• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ගල් මුල් සහ තෙල්

April 6, 2021
in News, Politics
Reading Time: 6 mins read
A A
පොල්තෙල් හිඟයක් අත ළඟ! සංගමය නිෂ්පාදනය නවත්වයි
Share on WhatsAppShare on Facebook

“ලංකාවෙ කහ නෑ” කියලා කට ගන්නටත් කලින් හාල් ගාන නැග්ගේය. ඒ හිතා ගන්නට බැරි තරමටය. මේ වෙන කොට හාල් තියෙන්නෙ අර්බුදයකය. ඒ අස්සෙ සීනි සම්බන්ධ බරපතළ අර්බුදයක් එළියට ආවේය. ඒක මේ වෙන කොට තාමත් කතාබහ කෙරෙන තරමට දුර දිග ගොස් තිබේ. සීනි ප්‍රශ්නයේ රස්නෙ යන්ඩත් පෙර අලුතෙන් කරළියට ආවේ වෙනම ප්‍රශ්නයකි. ඒ පොල් තෙල්ය. පොල් තෙල් අර්බුදය සීනි හාල් කහ ප්‍රශ්නවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් එකකි. ඒකේ බරපතළකම වැඩිය. රෝග කාරක පොල්තෙල් කන්ටේනර් ගණනක් මේ වෙන කොට මගට බැස තිබේද? ප්‍රශ්නයකි. මේ ඒ උත්තරයක් නැති ප්‍රශ්නයේ බරපතළකම ගැන තේරුම් ගැනීමට කරනා සරල උත්සහායකි.

“තෙල් විසලු” සමහරු කියති.
“විස පොල් තෙල් රටට ඇවිල්ලා” මේ ඒ ගැන තවත් කතාවකි.
“අපි තෙල් ගැන පරීකෂණ කරනවා” බලධාරීන් කියයි.
“විෂ පොල් තෙල් තුන්වෙනි පරීක්ෂණයෙනුත් අසමත්” මාධ්‍ය වාර්තා කරයි.
“ඕක මේ ෆාම් ඔයිල් මාර්කට් කරගන්න ගහන ගේමක්” තවත් සමහරු කියති.

මේ සියලු කතා මැද අපි මේ කතාව මෙසේ ලියමු.“ලංකාවෙ කහ නෑ” කියලා කට ගන්නටත් කලින් හාල් ගාන නැග්ගේය. ඒ හිතා ගන්නට බැරි තරමටය. මේ වෙන කොට හාල් තියෙන්නෙ අර්බුදයකය. ඒ අස්සෙ සීනි සම්න්ධ බරපතළ අර්බුදයක් එළියට ආවේය. ඒක මේ වෙන කොට තාමත් කතාබහ කෙරෙන තරමට දුර දිග ගොස් තිබේ. සීනි ප්‍රශ්නයේ රස්නෙ යන්ඩත් පෙර අලුතෙන් කරළියට ආවේ වෙනම ප්‍රශ්නයකි. ඒ පොල් තෙල්ය. පොල් තෙල් අර්බුදය සීනි හාල් කහ ප්‍රශ්නවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් එකකි. ඒකේ බරපතළකම වැඩිය. රෝග කාරක පොල්තෙල් කන්ටේනර් ගණනක් මේ වෙන කොට මගට බැස තිබේද? ප්‍රශ්නයකි. මේ ඒ උත්තරයක් නැති ප්‍රශ්නයේ බරපතළකම ගැන තේරුම් ගැනීමට කරනා සරල උත්සහායකි.

