• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

උලත් එකයි පිලත් එකයි මළත් එකයි නැතත් එකයි අපි හැමදා සොමියෙ ඉන්නවා…

April 6, 2021
in Uncategorized
Reading Time: 6 mins read
A A
උලත් එකයි පිලත් එකයි මළත් එකයි නැතත් එකයි අපි හැමදා සොමියෙ ඉන්නවා…
Share on WhatsAppShare on Facebook

“යාපනේ යන්න වෙනවා”

මේ කතාව පත්තර කන්තෝරුවෙ නිතරෝම ඇහෙන එකක්. යාපනේ විතරක් නෙමේ. කොහේ උනත් කියපු ගමන්ම යන්න එවරෙඩි වගේ සෙට්එකක් මේ පත්තර කන්තෝරුව ඇතුළෙ ඉන්නවා. ඒක නිසා වැඩක් කරන එක කවම දාකවත් අමාරු දෙයක් වුණේ නෑ.

පහන්, චන්දන, සිතිජ වගේම ජගත්, ඉන්දික, සහන්, මධුමාල් එහෙමත් මේ ගමන්වල සෙට් වෙනවා. හැබැයි මේ හැමෝටම පත්තරේ පැවරුණ වෙන වෙන රාජකාරි තියෙනවා. ඒවා කිසිම එකක් අතපහු නොකර රට වටේ කරක්ගැහිල්ල ලේසි වැඩක් නෙමේ. ඒත් ඒක කිසිම මැසිවිල්ලක් නැතිව මේ අය කරනවා. ඒ අස්සෙ කපිල, නිලන්ති, රත්නායක වගේ අය ඔෆිස් එකේ වැඩේ දුවන්න ඕනෙ කරන ඒවා කළා. ප්‍රේමලාල් විජයරත්න, චන්ද්‍රසේන මාරසිංහ, ප්‍රියන්ත හෙට්ටිගේ කියන ජේෂ්ඨ මාධ්‍යවේදියො තමයි අපිට ඉන්න සම්පත. වසන්ත තමයි අපේ නළුවා. ෂූටින් වැඩයි ඔෆිස් එකේ වැඩයි දෙකම එයා කරනවා. සරත් වැඩි සද්ද බද්ද නෑ. තිළිණ තමයි ඇඩ්වටයිසින් එක තනියම රන් කරන්නෙ. තුෂාර මහත්තයයි, උපුල් මහත්තයයි ගැන ආයෙ කියන්නඩ ඕන නෑනෙ. කොහොම හරි මේක කාට හරි කෙනෙක්ට බලාගෙන ඉගෙන ගන්න වටිනා තාලෙ ටීම් වර්ක් එකක්.

සාමාන්‍යයෙන් පත්තර කන්තෝරුවක එක්කෙනෙකුට තියෙන්නේ එක වැඩයි. එක වැඩයි කියන්නේ එක අංශෙක වැඩ විතරයි. ඒත් අපේ සිතිජ තනියෙන් අංශ කිහිපයකම වැඩ කරනවා. සිතිජ කියන්නේ අපේ නිරමාණාත්මක අධ්‍යක්ෂ. පත්තරේ හැදෙන්නේ මුද්‍රනය වෙන්නේ සිතිජගෙ අධීක්ෂණය යටතේ. ඒ වගේම තමයි සිතිජ කියන්නේ අපේ බෙදා හැරීමේ කළමණාකරු.

ඕනෑම මුද්‍රිත මාධ්‍යක බෙදා හැරීම් අංශය කියන්නේ ප්‍රධාන තැනක්. කිහිප දෙනෙක් සේවය කරන තැනක්. ඒත් සිතිජ මේ හැමදේම කරන්නේ තනියම. ඔහු යටතේ මේ වැඩේට ජගත්, චානක, ජයතිස්ස, මුදන්නායක, ගමගේ වගේ කිහිප දෙනෙක්ම සේවය කරනවා. ඒ හරහා තමයි ලංකාව වටේට අපේ පත්තරේ බෙදාහරින්නේ. ඒ විතරක් නෙවෙයි. සිතිජ තමයි අපේ විද්‍යුත් මාධ්‍ය කටයුතු සියල්ලම මෙහෙය වන්නෙත්. මෙච්චර දෙයක් කරන ගමන් රට වටේ ඇවිද්ද්දි කැමරාවෙන් පොටෝ ගන්නෙත් සිතිජ.

