• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

යුරෝපයෙන් චීනයට ‌කොරෝනා ප්‍රහාරයක්

April 12, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
යුරෝපයෙන් චීනයට ‌කොරෝනා ප්‍රහාරයක්

In this photo released by Xinhua News Agency, Chinese President Xi Jinping, centre, wearing a protective face mask waves as he inspects the novel coronavirus pneumonia prevention and control work at a neighbourhoods in Beijing, Monday, Feb. 10, 2020. China reported a rise in new virus cases on Monday, possibly denting optimism that its disease control measures like isolating major cities might be working, while Japan reported dozens of new cases aboard a quarantined cruise ship. (Pang Xinglei/Xinhua via AP)

Share on WhatsAppShare on Facebook

මේ දිනවල යුරෝපයේ රටවල් කිහිපයකටම චීනය විසින් සපයනු ලබන කොවිඞ් – 19 වසංගත රෝගය සඳහා භාවිතා කරනු ලබන වෛද්‍ය උපකරණ රැසක්ම නිසි ප්‍රමිතියක නැති එමෙන්ම දෝෂ සහිත බාල උපකරණ බැව් එම රටවල් චෝදනා කර සිටිති. ‘මානුෂීය ආධාර’ යන තේමාව යටතේ මෙසේ සපයනු ලබන උපකරණ චීනයේ නිෂ්පාදිත ඒවා මෙන්ම, සමහර උපකරණ මෙයට කාලයකට පෙරදී චීනය විසින් යුරෝපයේ විවිධ රටවලින්ම මිලදීගත් ඒවා බැව්ද පැවසෙයි. එසේ චීනය විසින් වෛද්‍ය උපකරණ තොග වශයෙන් මිලදී ගෙන තිබුණේ යැයිද දැන් හෙළිවී ඇත. මෙම උපකරණ මේ වන විට චීනය විසින් එම රටවල තොග වශයෙන් ලබාදෙන අතර ඒවා නොමිලයේ මෙන්ම මුදල් අය කිරීමකින්ද යුක්තව සපයනු ලබන බැව් පැවසෙයි.
චීනයට එරෙහි මෙම චෝදනාව පසුගියදා ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරනු ලැබුවේ දැනට බියකරු ලෙස කොරෝනා වසංගතය පැතිරී තිබෙන ස්පාඤ්ඤය විසිනි. එසේම චෙච් ජනරජය සහ තවත් යුරෝපීය රටවල් කිහිපයක්ම මෙම චෝදනාව එල්ලකර සිටිති. සමහර යුරෝපීය රටවලින් මෙයට කාලයකට පෙර චීනය විසින් මිලදී ගත් මෙම වෛද්‍ය උපකරණ මේ වන විට චීනය විසින් එම රටවලටම නොමිලයේ සහ මුදලට ලබාදීම වංචාසහගත තත්ත්වයක් බැව් ඉහත රටවල් පෙන්වා දෙති. චීනය මෙම වෛද්‍ය උපකරණ කාලයකට ඉහතදී ඉතාමත් රහසිගත ලෙස යුරෝපයෙන් මිලදීගෙන තොග වශයෙන් ගබඩා කරගත් බැව්ද දැන් හෙළිවී ඇත.
