කොරෝනා වයිරසයට ඖෂධයක් වශයෙන් BCG එන්නත අත්හදා බැලීමට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත’
ඒ අනුව රට පුරා පිහිටි රෝහල්වල සේවය කරන වෛද්‍ය කාර්යමණ්ඩලවල සිටින 4000ක් පමණ පිරිස මේ සදහා මුල් වටයේදී උපයෝගී කරගැනීමට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
දැනටමත් මෙල්බර්න්හි පිහිටි මර්ඩොක් ළමා පර්යේෂණ ආයතනය මෙම එන්නත 700 දෙනකුට පමණ ලබා දී පරීක්ෂණ මට්ටමේ තබා ඇති බව දැනගන්නට ඇත.
යම් හෙයකින් මෙම ඖෂධය සාර්ථක වුවහොත් එහි නිෂ්පාදන කටයුතු වහාම ආරම්භ කිරීමටත් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.