කපිල පුංචිමාන්නගේ අපේ සම කර්තෘ. කාලයක් පත්තර පිටු එක්ක හැප්පිලා අත්දැකීම් ගොඩයි. දැං පත්තර වැඩේ කරන ගමන්ම වෙබ් එක වෙනුවෙනුත් කාළය ගත කරනවා. හැබැයි මොනවා කළත් තවත් මිනිහෙක් බඩ ගින්නෙ ඉන්න එක නං කපිලට ඉවසන්නම බෑ. තමන් බත් කටක් කාළා අනිත් හැමෝටම බෙදල දෙන්න බත් දෙකක්ම මෙයා අරගෙන එනවා.

නිලන්ති රේණුකා චරිත ගොඩක් මේ නාට්‍යයෙයේ කරනවා. එකවුන්ට් පැත්තෙ වැඩත් එක්ක කාර්යාල කටයුතු ටිකත් කරනවා. පඩිනඩි වැඩ ටික කරන තැන ඉඳලා තේ එක බෙදන එක දක්වා බලන්නෙ නිලන්ති. පෑනක්, කොළයක් ගන්නත් නිලන්ති ළඟට කට්ටිය යන්න ඕනෙ. තමන්ගෙ දෙයක් වගේ හැම දේම පරිස්සම් කරලා, බෙදලා හදලා වගකීම් දරන අස්සෙ නිලන්තිත් හැම සතියකම ලිපි දෙකක් තුනක් ලියනවා.

ජගත් කියන්නේ අපේ සෝදුපත් අංශයේ ප්‍රධානියා. වැරැදි අකුරු හොය හොය මුදුණය වෙන්න කලින් පත්තරේ හැම පිටුවක්ම කියවන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ එක්කම ජගත් තමයි කොළඹ ප්‍රදේශයේ බෙදාහැරීම් කලමණාකරු.
කොළඹ වටේ තියන හැම පත්තර ලෑල්ලක් ගැනම හොයලා බලන ගමන් රට වටේ ඇවිදින්න යන්නත් ජගත් අමතක කරන්නේ නැහැ.

ඉන්දික කියන්නේ අපේ වෙබ් අඩවියේ මාධ්‍යවේදියක් වගේම සැලසුම් ශිල්පියෙක්. ඒ ගමන් හාට් අතිරේකය හරහා කලාකරුවන්ගේ තොරතුරු කතා කරන්නත් වගේම පත්තරේ අනෙකුත් ලිපි ලියන්නත් ඉන්දික කැමැතියි. ඒ එක්කම ඕනෙ තැනක ඇවිදින්න යන්නත් ඉන්දික එක පයින්. ඒ විතරක් නෙවෙයි ඒ ගමන්වලදි ඕනෙ කට්ටක් කන්නත් ඉන්දික දක්ශයා.

පත්තර පිටු ටික ලස්සනට හැඩ දාල ඔබට කියවන්න ආස හිතෙන විදියට හදන අයගෙන් කෙනෙක් තමයි සහන්. ඒ අතරේ තමයි සහන් කට්ටිය එක්ක ඇවිදින්න යන්නේ. ඒ වගේම සහනුත් දක්ෂ කැමරා ශිල්පියෙක්. නකල්ස් ගමන අතරෙදි සිද්ධ වුණු රසබර සිදුවීම් ගොඩකට සහන් සම්බන්ධයි.

පිටු හැඩ කරන අපේ අනෙක් සමාජිකයා තමයි මධුමාල්. හැබැයි මෙයා අනෙක් අයට වැඩිය වෙනස්. මොකද අනෙක් අය වගේ එහෙමෙහෙ ඇවිදින්න මධුමාල්ගෙ වැඩි කැමැත්තක් නෑ. පාඩුවේ තනියෙන් පැත්තකට වෙලා සිංදුවක් අහන එක තමයි එයාට තියෙන එකම විනෝදේ.

