• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ගම්පහ යකඩ ගැහැනියගේ අර්බුදයට මුල වූ ක්‍රීඩාපිටිය ‌හොයාගෙන ‘මව්රට’ යයි

February 22, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
යකඩ ගැහැනියක් රටම කළඹයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

“කඩොලාන ඕනෑ”
“ඔක්සිජන්වලින් වැඩක් නෑ”
ඊළඟට,
“එයා හදන්නෙ ආසියාවෙ එක වෙන්න”
“කොල්ලො කුඩු ගහනවා, උන්ට සෙල්ලම් කරන්න තැනක් ඕනෑ”
මේ හැම කතන්දරයක්ම ඔබට මතකයි. ඒ ඔබ මේ සියල්ලම අහපු නිසා. මේවා ඇහුණෙ කොහෙද්දිද? ඒ අර ගම්පහ පරිසර නිලධාරිනිය දේශපාලකයො ඇතුළු නිලධාරීන් එක්ක හැප්පුණ වෙලාවෙ. හැබැයි අපි දන්නෙ ඔච්චරයි. මේ කතාවල අග මුල තියෙන්නෙ කොහෙද කියලා අපි දන්නෙ නෑ. ඒත් අපි දන්නවා මේ කතාව මෙතැනින් පටන් ගත්ත එකක්වත් මෙතැනින් ඉවර වෙන එකක් වත් නොවෙන විත්තිය. අන්න ඒ නිසාම අපි ගියා මේ කතාව ඉපදුණ තැන හොයාගෙන. අඳුරෙ අතපත ගාන එක මාධ්‍ය ආයතනයකට හරියන දෙයක් නොවෙන නිසා සහ සහ පාඨකයන් අපෙන් බලාපොරොත්තු වෙන්නෙ සාමාන්‍ය දන්න දේට වඩා වැඩි යමක්ය කියලා අපි දන්න නිසා.
මේ ගමන අපි යන්නේ ඉර ගින්නෙ පිච්චෙමින්. මුළු මීගමුවම තියෙන්නෙ ඉරේ අණසකට යටවෙලා. වලාකුළක් පේන තෙක්මානෙක නැති අහස තදනිල් පාටයි. එහෙන් මෙහෙන් ඇවිත් නගරෙ තදබද කළ වාහන රංචු රංචු පාරවල් පුරා. ඒ අතර මතුවෙන පිටරටවල පිටස්තර අය ළෙන්ගතු විදියට හිනාවෙනවා. අපේ රටේ අපේ අය රවලා ඔරවලා අහක බලාගන්නවා.
මේ කතාව පටන් ගන්නෙ මීගමුවෙන්. ඇමැති සනත් නිශාන්තයි, ගම්පහ පරිසර නෝනයි එක තැනක එක වෙලාවක මුණගැහෙන්නෙ ඒ නිසා. මේ ප්‍රශ්නයට අදාළ තැන තියෙන්නෙ මීගමුවෙ. ප්‍රශ්නය ඇතිවෙන්නෙ “රැජින දූපත” සම්බන්ධව. රැජින දූපත තියෙන්නෙ “කින්ග්ස් පාක්” එක එහා පැත්තෙ.
මේ පුංචි පුංචි දූපත්වල අයිතිකාරයා මීගමු කළපුව.

