• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඇතුළෙ ඉදන් මතුරන බැසිල්ගෙ දිනන මන්තරේ

October 27, 2019
in News, Politics
Reading Time: 4 mins read
A A
ඇතුළෙ ඉදන් මතුරන බැසිල්ගෙ දිනන මන්තරේ
Share on WhatsAppShare on Facebook

සුදු පැහැති ජාතික ඇඳුම මතින් රක්ත වර්ණ කුරහන් සාටකය පැලඳගත් දේහධාරී මිනිසා තම කාර්යාල අසුනට බරදී වාඩිගෙන සිටියේය. ඔහුගේ දෙනෙත්, ඉදිරියෙන් ඇති උස්වූ දොර දෙසට එල්ලවී තිබුණේ එහි පැමිණීමට නියමිත යමකු බලාපොරොත්තුවෙන්ය. කියූ වේලාවට එහි පැමිණීමට නියමතව තිබුණේ තරුණ කතකි. ඇය මාධ්‍යවේදිනියකි. පැහැපත් සුසිනිඳු සමෙන් පිරිපුන් ඇය නිසි වේලාවේදී එහි පැමිණ ඔහුගේ මේසය ඉදිරි අසුනෙහි හිඳගත්තාය. පියකරු සිනහව සමඟ ඔවුන්ගේ දෙනෙත් එකට ගැටිණි.
“මම මීරා සිරිනිවාසන්, ඉන්දියාවේ ‘ද හින්දු’ පත්තරේ මාධ්‍යවේදිනිය” ඇය කීවාය.
“ඔව්, මම ඔබ බලාපොරොත්තුවෙන් සිටියේ…” සුවිශේෂ මිනිසා පැවැසුවේය.
මේ අපූර්ව මිනිසාගේ කාර්යාලය එකම කඩි ගුලකි. එතැන මෙතැන කිසිදු නිනව්වක් නැති සේ දුවන මිනිසුන්ගෙන් එතැන පිරී ඇත. එහෙත් ඒ සියල්ලන්ම තම දාඩිය මුගුරු වගුරුවන්නේ මහා මෙහෙවරක් උදෙසාය. ඒ මෙහෙවර මෙහෙයවන මිනිසා ඔහුය. කවුද ඔහු?
බැසිල් රෝහණ රාජපක්ෂ හෙවත් බැසිල් රාජපක්ෂ. උපතින්ම දේශපාලන මහ මොළයක් රැගෙන ආ මිනිසා ඔහුය.
“මීරා අපි කතාකරමු” බැසිල් රාජපක්ෂ කියන්නට ගත්තේය. එහෙත් ඇයගෙන් වදනක් නැත. ඇය තුෂ්ණිම්භූතවී ඇති සෙයක් දැනේ. මීරාගේ දෙනෙත් ඇත්තේ බැසිල් රාජපක්ෂගේ මේසය ඉදිරියේ ඇති සුවිශාල ත්‍රිමාන ශ්‍රී ලංකා සිතියම ඇති ඩිජිටල් පරිගණක පුවරුව මතය. එය විටින් විට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ සලකුණු කරමින් දැල්වෙන රතු එළිවලින් පිරී පවතී. මෙය කුමක් උදෙසා සිදුවන්නේදැයි මීරා සිටිනිවාසන් බැසිල් රාජපක්ෂගෙන් අසන්න වූයේ මහත් කුතුහලයකිනි.
“මේ දැල්වෙන නිවෙන එළිවලින් ප්‍රකාශ වන්නේ කුමක්ද?”
“ඔව් මම ඔබට පැහැදිලි කරන්නම්. 2019 ජනාධිපතිවරණය උදෙසාම අපි ‘ඇප්’ කිහිපයක් නිර්මාණය කළා. ඒ මඟින් ශ්‍රී ලංකාවේ විවිධ දිස්ත්‍රික්කවල සිදුකෙරෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු අපට මෙහි සිටම අධීක්ෂණය කරන්න පුළුවන්. එම කටයුතු මෙහෙයවන අවස්ථාවලදී අපට එය නිරීක්ෂණය කරන්නට හැකියාව තිබෙනවා. බිම් මට්ටමේ සිටම ජනතාවට අපට සමීප වන්නට ඕනෑ. එම කාර්යය මෙම පරිගණක ක්‍රියාවලිය මඟින් අපි ඉතා සාර්ථකව ඉටුකරනවා” බැසිල් රාජපක්ෂ මීරාට කියා සිටියේය.

