• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ධම්මික-දිලිත්-ජෝන් කීල්ස්-හේමාස්-බ්‍රැන්ඩික්ස්: කොරෝනාවට එරෙහි කෝටිපති හටන

March 31, 2020
in News, Politics
Reading Time: 5 mins read
A A
ධම්මික-දිලිත්-ජෝන් කීල්ස්-හේමාස්-බ්‍රැන්ඩික්ස්: කොරෝනාවට එරෙහි කෝටිපති හටන
Share on WhatsAppShare on Facebook

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මුළු ලෝකයේම ආර්ථිකය දැඩි අවදානමකට ලක් වී ඇත. ඒ හේතුවෙන් වෙනදා මෙවැනි අවස්ථාවල අපට උදවු කළ බොහෝ රටවල්ද දැඩි ආර්ථික අසීරුතාවයකට පත් වී ඇත. කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර ගියහොත් එහි ඛේදනීය බව වැඩි කිරීමට එයද ප්‍රධාන හේතුවක් වී ඇත. ලෝකයේ දියුණු රටවල්වලින් ආධාර ලබා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබියදී මේ මොහොතේ රජයට උදවු කිරීමට අපේ රටේම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුම ඉදිරිපත් වීම සතුටට කරුණකි. ඒ අතර ඉදිරියේම සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතාය. ඒ මහතා විසින් මේ අසීරු අවස්ථාවේ තම පෞද්ගලික මුදලින් පරිත්‍යාග කළ මුදල රුපියල් මිලියන 70කට අධික බව සඳහන්ය. එම මුදල් වැය කර ඇත්තේ කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් රඳවා සිටින අයි.ඩී.එච්. රෝහල සඳහා අත්‍යවශ්‍ය වූ උපකරණ මිලදී ගැනීම සඳහාය. එමෙන්ම එම උපකරණ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටද ධම්මික පෙරේරා මහතා පෞද්ගලිකවම මැදිහත් වීමද විශේෂත්වයකි.

