කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇත.
මෙම හෙදිය කොළඹ ජාතික රෝහලේ හදීසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයකට අනුයුක්තව සේවයේ නියුතු අයෙක් වන අතර ඇයට මෙම කොරෝනා වෛරසය කෙලෙස ආසාදනය වුවාද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරුවී නොමැති බව දැනගන්නට තිබේ.
ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙමින් පවතින අතර කොරෝනා වෛරසය ආසාදනය වූ එම හෙදිය සමග සේවයේ නියුතු සෙසු පිරිසගේ PCR පරීක්ෂණ අද දිනයේදී සිදුකිරිමට නියමිතව ඇත.