• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුවෙන් එළියට එන පාස්කු ප්‍රහාරයේ රහස් වැල

October 27, 2019
in Exclusive, Politics
Reading Time: 3 mins read
A A
පාර්ලිමේන්තුවෙන් එළියට එන පාස්කු ප්‍රහාරයේ රහස් වැල
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කිරීම පිණිස පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරකසභාවේ වාර්තාව බදාදා (ඔක්තෝබර් 23) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරිණි. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි කියා සිටියේ, රාජ්‍ය බුද්ධි අංශයේ අඩුපාඩු ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි එහිදී අනාවරණය වූ බවය. විශේෂයෙන්ම ප්‍රහාරය ආසන්න දිනවල whatsapp මාර්ගයෙන් බුද්ධි අංශ වෙත සිදුකෙරුණු අනතුරු ඇඟවීම් ගැන විශේෂ කාරකසභා වාර්තාවේ ඇතුළත් කරුණු සංක්ෂිප්ත වශයෙන් පහත දැක්වේ.
අප්‍රේල් 21 වැනි දින උදෑසන 8.27
“ගරු කටයුතු මහත්මයාණෙනි, සුබ උදෑසනක්. ඔවුන් අද දින පැය 0600 සිට 1000 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි. කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයක්.”
පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවේ දැක්වෙන පරිදි පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙත ඔහුගේ මූලාශ්‍රයකින් ලැබී තිබුණු අවසන් ඔත්තුව එයයි.
එදින උදෑසන 8.45ට කොච්චිකඬේ සහ කටුවාපිටිය දේවස්ථානයෙන් ආරම්භ වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව අවසන් වූයේ දෙමටගොඩ නිවාස සංකීර්ණයේ පස්වරු 2.25ට සිදු වූ පිපිරීමත් සමගය.
කතෝලික පල්ලි තුනක් සහ හෝටල් තුනක් ඉලක්ක කරගෙන සිදුවූ මෙම මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 277 දෙනකු (මරාගෙන මැරෙන බෝම්බකරුවන් 8 දෙනා ඇතුළුව) මියගිය අතර තවත් 400කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මරණයට පත්වූවන් අතර විදේශිකයන් 40ක් සහ දරුවන් 45 දෙනකු සිටි බව වාර්තාවල දැක්වේ.
ජාතික තව්හීද් ජමාත් අන්තවාදී මුස්ලිම් සංවිධානයේ නායක සහරාන් හෂීම් නමැත්තා මෙම ප්‍රහාරවල ප්‍රධාන සැකකරුවා ලෙස පොලිසිය නම්කරනු ලැබ තිබේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිකුත් කළ සිය වාර්තාව මගින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු පිළිබඳ දීර්ඝ ලෙස කරුණු වාර්තා කර තිබේ.
එල්ලවිය හැකි ප්‍රහාර සම්බන්ධයෙන් තමන්ට ලැබුණු බුද්ධි තොරතුරුවල වැදගත්කම රාජ්‍ය ආරක්ෂක යන්ත්‍රණයට අනතුරු ඇඟවීමට රාජ්‍ය බුද්ධි අංශය අපොහොසත්වී ඇති බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිරීක්ෂණය වී තිබේ. විශේෂයෙන්ම රාජ්‍ය බුද්ධි අංශයේ (State Intelligence Service – SIS) ප්‍රධානියා වන නිලන්ත ජයවර්ධන සිය වගකීම ඉටුකිරීමට අපොහොසත්වී ඇති බව විශේෂ කාරකසභාව නිගමනය කර තිබේ.
පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවට අනුව අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ ලැබී තිබෙන බුද්ධි තොරතුරු මෙසේය:
අප්‍රේල් මස 04 වැනිදා
පළමු තොරතුර
2019 අප්‍රේල් 04 වැනිදා සිය මූලාශ්‍රයකින් whatsapp හරහා ප්‍රහාරය පිළිබඳ මුල් බුද්ධි තොරතුර ලද බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා පාර්ලිමේන්තු කාරක සභාවට හෙළිකරයි. ඒ හා සමාන තොරතුරු 2019 අප්‍රේල් 05 වැනි දින ඔහුට ලිඛිතව ලැබී තිබේ. (මෙම තොරතුරු ලැබුණු මුලාශ්‍රය ඔහු කාරකසභාවට හෙළිකර නොමැත).
අප්‍රේල් මස 07 වැනිදා
පළමු දැනුම්දීම
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා තමන්ට ලැබුණු තොරතුර දැනුම් දුන් පළමු පුද්ගලයා වන්නේ ජාතික බුද්ධි ප්‍රධානී (National Intelligence Chief) සිසිර මෙන්ඩිස්ය.
අප්‍රේල් මස 08 වැනිදා ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කිරීම
