විසි වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විවාද කිරීම සදහා විපක්ෂය දින 5ක විවාදයක් ඉල්ලා සිටීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් ආණ්ඩුව තීන්දු කර ඇත්තේ විසි වන සංශෝධනයේ විවාදය සදහා දින 2ක් පමණක් විපක්ෂයට ලබා දීමට බව දැනගන්නට තිබේ.
සිකුරාදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් විපක්ෂය සාකච්ජා කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.