කසුන් බුද්ධික තමයි අපිට සෙට්වුණ අලුත්ම සාමාජිකයා. පරිගණක පාඨමාලාවකින් පසුව පුහුණු වෙන්න අපේ ඔෆිස් එකට ආපු කසුන් මේ වෙනකොට පිටු සැලැසුම් අංශයට නැතුවම බැරි සාමාජිකයෙක්. තිළිනත් එක්ක හරි හරියට ඔට්ටු වෙලා ව්‍යාපාරික අංශයේ පිටු හැඩ වැඩ කරන්න කසුන් ගන්නෙ ලොකු වෙහෙසක්.

හාට් අතිරේකයේ වැඩි බරක් දරන්නේ වසන්ත. වසන්ත නළුවෙක් හින්දා ඒ වැඩේ ලේසියි. රඟපාන ගමන් ලැබෙන විවේකයෙදි වසන්ත ලියනවා. ඒ කාර්යබහුලත්වය හින්දම අපේ ඔෆිස් එකේ අයත් වසන්තව දකින්නේ ටීවී එකෙන් විතරයි.

යතුරුලියන අංශයේ ප්‍රධානියා අපේ සරත් අයියා. සරත් අයියත් බොහොම නිහඬ චරිතයක්. ඒ වුණාට කන්තෝරුවෙ හැමෝම එක්ක යන වාර්ෂික සංචාරයෙදි නම් ඒ නිහඬබව බිඳෙන හැටි අපි දැකලා තියෙනවා.

රත්නායක අයියා කියන්නෙත් හොඳ වැඩකාරයෙක්. වැඩිපුර සමබන්දතා තියෙන්නෙ පන්සල් එක්ක. මහාවංසෙ වගේම අපේ ජෝතිශ්‍ය වැඩ ටිකත් කරන්නෙ එයා. සමහර කාලවල ගෙදර යන්නෙ උදේට. අයෙ හවස ඔෆිස් එනවා. ගෙදර ඉන්නවට වඩා ඉන්නෙ ඔෆිස් එකේ.

චන්දන පොන්නම්පෙරුම කියන්නෙ අපේ ස්පෝට් එඩිටර්. ඒත් එයා එහෙමයි කියලා නෑ. ඕනම වෙලාවක ඕනම එකකට එවරෙඩි. චන්දනගෙ තියෙන ලොකුම අවුල කතා කරන එකේ ස්පීඩ් එක. ලෝකෙ අඩුම කාළයක් ඇතුළත වැඩිම වචන ගානක් කියන අය කීප දෙනා අතර චන්දනත් ඉන්නවා. හැබැයි නෑබෑ නොකියා ඕනෑම ගමනක් යන මේ හාදයට සින්දු කියන්න එහෙමත් පුළුවන්. ඒ අතර චන්දනගෙ ගිටාර් හැකියාව ගැනත් කියන්න ඕනෙ. මෙයාගෙ ගිටාර් ගහන වීඩියෝවක් යූ ටියුබ් එකට දාන්නෙ 2012 දි.

ලියන්න කියන්න හැකියාව වගේම ඒකටම හරියන නමකුත් ලැබුණු මාධ්‍යවේදියෙක් තමයි ජීවන පහන් තිලිණ. ජීවන ලියන දේවල් බොහොම ආසාවෙන් හැමෝම කියවනවා. ජීවනගෙ රසිකයෝ වැඩි හරියක් කාන්තා පාර්ශ්වයේ අය. ලියන ගමන් රූපවාහිනී නිවේදකයෙකු ලෙස කටයුතු කරන ගමන් රට වටේ ඇවිදින්න ගමන් බිමන් සැලසුම් කරන එකටත් ජීවන හරිම කැමැතියි. පාස්කු ප්‍රහාරයෙන් දවස් කීපයකට පස්සේ කාන්තන්කුඩි යන්න ඕනෙ කිව්වම අපේ කතෘතුමා පවා පුදුම වුණා. ඒත් හැමදේම හොඳටම කරගෙන ඒ වෙද්දි කාත්තන්කුඩියේ තිබුණු තත්ත්වය රටට කියන්න ජීවනට පුළුවන් වුණා. අපි හිතුවේ විවාහ දිවියට එළැඹුනාට පස්සෙවත් ජීවනගෙ මේ ඇවිදිල්ල නතර වේවි කියලා. ඒත් එහෙම බවක් නම් පේන්නෙ නෑ. හැබැයි මේ විදිහට රට වටේම කරක්ගැහුව කියන පහන්ට තවම සිරීපාදෙ නැගගන්න බැරිවෙලා තියෙනව කියල තමයි ඔෆිස් එකේ නම් කට්ටිය කියන්නෙ.