අප සැරසෙන්නේ මීරා සිරිනිවාසන්ගේ පුවත්පත් ලිපිය මෙහි ලියන්නට නොවේ. එහෙත් ඇයද පුදුමයට පත්කරමින් අත්දකින්නට වූ එම සත්‍ය සිදුවීම ලියා තබන්නටය. බැසිල් රාජපක්ෂ එහිදී විස්තර කළ ‘ඇප්’ එක යනු වර්තමානයේදී පරිගණක භාවිතය සඳහා යොදාගනු ලබන යෙදවුමකි. මෙවැනි පරිගණක මෘදුකාංග ලොව බොහෝ සෙයින් නිර්මාණය වෙමින් පවතින අතර ඔහු ප්‍රකාශ කළ ‘ඇප්’ වර්ග නිර්මාණය කර ඇත්තේ මෙවර 2019 ජනාධිපතිවරණයේ කටයුතු සඳහාමය. මෙවැනි වටපිටාවක් ගැන අප අවධානය යොමුකිරීමෙන් පෙනීයන්නේ විදේශිකයන් පවා පුදුමයට පත්කරවීමට එය සමත්වී ඇති බැව්ය. එසේම නූතන ලෝකයේ තාක්ෂණය සමඟ යමින් මැතිවරණක කටයුතු හැසිරවීම එයින් මනාව පැහැදිලි වෙයි. බැසිල් රාජපක්ෂ නම් අපූර්ව මිනිසාගේ දෙනෙත් ඉදිරියේ මෙම මහා මෙහෙවර දිගහැරෙයි.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ” වයසින් බැලුවොත් තවම පොඩි දරුවෙකි. එහෙත් ක්‍රියාවෙන් මහාමේරුවක් බඳුය. 2016 වසරේදී නිර්මාණය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා මහා වෙහෙසක් ගත් නිර්මාතෘවරයකු ඉන්නවා. ඒ තමයි අප මෙහි මුලින් වගතුග කතා කළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා. ඔහු ඇත්තටම දේශපාලනික ක්‍රියාවලියේදී පෙනෙන බලවේගයක්. ඒ වගේම වෙලාවකට නොපෙනෙන බලවේගයකුත් වෙනවා. සංවිධාන ක්‍රියාවලියේ විශිෂ්ටයකු වන ඔහු අද ගරු සත්කාර ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා ලෙසිනි.
අද සිට හරියටම ජනාධිපතිවරණයට ඇත්තේ තවත් දින 20ක් පමණි. සත්‍ය වශයෙන්ම මෙවර 2019 ජනපතිවරණය යනු උණුසුම ඉක්මවා ගිය මහා ගිනි ජාලාවකි. ශ්‍රී ලංකාවේ කිසිදු ආකාරයක නොවූ චණ්ඩ පොර පිටියක් දැන් නිර්මාණයවී හමාරය. මේ ගතවන්නේ එහි කූඨප්‍රාප්තියයි. මෙවර ඒ සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන් තිදෙනකු ප්‍රධාන පක්ෂ තුනකට අයත් වෙයි. එයින් අද බොහෝ සේ කතාබහට ලක්ව තිබෙන අපෙක්ෂකයා වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. මෙහිදී ඔහු දියත් කර ඇති ප්‍රචාරක ව්‍යාපාරය ඉතාමත් ප්‍රබල, සාර්ථක එකක් ලෙස පෙනෙන්නට සාධක ඇත. ගම් මට්ටමේ සිට සිදුකරන මැතිවරණ ප්‍රචාරණය මෙන්ම නූතන අන්තර්ජාල තාක්ෂණය හරහා සිදුකෙරෙන පුළුල් ප්‍රචාරණයද මෙහිදී කැපීපෙනෙන්නට තිබේ. මෙම අති දැවැන්ත මෙහෙවර පිටුපස සිටින මහා යෝධයා වන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය. මේ වන විට ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා වශයෙන් කටයුතු කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට ලකලැහැස්ති වූයේ එම පක්ෂය ආරම්භ කළ සමයේ සිටමය. ඒ සඳහා අවැසි පියවර සියල්ල අධීක්ෂණය කෙරුණේ බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේය. මැතිවරණය සඳහා තම පක්ෂ නියෝජිතයන් සමඟ ගමින් ගමට ගොස් සාකච්ඡා පවත්වමින් ඔහු ප්‍රබල ජාලයක් ගොඩනැඟුවෙය. මෙම ජනාධිපතිවරණය පමණක් නොව මින් පෙර පැවැති මැතිවරණවලදීද ඔහු එම මෙහෙය සිදුකළේය. එකල මැතිවරණ සියල්ල ජයගත්තේද ඔහුගේ මෙම සියුම් ක්‍රමෝපාය හේතුවෙනි. එය විටෙක සිතාගත නොහැකි තරමේ මහා බුද්ධි ජාලයකි.
