• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ගාමිණීගේ පුතා වළපනේ ‌‌හේරත්ගේ දුවට ‌මේ පාරත් පරදියිද?

March 14, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
ගාමිණීගේ පුතා වළපනේ ‌‌හේරත්ගේ දුවට ‌මේ පාරත් පරදියිද?
Share on WhatsAppShare on Facebook

ඉතිහාසය නැවත වරක් ප්‍රති නිර්මාණය වන බව ජනප්‍රිය කියමනකි. එය බොහෝ දේට එකසේ අදාළය. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළද එම කියමන සනාථ වූ අවස්ථා පිළිබඳ උදාහරණ රාශියක් සොයා ගත හැකිය. පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ උණුසුම රටම වෙළා ගෙන ඇති මොහොතකදී ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සිදුවූ දෙයක් නැවත සිහිපත් කරන අවස්ථාවක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අසන්නට ලැබිණි. ඒ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරියක වන රේණුකා හේරත් මහත්මියගේ දියණිය නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සමඟි ජන බලවේගය පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීමත් සමඟිනි.එක්සත් ජාතික පක්ෂයේ වලපනේ ප්‍රධාන සංවිධායකවරිය ලෙස කටයුතු කරන හිරන්‍යා හේරත් මහත්මියට සජිත් ප්‍රේමදාස මහතා යටතේ ජාතික සමඟි බලවේගයෙන් තරග කරන ලෙස වලපනේ ජනතාව ඇගෙන් ඉල්ලා සිටි බවද මාධ්‍ය ඔස්සේ වාර්තා විය. රේණුකා හේරත් මහත්මියගේ දියණිය සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම සුවිශේෂී කාරණයක් වන්නේ, නුවරඑළිය දිස්ත්‍රික් එජාප බල කණුව සේ සැලකෙන හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ පුතු වන නවීන් දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කිරීමත් සමඟය. ඉතිහාසය නැවත වරක් ප්‍රතිනිර්මාණය වීම මේ කතාවට ඈඳෙන්නේ ඒ හරහාය.
අද සජිත් ප්‍රේමදාස මහතා අලියා ලකුණ අත්හැර පොදු සන්ධානයක් යටතේ තරග වැදීමට සූදානම් වෙද්දී, මීට වසර 27කට පෙර එනම් 1993 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයන් වූ ගාමිණී දිසානායක මහතා සහ ලලිත් ඇතුලත්මුදලි මහතා ඇතුළු පිරිසක් එජාපය අත් හැර යමින් රාජාලියා ලකුණ යටතේ තරග වැදුණහ. එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දැරුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන් වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාය.
ගාමිණී, ලලිත් ඇතුළු ප්‍රබලයන් පක්ෂය හැරගොස් වෙනම තරග වදිද්දී, රණසිංහ ප්‍රේමදාස මහතාගේ ශක්තියට එක්සත් ජාතික පක්ෂයේ ඉතිරි වූ පිරිස අතරින් ප්‍රබල භූමිකාවක් රඟ දැක්වූ එක් තැනැත්තියක් වූයේ හිරන්‍යා හේරත් මහත්මියගේ මව වන රේණුකා හේරත් මහත්මියය. එම අවස්ථාවේ හේරත් මහත්මියගේ භූමිකාව ප්‍රබල එකක් වීමට හේතු වූයේ ඇය සහ ගාමිණී දිසානායක මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කිරීම මතය. රට පුරා විශාල ජනතා පැහැදීමක් සහ විශාල දේශපාලන බලයක් සතුවූ ගාමිණී දිසානායක මහතා වැනි ප්‍රබලයකුට එරෙහිව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සමඟ එක්ව රේණුකා හේරත් මහත්මිය ක්‍රියා කළ ආකාරය එකල රට තුළ දැඩි බහකට ලක් විය.
රේණුකා හේරත් මහත්මියට ඒ සඳහා නුවරඑළියේදී ශක්තිය ලබා දුන්නේ කාන්තාවක් වීමද විශේෂත්වයකි. ඒ නුවරඑළිය හිටපු නගරාධිපතිනී නලින් තිලකා හේරත් මහත්මියය. නලින් තිලකා හේරත් මහත්මිය සහ රේණුකා හේරත් මහත්මිය එක්ව ගෙන ගිය සටන හමුවේ ගාමිණී දිසානායක මහතාට එකල නුවරඑළිය නගරයේ රැලියක් හෝ පැවැත්වීමට අවස්ථාව නොලැබුණු බව බොහෝ දෙනා දන්නා කරුණකි. නලින් තිලකා හේරත් මහත්මිය සහ රේණුකා හේරත් මහත්මිය එකල හැඳින්වූයේ නුවරඑළියේ යකඩ ගැහැනුන් ලෙසින්ය.
ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කිරීම පිළිබඳව අප හිරන්‍යා හේරත් මහත්මියගෙන් අදහස් විමසූ අවස්ථාවේ ඇය සඳහන් කර සිටියේ තමන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතු වීමට තීරණය කළේ ජනතාවගේ ඉල්ලීම මත බවය.