චීනයේ ජනාධිපති ෂී ජින්පින්ගේ නායකත්වයෙන් තිබෙන කොමියුනිස්ට් පක්ෂ රජය මේ ආකාරයේ ක්‍රියාවලියක් මේ වන විට සිදුකරමින් පවතින අතර ඔවුන් ලෝකයේ රටවල් 82කට මෙම වෛද්‍ය උපකරණ සපයනු ලබන බැව් චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියි. එසේම මෙම උපකරණ චීනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතද ලබාදෙයි. සාමාන්‍ය වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය ඇඳුම් පැලඳුම් මෙන්ම කොවිඞ් – 19 රෝගය පරීක්ෂා කිරීමේ සංවේදී රසායනාගාර පරීක්ෂණ උපකරණද චීනය විසින් සපයනු ලබන අතර මෙම උපකරණ බහුතරයක් ඉතා දෝෂ සහිත ඒවා බැව්ද හෙළිවී ඇත. තවද මෙම උපකරණවලට අමතරව කෘත්‍රිම ශ්වසන යන්ත්‍රද චීනය විසින් සපයනු ලබයි.
මේ අනුව චීනය මේ වන විට ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ග්‍රීසිය, සර්බියාව, පාකිස්තානය, ලාඕස්, තායිලන්තය, ඉරානය, දකුණු කොරියාව, ජපානය, කාම්බෝජය, පිලිපීනය, ඊජිප්තුව, දකුණු අප්‍රිකාව, ඉරාකය, ඉතියෝපියාව, කසකස්තානය, බෙලාරුස්, කියුබාව, චිලි රාජ්‍ය ඇතුළු ලෝකයේ විවිධ ප්‍රදේශ ආශ්‍රිත කරගත් රටවලට මෙම උපකරණ සපයති. පසුගිය දිනවල චීනය මඟින් ශ්වසන යන්ත්‍ර 1000ක් ඇමෙරිකාවටද සැපයීමට යන බවට පුවත් පළවී තිබිණි.
මහා බි්‍රතාන්‍යයේ (එංගලන්තයේ) අගමැති බොරිස් ජොන්සන්ගෙන් පසුගියදා යම් සමීප පාර්ශ්ව ඉල්ලා සිටියේ චීනය මෙවැනි තත්ත්වයක් යටතේ පහත්, නීච දේශයක් ලෙසට නම් කරන ලෙසය. උද්ගතව ඇති ලෝක අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙම කොමියුනිස්ට් රාජ්‍යය ඉතාමත් වංචනිකව, ලාබ ලැබීමේ පරමාර්ථයක් යටතේ කටයුතු කරන බවද ඔවුන් දෝෂාරෝපණය කළේය. එසේම මෙම අර්බුදය හමුවේ චීනය අසත්‍ය පුවත් ප්‍රචාරණය සිදුකරන බැව්ද ‘ඬේල් මේල්’ පුවත්පත වාර්තා කර තිබුණෛ්ය. චීනය මෙම ගෝලීය වසංගතය තමන්ගේ ආර්ථික වාසියකට හරවාගෙන ඇතැයිද එම පාර්ශ්ව චෝදනා කර සිටියේය.
චීනය යනු විවිධ සත්ව වර්ග රාශියකගේ මාංශ අනුභවයට ගන්නා ‌ලොව ප්‍රධාන පෙළේ දේශයකි. මෙහිදී බොහෝ විට මෙම සත්වයන් විකුණනු ලබන්නේ සජීවී සත්වයන් ලෙසිනි. කොරෝනා වසංගතය ඇරැඹීමෙන් මාසයකට පමණ පසු චීන රජය මෙම සජීවී සතුන් මාංශ සඳහා විකිණීමත්, අනෙකුත් මස් මාංශ වෙළෙඳාමත් තහනම් කරන ලදී. එසේ කරන්නට වූයේ කොරෝනා වෛරසය පැතිරුණේ මෙම සත්ව මාංශ වෙළෙඳපොළවල් ආශ්‍රයෙන් යැයි ගොඩනැඟුණු මතය හේතුවෙනි. කොරෝනා වෛරසය ආරම්භ වුණු වූහාන් නගරය සහ තවත් චීනයේ නගර කිහිපයක මෙසේ මාංශ වෙළෙඳාම නතර වුවද තවත් නගර ගණනාවක් ඉන් පසුවද මාංශ වෙළෙඳාම සිදුකෙරුණු බවට මේ වන විට හෙළිවී ඇත. මෙය ඉතාම නීති විරෝධී ක්‍රියාවක් වූ අතර චීනය බොහෝ විට සත්ව අයිතිවාසිකම් ඉතාමත් කෲර, දුෂ්ට ලෙස උල්ලංඝනය කරන රටක් බවට ප්‍රකටය. වූහාන් නගරයේදී පළමු කොරෝනා රෝගියා හමුවූයේ එහි වූ මාංශ වෙළෙඳපොළ තුළිනි. ලොව පුරා මහත් ප්‍රකටත්වයට පත්වූ කොරෝනා රෝගය නිසාම අවාසනාවන්ත ලෙස මියගිය ලී වැන්ග්ලින්ග් නමැති වෛද්‍යවරයාට මෙම ප්‍රථම රෝගියා සොයා ගැනීමට හැකි විය. එහෙත් අවසානයේදී සිදුවූයේ කුමක්ද? චීන රජය මෙම සිදුවීම සහමුලින්ම වසන් කළ අතර රෝගය ගැන මාධ්‍යයට ප්‍රකාශ කළ වැන්ග්ලින්ග් වෛද්‍යවරයාට එරෙහිව නීතිමය ලෙස කටයුතු කළේය. චීනය සති 05ක් යනතුරු කොරෝනා රෝගයේ තත්ත්වය ලොවට හෙළි නොකර සැඟවීමට කටයුතු කළේය.
