• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රටම ‌හොල්ලපු කනේ පාර

January 5, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
රටම ‌හොල්ලපු කනේ පාර
Share on WhatsAppShare on Facebook

“උඹ මගෙන් බණ අහන්න ආවද?”
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය නිරන්තරයෙන් පරිහරණය කරන්නකුට නම් මේ වදන් පෙළ මේ දිනවල හොඳින් මතකයේ රැඳී ඇති බවට කිසිදු සැකයක් නැත. පසුගිය දින කිහිපයේදී ඔවුන් මේ වදන් පෙළ කිහිප වතාවක්ම අසන්නට ඇත. එමෙන්ම ඒ සමඟ ඇති දර්ශනයද කිහිප වතාවක්ම නරඹන්නට ඇත. ඒ පිළිබඳව වූ තම මතයද අන්තර්ජාලය හරහා මුදා හරින්නට ඇත. අන්තර්ජාලය හරහා ඉතා ශීඝ්‍රයෙන් පැතිරී ගිය එම වීඩියෝවේ දක්නට ලැබුණේ ආවේගශීලීව ඉහත වදන් පෙළ පිට කරමින් ස්වාමීන් වහන්සේ නමක් පුද්ගලයකුගේ කම්මුලට දැඩි පහරක් එල්ල කරන ආකාරය විය. ලංකාවේ බෞද්ධ භික්ෂුවක් ඒ ආකාරයෙන් ක්‍රියා කිරීම විරල සිදුවීමක් වීම නිසාම එම දර්ශනය පිළිබඳ දැඩි කතාබහක් සමාජය තුළ නිර්මාණය විය.
ඉන් දින කිහිපයකට පසු නැවතත් අන්තර්ජාලය හරහා සංසරණය වූ වීඩියෝවක දක්නට ලැබුණේ ක්‍රිස්තියානි පූජකවරයකු සහ තවත් පිරිසක් සමඟින් ඉහත හිමි නම යම් ගැටුමකට මැදිහත් වී ඇති ආකාරයය. එහිදී එම හිමියන් පවසන්නේ ඉහත පූජකවරයා ක්‍රිස්තියානි පූජකවරයකු නොවන බවය. එබැවින් නීති විරෝධීව සිදු කරන මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් එම පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස පොලිසියට බල කරන ආකාරයද දෙවැනි වීඩියෝව දක්නට ලැබුණු දර්ශන අතර විය. මේ වීඩියෝ දර්ශන දෙකේදීම ගැටලුවට මැදිවී ආවේගශීලීව ක්‍රියා කරන්නේ මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන්ය. පසුගිය කාලය පුරා විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් රට තුළ ආන්දෝලනයට ලක් වූ උන්වහන්සේට අන්තර්ජාලය තුළද දැඩි ජනප්‍රියත්වයක් හිමි වී ඇත. කොළඹින් බොහෝ දුර බැහැර එකදු සිංහල බෞද්ධයකු ජීවත් නොවන මඩකළපු නගරයේ ජීවත් වන උන්වහන්සේ තම මතය සමාජ ගත කිරීම සඳහා නිරන්තරයෙන්ම යොදා ගන්නේද අන්තර්ජාලයය.
පසුගියදා ප්‍රසිද්ධියට පත්වූ මෙම වීඩියෝ සම්බන්ධයෙන්ද අම්පිටියේ සුමනරතන හිමියන් සමාජ මාධ්‍ය ඔස්සේ තම අදහස් පළ කර තිබූ නමුදු අප උන්වහන්සේ අමතා තොරතුරු දැන ගැනීමට අදහස් කළේ ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වූ නිසාවෙනි. සිදුවූයේ කුමක්ද යන්න උන්වහන්සේ පැහැදිලි කළේ මෙලෙසිනි.
“සිද්ධි දෙකකට අදාළ දර්ශන තමයි ඔය ආකාරයෙන් අන්තර්ජාලය හරහා ප්‍රකාශ වුණේ. අම්පාර දිස්ත්‍රික්කයේ මංගලගම ප්‍රදේශයේදී තමයි ඔය සිද්ධි දෙක වුණේ. පළමුවැනි සිද්ධිය වුණේ දෙසැම්බර් 18 වැනිදා. ස්විට්සර්ලන්තයේ සිට පැමිණි පුද්ගලයෙක් දුප්පත් ජනතාවට සල්ලි බෙදමින් කොහෙවත් නැති ආගමකට හරවගන්න හදනවා. මේක මේ අදක ඊයෙක වුණු දෙයක් නෙවෙයි. දැනට අවුරුදු 7, 8ක ඉඳන් වෙන දෙයක්. මේක වැරැදි වැඩක් මේ වැඬේ නවත්වන්න කියන්න තමයි අපි එතැනට ගියේ. මැරුණට පස්සේ අපේ ආගමේ විදියට මොකද වෙන්නේ කියලා එහෙම ගියාම ඒ මනුස්සයා මගෙන් අහනවා. ස්විට්සර්ලන්තයේ හිටියට ඒ මනුස්සයා ලංකාවේ ඉපදුණු ද්‍රවිඩ ජාතිකයෙක් කියලයි