හැබැයි එහෙමයි කියලා නෑ. අපිට ඔය යන එන අතරෙ ඕනෑ හැටියෙ අලකංචින්වෙලා තියෙනවා. අපි මේ සතියෙ ඒ අලකංචි ගැන ලිව්වෙ අපි කාපු පරිප්පු ටිකක් ඔයාලා එක්කත් බෙදාහන්න ඕනෑ නිසා. මොකද ලියන අපියි කියවන ඔයාලයි අපි ඔක්කොම එකම පවුලක් නෙ.

මේ වෙදියෙ අත්දැකීම් නම් ඕනෑ තරං. ඒත් අපි ගියපු කාත්තන්කුඩි ගමනෙන්ම මේක පටන් ගත්තා නං හොඳයි කියලා හිතුනා. වැඩේ වෙන්නෙ පාස්කු ප්‍රහාරයත් එක්ක. මුළු රටම හිටියෙ බයෙන් ඇකිළිලා.
“මොකක්ද මේ වුණේ..!!!”
කියන එකට සාධාරණ උත්තරයක් දෙන්න බැරිව හැමෝම අසරණ වෙලා ඉන්න වෙලාවක අපිට වුවමනා වුණේ හැමෝටම මේ කතාවෙ ඇත්ත කියන්න. ඒත් ඒ වෙන කොට අපි පටන් ගත්තා විතරයි. අපිට රජයේ හැඳුනුම්පතවත් නෑ. පත්තරේ නම ඒ වෙනකොට මිනිස්සු දන්නෙවත් නෑ. ඒත් එදා අපි ඒ ගමන ගියා. අපි සියොන් පල්ලියෙ ලේ හෝදන්නත් කලින් කාත්තන්කුඩියෙ නැවතුනේ. ඒ ගමන යන්න චන්දනයි, පහනුයි ලෑස්ති වුණත් චන්දන ඒකට සහභාගි වුණේ නෑ.
“චන්දන බය වෙලා” කියලයි හැමෝම කිව්වෙ. කොහොම නමුත් ගමන ගියේ අපේ පහන් එක්ක අපේ පවුලට ආගන්තුක උනත් නිතරම අපේ අය එක්ක ආ ගිය කෝසල සුබසිංහ කියන ප්‍රකට ඡායාරූප ශිල්පියා. ලංකාවේ කිසිම මාධ්‍ය ආයතනයක් ඒ වගේ අවධානමක් නොගන්න කොට අපි එදා ඔබ වෙනුවෙන් ඒ අවධානම ගත්තා. හැබැයි ඒ වැඩේ සර්ථකව ඉවර කරන්න අපේ කණ්ඩායමට පුළුවන් වුණා. මේ ගමනට එකතු වෙන්න හිටපු චන්දන අවසන් මොහොතෙ නොආවෙ, බය වෙලා කියල කියනවා. ඒක ඉතිං හරියටම දන්නෙ උන්දම තමයි.

මේ වගේ තව මරු වැඩ ගොඩක් තියෙනවා. දවසක් අපි යාපනේ යනවා පුරුදු විදියටම. පහන්, චන්දන, සිතිජ තමයි මේ ගමනට එකතු වෙන අපේ කණ්ඩායම. එදා ගමනෙ සැලසුම වෙනස් කරලා කච්චතිව්වලින් බත්තලේකට වාහනෙත් ගොඩ කරගෙන දූපතකට යන්න වෙනවා. ඒ වෙලාවෙ බත්තලේ උඩදී වාහනේ ලොක් වෙන්නෙ පහන් අතින්. දැන් වාහනේ බත්තලේ උඩ එහෙට මෙහෙට යනවා. එහා ගොඩේදි එහාගොඩේ අය උදව් කරනවා. මෙහා ගොඩේදි මෙහා ගොඩේ අය උදව් කරනවා. යාපනේ නමක් ගමක් දන්නෙ නැති දෙමළ මිනිස්සු තමයි එදා ආවෙ. එක්කෙනෙක් එහෙං බීඩ්න් එක ගලවන කොට තව එක්කෙනෙක් මෙහෙන් බීඩ්න් එක ගලවනවා. එපා කියන්නත් බෑ. කොහොම හරි වැඩේ කළා. යතුර ගත්තා. හැබැයි අපිට හොඳටෝම විශ්වාසයි ඒක තමයි ලෝකෙ වාහනයක් නතර වුණ නරකම තැන.