තමන්ට ලැබුණු තොරතුර ජාතික බුද්ධි අංශයේ ප්‍රධානියා විසින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අප්‍රේල් 08 වැනිදා සවස ලබාදී තිබේ. එහිදී මේ පිළිබඳ පොලීසියට දැනුම්දෙන ලෙස තමන්ට උපදෙස් ලැබුණු බව ඔහු පවසයි.
අප්‍රේල් 09 බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රැස්වීමක්
ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් එදින සාකච්ඡාවට සහභාගි වී තිබෙන අතර එහිදී මෙම ප්‍රහාරය පිළිබඳ ලැබුණු බුද්ධි තොරතුරුවලට විශේෂ අවධානයක් යොමුකර නැතැයි අනාවරණ වන බව කාරකසභා වාර්තාව පෙන්වාදෙයි. එහිදී තමා සහ ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා අතරවූ කතාබහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා පාර්ලිමේන්තු කාරකසභාවට සාක්ෂි දෙමින් මෙසේ හෙළිකර තිබුණි.
“සර්, ඕක තාම සර් ළඟද? ඕක ලෙඩක්. ඇයි ඕක තියා ගත්තේ? තාම මුකුත් කරේ නැද්ද? ඕක කියන්න.” “නැහැ, මම ීැජරුඒරහට කිව්වා” කියලා ඔහු කිව්වා. ඊට පස්සේ සාකච්ඡාවේදී ඔහු කිව්වා “සර්ල, නිලන්තගේ” කියලා. එතකොට ලේකම්තුමා ඇහුව, “නිලන්ත, මොකද වෙන්නේ කියලා?” මම කිව්වා මේ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පොලිස්පතිට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද යවනවා කියලා.”
ජාතික බුද්ධි අංශ ප්‍රධානියාට හැර කිසිදු අවස්ථාවක රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා මෙම ප්‍රහාරයේ බරපතළ ස්වභාවය ගැන කිසිවකුත් දැනුවත් නොකළ බව පාර්ලිමේන්තු කාරකසභාවේ නිරීක්ෂණය වී තිබේ. අප්‍රේල් 09දා පැවැති මෙම සාකච්ඡාවේදී ඔහු ඔහුට ලැබී තිබුණු මෙම බුද්ධි තොරතුරු ගැන නිශ්ශබ්දව සිට ඇතැයි යන්න සිය නිරීක්ෂණය බව වාර්තාව සඳහන් කරයි.
අප්‍රේල් 09 වැනි දින සවස පොලිස්පතිට ලිඛිතව දන්වයි
ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් සහ ඔහුගේ සහචරයෝ ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට නියමිත බව විස්තර කරමින් “අතිශය රහසිගතයි” යනුවෙන් සලකුණු කරන ලද ලිපියක් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් පොලිස්පති පුජිත් ජයසුන්දර වෙත යවනු ලබන්නේ මෙදිනය. මරාගෙන මැරෙන ප්‍රහාරවල සාමාජිකයන් විය හැකි තැනැත්තන් ලෙස සහරාන් හෂීම්, ජා අල් කුයිල්, රිල්වාන්, සාජි මෞලවි, ෂාහිර්, මිල්හාන් ඇතුළු පිරිසකගේ නම්ද එම ලිපියේ සඳහන් කර තිබේ. එදිනම මෙම ලිපියේ සටහනක් යොදා පොලිස්පතිවරයා විසින් එය බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, විශේෂ කාර්ය බළකාය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට යවනු ලැබ තිබේ.
අප්‍රේල් 10 වැනි දින සහරාන් අත්අඩංගුවට ගන්න උපදෙස්
අප්‍රේල් 10 වැනිදා තමන්ට මෙම තොරතුරු ලැබුණු බවත් සහරාන් සහ අනෙකුත් අය අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන් බවත් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා පාර්ලිමේන්තු විශේෂ කාරකසභාව හමුවේ පවසා තිබේ. එදිනම සහරාන්ගේ ෆේස්බුක් පිටුව අවහිර කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ෆෙස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.
අප්‍රේල් 14, 15, 16 සහරාන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්
මෙම තෙදින තුළ සහරාන් හෂීම් සහ ඔහුගේ සහචරයන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන නිලධාරීන් ප්‍රදේශ ගණනක මෙහයුම් සිදුකොට තිබේ.
බ අප්‍රේල් 15 වැනි දින සහාරන්ගේ ෆේස්බුක් අඩවිය අවහිර කරයි.
බ අප්‍රේල් 17 වැනි දින කාත්තාන්කුඩි ප්‍රදේශයේ ඊට පෙර 16 දින සිදුවූ පිපිරීමක් ගැන රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු.
බ අප්‍රේල් 18 වැනි දින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා කාත්තාන්කුඩි ප්‍රදේශයේ එම පිපිරීම සහරාන් හෂීම් විසින් සිදුකරන ලද බවටත් එය පෙරහුරුවක් බවත් සඳහන් කරමින් විශේෂ වාර්තාවක් පොලිස්පතිට යවයි.
