• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

නිධානය කඩපු හැටි -චම්පික රණවක ලියයි

February 8, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
නිධානය කඩපු හැටි -චම්පික රණවක ලියයි
Share on WhatsAppShare on Facebook

2015 පෙබරවාරි 27 දා සිදු වූ බැඳුම්කර පාඩුව හා වංචාව එවකට විපක්ෂය හා ජනමාධ්‍ය උපුටා දැක්වූයේ, ලක් ඉතිහාසයේ ප්‍රථමවරට මහ දවල් මහ බැංකුව මහ කොල්ලයකින් සුද්ද කළ බවය. මේ නිසාම රටේ ආර්ථික අර්බුදයක් හා ණය අර්බුදයක් ඇතිවූ බවටද කරුණු දක්වන ලදි.
මෛත්‍රීපාල ජනාධිපතිතුමා විසින් පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශයක් මත වෝහාරික විගණනයක් (Forensic Audit ) මහබැංකු බැඳුම්කර හා සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව ආරම්භ විය. එහි වාර්තා දෙක පසුගියදා නීතිපතිවරයාගේ බාධා මැද පාර්ලිමේන්තුවේ සභාගත විය. ඒ එඩිතර තීරණය ගැන කතානායකතුමාට ස්තුති විය යුතුය.
ඇතැම් චූදිතයන් කියන්නේ අදාළ විගණන සමාගම් බාල ගනයේ ආයතන බවය. බැඳුම්කරය ගැන වාර්තාව නිකුත්කළ BDO ආයතනය යුරෝපීය ආයතනයක් වන අතර එහි ඉන්දියානු ශාඛාව විගණනය කළේය. එය ලෝකයේ පස්වැනි විශාලතම විගණන ආයතනය වෙයි. සේවක අර්ථසාධක අරමුදල ගැන වාර්තාව නිකුත් කළ KPMG ආයතනය ලොව විශාලතම විගණන ආයතන 04 න් (BIG 04) එකකි. මේවා කිසිසේත් බාල ආයතන නොවේ.
තවත් චූදිත පිරිස් කියන්නේ 2006-14 කාලයේ පාඩුවක් මිස වංචාවක් සිදුනොවූ බවයි. වංචාවක් යනු චේතාන්විතව යම් ආයතනයකට පාඩු කර තවත් ආයතනවලට ලාබ ලබාදීම හා එම ලාබ ලබන ආයතන තුළ තම ඥාතීන් හා මිතුරන් සිටීමය. ඒ අනුව 2005-14 කාලයේ මෙන්ම 2015-16 කාලයේද සිටි මහබැංකු අධිපතිවරු හුදු පාඩුවක් සිදුකළා පමණක් නොව, චේතාන්විතව සැලසුම් කර එය සිදුකළ නිසා වංචාවකද හවුල්කරුවන් බව වෝහාරික විගණනයෙන් පෙනී යයි.
සේවක අර්ථ සාධක අරමුදල රජයේ අරමුදලක් නිසා හා එය මහබැංකුවට ලාභ මෙන්ම පාඩුද සිදුකර ඇති නිසා සමස්ත ක්‍රියාදාමය තුළ එය ලාබ ලබා ඇති හෙයින් කිසිදු පාඩුවක් සිදු නොවූ බව කියන්නෝද වෙති. සේවක අර්ථසාධක අරමුදල රජයේ අරමුදලක් නොවේ. පුද්ගලයින් ලක්ෂ 26කට අයත් ගිණුම් ලක්ෂ 186ක් ඇති විශාලතම විශ්‍රාම