“‘දේශපාලන ප්‍රතිභාව’ – ප්‍රතිභාව කියන්නේ පෙර නොවූ විරූ දේවල් නිර්මාණය කිරීමේ හැකියාවට. ඒ අර්ථයෙන් ගත් විට දේශපාලනය කියන විෂය ඇතුළේ පෙර නොවූ විරූ විශිෂ්ට නිර්මාණශීලීත්වයක් ප්‍රකට කිරීම ‘දේශපාලන ප්‍රතිභාව’ විය යුතුයි.”
මෙම අපූරු කියමන ලියා තබා ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාගේ මුහුණු පොතේ (ෆේස්බුක්) පිටුවකය. මෙම දේශපාලන ප්‍රතිභාව හරහා අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරණ ව්‍යාපාරය මහත් සාර්ථකත්වයකට පත්ව ඇත. එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ නිසා මහත් උද්දීපනයක් ලැබී ඇත. අද සමාජයේ කතාබහට ලක්වී ඇති උච්චස්ථානයේ සිටින අපේක්ෂකයා වන්නේ ඔහුය. මේ වන විට සාම්ප්‍රදායික මට්ටමින් සහ නූතන තාක්ෂණික මට්ටමින්ද සිදුකෙරෙන එම පක්ෂ ප්‍රචාරක ව්‍යාපාරය අතිශය සංකීර්ණ එකක්ද වෙයි. සමාජ මාධ්‍ය ජාල මෙන්ම අලුතින් නිර්මාණය කෙරුණු පරිගණක මෘදුකාංග (ඇප්) හරහා මැතිවරණ සංවිධාන සහ ප්‍රචාරණ කටයුතු රැසක් සිදුකෙරෙමින් පවතියි. මෙය කිසිදු දේශපාලන පක්ෂයක් සිදු නොකරනු ලබන සංකීර්ණ වූ නවීනතම ක්‍රියාදාමයකි.
“2019 විජයග්‍රහණයට සැරසෙන්න – වෙනස්ව සිතීමට බිය නොවන්න” – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මැතිවරණයේ තේමා පාඨය එය වෙයි. පසුගිය කාලයේදී මුළුමහත් දිවයින පුරාම ‘පොදුජන රළ’ නමින් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු කළේය. අතිසාර්ථක වූ එම සම්මන්ත්‍රණ මාලාව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ව්‍යායාමයකි. රටේ වැඩිහිටි පරපුර මෙන්ම තරුණ පරපුරද එක හා සමානව සමීප කරගැනීමට මේ මඟින් හැකි විය. අද එම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ බොහෝ කටයුතු මෙහෙයවන්නේ තරුණ පරපුර විසිනි. තරුණ තරුණියෝ ලක්ෂ ගණනින් ඒ සඳහා තම දායකත්වය සපයමින් සිටිති.
මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම සියලු ව්‍යාපාරයන් මෙහෙයවන්නේ එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති සහ වත්මන් විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේය. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද තම සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය සහ උපදේශකත්වය මත මැතිවරණ කටයුතුවල ඉතා සාර්ථකව නියැලෙමින් සිටියි.
ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පක්ෂයේ ප්‍රබල පිරිස් දිවයින වටා යමින් සජීවීව තම මැතිවරණ ව්‍යාපාරය සිදුකරතත් අද ඔවුන් පිටුපසින් මහාමේරුවක් සේ සිටගනිමින් පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය සිදුකරන්නේ අන්තර්ජාල තාක්ෂණයයි. එම තාක්ෂණය හරහා ප්‍රචාරණ සහ උද්දීපන කටයුතු සිදුකරයි. ඒ සඳහා මේ වන විට පරිගණක තාක්ෂණය ගැන උසස් දැනුමක් ඇති තරුණ පිරිසක් දිවා රෑ නොබලා කටයුතු කරමින් සිටිති. එසේම මෙම කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම සඳහා තොරතුරු තාක්ෂණ විශේෂඥයන් කිහිප දෙනකු මැතිවරණය සඳහාම කැපකෙරුණු විශේෂ පරිගණක යෙදවුම් (ඇප් වර්ග) කිහිපයක්ම නිර්මාණය කර ඇත. මේවා සියල්ලම දැනට භාවිතයට ගැනෙමින් ඇති අතර එම නූතන පරිගණක තාක්ෂණික ක්‍රියාවලිය මෙසේ අර්ථ දක්වා ඇත.
SLPP Digital Strategy and Tools
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩිජිටල් ක්‍රමෝපාය.
Candidate App – අපේක්ෂකයන් ජාලගත කර තිබෙන මෘදුකාංගයකි. මේ මඟින් සැණෙකින් අපේක්ෂකයන් සම්බන්ධ කරගෙන අවශ්‍ය අයුරින් දිවයින පුරාම ප්‍රචාරණ කටයුතු සිදුකළ හැකිය. ප්‍රථම වරට නිර්මාණය කෙරිණි.
V Can – e Canvassing App – පළමු වරට නිර්මාණය කරන ලද ‘ඇප්’ එකක් වන අතර එමඟින් දිවයිනේ ගෙයින් ගෙට ගොස් ඡන්ද ප්‍රචාරක කටයුතු සිදුකෙරෙන ආකාරය අගනුවර සිට නිරීක්ෂණය කළ හැකිය.
eSLPP Party Managment Room – ඩිජිටල් ‘ැ’ තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළමනාකරණ කටයුතු මෙහෙයවීම.
V Day – Day of Vote App – මැතිවරණ දිනයේදී ඡන්දය භාවිත වන ආකාරය නිරීක්ෂණය කෙරෙන පරිගණක උපාංගයකි. තොරතුරු තාක්ෂණය හරහා ඡන්දදායකයන්ගේ ක්‍රියාවලිය පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.
www.slpp.org/official website of the Sri Lanka Podujana Peramuna – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල වෙබ් අඩවිය.
Engagement Room – සම්බන්ධීකරණ හා මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කිරීම.
Real Time Public Option Platform Social Media Monitoring – මහජන අදහස් ලබාගැනීමේ වේදිකාව සහ සමාජ මාධ්‍ය අධීක්ෂණය කිරීම.
Connect Room – සම්බන්ධීකරණ කාමරය.
Go Out there and Vote – App that eVorage young and first time voters to go out and vote – තරුණ සහ පළමු වරට ඡන්දය ලබාදෙන තරුණ පිරිස් උනන්දුකරවන පරිගණක මෘදුකාංගයකි.
Social Messeging App – සමාජ මාධ්‍ය ජාල සමබන්ධීකරණ ‘ඇප්’ එකකි. සමාජ මාධ්‍ය පණිවුඩ හුවමාරුවට භාවිත වේ.