චීනය විසින් සිදුකරනු ලබන වංචනික ක්‍රියාවන් නිසා ඉදිරියේදී චීනය සමඟ දැඩි සබඳතා ඇතිකර නොගන්නා ලෙස බි්‍රතාන්‍ය රජයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයන් අගමැති බොරිස් ජොන්සන්ගෙන් ඉල්ලා ඇත. ලෝක ප්‍රකට චීන දුරකතන සමාගමක් වන ‘හුවාවෙයි’ විසින් බි්‍රතාන්‍යයේ ඉදිකිරීමට නියමිත අති නවීන 5G ජංගම දුරකතන සන්නිවේදන ජාලයේ කටයුතුද නවතා දමන ලෙසට මෙම පාර්ශ්ව බි්‍රතාන්‍ය අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත.
මේ අතර පසුගියදා චීනය විසින් චෙච් ජනරජය වෙත එවන ලද වෛද්‍ය උපකරණ තොගයක් ඉතාමත් රහසිගතව ප්‍රාග් අගනුවර ගබඩාවක සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. කොරෝනා වසංගතයේ කටයුතු සඳහා චීනය මෙම ආධාර තොගය ලබාදී ඇත්තේ චීන රතුකුරුස සමාජයේ ලාංඡනය යටතේය. එහෙත් මෙම ආධාර තොගය ලැබී ඇත්තේ ප්‍රාග් නුවර සිටින බලගතු චීන ජාතික නැව් භාණ්ඩ ව්‍යාපාරිකයකු වෙතය. ඉන්පසු මෙම චීන ව්‍යාපාරිකයා මෙම වෛද්‍ය උපකරණ තොගය චෙච් රජය වෙත විකිණීමට උත්සාහ දරා ඇත. මෙම වෛද්‍ය උපකරණ තොගයට කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර 28,000ක් සහ විවිධ වර්ගයේ මුහුණු ආරක්ෂණ ආවරණ 100,000 (ලක්ෂයක) ප්‍රමාණයක් අයත්ව ඇත. මෙම වංචාවේ තොරතුරු හෙළිවීමත් සමඟ චෙච් ජනරජයේ බලධාරීන් එම වෛද්‍ය උපකරණ තොගය රාජසන්තක කර ඇත. ඒ අතරම මෙම සිදුවීමට අදාළව තවත් සිද්ධියක් ලෙස වාර්තා වී ඇත්තේ මෙයට කලකට පෙර චීනය විසින් චෙච් ජනරජයෙන්ද වෛද්‍ය උපකරණ මිලදී ගෙන ඇති බැව්ය.
කෙසේ හෝ පසුගියදා චීනය විසින් මෙලෙස මානුෂීය ආධාර යටතේ චෙච් ජනරජය වෙත සපයන ලද වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ කට්ටලවල දෝෂ අන්තර්ගත බවට හෙළිවී ඇත. මෙම කට්ටලවලින් 80%ක්ම රෝගය නොමැති බවට අසත්‍ය ප්‍රතිඵල පෙන්වා ඇති අතර එහෙත් එම රෝගීන්ට කොරෝනා රෝගය වැලඳී තිබී ඇත. මෙලෙස වැරැදි ප්‍රතිඵල පෙන්වීම ඉතාමත් භයානක තත්ත්වයක් බවට පත්වී ඇත. තුර්කියට සපයන ලද පරීක්ෂණ කට්ටලවලින් 70%ක ප්‍රමාණයක්ම දෝෂ සහිත වූ අතර ස්පාඤ්ඤයට සපයන ලද කට්ටලවලින් 80%ක්ම දෝෂ සහිත විය.