වැටුප් අරමුදලයි. (2018 දී ට්‍රිලියන 2.39කි) ඒ නිසා සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ හරහා සිදුකළ ආයෝජනවලින් (බිලියන 58) ලබා ඇති පාඩුව මෙන්ම බැඳුම්කර ආයෝජනවලින් ලබා ඇති පාඩුවක් වෙත්නම් එය ද වැඩකරන ජනතාවට සිදුකළ පාඩුවකි. කොල්ලයකි. එය භාරකරුවා විසින් භාර සාමාජිකයන් සූරාකෑමක් හෝ දූෂණයක් ලෙස සැලකිය හැකිය.
හිටපු මහබැංකු නිලධාරීන් ඇතුලු පිරිසක් විගණනයේ ක්‍රමවේදය ප්‍රශ්න කර ඇත. එය මෙවැනි ඉහළ ගණයේ තාක්ෂණික ඇගයීමකදී සිදුවිය හැකි ක්‍රියාවලියකි. අනෙක් අතට ඒ ප්‍රශ්න කිරීම් කරනා බොහෝ නිලධාරීන්ගේ නම්, විධිමත් ක්‍රියාවලියක් බැඳුම්කර හා EPF ආයෝජන ගැන අනුගමනය නොකිරීම පිළිබඳව ඉහත කී වාර්තාවල චෝදනා ලැබූවන්ය. පාඩුවේ අගය පිළිබඳව ගැටලු තිබිය හැකි නමුත් 2008-12 කාලයේදී සේවක අර්ථසාධක අරමුදල යොදවා රටේ පොලී අනුපාත පාලනය කිරීමට දැරූ උත්සාහයෙන්, වැඩකරන ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභය නොලැබුණු බවත්, 2011-13 කාලයේ විධිමත් ආකාරයට ලියාපදිංචි නොකරන ලද ප්‍රාථමික ගැනුම්කරුවන්ට ද්විතියික වෙළෙඳපොළේදී මහබැංකු බැඳුම්කර වැඩි මිලට විකිණීමට සලස්වා මහබැංකුවට හා EPF අරමුදල යන දෙකටම පාඩුකළ බව ඉතා පැහැදිළිය. 2015-16 සිදුවූයේද එයමය.
මෙකී වෝහාරික වාර්තාවෙන් අයථා ලෙස පුද්ගලික ආයෝජන සමාගම් උපයාගත් ලාභය දේශපාලකයින් හා නිලධාරීන් අතර බෙදා හදාගත් ආකාරය පැහැදිලි කර නැත. නමුත් පැහැදිළිවම ලබැඳියාවන්ගේ ගැටුම් (Conflict of interest) පෙන්වා දී ඇති අතර 2015-16 සිදුවීමේදී එළියේදී වංචනික ලෙස උපයාගත් ධනයෙන් කොටස් ලබාගත් පිරිසෙන් ඇතැමෙක් හෙළිදරව් වී ඇත. ඇලෝසියස්ගෙන් මුදල් ලබාගැනීම කිසිසේත් දේශපාලන අවලාදයක් නොව වංචාවක හවුල්කරුවන් වීමකි. එමෙන්ම PTL ඇලෝසියස්ලාටත් වඩා EPF ප්‍රතිලාභ වංචාකර ඇත්තේ Entrust රත්වත්තේලාය. ඒ පිළිබඳවද විධිමත් පරීක්ෂණයක් හා සෘජු අධිකරණ ක්‍රියාවලියක් අත්‍යාවශ්‍යය.
බැඳුම්කර සිදුවීම ගැන මගේ සරල විග්‍රහය මෙසේය.
2015-16 වකවානුවේ බැඳුම්කර වෙන්දේසියේදී ආණ්ඩුවට පාඩුවක් වූ බවත්, අයථා ලෙස උපයාගත් ලාභය වංචනික ලෙස බෙදාගත් බවත් පිළිගත යුතුය.
ඒ අවධියේදී අප සියලු දෙනා සිතා සිටියේ එය ඉතිහාසයේ පළමුවරට සිදුවූ වංචාවක් බවය.