බ අප්‍රේල් 19 වැනි දින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මෙම සිදුවීම ගැන ප්‍රථම වරට හමුදා බුද්ධි අංශ දැනුවත් කරයි.
බ අප්‍රේල් 20 වැනි දින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට තම මූලාශ්‍රයකින් තවත් උය්එි්චච පණිවුඩයක්.
බ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා 20 වැනිදා සිය මූලාශ්‍රවලට මෙවන් පණිවිඩයක් යවයි.
“ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් සහ ඔහුගේ සහචරයන් සූදානම් වේ. ඔවුන්ගේ සැලසුමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ කාත්තාන්කුඩිය ප්‍රදේශයේ 2019 අප්‍රේල් 16 දින පුපුරණ ද්‍රව්‍ය සවිකර යතුරුපැදියක් පුපුරුවාහරිමින් පෙරහුරුවක් සිදු කර ඇති බව තවදුරටත් දැනගැනීමට ඇත.”
ඊට ඔහුගේ මුලාශ්‍රයකින් ලැබුණු ප්‍රතිචාරය පහත දැක්වේ.
“2019.04.21 දින හෝ ඊට පෙර දිනෙක ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ ප්‍රහාරය දියත්කිරීම සිදු විය හැකි බව හා දේවස්ථාන හා ඉන්දියානුවන් වැඩි සංඛ්‍යාවක් නැවතී සිටින හෝටල් ඇතුළු ස්ථාන 8ක් ඔවුන් ඒ සඳහා තෝරාගෙන ඇති බව වාර්තාවේ. වැඩිදුර විස්තර පසුවට.”
මෙම පණිවුඩය ජාතික බුද්ධි අංශ ප්‍රධානියාට, පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් බව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට පවසා තිබේ.
අප්‍රේල් 21 දින උදෑසන 8.27ට අවසන් බුද්ධි තොරතුර
“ගරු කටයුතු මහත්මයාණෙනි, සුබ උදෑසනක්. ඔවුන් අද දින පැය 0600 සිට 1000 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි. කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයක්.”
රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධනට පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳ ඔහුගේ මූලාශ්‍රයකින් ලැබී තිබෙන අවසන් බුද්ධි තොරතුර එය වේ. උදෑසන 8.27ට ලැබුණු එම තොරතුර උදෑසන 8.32 වන විට පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසකට දැනුම්දුන් බව ඔහු පවසයි.
මෙම ඇමතුම්වලින් විනාඩි කිහිපයකට පසු කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා අමතා “ඔබේ තොරතුර හරි. ඔවුන් කොච්චිකඬේ ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව” පැවැසූ බවත් ඉන් අනතුරුව ඉතිරි ප්‍රහාර ගැන කරුණු වාර්තා වූ බවත් රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන පාර්ලිමේන්තු විශේෂ කාරකසභාවට පවසා තිබේ.
පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු වාර්තාවෙන් නිර්දේශ අටක්
ජනපතිවරණය ඉලක්ක කරගෙන?
රජය බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු සීමිත පිරිසකට පමණක් ලැබුණු මෙම තොරතුරු අදාළ පාර්ශ්වයන් සමඟ හුවමාරු කර නොගැනීම ගැන ප්‍රබල අවධානය යොමුකරන විශේෂ කාරකසභාව පවසන්නේ විශේෂයෙන්ම එම තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම පිටුපස වෙනත් අරමුණු තිබුණේ ද යන්න සොයාබැලීම පිණිස වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතු බවය.
“ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් රට තුළ බියක් සහ අවිනිශ්චිතතාවක් සහ කැලඹිලි ඇතිකිරීම අරමුණු කරගෙන” එසේ පියවර නොගත්තේද යන්න සොයා බැලිය යුතු අතර, එවැනි තත්ත්වයක් මතුවීම “පාලනයේ වෙනසක් ඉල්ලා සිටින තත්ත්වයකට මඟ පාදනු ඇති බව” කාරකසභාවේ නිගමනය වී තිබේ.
සිය නිගමන සහ නිරීක්ෂණ ශ්‍රී ලංකාවේ “ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, මැතිවරණ ක්‍රියාවලිය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාමත් බරපතළ නිරීක්ෂණ,” බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

BBC සං‌දේශය ඇසුරිනි

SendShareShare
Previous Post

ඇතුළෙ ඉදන් මතුරන බැසිල්ගෙ දිනන මන්තරේ

Next Post

දකුණේ පාසල්වලට ‌බෝම්බ ගහන ලියුම් යවපු හැටි එළියට එයි

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.