ඉහත දැක්වෙන ආකාරයට මෙය ඉතාමත් සංකීර්ණ පරිගණක තාක්ෂණික ක්‍රියාවලියකි. මෙහිදී පෙනීයන්නේ මැතිවරණය සඳහාම කැපකෙරෙන නව පරිගණක යෙදවුම් (ඇප්) 05ක් පමණ අලුතින් නිර්මාණය කර ඇති බවකි. සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියෙන් ඔබ්බට ගිය මෙම ක්‍රමවේදය සැබැවින්ම සුවිශේෂ එකකි. ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවා ආරම්භයේදී ප්‍රකාශ කර සිටියේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා කිසි විටෙකවත් පොලිතින්, පෝස්ටර්, කටවුට් භාවිත නොකරන බවයි. ඔහුගේ එම පොරොන්දුව මෙතෙක් කඩකර නොමැති බවද පෙනෙන්ට ඇත. එහෙත් ඔහුට හිතවත් සමහර පාර්ශ්ව ඉඳහිට එය කඩකරමින් හැසිරෙන අයුරු පමණක් දක්නට ලැබෙයි. එහෙත් මැතිවරණ අපේක්ෂකයා එයට කිසිසේත්ම කැමැත්තක් නොදක්වයි. මෙවැනි තත්ත්වයක් තුළ නූතන ඩිජිටල් පරිගණක ක්‍රමෝපායන් විශාල මෙහෙවරක් ඉටුකරමින් සිටියි. මෙම කටයුතු හසුරුවමින් සිටින ‘පෙරගමන් යෝධයා’ අප කවුරුත් හොඳින් හඳුනන බැසිල් රාජපක්ෂයන්ය.
නෙලුම් පොහොට්ටුවේ සංකේතය තම හිස මත දරාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට අනෙකුත් පක්ෂ අබිබවා පෙරට පැමිණ ඇතැයි විවිධ සමීක්ෂණ කිහිපයකින්ම පෙන්වාදී ඇත. එසේ වුවද මෙම තරගය සිතන තරම්ම ලෙහෙසි එකක්ද නොවේ. එසේ වන්නේ පොදුජන පෙරමුණේ විරුද්ධ පාක්ෂික ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයද අවතක්සේරු කළ නොහැකි වීම හේතුවෙනි.
“ඉස්සරහට යන්න ඕනෑ කොහොමද කියන කාරණා හතුරාට දියයුතු නෑ”
“ආණ්ඩු පෙරළන්න විවිධ ක්‍රම තිබුණත් ආණ්ඩුවක් පිහිටුවන්න ජන බලය අවශ්‍යයි”
“මේ ගමනේ අතරමඟ අම්බලම් නැහැ කියලයි මා හිතන්නේ”
මේ අපූරු කියමන් තුන කියන්නේ තිරය පිටුපස මැතිවරණ යුද්ධය මෙහෙයවන බැසිල් රාජපක්ෂයි. ඔහුගේ එම කතාන්දරවලටම ඔහුගේ ප්‍රායෝගික ක්‍රියාවලිය ගැළපෙන බැව් පෙනෙන්නට ඇත. ‘කතාව දෝලාවෙන් ගමන පයින්’ යන බවක්ද පෙනෙන්නට නැත.
අප කරුණු කාරණා කෙසේ ප්‍රකාශ කළද අද සිට දිවෙන දින 20 ඉතාමත් තීරණාත්මක කාලයකි. ඡන්දදායකයාට තමන්ට රිසි සේ කටයුතු කළ හැකිය. කාගේ හෝ බලපෑම් ඔවුන්ට අවශ්‍ය නැත. මා මෙම කතාව ඔබට ලියාගෙන යන විටදී බැසිල් රාජපක්ෂ මහතාගේ ෆේස්බුක්’ පිටුවක තිබෙන අපූරු සටහනක් දිටිමි.
“මහ මොළකරු බැසිල් රාජපක්ෂයි, මේ සියල්ලම ඔහුගේ ගේම්. මම දැක ඇති විශිෂ්ටම ගේම්කාරයා ඔහුයි. තිරය පිටුපස වීරයාද ඔහුයි.”

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඔබට සතුටුද දැන්: ‌කෙසෙල්වත්තේ පුංචි ‌ප්‍රේමදාසලාගෙන් අහමු

Next Post

පාර්ලිමේන්තුවෙන් එළියට එන පාස්කු ප්‍රහාරයේ රහස් වැල

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.