එවකට වූ මහබැංකු අධිපතිට හා ඉහළ ගණයේ දේශපාලකයින්ට හා නිලධාරීන්ට සම්බන්ධ ආයතනයක් (PTL) රජයට පාඩුවක් වන ලෙස ලාභ උපයාගත් අතර ඒ සඳහා මහබැංකුව සතුවූ සංවේදී තොරතුරු ලබාගත් බවත්, වෙන්දේසියේ ස්වරූපය ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෙනස්කළ බවත් හෙළිදරව් වී ඇත. සරලව කිවහොත් අඩුමිලට ගත් බැඳුම්කර වැඩිමිලට EPF එකට විකුණා ඇති අතර බැඳුම්කර මිලදී ගැනීමට අවශ්‍ය ධනයද රාජ්‍ය බැංකු මගින්ම ලබාගෙන ඇත.
එයට එරෙහිව අපි එදා නැගී සිටියෙමු.
වෝහාරික විගණනය පෙන්වා දී ඇත්තේ මේ වංචනික ක්‍රියාව මුල්වරට 2015-16 දී සිදුවූ හුදෙකලා සිදුවීමක් නොව කාලාන්තරයක් පැවති වංචනික ක්‍රියාවලියක් බවය.
මෙහි ආරම්භක ක්‍රියාකරු 2006/14 මහබැංකු අධිපතිවරයා වන අතර ඔහුට ඉහළ ගණයේ දේශපාලකයින්ගේ අනුග්‍රහය ලැබී ඇත. ඔහු වර්තමානයේ අගමැති මහින්ද රාජපක්ෂගේ ආර්ථික උපදේශකවරයා ය.
වැඩකරන ජනතාවගේ දාඩියෙන් ගොඩනැගූ සේවක අර්ථසාධක අරමුදල මේ වංචාවේ ධන උල්පත ලෙස යොදාගෙන ඇත. EPF නිධානය සූක්ෂම තාක්ෂණික ක්‍රියාවක් මඟින් කඩා එළියට ගෙන හිතමිතුරන්, ඥාතීන් අතරේ බෙදාගෙන ඇත.
1998 සිට බැඳුම්කර නිකුත්කර ඇතත්, 2004 වන තෙක් ප්‍රමාණවත් ලේඛන ගතකිරීමක් හෝ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හෝ තිබී නැත. එයට වගකිව යුත්තේ මහ බැංකුව පාලනය කළ අය ය. එමෙන්ම ඒ කාලයේදී විශාල ගනුදෙනු සිදුවූ බවක් වාර්තා වී ද නැත.
2008 පමණ කාලයේ සිට බැඳුම්කර ක්‍රියාවලිය දැවැන්ත මූල්‍ය ක්‍රියාවලියක් වී ඇත. ප්‍රාථමික ගැණුම්කරුවෙකු ලෙස EPF ආයතනයට තරඟ කිරීමට ඉඩ නොදී, එහි අරමුදල් අඩු ප්‍රතිධානයක් සහිතව ආයෝජනය කර ඇත. එමඟින් EPF අරමුදලට හා දායකයින්ට පාඩු කර ඇත.
2013 පමණ කාලයේදී ෑඡත්‍ ආයතනය ද්විතියික ආයෝජකයෙකු ලෙස Secondary Dealer කැඳවා ඇත. 2011-13 කාලයේදී එවකට මහබැංකු අධිපතිවරයා කිසිදු ප්‍රමිතියකින් හෝ විධිමත් ක්‍රියාවලියකින් තොරව ප්‍රාථමික ආයෝජකයින් ලියාපදිංචි කර ඇත. ඇලෝසියස්ගේ ඡඔඛ ආයතනය එවැන්නක් වන අතර අධිපතිවරයාගේ ඥාතීන් එහි අධ්‍යෂවරුන් ලෙස ක්‍රියාකර ඇත. PTL ආයතනය පමණක් නොව PABC ආයතනය, Acuity ආයතනය, Seylan PLC වැනි ආයතන ගණනාවක ඔහුගේ ඥාතීන් හා හිතමිතුරන් සේවය කර ඇත.