ඒ අනුව ධම්මික පෙරේරා මහතාගේ අනුග්‍රහය යටතේ ගෙන්වූ වෙන්ටිලේටර්ස් 06ක් සහ විශේෂ ඇඳන් 06ක් පසුගිය 24 වැනිදා අංගොඩ උණ රෝහල වෙත ලැබී තිබිණි. මෙම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඒ වන විට තිබී ඇත්තේ වෙන්ටිලේටර්ස් 02ක් සහ ඇඳන් 2ක් පමණි. නමුත් ධම්මික පෙරේරා මහතාගේ මෙම පරිත්‍යාගයත් සමග දැන් වෙන්ටිලේටරස් 8ක් සහ ඇඳන් 8ක් දක්වා එම ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.
කොවිඞ්-19 වෛරසය දරුණු ලෙස අසාදනය වූවකු පත් වන ප්‍රධාන අපහසුතාව වන්නේ පෙනහළු ආශ්‍රිත ක්‍රියාවලිය බිඳ වැටීමය. එම ආසාදිතයන් බොහොමයකගේ මරණය සිදු වන්නේද ඒ හරහා වන බැවින් වෛරසය දරුණු ලෙස ආසාදනය වූවකුගේ ජීවිතය පවත්වාගෙන යෑමට කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතුය. වෙන්ටිලේටර්ස් යොදා ගනු ලබන්නේ එම ක්‍රියාවලිය වෙනුවෙනි.
කෙසේ නමුත් මේ වන විට ලොව පුරා පවතින අධික ඉල්ලුම හමුවේ වෙන්ටිලේටර්ස් ලබා ගැනීම සඳහා එය නිෂ්පාදකයන්ගෙන් ඇනවුම් කර මාස 03කට ආසන්න කාලයක් සිටිය යුතු නමුත් ධම්මික පෙරේරා මහතා පෞද්ගලිකව එම ක්‍රියාවලියට සම්බන්ධ වීම මත පොරොන්දු වූ පරිදි දින 2ක් ඇතුළත ඒවා ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කොට ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග අනාවරණය කරන පරිදි මෙම වෙන්ටිලේටර්ස් ලෝකයේ දියුණු රටවල රෝහල් තුළ පවා ඇත්තේ සීමිත ගණනකි. එවැනි පසුබිමක කොරෝනා උවදුර උත්සන්න වීමටත් පෙර එම යන්ත්‍ර 06ක් ගෙන ඒමට හැකි වීම ශ්‍රී ලාංකිකයන් ලද භාග්‍යයකි. ඊට අමතරව ඇඳන් 485ක් සහ ෂක්‍ඹ ඇඳන් 169ක්ද ධම්මික පෙරේරා මහතා විසින් ලබා දී ඇත.
පසුගිය වසර කිහිපය පුරාම ධම්මික පෙරේරා මහතා මේ ආකාරයේ විවිධ සමාජ ක්‍රියාකාරිත්වයන්ට දායකත්වය ලබා දී ඇත. නමුත් ඒවා බොහොමයක් සිදු වූයේ අප්‍රසිද්ධියේය. ධම්මික පෙරේරා දකුණතින් සිදු කරන සමාජ හිතවාදී කටයුතු බොහොමයක් ඒ මහතාගේ වම් අතද නොදන්නා බව පවසන්නේ ඔහුගේම ළඟම හිතවතුන් විසිනි. කොයි ආකාරයෙන් මේ අසීරු අවස්ථාවේ මුළු මහත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ධම්මික පෙරේරා මහතා සිදු කළ සත්ක්‍රියාවට ප්‍රසිද්ධියක් ලැබී ඇත. ඒ වෙනුවෙන් ඒ මහතාට සමස්ත ජාතියේම ගෞරවය හිමි විය යුතුය.
මීට අමතරව මේ වනවිට ධම්මික පෙරේරා මහතා විසින් පාසල් ළමුන් වෙනුවෙන් තවත් සද්ක්‍රියාවක්ද ආරම්භ කර තිබේ. ඒ අන්තර්ජාලය ඔස්සේ ‘ඩීපී එඩියුකේෂන්’ නමින් යූටියුබ් චැනලයක් ආරම්භ කිරීම හරහාය. මෙම යූටියුබ් චැනලය ඔස්සේ 6 වසරේ සිට 11 වසර දක්වා සිංහල, දමිල සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම අතිදක්ෂ ගණිත ගුරුවරුන් ලවා ගණිතය විෂය ඉගැන්වීමට ඒ මහතා කටයුතු යොදා ඇත. පසුගිය කාලය පුරා මෙය සාමාන්‍ය මට්ටමකින් පවත්වාගෙන ගියද පාසල් නිවාඩුව ලබා දීමත් සමග එය දැවැන්ත ලෙස සිදුකිරීමට ඒ මහතා කටයුතු කොට තිබේ. දැනටමත් පසුගිය සතිය ඇතුළත පමණක් ඊට 3000කට අධික සිසුන් ප්‍රමාණයක් සම්බන්ධ වී ඇති බවද දැනගන්නට තිබේ.