“පක්ෂයක් කියන්නේ පාක්ෂිකයන්. නැතුව නමක් නෙවෙයි. ඉතින් මේ වෙලාවේ සියලුම එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව ඉදිරියට යන්න කියලයි. ජනතාවගේ ඒ ඉල්ලීම මත තමයි මම මගේ තීරණය ගත්තේ. අපේ අම්මා 1977 දේශපාලනයට එද්දී තිබුණු එක්සත් ජාතික පක්ෂය නෙවෙයි අද තියෙන්නේ. එදා දුප්පත් ජනතාවගේ පක්ෂයක් විදියට තිබුණු පක්ෂය දැන් එක්තරා පන්තියක් අතට පත් වෙලා තියෙනවා. ඉතින් අපිට ඉදිරි ගමනක් තියෙන්න නම් ඒ හරහා ජනතාවට සේවය කරන්න නම් අපිට කරන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහතාට ශක්තිය ලබා දෙන එක විතරයි. ජනතාව ඉල්ලන්නෙත් ඒකයි.”
නුවරඑළියේ යකඩ ගැහැනියක් ලෙසින් එකළ රණසිංහ ප්‍රේමදාස මහතාට ශක්තියක් වූ තම මෑණියන් සහ තමන්ගේ දේශපාලන ගමන ගැන හිරන්‍යා හේරත් මහත්මිය අප සමඟ අදහස් පළ කළේ මෙසේය.
“94 වෙනතෙක් අපේ අම්මා මේ ප්‍රදේශයට කරපු වැඩ ගැන තමයි ජනතාව අදටත් කතා කරන්නේ. ඒ වගේම අපේ අම්මා ගත්ත දේශපාලන තීන්දුත් හරියට ගත්තා. ගාමිණී දිසානායක වගේ ප්‍රබලයෙක් පක්ෂය කඩා ගෙන යද්දී, ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා පක්ෂයත්, පාක්ෂිකයනුත් බේර ගන්න එතුමියට පුළුවන් වුණා. ඒ හරහා ජනතාවට විශාල සේවයක් කරන්න අපේ අම්මට පුළුවන් වුණා. අම්මා කරපු ඒ සේවයෙන් භාගයක්වත් ජනතාව වෙනුවෙන් ඉටු කරන එක තමයි මගේ බලාපොරොත්තුව. සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක එකතු වෙලා ඒ බලාපොරොත්තුව ඉටු කර ගන්න හැකියාව ලැබෙයි කියලා මට විශ්වාසයි.”
රේණුකා හේරත් මහත්මියට ශක්තියක් වූ නලින් තිලකා හේරත් වැනි ප්‍රාදේශීය දේශපාලනඥයන් මෙවර කොයි ආකාරයෙන් කටයුතු කරාවිදැයි ඇසූ පැනයට හිරන්‍යා හේරත් මහත්මිය පිළිතුරු දුන්නේ මෙසේය.
“අනිවාර්යයෙන්ම. එදා නලින් තිලකා හේරත් මහත්මිය අපේ අම්මට සහයෝගය ලබා දුන්නා වගේම මෙවර නුවරඑළියේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ මට සහ සජිත් ප්‍රේමදාස මැතිතුමාට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. මොකද ඒ අයත් එක්කත් කතා කරලා තමයි මම මේ තීරණය ගත්තේ. ඒ හින්දා ඒ ගැන මට කිසිම සැකයක් නැහැ.” ඒ හිරන්‍යා හේරත් මහත්මියගේ අදහස්ය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයා නවීන් දිසානායක මහතාය. ඔහුට එරෙහිව ජාතික සමඟි බලවේගයෙන් තරග වදින්නේ රේණුකා හේරත් මහත්මියගේ දියණිය වන හිරන්‍යා හේරත් මහත්මියය. එක්සත් ජාතික පක්ෂය සහ ජාතික සමඟි බලවේගය වෙන්ව තරග වදින බව තවම ස්ථිරවම ප්‍රකාශ වී නැතත්, මේ වන විට පෙන්නුම් කරන වාතාවරණය අනුව එය එලෙස සිදු වීමේ වැඩි ඉඩක් නිර්මාණය වී ඇත. එක්සත් ජාතික පක්ෂ අනන්‍යතාව සමඟින් උපත ලැබුවද, නවීන් දිසානායක මහතාට තරම් දේශපාලනික අත්දැකීම් හිරන්‍යා හේරත් මහත්මිය සතුව නැති බව සැබෑවය. නමුත් ප්‍රබලයන් සමඟින් තරග වැදීමට තම මෑණියන් සතුව පැවැති ශක්තිය තමන්ට ඇති බව ඇය මේ වන විටද ඔප්පු කර අවසන්ය. ගාමිණී දිසානායක මහතාට එරෙහිව තරග වදිමින් නුවරඑළියේදී රණසිංහ ප්‍රේමදාස මහතාට ජනතා ශක්තිය හිමි කර දෙන්නට 1993දී රේණුකා හේරත් මහත්මියට හැකි විය. මෙවර මැතිවරණයේදී හිරන්‍යා හේරත් මහත්මිය එම අභියෝගය කොයි ලෙසකින් භාර ගනීවිද යන්න ඉදිරියේදී දැක බලා ගත හැකි වනු ඇත. මේ සිදුවීමට අදාළව ඉතිහාසය නැවත වරක් ප්‍රතිනිර්මාණය වන්නේ කෙසේදැයි යන්නද, එවිට සැමට පැහැදිලිව තේරුම් ගත හැකි වනු ඇත.
එමෙන්ම එදා ගාමිණී දිසානායක මහතා වෙන්ව යද්දී රණසිංහ ප්‍රේමදාස මහතාට ශක්තියක් වෙමින් රේණුකා හේරත් මහත්මිය යකඩ ගැහැනියක් බවට පත් වූ ලෙසින් මෙවර නවීන් දිසානායක මහතා වෙන්ව යද්දී සජිත් ප්‍රේමදාස මහතාට ශක්තියක් වෙමින් යකඩ ගැහැනියක් බවට පත්වීමට හිරන්‍යා හේරත් මහත්මියට හැකිවේවිද යන්නද ඉදිරියේදී තීරණය වනු ඇත.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රවීට ‌‌මේ තරම් බය ඇයි?

Next Post

අහස් මාලිගා තරු ආදරය ගැන කියපු රහස්

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.