බි්‍රතාන්‍යයේ මාධ්‍ය චෝදනා නඟා ඇත්තේ කොරෝනා වසංගතය දඩමීමා කර ගනිමින් චීන කොමියුනිස්ට් රාජ්‍ය විසින් මූල්‍යමය ලෙස ලාභ ලැබීමේ ව්‍යාපාර පටන්ගෙන ඇති බවටය. වසංගතය පටන්ගත් කාලයේ සිටම මෙම රෝගය සඳහා අවශ්‍ය වන පුද්ගලික ආරක්ෂක වෛද්‍ය උපාංග චීනයේ කර්මාන්ත ශාලාවල විශාල වශයෙන් නිෂ්පාදනය කර ඇති අතර අද චීනයෙන් විදෙස් රටවලට අපනයනය කරනු ලබන්නේ එම තොගය.
කෙසේ හෝ මේ වන විට විවිධ වර්ගයේ පුද්ගලික වෛද්‍ය ආරක්ෂක උපාංග නිෂ්පාදනය කරන විශාල බි්‍රතාන්‍ය සමාගම් දෙකක්ද චීනයෙහි වෙති. පසුගිය වසංගත රෝග සමයේදී චීන රජය මේ ආකාරයේ සමාගම් රැසකින්ම වෛද්‍ය උපාංග රැසක්ම මිලයට ගෙන ඇත. ඒ අනුව පුද්ගලික ශාරීරික ආරක්ෂක පැලඳුම් 700,000 (ලක්ෂ 7ක්) සහ අත්වැසුම් යුගල 500,000 (ලක්ෂ 5ක්) මිලදී ගෙන ඇත. මෙම උපකරණවලට අමතරව මුඛ ආවරණ මිලියන 03ක් (ලක්ෂ 30ක්) සමාගම් හරහා මිලදීගෙන ඇත.
මේ අතර ස්පාඤ්ඤයේ මැඞ්රීඞ් නුවර පිහිටා තිබෙන චීන තානාපති කාර්යාලය නිවේදනයක් මඟින් ප්‍රකාශ කර ඇත්තේ චීන රජයේ අනුදැනුම නොමැතිව ස්පාඤ්ඤ රජය විසින් චීනයේ ඇති අනවසර සමාගමක් විසින් කොවිඞ් – 19 රෝග පරීක්ෂා කිරීමේ කට්ටල තොගයක් මිලදීගත් බැව්ය. එසේම එවැනි පරීක්ෂණ කට්ටල තොගයක් දකුණු කොරියාවෙන් ලබාගැනීමටද කටයුතු කර ඇත. ඒ අනුව වෛද්‍ය කට්ටල 640,000ක් ඇණවුම් කරන ලද අතර මුල් තොගය ලෙස කට්ටල 9000ක් ලැබී ඇත. එහෙත් මෙම තොගය මගින්ම තක්සේරු කර ඇත්තේ එම උපකරණ දෝෂ සහිත ප්‍රමිතියෙන් තොර ඒවා බවටය. ඒ අනුව එම උපකරණ තොගයම නැවැත එම රටවලටම ආපසු හරවා යවා ඇත. ස්පාඤ්ඤයේ ක්ෂුද්‍රජීවී විද්‍යා විශේෂඥයන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත්තේ එම උපකරණ ඉතාමත් අවම ප්‍රමිතියෙන් ඇති බවත්, ඒවායෙහි ප්‍රතිඵලවල නිරවද්‍යභාවය ඇත්තේ 30%ක් පමණක් බවත්ය. මෙවැනි තත්ත්වයක් යටතේ එම පරීක්ෂණ උපකරණ මගින් කොවිඞ් – 19 පරීක්ෂණ සිදුකිරීම ඉතාමත් අනතුරුදායක ක්‍රියාවලියක් බවට එම සංගමය අනතුරු අඟවා ඇත. එසේම රෝගීන්ගේ පරීක්ෂණ නොකඩවා දිගටම සිදුකරගෙන යෑම සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් උපකරණ අවශ්‍ය බවද ඔවුන් අවධාරණය කර ඇත. ස්පාඤ්ඤය ඩොලර් මිලියන 466ක උපකරණ ඇණවුම් කර ඇත.
කෙසේ හෝ මේ ආකාරයට චීන රජය විසින් ලබාදෙන ලබන කොවිඞ් – 19 රෝග නිවාරණ උපාංගවලින් වැඩි ප්‍රතිශතයක් දෝෂ සහිත ප්‍රමිතියෙන් තොර ඒවා වීම නිසා එය රෝග මර්දනය මුංමුළා කිරීමකි. එමෙන්ම කොරෝනා රෝගයට ඇස් බැන්දුමක් දැමීමකි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඔක්කොටම කලින් ඔස්ට්‍රේලියාව වැඩේ පටන් ගනී: හරි ගියොත් ‌ලෝකෙම ‌ගොඩ

Next Post

ඊ‌යේ 6.45ට ‌කොළඹ ‌වෙච්ච අමුතු ‌දේ ‌මෙන්න (PHOTOS)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.