පොල් තෙල් ලංකාවේ පාවිච්චිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. මක්නිසාද යත් ලංකාවේ මිනිසුන්ට “පොල් තෙල්” පාවිච්චිය අමුතුවෙන් හෝ අලුතෙන් පුරුදු කරන්නට දෙයක් නැත. ලංකාවේ මිනිස්සු පොල් තෙල් කන්නේ අදක ඊයෙක සිට නොවේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතය බැඳී තියෙන්නේ තෙලුත් කිරිත් සමගය.
“තෙලෙන් කාලා කිරෙන් අත හෝදලා”
යනුවෙන් කතාවක් කරළියට එන්නේත් ඒකය. හැබැයි ලංකාවේ මිනිස්සු ඉස්සර කළේ ගේ දොරේ උවමනාවට ගැළපෙනා ප්‍රමාණයේ තෙල්ටික ගෙදරම හදා ගැනිල්ලය. ඒ නිසා කාටවත් “තෙල් ” පිළිබඳ ප්‍රශ්න තිබ්බේ නැත.
ගමේ උන්දලා මේ තෙල් හිඳිල්ල පහසුවෙන්ම ගේ දොරේ දීම කරගත්තේය. මහා පරිමාණෙන් තෙල් හිඳින්න අවශ්‍ය නම් සෙක්කුව තිබ්බේය. සාමාන්‍ය ගේ දොරේ කෑම්බීම් රහ කරගන්නට පොල්තෙල් පාවිච්චියට ගත්තේය. ඊට අමතරව හිස ගෑවේත් තෙල්ය. පාන තිබ්බේත් සමහර විට ගෙදර පාන පත්තු කළේත් තෙලෙන්ය. උවමනාව පිරිමැහෙන තරමේ තෙල් හදාගැනිල්ල ගෙවල්වල කෙරුණ නිසා තෙල් පිට රටින් ගෙන්නා ගැනීමෙ උවමනාවක් නොවීය.

ඒත් මේ වන විට තත්ත්වය හොඳටෝම වෙනස්ය. තෙල් පිරටරටවලින් බහුලවම ගෙන්වනු ලැබේ. ඒ නිසාම රජය විසින් තෙල් සම්බන්ධව නීති රීති පැනවීය. පහත ඔබ කියවන්නේ ඒ සම්බන්ධ උපුටා ගැනීමකි.

“පිරිපහදු නොකරන ලද පොල්තෙල් ටොන් එකක් සඳහා රුපියල් 125,000/= (කිලෝවකට රුපියල් 125/= ) විශේෂ ආනයන භාණ්ඩ බද්දක් නියම කර ඇති අතර පිරිපහදු නොකරන ලද පාම් තෙල් ටොන් එකක් සඳහා රුපියල් 250,000/=ක් නැතහොත් කිලෝවක් සඳහා රුපියල් 250/=ක විශේෂ භාණ්ඩ බද්දක් අය කරනු ලබයි.”
මේ නීති රීති පැන වීම ගැන තතු දත් අය විසින් මෙසේ පැහැදිලි කිරීම් ඉදිරිපත් කරනු ලැබේ.

“මෙම ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා රජය සහන සැලසීම නිසා බොහෝ පිරිපහදු හිමියන් මැලේසියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවලින් පසුගිය කාලය තුළදී පිරිපහදු කරන ලද සහ පිරිපහදු නොකරන ලද පොල් තෙල් ආනයනය කර වෙළෙඳපළට සපයමින් සිටී.

මේ අතරතුර දැනට විවාදයට භාජනය වී ඇති පොල්තෙල් ටොන් 185.5ක ප්‍රමාණයක් අඩංගු බහාලුම් ටැංකිවල ශරීරයට අහිතකර ්කේඑදංසබ නැමැති ද්‍රව්‍ය අඩංගු වී ඇති බව වරාය සංකීර්ණයේ පවත්වාගෙන යන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක චදරඑ දෙදා ්බා යැ්කඑය මබසඑ විසින් දෛනිකව තොග පරික්ෂා කිරීම්වලදී සොයාගෙන ඇත.
මෙම සිද්ධිය සෞඛ්‍ය අමාත්‍යංශයේ (ආහාර පරීක්ෂණ ඒකකය) විසින් සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අදාළ ආනයනකරුවන් දැනුවත් කර ඇති අතර එම බහාලුම් අපනයනය කරන ලද සාමාගම්වලට නැවත ප්‍රතිඅපනයනය කරන ලෙසද ඔවුන්ට දැනුම්දී තිබේ”

කතාව ඕකය. ජාතික පිළිකා ආයතනය මේ ඇෆ්ලාටොක්සින් පිළිබඳ දක්වන අදහස මේකය. මේ ඉංග්‍රීසි සටහනක සිංහල උපුටනයයි.