මම හිතන්නේ. ඔය මුලින් කියන සිද්ධිය ඇතිවුණේ අන්න ඒ වෙලාවේ. ඒ සිද්ධිය ගැන අපි එදාම මංගලගම පොලිසියට පැමිණිලි කළා.” ඉන් දින කිහිපයකට පසු සිදුවූ දෙවැනි වීඩියෝවට අදාළ සිදුවීම උන්වහන්සේ විස්තර කළේ මේ ආකාරයෙනි. “දෙවැනි සිද්ධිය වුණේ නත්තල් දවසේ. ඒ අම්පාර උහන මායාදුන්න කියන ප්‍රදේශයේදී. ඒ ගමේ පන්සලක් සහ මෙහෙණි ආරාමයක් තියෙනවා. නමුත් ගමේ සිංහල කෙනෙක් බයිබල් ආගම කියන නිකායට සම්බන්ධ වෙලා පල්ලියක් කියලා තැනක් වෙන්කර ගෙන ඉන්නවා. ඒත් ඒ ගමේ එහෙම පල්ලියක් නැති බවට මීට කලින් අධිකරණය විසින් තීන්දුවක් ලබා දීල තියෙනවා. නමුත් ඒ පුද්ගලයා දිගින් දිගටම මේ වැඬේ කරනවා. නත්තල් දවසෙත් ගෙයින් ගෙට යමින් මේ අය තමන්ගේ හිතුමනාපයට ආගම් ප්‍රචාරය කරද්දි තමයි අපි එතැනට ගියේ. නීතිය නොතකමින් හෙල්මට් එකක්වත් නැතුව තමයි ඒ පුද්ගලයා ඒ වෙලාවේ බයිසිකල් එක පැද්දේ. අපි ඒ ගැනත් උහන පොලිසියට පැමිණිලි කළා. දැන් ඒ පිළිබඳව අධිකරණයේ නඩුවක් පවරලා තියෙනවා. ඒ නඩුව ජනවාරි 7 වැනිදා විභාගයට ගන්න නියමිතයි. එදාට මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා.”
මේ පිළිබඳව කිසිදු බලධාරියකු මේ වනතුරු තමන්ගෙන් විමසීමක් සිදු කළ නොමැති බව පවසන අම්පිටියේ සුමනරතන හිමියන් නැඟෙනහිර පළාත තුළ සිදු වන අන්‍යාගමීකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද මෙලෙස අදහස් දැක්වීය. “මේක බොහොම බරපතළ තත්ත්වයක්. නැඟෙනහිර පළාතේ හැම තැනකම මේ වැඬේ සිද්ධ වෙනවා. මහඔය ඉඳන් ඉඟිනියාගල දක්වා ප්‍රදේශයේ මේ තත්ත්වය ඉතාම දරුණුයි. හැම ගමකම ඉතාම දිළිඳු මට්ටමේ පවුල් හතරක් පහක් මේ වෙද්දී ඔය කියන ආගම්වලට හරවාගෙන. මේ ගොල්ලෝ ක්‍රිස්තියානි ආගමේ නෙවෙයි. ප්‍රෙන්තකොස්තෝ, බයිබල් වගේ විවිධ නිකායන්වලට මේ අය බෙදිලයි ඉන්නේ. මේ ගොල්ලෝ දෙවියන් වහන්සේ පිළිගන්න කොටසක්. දිළිඳුකම නැති කරනවා, යක්ෂයන්ගෙන් මුදවාගන්නවා, මැරුණට පස්සේ ස්වර්ගයට යවනවා වගේ දේවල් තමයි මේ ගොල්ලෝ කියන්නේ. මේ අයට රාජ්‍ය නොවන සංවිධාන හරහා විශාල වශයෙන් මුදල් ලැබෙනවා. ඒ මුදල් භාවිත කරමින් තමයි මේ අය දිළිඳු ජනතාව තමන් වෙත හරවා ගන්නේ. අපි මේ වැඬේට දිගින් දිගටම විරුද්ධ වෙලා තියෙනවා. මේක පිටිපස්සේ වෙන්නේ මොකක්ද කියලා වගකිව යුත්තෝ හොයන්න ඕනේ. මොකද මේ හරහා නැවත ත්‍රස්තවාදය හිස එසවීමේ වැඩපිළිවෙළක් වුණත් සිද්ධ වෙන්න පුළුවන්.” උන්වහන්සේ අදහස් දැක්වූයේ එලෙසිනි.
අම්පිටියේ සුමනරතන හිමියන් පැවසූ ආකාරයටම අදාළ පූජකවරයා ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ නොවූවකු බව ඉන් දින කිහිපයකට පස මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් කතෝලික සභාව විසින්ද තහවුරු කර තිබිණි. අදරදගුරු මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනය මඟින් අනාවරණය කෙරෙන්නේ ලෝගුවක් පැලඳගෙන සිටින එම පුද්ගලයා කිසිසේත්ම ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ නොවන බවය. ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ කිසිවකු අන්‍ය ආගමිකයන් තම ආගමට බලෙන් හරවා ගැනීම සිදු නොකරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
