• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

වැස්ස වළාහක ‌දෙයියොත් ජන්දයට එයිද?

November 12, 2019
in News, Politics
Reading Time: 1 min read
A A
වැස්ස වළාහක ‌දෙයියොත් ජන්දයට එයිද?
Share on WhatsAppShare on Facebook

මේ ඡන්දෙ වෙනුවෙන් හැම දේම ලෑස්ති වෙලා තියෙන්නෙ. මහින්ද දේශප්‍රිය මහත්තයා පටි තද කරලා ඉවරයි. ඡන්ද පොළවල් ලෑස්තියි. ඡන්ද පෙට්ටි එහෙමත් හරි. ඡන්ද පොළ රාජකාරි ඡන්ද ගණින තැන රාජකාරි ඒවත් සූදානම්. ඡන්ද කාඞ් මුද්‍රණය මම හිතන විදියට ඉවරයි. හැබැයි ඒ අතර නොවැම්බර් මාසෙ උදා වෙන්නෙම වෙනදට වඩා වෙනස් විදියකට. අපේ ගමේ ගොඬේ කතාවක් තියෙනවා.
“ඉල්මහ වැස්සේ නාඩව් හැත්තේ”
කියලත්. ඒ කියන්නෙ මේ ඉල් මහට වහිනවය කියලා ඉස්සර ඉඳලම ගමේ රටේ අදහසක් තිබ්බා. ඒක ඒ හැටි මිනිසුන්ට ප්‍රශ්නයක් වුණෙත් නෑ. හැබැයි මෙදා පොටේ කතන්දරේ වෙනස්. ඒ කියන්නේ ඉල් මහේ වැස්සෙන් වෙන්න පුළුවන් පාඩුව බොහොම දරුණුයි.
“ඇයි ඒ?”
ඒකට හේතුව වැස්ස. ලංකාවටම මේ වැස්ස වහිනවා. මේ ලියන මොහොතේ නොවැස්සත් ඔක්තෝබර් මාසයෙ අග කොටසෙ දිගටම වැස්සා. ඒ වැස්ස මේ වෙනකොට වැඩියෙන්ම බලපෑවෙ නිල්වලා ගඟට. හැබැයි ඒත් එක්කම කැලණි ගඟත් පිටාර මට්ටම කිට්ටු කළා. කළු ගඟත් සෙල්ලමක් දාන්න ලෑස්තියි. මේ වෙනකොට ලංකාවෙ මධ්‍යම කඳුකරයට යම් තරමකට වැස්ස තුරල් වෙලා. හැබැයි පහු ගිය කාල වකවානුවෙ ඉතාම දරුණු විදියට වැස්සා. ඒ වැස්ස තමයි මේ විදියට ගංගාවලට එකතු වුණේ. සාමාන්‍යයෙන් මේ ගංගා නිම්නවල මේ වෙනකොට වතුර පිරිලා. ඒ වතුර ගේ දොර ගං බිංවලට එනවා. පාරවල් අවහිර වෙනවා. ඒක ජීවිතවලට බලපානවා. පහු ගිය දවස් කීපයෙම මේක මේ විදියට වුණා.
හම්බන්තොට, මාතර, ගාල්ල කියන ආසනවල ප්‍රධාන වශයෙන් වතුර පිරෙන තැන් තියෙනවා. අපි මේක හොයන්න යන දවසෙ මාතර සහ හම්බන්තොට පාසල්වලට නිවාඩු දීලා. ඒ ප්‍රධාන වශයෙන් නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා. මේ ගම්මානවල මාර්ග බොහොමයක් සම්පූර්ණයෙන්ම වැස්සට යටවෙලා. සමහර ඒවයෙ කිසිසේත්ම ගමනාගමනය කරන්නම බෑ. සමහර එකක යනවා, ඒත් අවදානම්.
“එතකොට….!”
එතකොට කියන ප්‍රශ්නය එනවා තමයි. මොකද වැස්ස විශ්වාස කරන්න බෑ. අනෙක මේ ගංවතුර තත්ත්වය ඇතිවෙන්න ගඟ එන අතරමඟ කොතැන වැස්ස මුණගැහුණත් ඇති. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයට වහින වැස්ස අදාළයි.
“වහීද?”
මෙන්න මේකයි පළමුවැනි ප්‍රශ්නය. වහීද කියන එක. ඒ ගැන අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇහුවා. එහෙම ඇහුවම ඒ අය කිව්වෙ මේ ගැන නිශ්චිත නිගමනවලට එන්න තවම කල් වැඩියි කියලා. ඒත් අපි ජාත්‍යන්තර මට්ටමේ කාලගුණ විපර්යාස අධ්‍යයන වාර්තාවල දැක්කෙ මාසයේ මැද කොටසට කිට්ටුවෙන කොට ආයෙමත් වහිනවා කියලා. නමුත් වහින නොවහින එක අතර සම්භාවිතාව පනහට පනහයි. ඒ කියන්නෙ වහින්නත් පුළුවන්. නොවහින්නත් පුළුවන්. වැඩි බරක් තියෙන්නෙ වහින පැත්තට.
මේ කොයි උපක්‍රමය තිබ්බත් වැස්සොත් වැඬේ අවුල් වෙනවා. එහෙමයි කියලා කල් දාන්න බෑ. උඩතලවින්න දස පුද්ගල ඝාතනයත් එක්ක වලපනේ ආසනේ ඡන්දෙ තියන්න බැරි වෙනවා. ඒ වෙලාවෙ මහනුවර මැතිවරණ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය ලබා දීම නතර කරනවා. එහෙම නතර කරලා පවත්වන්න බැරි වුණ ඡන්ද පොළවල ඡන්දය පවත්වලයි ප්‍රතිඵලය නිකුත් කරන්නෙ. නමුත් ජනාධිපතිවරණයක ප්‍රතිඵලය එහෙම කොටස් වශයෙන් නිකුත් කරන්න බෑ. ඒ වගේම පමා කරන්නත් බෑ.
“එතකොට…”
නොවැස්සොත් ප්‍රශ්නයක් නෑ. මේ ගැන කතා කරන්නත් උවමනාවක් නෑ. වැස්සොත් කියලා උපකල්පනය කරන්නෙ ඒ නිසා.
