• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රටම ගිනිගත්ත MCC ගිවිසුමේ ඇත්ත ‌මොකක්ද?

November 12, 2019
in News, Politics
Reading Time: 1 min read
A A
MCC නවතී
Share on WhatsAppShare on Facebook

මෙරට තුළ නිරන්තරයෙන් කතා බහට ලක් වන වෘත්තීය සමිති අතරින් එකක් ලෙස වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැඳින්විය හැකිය. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන ආකාරය සහ ඔවුන්ගේ තීන්දු තීරණ සම්බන්ධයෙන් රටේ ජනතාව නිරතුරු අවධානයෙන් සිටීමද සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. ඒ සඳහා හේතු වී ඇත්තේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කරන වෘත්තීය ක්‍රියා මාර්ග රටේ සාමාන්‍ය ජනතාවට සෘජු බලපෑමක් එල්ල කිරීමය. රටේ ජනතාවට කුමන ආකාරයේ බලපෑමක් එල්ල කළද, පසුගිය වසර කිහිපය තුළ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කළ වැඩ වර්ජන ප්‍රමාණයද සුළු පටු නොවීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු තම වෘත්තියට අදාළ අයිතීන් දිනා ගැනීම සඳහා පමණක් නොව රටේ පොදු ජනතාවට සංවේදී සියලු කාරණා වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිතියක් බව ජනතාවගේ මතයය. පසුගිය වසර කිහිපය තුළ රජය ගත් සියලුම තීරණවලදී ඒ පිළිබඳ තම මතය සමාජ ගත කිරීමට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කිරීම මත එය සනාථ වී ඇත. බොහෝ විට ඒ හැම අවස්ථාවකදීම සිදුවූයේ රජය ගත් තීරණයන්ට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධයක් දැක්වීමය. ඇමෙරිකානු රජයේ අනුබද්ධ සමාගමක් වන සහස්‍ර අභියෝගතා ආයතනය මඟින් ඩොලර් මිලියන 480ක මුදල් ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වීම සම්බන්ධයෙන්ද දැඩි විරෝධයක් පළ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය සතියේ කටයුතු කළේය. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කර සිටියේ එම ගිවිසුම අස්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව දෙකඩ වන බවය. එය හුවා දැක්වීම සඳහා සකස් කළ සිතියමක්ද එහිදී පාදෙණිය මහතා ප්‍රදර්ශනය කළේය. “හරහට කඩුවෙන් කෙටුවා වාගේ දෙයක් නෙවෙයිද මේකෙන් පේන්නේ. අක්කර දොළොස් ලක්ෂයක් මේ විදියට පවරල දීල මේක දෙපැත්තෙන් වැටක් ගහපුවම අපේ රට කොටස් තුනකට කැඩෙනවා. යම් කෙනකුට කොළඹ ඉඳන් අනුරාධපුරයට යන්න ඕන වුණොත් වීසා ගන්න ඕන තත්ත්වයක් මේකෙන් ඇති වෙනවා. අපේ භූමියට මේකෙන් මොකක්ද වෙන්නේ. කැබිනට් මණ්ඩලයක පත්වීම තියෙන සාමාජිකයකුට මේ වගේ ගිවිසුමකට අත් උස්සන්න පුළුවන් නම් දේශද්‍රෝහියා කියන වචනය නිර්වචනය කරන්න තවත් සාධක ඕනෙද කියන එක අපි තීරණය කරන්න ඕනේ.” පාදෙණිය මහතා අදහස් දැක්වූයේ එසේය. ඉන් නොනැවැතුණු පාදෙණිය මහතා එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම වළක්වන ලෙස ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමටද කටයුතු කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා පසුගිය සතිය තුළ කතාබහට ලක් වූයේ මේ කරුණ හේතුවෙන් පමණක් නොවීය. එයට හේතු වූ අනෙක් කරුණ වූයේ පාදෙණිය මහතාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නියෝග කිරීමත්ය. ඒ සඳහා හේතු වී තිබුණේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වීමය. දේශපාලන ක්‍රියාකාරකම් සඳහා දායක වීමට රජයේ නිලධාරීන්ට නීතිමය වාරණයක් පනවා තිබියදී, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ උළෙලේ ඉදිරි අසුනක පාදෙණිය මහතා වාඩිවී සිටින ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. එමෙන්ම ඒ මහතා එයට සහභාගි වී සිටින අයුරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුවේද ප්‍රචාරය විය.