ඇෆ්ලාටොක්සින් යනු කුමක්ද?

“ඇෆ්ලාටොක්සින් යනු බඩ ඉරිඟු (ඉරිඟු), රටකජු, කපු බීජ වැනි කෘෂිකාර්මික භෝගවල දක්නට ලැබෙන ඇතැම් දිලීර මගින් නිපදවන විෂ වර්ගයකි. ඇෆ්ලාටොක්සින් නිපදවන ප්‍රධාන දිලීර වන්නේ ලෝකයේ උණුසුම් හා තෙතමනය සහිත ප්‍රදේශවල බහුල වන ඇස්පර්ගිලස්ෆ්ලේවස් සහ ඇස්පර්ගිලස් පරපෝෂිතයන් ය.”

ලෝකයේ ඇල්ෆාටොක්සින් පිළිබඳ මේ වන විට දැඩි අවධානයක් යොමු වෙමින් තිබේ. ඒ නිසා ලංකාවේද මේ අවධානය ඇති වීමේ වරදක් නැත. වෙන කිසිම දේශපාලන හෝ ව්‍යාපාරික කූට උපක්‍රමයකින් තොරව මෙහෙම එකක් වෙනවා නම් ඒකෙ නරකක් නැත. හැබැයි එහෙම නැතිව තවත් වර්ගයක් මාකට් කරගන්නා අදහසින් මේ වෙලාවෙ පොල් තෙල්වල ඉල්ලුමට වෙන සැපයුමක් දෙන්න හදනවා නම් ඒක මේවෙන දේට වඩා භයානකය.
පොල් තෙල් අර්බුදය මේ වෙන කොට අලුත්ම මාතෘකාව බවට පත් වෙමින් තිබේ. හැමෝම කතා කරන්නේ ඒ ගැනය. පුදුම වැඩේ කියන්නේ ඒක නොවේ. මේ ලංකාවේ වැඩියෙන්ම තෙල් පාවිච්චි වෙන කාලයයි. කාගේවත් අවධානයක් ඒ ගැන නැති එක පුදුමය.

“දිගු කලක් තිස්සේ මෙරටට පොල් තෙල් ආනයනය කරනු ලබන සමාගම් 4ක තෙල් සාම්පල පරීක්ෂාවට ලක්වෙමින් පවතින අතර දින කිහිපයක් ඇතුළත එහි ප්‍රතිඵල නිකුත් වනු ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේන මිල්ස් රිෆයිනරීස්, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් සහ කටාන රිෆයිනරීස් යන සමාගම්වල සාම්පල එලෙස පරීක්ෂා කරමින් පවතින බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියා සිටියි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න විසින් නිකුත්කර ඇති නිවේදනයේ ඒ බව සඳහන් වේ.

ආනයනකරුවන් 4 දෙනෙකු විසින් රටට ආනයනය කරන සෞඛ්‍යයට අහිතකර පොල්තෙල් විකිණීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවසරදී ඇති බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මුළුමනින්ම ව්‍යාජ හා අසත්‍ය චෝදනාවක් ඉදිරිපත් කර ඇති බව නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ ජීවිතවලට හෝ ජීවනෝපායන්ට අහිතකර වන කිසිදු වෙළෙඳ භාණ්ඩයක් හෝ ආහාරයක් සඳහා ප්‍රමිති ආයතනයෙන් අනුමැතිය නොලැබෙන බව එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අවධාරණය කර සිටියි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“සියලුම ආනයනකරුවන් විසින් රටට ආනයනය කරන ලද පොල්තෙල් ඇෆ්ලාටොක්සින් සඳහා රසායනාගාර පරීක්ෂණ අඛණ්ඩව ශ්‍රී ලංකාප්‍රමිති ආයතනය විසින් පරික්ෂා කරනු ලබන අතර එය මයික්‍රෝ ග්‍රෑම් 10/ කි.ග්‍රෑ. පමණ වේ.
මෑත මාධ්‍යවල පෙන්වා දී ඇති පරිදි, රේගු අධිකාරිය, එස්.එල්.එස්.අයි. ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ (ආහාර පරීක්ෂණ ඒකකය) විසින් පොල්තෙල් බහාලුම් 13ක් පාරිභෝගිකයින්ට විකිණීම සඳහා අනුමත කර නොමැත.
පාරිභෝගික කටයුතු අධිකාරියද මෙම ආනයන පිළිබඳව දැඩි අවධානයෙන් සිටී.

අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේනා මිල්ස් පිරිපහදුව, එඩ්රිසිං එඩිබල් ඔයිල් සහ කටාන පිරිපහදුව යන සමාගම් දිගුකාලයක් තිස්සේ පොල් තෙල් ආනයනකරුවන් ලෙස කටයුතු කරයි. එම සාමගම්වල සාම්පල පරීක්ෂාවට ලක්වෙමින් පවතින අතර දින කිහිපයක් ඇතුළත ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත.

පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශය (ආහාර පරීක්ෂණ ඒකකය) සමඟ එක්ව තත්ත්වය සුදුසු නම් පමණක් ඉහත ආනයන විකිණීම සහ අවශ්‍ය අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ලබා දෙනු ඇත.
මේ ලංකාවේ වැඩිම පොල් තෙල් භාවිතා වෙන කාලයයි. මේ ගැන මාවනැල්ලේ ව්‍යාපාරිකයෙක් වූ ජනක දිසානායක මහතා කී කතාවත් මේ අගට ඇමිණිය යුතුමය.

“සාමාන්‍යයෙන් අපි මාසෙටම විකුණන්නෙ පොල් තෙල් ලීටර් තිහක් හතළිහක් විතර. ඒක අවුරුදු කාලෙට සීයක් එකසිය විස්සක් විතර වෙනවා. ඊට පස්සෙ වෙසක් පෝයටත් තෙල් යනවා. අවුරුදු මාසෙ තරමටම නෑ. එතකොට ලීටර් හැටක් විතර වෙනවා”

මේ එහෙම නම් තෙල් වැඩියෙන් අලෙවි වෙන වෙලාවයි. මේ වෙලාවේම තෙල් අර්බුදයක් පැමිණීම විශේෂයෙන් අවධානය යොමු කළ යුතු තත්ත්වයකි. මේ කතාව පිටුපස නොදන්නා න්‍යාය පත්‍රයක් තිබිය නොහැකිදැයි හිතෙන්නේ ඒකය. මේ යන විදියට ලංකාවේ තෙල් ඉතාම ඉක්මනින් ප්‍රශ්නයක් වෙනු ඇත. මෙච්චර කාලයක් ලංකාවට තෙල් ප්‍රශ්නයක් තිබ්බා නම් ඒ තිබ්බේ ඩීසල් පෙට්‍රල් ගැනය. එහෙම නැතිව වෙන ප්‍රශ්න මොනවාවත් තිබ්බේ නැත. ඒත් සියල්ල කණපිට හරවමින් අවුරුදු කටේ පොල් තෙල් අර්බුදයක් පැමිණ තිබේ.

මේවායේ අග මුල ගළපන්නට යාමෙන් වැඩක් නැත. ජනතාවට කියන්නට තියෙන්නේ ගමේ කාගෙන් හෝ පොල් තෙල් ටිකක් අරගෙන උවමනාවල් පිරි මහගන්නැයි කියාය. එහෙම නැතුව මොකක් හරි සෙප්පඩ විජ්ජාවකට අහු නොවෙන්නට ඔක්කෝම පරිස්සම් විය යුතුය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මෙන්න බන්දුලගේ අලුත්ම එක

Next Post

උලත් එකයි පිලත් එකයි මළත් එකයි නැතත් එකයි අපි හැමදා සොමියෙ ඉන්නවා…

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! I Sri Lanka Latest News

දැරණියගල පනාවල විවිධ සේවා සමුපකාර සමිතියේ සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයෙන් සභික ධුර 85ක් දිනා ගනිමින් විශිෂ්ට ජයක් අත් කර...

Read more
‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.