කෙසේ වෙතත් මේ පිළිබඳව අප උහන පොලිස් ස්ථානයෙන් කරන ලද විමසීමකදී එහි නිලධාරියකු සඳහන් කළේ හිස් ආවරණ නොමැතිව මෝටර් සයිකලයක් ධාවනය කිරීම සහ යතුරු පැදියේ ආදායම් බලපත්‍රය කල් ඉකුත් වී තිබීමේ වරද මත එම පූජකවරයාට රුපියල් 2200ක් දඩයක් නියම කළ බවය. ඊට අමතරව නීත්‍යානුකූලව වෙනත් වරදක් එම පුද්ගලයා කර නොමැති බවද එම නිලධාරියා සඳහන් කළේය. එමෙන්ම ස්වාමීන් වහන්සේගේ කම්මුල් පහරට ලක් වූවේ යැයි කියන පුද්ගලයා ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් සිදු කර නොමැති බවත්, ඔහු පොලිසියට ගෙන්වා ප්‍රශ්න කළ අවස්ථාවේදී එය එතරම් බරපතළ කාරණයක් නොවන බව ප්‍රකාශ කළ බවත් එබැවින් ස්වාමීන් වහන්සේට එරෙහිව පියවර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
තමන් කැමැති ආගමක් ඇදහීමේ නිදහස ඕනෑම පුරවැසියකු සතුය. කිසිවකු තම කැමැත්තෙන් තමන් අදහන ආගම අත්හැර වෙනත් ආගමක් සඳහා යොමුවේ නම් ඒ සඳහා අයිතියටද කිසිවකුට අභියෝග කළ නොහැක. නමුත් ඒ හරහා ක්‍රියාත්මක වන්නේ වෙනත් යටි අරමුණක් ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් නම් ඒ පිළිබඳ සොයා බැලීම බලධාරීන්ගේ යුතුකම බව අපේ අදහසය.
මේ අතර අවිහිංසාවාදය මූලික කරගත් ආගමක් වූ බුදු දහමේ අනුශාසකවරයකු මේ ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳ දැඩි විරෝධයක් බෞද්ධ සමාජය තුළින්ද ගොඩ නැඟෙමින් ඇත. ඔවුන් පවසන්නේ මේ සිදුවීම පසුගිය කාලය පුරා බෞද්ධ ආගම හරහා මෙරට තුළ ව්‍යාප්ත වූ අන්‍යාගමික විරෝධයේ දිගුවක් බවය. එමෙන්ම බුදුදහම, ක්‍රිස්තියානි ආගම සහ හින්දු ආගම ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ආගම් සියල්ල විදේශයන්ගෙන් ලැබුණු ඒවා බැවින් අන්‍යාගමිකයන්ටද ඒ නිදහස ඒ ආකාරයෙන්ම ලබා දිය යුතු බව පවසන බොහෝ දෙනකුද ඇත. ඔවුන් පවසන්නේ මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට පැමිණ ධර්මය ප්‍රචාරය කළ අවස්ථාවේ කිසිවකු මේ ආකාරයෙන් විරුද්ධ වූයේ නම් අප රට බෞද්ධ රටක් බවට පත් නොවීමට පවා ඉඩකඩ තිබුණු බවය. ඒ කොයි හැටි වෙතත් බෞද්ධ හිමි නමක් ලෙස නැඟෙනහිර පළාත තුළ අම්පිටියේ සුමනරතන හිමියන් සිදු කර ඇති ශාසනික සේවය සුළුපටු නොවන බවද පැවසිය යුතුමය. එමෙන්ම එම පළාත්වල ජනතාව මුහුණ දෙන ගැටලු බොහොමයකදී ක්‍රියාකාරීව මැදිහත් වන හිමිනමක් ලෙස උන්වහන්සේ පිළිබඳ දැඩි ගෞරවයක් එම පළාත්හි වෙසෙන ජනතාව තුළ ඇත.
වසර 2500කට වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ නිර්මල බුදුදහම ආරක්ෂා කර ගැනීම සඳහා දිවි හිමියෙන් කටයුතු කර ඇත්තේ ස්වාමීන් වහන්සේලාය. වාරියපොළ සුමංගල හිමියන් වැනි ස්වාමීන් වහන්සේලා අන්‍යාගමීකරණය සහ විජාතික බලවේගයන්ට එරෙහිව සටන් කළ ආකාරය ඉතිහාසයේ සඳහන්ව ඇත. නැඟෙනහිර පළාත තුළ බුදුදහම සහ සිංහල ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැපවෙන අම්පිටියේ සුමනරතන හිමියන්ද එවැනි ශ්‍රේෂ්ඨ බුදපුත්‍රයකු බවට විශ්වාසයක් බොහෝ දෙනකු තුළ ඇත.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ස්විස් බුද්ධි අංශ ‌කොළඹට ඇතුලු ‌වෙයි

Next Post

ගෝඨා පැනපු හාල් කඩේ දැන් ‌මොකද ‌වෙන්නේ…

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.