මේ විදිහෙ තවත් එක ගමනක් තමයි අපේ කැබිලිත්තේ ගමන. කැබලිත්තේ ගමනදීත් පුදුම විදියේ අත්දැකීම්වලට මුහුණ දෙන්න හම්බවුණා. ගමන අතරමගදී, ගමන ගියපු වෙලාවේ , ගමනේ අවසානයේ දී මුහුණ දුන්න අත්දැකීම් පුදුම විදිහට විශේෂයි. සමහර වෙලාවට මේ ගමන ඇයි ආවේ කියලා හිතන තරම් සමහර අත්දැකීම් ප්‍රභලයි. රාත්‍රී කාලයේ පාන්දර දෙකට විතර ඇහැරලා අලි ඇත්තු, කොටි වලස්සු පිරිච්ච මහ කැලේ ඇවිදගෙන ගිය හැටි, රෑ දෙකේ පූජාවට කුඹුක් ගං ඔයේ සීතල වතුරෙන් නාන්න වුන හැටි, අපේ පත්තර රස්සාව පැත්තක තියලා අන්තිමට පූජාවට සහභාගි වෙන්න වෙච්ච හැටි, මේ හැමදේම අපේ මතක ගොන්නේ පරිස්සමට අඩුක් කරලා තියෙනවා.

මේ විදිහේ තවත් කතා ගොඩක් මව්රට රට වටේ සංචාරවල ඉතුරු වෙලා තියෙනවා. ඒ අතරින් එකක් තමයි සහරාන්ගේ කඳවුර හොයාගෙන ගියපු ගමන. සහරාන්ගේ කඳවුර හොයාගෙන පුත්තලම පැත්තෙ කරක් ගහපු මව්රට කණ්ඩායමට අන්තිමට යන්න සිද්ධ වෙන්නේ හිතාගන්න බැරි විදිහේ පාළු පැත්තකට. සමහර වෙලාවට මේ යන ගමනේ අවසානය මොකක්ද කියලවත් නොදැන තමයි මේගොල්ලෝ මෙතනට යන්නේ. ඒ වගේම කුමනදී අපේ කණ්ඩායම ගියපු ජීප් එකට අලි ගහන්න ආපු හැටි තවමත් ඒගොල්ලෝ කියවනවා. ඒ වෙලාවේ ඒ ජීප් එකේ හිටියේ පහනුයි, චන්දනයි, අර කලින් කියපු විදිහේ කෝසල සුබසිංහ. සිතිජ මධුෂානුත්, ජීවන පහන් තිළිණත්, චන්දන පොන්නම්පෙරුමත් යාපනයේ ගියපු වෙලාවේ මූණ දුන්නු භයානක අත්දැකීමක් ගැනත් නොලියම බෑ. ඒකට හේතුව වෙන්නේ දවසක් රාත්‍රියේ මේ ගොල්ලෝ පිටත් වෙනවා කොළඹින්. වාහනය එළවන රාජකාරිය එදා පැවරෙන්නේ පහන්ට. ඒකට හේතුව මේ වාහනයේ හිටපු හොඳම ඩ්‍රයිවර් චන්දන වුණාට චන්දනට හොඳට වාහනයේ නිදා ගන්න පුළුවන් හින්දා. සාමාන්‍යයෙන් අනිත් අයට වාහනයේ නින්ද යන්නෙත් නැති නිසා හොදට නිදාගන්න පුළුවන් කෙනාට එළිවෙනකන් නිදාගන්න දීලා පාන්දර හය විතර වෙනකන් එහෙන් මෙහෙන් මාරුවෙන් මාරුවට වාහනය එළවනවා යාපනයට වෙනකම්ම. යාපනයේ ගිහිල්ලා සුපුරුදු පරිදි තෝසේ කඩේ නාගවිහාරය ඉස්සරහ මූණ කට හෝදගෙන තමන්ගේ ගමනේ වැඩ කටයුතු පටන් ගන්න සූදානමයි මේ අයට එදත් තිබුණේ. එදා ඒ විදිහට යාපනයේ ගිහිල්ලා මේගොල්ලෝ අන්තිමට ඕමන්තෙට ආවට පස්සෙ මුහුණ දෙන්න වෙන්නේ පුදුම අත්දැකීමකට. ඒක තමයි ආයෙත් කොරෝනා ඇවිල්ලා කියන ආරංචිය. ඕමන්තෙට එනකන් තැන් තැන්වල තිබිච්ච නැවතුම් අටක් දහයක් පහුකරගෙන අන්තිමට වව්නියාවට ආවට පස්සෙ වව්නියාව සම්පූර්ණයෙන් වහලා දාලා. ඇරලා තියෙන්නේ එකම එක කඩයක් විතරයි. ඒකඩෙන් මොනව හරි ටිකක් කාලා ආපහු කොළඹටම වාහන එළවන වගකීම කලින් දවසේ එක දිගටම නිදි මරලා හිටපු ජීවන බාරගත්තා. ඒක ලේසි වැඩක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම වහලා දාලා තිබුණු නගර පහුකරගෙන මනුස්ස පුළුටක් නැති අනුරාධපුර පාරේ තලාවේ ලෙඩ්ඩු වැහි වැහැලා කියන ආරංචිත් එක්ක තේ ටිකක් බොන්නවත් වාහනය නතර නොකර අපි ආපහු කොළඹ එනවා. කොරෝනා මැද්දෙ උතුරෙන් දකුණට කියලා මව්රට පිටුවකට එන්නේ අපේ කතාව. ඒවා මතක් කරද්දි දැන්නම් මේගොල්ලන්ට හොඳ අත්දැකීම් වුණාට එදා ඒ අවදානම කොච්චර දරුණුද කියන එක අපිට සිද්ධ වෙනවා ආයෙත් මතක් කරලා දෙන්න.