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත හැකි ප්‍රධානම ක්‍රියා මාර්ගයක් වන්නේ එය පැතිර යතැයි සැලකෙන පිරිස් නිරෝධායනට ලක් කිරීමය. ඒ වෙනුවෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන රාශියක් වෙන් කිරීමට රජය කටයුතු කළ අතර තවත් කිහිපයක් ඉදි කිරීමද ආරම්භ වී ඇත. මේ අතර කාමර 150කින් යුතු සුඛෝපභෝගී වස්කඩුව සිට්‍රස් හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා ලබා දීමට තීරණය කළ බව ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර මහතා පසුගියදා දැනුම් දුන්නේය. සිට්‍රස් වැනි තරු පන්තියේ හෝටලයක නිරෝධායනට ලක් වීමට අවස්ථාව ලැබීමත් එක් අතකින් භාග්‍යයක් බඳු වන අතර එහි කළමානාකාර අධ්‍යක්ෂවරයා වන දිලිත් ජයවීර මහතා හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දීමට කටයුතු කර තිබිණ.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සතු ත්‍රිකුණාමළයේ පිහිටි තරු පන්තියේ හෝටලයක් වන සිනමන් බ්ලූ හෝටලයද නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා ලබා දිය හැකි බව එහි පාලනාධිකාරියද පසුගියදා රජයට දැනුම් දුන්නේය. එමෙන්ම හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම සතු කාමර 154කින් යුතු මීගමුව ක්ලබ් ඩොල්ෆින් හෝටලයද මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා ලබා දී ඇත.
නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ඇතැම් ස්ථාන යොදා ගැනීමේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දීමටද රජයට සිදු විය. ඒ අතරින් ප්‍රධාන වූයේ වත්තල ලාදුරු රෝහල සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට තීරණය කිරීමේදී එම ප්‍රදේශවල ජනතාවගෙන් ආ විරෝධතාවයන්ය. මේවා පසුපස සිටියේ වෙන කවුරුවත් නොව රටම දන්නා දේශපාලකයන්ය. හැඳල විරෝධය පිටුපස ප්‍රසිද්ධියේම සිටියේ නිමල් ලන්සාය. මඩකලපු විරෝධය පිටුපස සිටියේ හිස්බුල්ලාය. එවැනි පසුබිමක ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට අමතරව තවත් බොහෝ ව්‍යාපාරිකයන් පිරිසක් තමන්ට අයත් විවිධ ප්‍රමාණයේ සංචාරක හෝටල් කිහිපයක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම සඳහා ලබා දීම සැබවින්ම අගය කළ යුතුය.
ඒ අතරින් එක් ව්‍යාපාරිකයකු වූයේ ගාල්ල ප්‍රදේශයේ චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතාය. තමන්ට අයත් කාමර 30කින් යුතු උණවටුනේ පිහිටි සංචාරක හෝටලය සහ තල්ගම්පොල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලය නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීම සඳහා පොලිසියට බාර දීමට ඒ මහතා දැනටමත් කටයුතු කර ඇත. සන්හිල් සමූහ ව්‍යාපාරයට අයත් කාමර 25කින් යුතු කටුනායක පිහිටි හෝටලයද නිරෝධායන කටයුතු සඳහා ලබා දීමට එම ව්‍යාපාරයේ අධිපති සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා තීරණය කර තිබෙන අතර එච්. ටී. එස්. සමූහ ව්‍යාපාරයේ අධිපති එච්. ඩී. ආර්. ප්‍රියන්ත මහතා තමන්ට අයත් හංවැල්ල ප්‍රදේශයේ පිහිටි කාමර 15කින් යුතු නිවාඩු නිකේතනය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ලබාදීමට තීරණය කර ඇත. එමෙන්ම ප්‍රසන්න දසනායක මහතාද තමන්ට අයත් කාමර 35ක හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා ලබා දී ඇත. ඊට අමතරව තවත් බොහෝ ව්‍යාපාරිකයන් තම සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන ලබා දීම සඳහා සූදානමින් සිටින බවද දැන ගන්නට ඇත.
මේ අතර රට පුරා පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ අසරණ වූ ජනතාව වෙනුවෙන් තමන්ට හැකි ආකාරයෙන් ආධාර ලබා දෙන විවිධාකාරයේ ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද බොහෝය. ඔවුන් තමතමන්ට හැකි ආකාරයෙන් අසරණ වූ ජනතාවට පිහිටවීමට ඉදිරිපත් වීම හැම දෙනාගේම ඇගයීමට ලක්ව ඇත. මේ සියල්ල සලකා බැලූ විට පෙනී යන්නේ රටක් ජාතියක් ලෙස අප තවමත් අසරණ වී නොමැති බවය. එක්ව සිටියහොත් නැවතත් අපට නැඟී සිටිය හැකි බවය. එබැවින් සාමාන්‍ය ජනතාව ලෙස අපද අපට හැකි උපරිමයෙන් රට වෙනුවෙන් අපේ යුතුකම ඉටු කළ යුතුය. ඒ අතරින් පළමුව සිදු කළ යුතු කාර්යය වන්නේ වෛරසය පැතිරීමට ඇති ඉඩකඩ ඇහිරීමය. එනම් හැකිතාක් අන් අයගෙන් වෙන්ව සිටීමය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

එදා රටම ගිලගත් මැලේරියාව අපි මර්දනය කරපු හැටි

Next Post

ප්‍රධාන පක්ෂ 3ම බරපතළ අර්බුදයක (රාජ්‍ය රහස්)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.