මේ ගැන ‘මව්රට’ කරපු විමසීමකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කිව්වෙ ඒ පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරලා තියෙනවාය කියලා. මේ විදියට අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වුණොත් ක්ෂණික ක්‍රියාත්මක වීමේ හැකියාව තමන්ට තියෙනවාය කියලත් ඒ මහතා සඳහන් කරලා තිබුණා. ඒ පිළිබඳ වාර්තාවක් ඉක්මනින්ම මැතිවරණ කොමසාරිස්තුමන්ට බාර දීමට සූදානම් කියලත් දැනගන්නට ලැබුණා.
මේ ගැන මැතිවරණ කොමිසමෙනුත් අපි ඇහුවා.
මැතිවරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරල් සමන් රත්නායක මහතා ඒ ගැන කිව්වෙ ඒ සඳහා පොලීසියෙ සහ ත්‍රිවිධ හමුදාවෙ සහාය ලබා ගන්නට සූදානම් කියලා. නමුත් මෙතෙක් කිසිම මැතිවරණයකට වැස්සෙන් බාධා වෙලා නෑ කියලත් ඒ මහතා සඳහන් කළා.
එයාලා එහෙම කියන කොට මෙයාලා මෙහෙම කියන්නෙ මොනවද කියලා බලන්න අපි සම්බන්ධ කරගත්තේ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහත්තයව. මේ විදියට සිදුවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදී ඊට මුහුණ දිය හැකි විශේෂ වැඩ පිළිවෙළක් නාවික හමුදාව දියත් කරලා තියෙනවා කියලා ඒ මහතා සඳහන් කළා. මේ වෙනකොට ඒ සඳහා පනස් තුන්දාහක කණ්ඩායමක් ලෑස්ති කරලා තියෙනවා.
ආපදා කළමනාකරණ කාර්යාලය හරි අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ප්‍රාදේශීය ලේකම්වරයෙක් හරි කරන දැනුම් දීමකදී වහාම ඒ ඒ ස්ථානවලට ළඟා වීමට හැකි වෙන පරිදි කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ ස්ථාන සම්බන්ධව සැලකිල්ලෙන් ඉන්නකොට මීට කලින් ආපදාවලට ලක්වුණ ස්ථාන ගැන විශේෂ අවධානයක් යොමුකරනවා. එතැනදීත් ආපදා කළමනාකරණයේ රතු නිවේදන සහිත ස්ථාන ගැන මේ අය හඳුනා ගෙන ඉන්න බවයි කියවෙන්නෙ. මෙතැනදී විශේෂයෙන්ම ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ගැනත් විශේෂ අවධානයක් යොමු කරන බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරලා තිබුණා. මොනවා නැතත් ඡන්ද පෙට්ටි ටික පරිස්සම් කරගන්න එපායැ නේද? ඒ වගේම වැස්සකට කොටු වුණොත් ඡන්ද පොළවල ආරක්ෂාව ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න වෙනවා. වැස්ස කොහොම කරදර කළත් ඡන්ද පොළ නියෝජිතයන් යොදන්න හැම පක්ෂයක්ම කටයුතු කරාවි කියලා අපි හිතනවා. නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට ඒක ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක්.
ඊළඟට වැස්සොත් යම් ප්‍රමාණයකින් මැතිවරණ කටයුතු අවහිර වෙන ආසන මොනවද කියන එකත් බලන්න වෙනවා. මැතිවරණ දිස්ත්‍රික්ක විදියට ගත්තොත් ඒ ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කළුතර වගේ දිස්ත්‍රික්ක. මේ හැම එකකම පෙර ප්‍රතිඵල අනුව ජය ගෙන තියෙන්නෙ එපාපය නෙමෙයි. ඒ නිසා වැස්සෙන් හානි වීමේ වැඩි ඉඩක් තියෙන්නෙ පොහොට්ටුවට කියලා බැලූ බැල්මට පේනවා. ප්‍රතිශතයක් විදිය මේ කාලගුණ විපර්යාස එක පිලකට දැවැන්ත ජයක් ගේන්න පුළුවන් වුණාට, ජනාධිපතිවරණයකදී වඩාත් අවශ්‍ය වෙන්නෙ ගොඩ වැඩි කරගැනීම. ඒ නිසා වැස්සොත් ප්‍රමාණාත්මකව ඡන්දෙට හානි වෙනවා. කොහොම නමුත් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, මොනවා වුණත් ඔබ ඔබේ ජීවිතාරක්ෂාවට මුල්තැනක් දීලා වැඩ කරන්න. ඡන්දෙ තියන්නත් රටක් ඕනෑ වගේම, රටකට වටින්නෙ මිනිසුන්ව.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රටම ගිනිගත්ත MCC ගිවිසුමේ ඇත්ත ‌මොකක්ද?

Next Post

මෛත්‍රීගේ ජනාධිපති ‌රෙකෝඩ් එකෙන් බිදක් ‌මෙන්න

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.