ඒ වගේම චන්දනයි, ඉන්දිකය, සිතිජයි ගියපු බත්තලංගුණ්ඩු ගමන. බත්තලංගුණ්ඩුවේ ගමනත් අපූරු එකක්. ඒ වගේම එකක් තමයි මව්රට කණ්ඩායම ගියපු රිවර්ස්ටන් ගමන. චන්දන, ඉන්දික, සිතිජ, සහන්, ජගත් කියන කට්ටිය තමයි මේ ගමනට සහභාගී වෙන්නේ. ගමන ඉතා දුෂ්කර වෙන්නේ හිතාගන්න බැරි විදිහට කඩා පැන්න වැස්ස නිසා. මහවැස්සක් මැද්දේ කාටවත් කටඋත්තර නැති වෙනකොට මේගොල්ලන්ට කූඩාරම අස්සට රිංගගෙන ඉන්න වෙනවා. එහෙන් මෙහෙන් කණින් කොනින් එල්ලෙන කූඩැල්ලන්ගෙන් කොහොමටවත් බේරෙන්න විදිහක් නැති වුණාට කොහොම හරි කලින් ලෑස්ති කරගෙන ගිය විදිහට කූඩාරම ඇතුළේ මේගොල්ලෝ ගුලි වෙන්නේ වැස්ස ඉවර වුණාට පස්සේ පහු වෙනිදාටත්වත් ගමන යන්න කියලා. කුඩාරම හොඳට වහගන්න ඕන වෙන්නේ කූඩාරම ඇතුලට නැත්නම්කූඩැල්ලෝ රිංගන නිසා. හැබැයි පහුවෙනිදා බලද්දී කුඩාරමින් එකයි කූඩැල්ලෝ. චන්දන කූඩාරමේ දොර ඇරලා ඒකෙන් එළියට කකුල්දෙක දාගෙන නිදාගෙන. ඒක කොහොමත් එයාට තියෙන පුරුද්දක්. මේ කූඩැල්ලන්ගෙන් වැඩිපුරම පීඩා වින්දේ අපේ පත්තරේ ඉන්න ජගත් මාමා. කොල්ලා වගේ හිටියට මිනිහට චන්දනලා වගේ දෙගුණයක් වයස දරුවෝ ඉන්න ඕනෙ කියලයි දන්න අය කියන්නේ. කොහොම වුණත් ජගත් මාමට කෝට්ටෙට එනකම්ම කූඩැල්ලන්ගෙන් කරදර සිද්ධ වුණා කියලයි කියන්නේ. දවස් තුන හතරක් යනකං කූඩැල්ලෝ හින්දා කකුල් දෙක උඩ තියාගෙන ඉන්නත් වුණාලු. උණ ගැනිලා ඊට පස්සේ ඒවා තවලා ඒවට බෙහෙත් කරලා තමයි යංතම් ජගත් මාමා කූඩැල්ලන්ගේ ප්‍රශ්නෙන් ගොඩ ආවේ. ඒ නිසා ප්‍රස්ථාව පිරුළුකුත් තියෙනවා ඕනේ නම් හදාගන්න පුළුවන් ජගත්ව කූඩැල්ලෝ කෑවා වගේ කියලා.

