• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

යුරෝපා සංගමය හේත්තු කරන බිත්තියට චීනය යටවෙයිද?

October 14, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
යුරෝපා සංගමය හේත්තු කරන බිත්තියට චීනය යටවෙයිද?
Share on WhatsAppShare on Facebook

චීන ජනපති ෂී ජිංපිං පසුගිය සැප්තම්බර් දාහතර (14) වැනි දින පැවති චීන-යුරෝපියානු සමුළුවට සහභාගි වූවේය. සමුළුව පැවතියේ ද චීනය සහ ඇමරිකාව අතර සම්බන්ධතා බුරුල් වෙමින් පවත්නා අවස්ථාවක වීමද විශේෂය. හෙතෙම ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් යුරෝපීය සම්මේලනයේ සභාපති මයිකල් සහ යුරෝපියානු කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර් ලෙනින් සමග සාකච්ඡාවකටද සහභාගි වූවේය.
මේ සමුළුවේ න්‍යාය පත්‍රයට යුරෝපීය චීන සත් අවුරුදු ආයෝජන ගිවිසුම පිළිබඳවද කාලගුණික විපර්යාසය, ආර්ථික වෙළෙඳ ප්‍රශ්න හොංකොං සහ මානව අයිතීන් ගැනද, ආර්ථික ප්‍රවර්ධනය, කොවිඞ් වසංගතය මෙන්ම දක්‍ෂිණ චීන ප්‍රශ්නය යන කරුණුද ඇතුළත් කෙරී තිබිණි.
චීනයේ මානව අයිතිවාසිකම් පිළිබඳව ගෞරවයෙන් යුතුව යුරෝපීය සංගමයේ මහ බලවතුන් තිදෙනා විසින් හොංකොවල ජාතික ආරක්‍ෂාව පිළිබඳව නව නීති සම්පාදනය තිබ්බතයේ සහ සිංජිඈං ප්‍රාන්තයේ මානව අයීතීන් ගැන සහ විශේෂයෙන් ප්‍රති අධ්‍යාපනික කඳවුරු සම්බන්ධයෙන් චීනය ගෙන යන ක්‍රියාකලාපය එහිදී දැඩි විවේචනයට ලක් කරනු ලැබිණි. මේ සම්බන්ධයෙන් සිංජිඈං ප්‍රාන්තයට ස්වාධින පරීක්‍ෂණ කණ්ඩායමක් යැවීමටද යුරෝපා සංගමය කටයුතු කරනු ලැබිණි.
කොවිඞ් වසංගතය සම්බන්ධව ජාත්‍යන්තර සහයෝගීතාවේ වැදගත්කම මෙන්ම ඒ සඳහා චීන සහයෝගය ලබා ගැනීමට චීනය පෙළඹවීමේ වැදගත්කම ගැනද යුරෝපා සංගමය දැඩිව අවධාරණය කෙළේය. එමතුද නොව කොවිඞ් වසංගතය මර්දනය කිරීමට එන්නතක් සෙවීම උදෙසා ගැනෙන මෙහෙය සේම වෛරසය ඇතිවීමට හේතුව සෙවීමේ වැදගත්කමද යුරෝපා සංගමය දැඩිව පෙන්නා දුන්නේය.
චීනයේ විශාලතම වෙළෙඳ පාර්ශවකරු වූ යුරෝපා සංගමය සමුළුවේදී ප්‍රධාන වශයෙන් අරමුණු කර තිබුණේ ආර්ථික ගැටළු සම්බන්ධයෙනි. ද්විපාර්ශවීය දෛනික වෙළෙඳ ප්‍රමාණය – වොලියුම- යූරෝ බිලියනය ඉක්මවන්නකි. ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්ති විශාල ප්‍රමාණයක් පසුගිය කොරා්නා වසංගත සමයේදී චීනය විසින් උල්ලංඝනය කරන ලද බවට සමුළුවේදී චීනයට චෝදනා කළ යුරෝපා සංගමය රටේ (චීන) ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයටද ලක් කෙළේය.
අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවට චීන අගමැති ෂී ජිංපිං සහභාගි වූයේද නැත. මේ අතරතුරේ චීන විදේශ ඇමති වැං යි සහ දේශපාලන බල මණ්ඩලයේ සාමාජික ජෙයචි චීනය සහ සහ යුරෝපා සංගමය අතර පවත්නා බැඳීම් තවත් වර්ධනය කර ගැනිමේ අපේක්‍ෂාවෙන් යුරෝපා රටවල සුහද සංචාරයකද යෙදිණි. යුරෝපා සගමය මානව අයිතිවාසිකම් සහ කොවිඞ් වසංගතයේ මූලාරම්භය පිළිබඳව මහත් උනන්දුවක් දැක්වුවද චීනය උත්සාහ දැරුවේ ඒ මාතෘකා මගහැර දැමීමටය. එසේම ඒ සාකච්ඡාවලට දැක්වූවේ ඇල්මැරුණු ස්වභාවයකි.
යුරෝපා සංගමය මානව අයිතීන් පිළිබඳව මතු කළ කරුණු තුට්ටුවකට හෝ මායිම් නොකර චීනය කටයුතු කරන්නේ නම් එයම චීනයට පාරාවළල්ලක් වන බවට ඉඟි පහළ වෙමින් තිබේ. එසේම යුරෝපා සංගමයේ ආර්ථික නායකත්වය පිළිබඳ කරුණු ගැනද එතරම් මනාපයක් චීනය නොදක්වන්නේ නම් නුදුරු අනාගතයේදී යුරෝපය සහ චීනය අතර වෙළෙඳ යුද්ධයකට මං පැහැයෙන කුපිත කිරීමක් වන්නේය. කෙසේ වෙතත් මේ වන විට යුරෝපා සංගමය ද චීනය කෙරෙහි ඇමරිකාව ගෙනයන ආර්ථික සම්බන්ධතා අත්හැර දැමීමේ සිදධාන්තයම අනුගමනය කරන බව පෙනෙන්නට ඇත. යුරෝපා සංගමය සමග බිඳී ගිය ඇඟෑලුම්කම යළි ඇතිකර ගැනීමට චීනය තැතනුවත් සමුළුවේදී යුරෝපා සංගමය ක්‍රියාත්මක කළ චර්යාපද්ධතිය අනුව නම් සංගමය විසින් ගෙනයනු ලබන්නේ චීනය කොන්කරනු ලැබ බිත්තියටම හේත්තු කිරීමේ පිළිවෙතක් බව නම් පැහැදිලිය.

පරිවර්තනය වසවත් මාර

SendShareShare
Previous Post

20ට විපක්ෂය 5ක් ඉල්ලද්දී ආණ්ඩුව දෙකෙන් දෙන්න යයි‍

Next Post

ජාතික රෝහලේ හෙදියකට කොරෝනා

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.