මෙය අර්ජුන් මහේන්ද්‍රන් (2015-16) හා අර්ජුන් ඇලෝසියස්ගේ සිදුවීමට සම්පූර්ණයෙන් සමානය.
ප්‍රාථමික වෙළෙඳපොලේදී අඩුගණනට ගෙන ද්විතියික වෙළෙඳපොලේදී වැඩි ගණනට විකුණා (රජයෙන් ගෙන රජයටම විකුණා) අයථා ලාභ ලැබීම 2008-14 කාලයේදීත් ජයටම සිදුවී ඇත.
මෙයට අමරතව EPF අරමුදල (ටි්‍රලියන 2.39 – 2018, වාර්ෂිකව බිලියන 12 බැගින් එකතු වේ) දරුණු ලෙස අවභාවිත කර ඇත. විවිධ පුද්ගලික ආයතනවල කොටස් වෙළෙඳපොළ හරහා සිදුකරන ලද බිලියන 58ක පමණ ආයෝජන (2008-14) වලින් බිලියන 10ක පමණ සෘජු පාඩුවක් සිදුවී ඇත. ඒ බැඳුම්කරවල පාඩුවට අමතරවය. එකී ආයතන තෝරාගෙන ඇත්තේ අධිපතිවරයා හා නිලධාරීන්ගේ අභිලාෂය අනුවය. මෙය පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාවේදීද රැව්පිළිරැව් දුන් වංචාවකි.
මේවා හුදු පාඩු නොවේ. වැඩකරන ජනතාවගේ දායක මුදල් අයථා ලෙස අවභාවිත කර ගජමිතුරු කල්ලියකට ලාභ උපයාගැනීමට සිදුකළ තාක්ෂණික අපරාධයකි.
අප මෙතෙක් සිතා සිටියේ ණය ගෙන සංවර්ධනයේ යෙදවීමේදී කොමිස් හා වංචා සිදුවන බවය. දැන් පෙනී යන්නේ ණය ගැනීමේදීද බරපතළ වංචා සිදුව ඇති බවය. ශ්‍රී ලංකාව සතු රන්තොග විකිණීම, ග්‍රීක බැඳුම්කර, තෙල් මිලදී ගැනීමේ හෙජින් ක්‍රියාදාමය, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ප්‍රවර්ධනය ආදී සියල්ල පිළිබඳව විධිමත්ව සොයා බැලුවහොත් බොහෝ දෙනෙක් දේශප්‍රේමී, ශාසන මාමක සළුපිලිවලින් වසාගත් මංකොල්ල හෙළිදරව් වනු ඇත.
මේ සුදුකරපටි අපරාධකරුවන්ට දඬුවම් අවශ්‍යමය.
එමෙන්ම, මෙවැනි වෝහාරික විගණනයන් ශ්‍රී ලංකන් සඳහා Airbus 14ක් මිලදී ගැනීමේදී (2013-15) සිදුවූ වංචාවන් සොයාගැනීමට හා ගුවන් හමුදාවට මිග් 27 යානා මිලදී ගැනීමේදී (Bellissa) සිදුවූ වංචා සොයාගැනීමට ද සිදුකළ යුතුය. සුදුකරපටි අපරාධකරුවන් හා ආර්ථික ඝාතකයින් සොයාගැනීම එමඟින් සිදුකළ හැක.

චම්පික රණවක ලියයි

SendShareShare
Previous Post

මහජන්දෙට සජිත් පිල අලියා ‘ලීස්’ කරයි: සදුදා යූ.එන්.පි.යට බැදුම්කර වර්ක්ෂොප් එකක්

Next Post

ආහාර සුරක්ෂිතතාව හා තත්ත්වය සහතික කිරීමට ෆොන්ටෙරා පෙරමුණ ගනී

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.