මේ විදිහට තව ගියපු අමුතු ගමනක් තමයි රාස්සගල ගමන. රාස්සගල ගමනේදී කොයි වෙලාවේ කොයි වෙලාවේ මොකක් වෙයිද කියලා හිතාගන්න බැරි තත්වයක් තියෙද්දි බය නැතුව මේගොල්ලෝ ඒ ගමනට සහභාගී වෙනවා. රාස්සගල පාලු පාරවල් දිගේ අලින්ටත් බය නැතුව ලජ්ජාතිස්ස රජ්ජුරුවන්ගේ ඉතිහාසය හොයාගෙන ගිය ගමන, රුවන්වැලි සෑයේ පෙනිලා නොපෙනිලා යන හාමුදුරුවරු හොයාගෙනගිය හැටි, කච්ච්තිවවලින් පාර වැරදිලා මුහුදෙන් මන්නාරමට පාවෙච්ච හැටි මේ හැම එකම මව්රට මතකයන්. බස්වල, ලොරිවල පවාගමන් යන්න සිද්ධ වෙච්ච වෙලාවල් තියෙනවා. සුඛෝපභෝගී වාහනවල වගේම නැව්වල, බෝට්ටුවලත්, හෙලිකොප්ටර්වලත් අපි යනවා. තරු පහේ හෝටල්වල වගේම කූඩාරම්වල, ගල් ගුහාවලත් අපි නිදා ගන්නවා. ඒ පාඨක ඔබට හොඳම දේ දෙන්න. “උලත් එකයි- පිලත්එකයි මලත් එකයි- නැතත් එකයි අපි හැමදා සොමියෙ ඉන්නවා දෙයියො දනී අපි නොදනී මැරෙන දවස කවුරු කියනවා”

අපි මව්රට කණ්ඩායම

SendShareShare
Previous Post

ගල් මුල් සහ තෙල්

Next Post

යළි කිරුළු පැළදි පුෂ්පිකා කදුලු සලමින් කියපු කතාව (VIDEO)

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

තවත් ජංජාලයක්! ආණ්ඩුව ඩිජිටල් ID ටෙන්ඩරය බ්ලැක්ලිස්ට් වෙච්ච ඉන්දීය සමාගමකට දෙන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Uncategorized

O/L කරලත් ඉවරයි! A/L කරලත් ඉවරයි! අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් තවම සිසුන්ට ID එක ඇවිත් නෑ! දෙපාර්තමේන්තුවත් සද්ද නෑ! I Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Uncategorized

වචනයක්වත් කතා නොකර අනුර දවස් 3ක් පාර්ලිමේන්තුවේ මොනවද කළේ? I Sri Lanka Latest News

කොළඹ ගෙදරින් දොට්ට දැමූ මහින්දව පිළිගන්න ගමේ මහසෙනගක් රැස්වෙයි! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රශ්නයක් නෑ! මහින්ද එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

මේ පාර කතානායක ධූරය වෛද්‍යවරයෙක්ට!  I Sri Lanka Latest News
Uncategorized

බාර දීලා මාස 4ක්! තාම කිසිම දෙයක් කරලා නෑ! පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධියේ වාර්තාව තවම කතානායක ළඟ! I Sri Lanka Latest News

Load More
මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේට සතියක් හිරේ ඉන්නකොට කෙඳිරි ගෑවෙන්න පටන් අරන්... සැලසුම හෙළිවෙනකොට සලේ කියනවා රාබුත් එක්ක බත් දෙන්නේ කියලා...- වසන්ත මුදලිගේ...

Read more
ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.