදාහැරීමේ කළමනාකරුවකු වූ ‘අක්ෂේ රතී’ පවසා සිටින්නේ 2020ට චිත්‍රපට ශාලා වෙත නිර්මාණයන් නිදහස්කර හැරීමේ ළඟම ඇති සුදුසුම අවධිය ලෙස දැනට නත්තල් සමය පමණක් ඉතිරිව ඇති බවය.
සාමාන්‍ය මිනිසුන් ලෙස සුපිරි තරු වෙතින් අපට මෙතැනදී උගත හැකි එක් පාඩමක් වෙයි.
ඒ,
සිහින දකිනවාට හෝ ඉරණම කිසිවකුට බාර දෙනවාට වඩා වැල යන අතට මැස්ස ගසා පල නෙළා ගැනීම වඩා යෝග්‍ය බවය. හිතට සුවදායක බවය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජන්ද පත්‍රිකා මුද්‍රණයට හූල් විරුද්ධ වෙයි: කොමිසම තවත් අර්බූදයක

Next Post

ලෝකෙම චීනෙට එරෙහි වෙයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.