පරීක්ෂණයක් සිදුකරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියෝග කර තිබියදීත් ඉන් දින කිහිපයකට පසු මහනුවරදී පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාව සඳහාද පාදෙණිය මහතා සහභාගි වී සිටීම විශේෂත්වයක් විය. නමුත් ඒ අවස්ථාවේදී ඒ මහතාට ඉදිරි අසුනක් හිමි වී නොතිබීමද කැපී පෙනෙන කරුණක් විය. නමුත් එම දර්ශනය දුටු ඇතැමුන්ගේ අදහස වූයේ එය පෙර වැරැදි වසා ගැනීම සඳහා පාදෙණිය මහතා සිදුකළ ක්‍රියාවක් බවය. තමන් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයකුට සහාය නොදක්වන බව රටට ඒත්තු ගැන්වීම ඒ මහතාගේ අරමුණ වූ බව වැඩි දෙනකුගේ අදහස විය. ඒ මතයේ කිසියම් සත්‍යතාවක් ඇතැයි පෙනී යන්නේ පාදෙණිය මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය වසර කිහිපය තුළ ක්‍රියා කළ ආකාරය විමසා බැලීමේදීය.
කලින් සඳහන් කළ පරිදිම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය වසර කිහිපය තුළ රජය ගත් තීන්දු සියල්ලටම පාහේ විරෝධය දැක්වීය. ඒ අතරින් අපේ මතකය පළමුව දිව යන්නේ ඉන්දීය රජය මඟින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භයේදී ඔවුන් කටයුතු කළ ආකාරය කෙරෙහිය. ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නොමිලේ ගිලන් රථ සේවාවක් ලබා දීමට ඉන්දීය රජය කටයුතු කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ තීරණයක් මතය. යහපාලන රජය පත් වූ පළමු වසරේදී සිදු වූ එම වැඩපිළිවෙළට එරෙහිව දැඩි විරෝධයක් ඇති විය. රට තුළ එම විරෝධය ඇති කිරීම සඳහා විපක්ෂයේ දේශපාලනඥයන්ට අමතරව වැඩිම මැදිහත් වීම සිදු කරනු ලැබූවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්ය. ඉන්දීය රජය මඟින් පරිත්‍යාග කරන ලද 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයට එරෙහිව අදහස් දක්වමින් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නලින්ද හේරත් මහතා ප්‍රකාශ කළේ එය ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් ඇති කරන බවය. ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සහ පෞද්ගලික අංශයේ ගිලන් රථ සේවාවන් ඇති තරම් තිබියදී ඉන්දීය ගිලන් රථ මෙරටට ගෙන ඒම කිසිසේත් අවශ්‍ය නොවන බව ඒ මහතාගේ මතය විය. ඒ සඳහා රියැදුරන් සහ සේවකයන්ද ඉන්දියාවෙන් ගෙන එන බවද පැවසූ හේරත් මහතා එය එට්කා ගිවිසුමට ඇතුළත් නොවන සෞඛ්‍ය සේවය සඳහා ඉන්දියානුවන් ඇතුළු කර ගැනීමට ඉන්දීය රජය යෙදූ උපක්‍රමයක් බවද වැඩිදුරටත් පැවසීය.
සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ඉන්දීය රියැදුරන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සූදානම් වන ආකාරය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතාද විස්තර කළේය. පාදෙණිය මහතා එලෙස අදහස් දැක්වූයේ සුවසැරියට රියැදුරන් බඳවා ගැනීමට පළ කළ පුවත් පත් දැන්වීමක් පෙන්වමින්ය. “දැන් මේ ඇම්බියුලන්ස් සේවාවට රියැදුරන් බඳවා ගන්න දැන්වීම පළ කරලා තියෙන්නේ 9 වැනිදා. ඒකේ තියෙන්නේ 10 වැනිදා බඳවා ගන්නවා කියලා. පැය 24ක් හෝ ඊටත් අඩු කාලයක් තමයි දීල තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා සුදුසුකම්. එතැන ලංකාවේ කොඩියත් තියෙනවා. ඉන්දියාවේ කොඩියත් තියෙනවා. හැබැයි මේක ලංකාවේ පත්තරේ යන්නේ. ලංකාවේ කොඩිය වැහුව නම් වඩා හොඳයි කියලා මට හිතෙනවා. මොකද ඒ බඳවා ගැනීම් සියල්ලම ඉන්දියාවට අයිතියි කියලා මේකෙ තියෙනවා. ඉන්දියාවෙත් රජයට නෙවෙයි. ඉන්දියාවේ රාජ්‍ය නොවන ආයතනයකට තමයි ඒ බලය තියෙන්නේ. ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුබද්ධ ආයතනයක්. මෙහෙම වැඩ වෙනවද කියන එකයි ප්‍රශ්නේ. දැන් මේ ගිලන්රථ නියමුවන් බඳවා ගන්නේ රුපියල් 25,000 පඩියකට. පැය 12ක සේවා මුරයකට. ඔය කට්ටිය මට කියන්නේ පැය 12ක ශිෆ්ට් එක්ක කරන්න රුපියල් 25,000 පඩියකට සාමාන්‍ය රියැදුරෙක් ඒවිද? ඒකෙන් කියන්නේ මොකක්ද? අපි දැන්වීමක් පළ කළා. ඒකට කවුරුත් ආවේ නැහැ කියලා ළඟදීම මාධ්‍ය මඟින් කියයි. එතකොට මොකක්ද විකල්පය. මේකට ලංකාවේ අයම බඳවා ගන්නවා කියලා මේ කැබිනට් පත්‍රිකාවේ කොහෙවත් නැහැ. 25,000 නෙවෙයි. 1,000ක් දුන්නත් ඉන්දියාවේ අය මෙහෙ එනවා. එතකොට ඇම්බියුලන්ස් එවන්නේ කවුද? ඉන්දියාවේ අය. සියලුම දේවල් කළමනාකරණය කරන්නේ කවුද? ඒ සියලු දෙනාට වරප්‍රසාද සහිත රැකියා ලබා දෙන්න කියලා කැබිනට් පත්‍රිකාවේ තියෙනවා.” ඒ පාදෙණිය මහතාගේ අදහස්ය.
පළමුව බස්නාහිර පළාත තුළ පමණක් ක්‍රියාත්මක වූ 1990 හදිසි ගිලන් රථ සේවය මේ වන විට දිවයින පුරාම ක්‍රියාත්මකව ඇත. එම සේවාවෙන් ජීවිතය බේරා ගත් රෝගීන් දහස් ගණනක් රට තුළින් සොයා ගත හැකි නමුදු එම ගිලන් රථ සේවාව විවේචනය කරන කිසිවකු වර්තමානයේදී සොයා ගැනීම අසීරු කරුණක් වී ඇත. ඒ සියලු දෙනාම අද පවසන්නේ පක්ෂ භේදයකින් තොරව සුවසැරිය ගිලන් රථ සේවාව ඉතා විශිෂ්ට සේවයක් සිදු කළ බවය. එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළ කිසිදු අහිතකර ප්‍රතිඵලයක් ඒ හේතුවෙන් රටට ඇති නොවීය. ඉන්දීය රියැදුරන් සුවසැරිය ගිලන් රථ සේවයට එක් වූයේද නැත. සුවසැරියට ගොඩ වී එකදු රෝගියකුවත් මිය ගියේද නැත. ඒ හරහා රටේ ස්වෛරීත්වය ඉන්දියාවට පාවා දීමක් සිදු වූයේද නැත.
ඉන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි අරගලයක් ගෙන ගියේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය වසා දැමීම වෙනුවෙන්ය. අසරණ රෝගීන් බිල්ලට දෙමින් සයිටම් වසා දැමීම සඳහා දීප ව්‍යාප්ත වැඩ වර්ජන කිහිපයක්ම දියත් කිරීමට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කළේය. ඉන්පසු එම සංගමය රජයට එරෙහිව තවත් අරගලයක් දියත් කළේ රටපුරා බාල ඖෂධ ඇති බව පවසමිනි. නමුත් එයද හුදෙක් තවත් එක් ප්‍රචාරයක් පමණක් බවට පත් වූයේ ඒ සම්බන්ධ කිසිවක් ඔප්පු කර පෙන්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අසමත් වීම නිසාය. මේ ආකාරයට ආණ්ඩුව රටට වාසිදායක ගිවිසුම් ඇති කිරීමට ගිය හැම අවස්ථාවකදීම ඒ පිළිබඳව මහා බිල්ලකු මවමින් රට ඇතුළේ දැවැන්ත විරෝධයක් මතු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය සමයේදී කටයුතු කළේය.
මේ ආකාරයෙන් බැලීමේදී පෙනී යන්නේ පසුගිය වසර කිහිපය තුළම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එකම අරමුණ වී ඇත්තේ රජය අපහසුතාවට පත් කිරීම පමණක් බවය. පොදු ජනතාවට ඒ බව වඩාත් තහවුරු වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවේ ඉදිරි අසුනක පාදෙණිය මහතා අසුන් ගෙන සිටින ආකාරය දුටු මොහොතේය. පසුගිය වසර කිහිපය පුරාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළේ දේශපාලන කුමන්ත්‍රණයක් දැයි ජනතාව ප්‍රශ්න කරන්නේ ඒ නිසාය. එම්. සී. සී. ගිවිසුම පිළිබඳ අසා තිබුණද, එහි අන්තර්ගතය සහ එයින් රටට සිදුවන්නේ කුමක්දැයි හරි වැටහීමක් මේ වනතුරුම රටේ ජනතාවට නැත. එබැවින් එම්. සී. සී. ගිවිසුමට පාදෙණිය ඇතුළු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධ වන හේතුව හරියට තේරුම් ගැනීමටද තවම කාලය එළැඹ නොමැති බව අපේ අදහසය.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ගෝඨාට දිනන්න සුළු ජාතික ජන්ද වැටෙන්නේ ‌මෙහෙමයි

Next Post

වැස්ස වළාහක ‌දෙයියොත් ජන්දයට එයිද?

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

ප්‍රංශයේ පැරිස් නුවර පොලිසිය මගින් හිටපු LTTE සාමාජික කුට්ටි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.Sri Lanka Latest News මැයි 30 වැනිදා...

Read more
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.