හැබැයි ඒ කතාව පවා කියන්න දෙපාරක් හිතන්න වෙලා. මොකද දන්නවද? බොහෝ අය නොදන්නවා වුණාට දැන් මේ සමහර දූපත්වලට අයිතිකාරයො ඉන්නවා. ඒවයෙ වැරදි හෝ නිවැරදි ක්‍රමවේදය ගැන කියන්න දන්නෙ නෑ. හැබැයි අද වෙනකොට මේ එක දූපතක අයිතිය තියෙන්නෙ ගුරුගේ ආයතනයට. ගුරුගේ හෝටලය කියලා නමින් හඳුන්වන හෝටලයක් ඒ දූපතේ තියෙනවා.
‘කිංග්ස් අයිලන්ඞ් රිසෝට්’ කියන නාම පුවරුව සහිත, හෝටලයක් එතැන තියෙනවා. ඒ නාම පුවරුව යන එන අයට ඉතාම හොඳින් පේන ආකාරයෙන් සවි කරලයි තියෙන්නෙ. මේ හෝටලය කළපු සංචාර, ජල ක්‍රීඩා සහ මුහුදු ආහාර අවන්හලකින් සමන්විතයි. මේ හෝටලයට යන අයට, යන්න එන්න බෝට්ටු සේවයකුත් තියෙනවා. ඒ විදියට ගත්තම මේක ඉතාම නීත්‍යනුකූල ව්‍යාපාරයක් විය යුතුයි. එහෙම නැත්නම් මේ ව්‍යාපාරයට එරෙහිව පියවර ගන්න ඕනෑම බලය සහිත නිලධාරියෙක්ට පුළුවන්. හැබැයි මේ හෝටලය හදන්නේ අනිවාර්යයෙන්ම කඩොලාන කපන්න ඕනෑ. මේ ව්‍යාපාරය කාට අයිති වුණත් කඩොලානවල අයිතිය තියෙන්නේ සාමාන්‍ය ජනතාවට කියන එක. සාමාන්‍ය ජනතාව කියන්නෙ රට. මේක රටට පොදුවේ පාවිච්චි කරන්න තියෙන සම්පතක්. දූපතක ඉදිකිරීමක් වුණාට ඒ හරහා වන පරිසර හානිය වැඩියි. බොහෝ විට එහෙම වෙලාවක කුණුකසළ බැහැර කරන්නෙ පිටස්තර ජලයට, ඒ ගැන හොයලා බැලුවාම නිල නොලත් මට්ටමින් අපිට දැනගන්න ලැබෙන්නෙ.
‘ඒ කුණු ඔක්කොම හෙඞ් ඔෆිස් එකෙන් ඇවිල්ලා අරගෙන යනවා’ කියන එක.
හැබැයි හෝටලයෙ ගලියට වෙන්නේ මොකක්ද කියන එකටත් උත්තරේ.
‘හෙඞ් ඔෆිස් එකෙන් ඇවිල්ලා අරගෙන යනවා’ කියන එක නෙවේ කියලා අපි හිතනවා. හැබැයි මේ කිසිම දෙයක් ගැන, මේ හෝටලයට චෝදනා කිරීමේ අයිතියක් අපිට නැහැ. මොකද මේක හදන කාලේ ඉඳලා මේ දක්වාම වරදක් වෙලා තියෙනවා නම් හරි වරදක් වෙනවා නම් හරි, ඇස් පේන ඕනෑම නිලධාරියෙක්ට ඊට එරෙහිව පියවරක් ගන්න පුළුවනි. හැ බැයි මේ හෝටලය හැදෙන්නෙ දේවානි නෝනා ගම්පහට ආපු අවුරුදු තුනක සේවා කාලය ඇතුළෙ නෙවෙයි. ඒ නිසා මේ වැඬේ හරි වුණත්, වැරැදි වුණත් ඈට චෝදනා කිරීමේ කිසිම හැකියාවක් අපට නැහැ කියන එකත් මතක තියාගන්න.
එතකොට මොකක්ද මේ කඩොලාන කැපිල්ලෙ අලුත් කතාව.
ඒ කතාවට අදාළ වෙන්නේ අල්ලපු දූපත. මේ රජ දූපත වෙන කොට ඒක රැජිනි දූපත මෙච්චර කල් රැජිනි දූපත නිරුපද්‍රිතව තිබුණා. හැබැයි අද වෙන කොට ඒ කතාව වෙනස් වෙලා. මේ අභියෝගය එල්ල වෙන්නෙ ‘ක්‍රීඩා පිටියක’ ස්වරූපයෙන්.
අපි මේ කියන දූපට යනකොටත් කඩොලාන කපලා ඉවරයි. ඒ ගොඩ කිරීමට අවශ්‍ය පස්දාලත් ඉවරයි. ඒකට මේ එරෙහි වීම ගැන කතාව එළියට එන්න කලින් මේ සෙල්ලම වෙලා ඉවරයි. ඒක ළමයින්ට ක්‍රීඩා පිටියක වුවමනා වෙනුවෙන් සද්භාවයෙන් කරපු දෙයක් නම් ඉවසා දරාගන්න පුළුවන්. හැබැයි මේක එහෙම එකක්ද, අහලපහළ උදවිය මේකට කියන්නෙ වෙනමම කතාවක්.
‘ඔය පිට්ටනි හදන්නෙ මුලින්. ටික දවසක් ඕක කියලා ගොඩ කරගත්තට පස්සෙ කතාන්දරේ හරිනෙ. ඊට පස්සෙ ටික කාලයක් යනකොට මේකෙ මොකක් හරි හදනවා. එතකොට කඩොලාන කපලා ඉවරයි.’
මේක එහෙම එකක්ද වෙන්න යන්නෙ එහෙමද. ඒක බරපතළ ප්‍රශ්නයක්. ඇත්තටම මේ වගේ දෙයක් සම්බන්ධව හඬ නඟන රාජ්‍ය නිලධාරීන්ට අපි මිනිස්සු විදියට හිස නමා ආචාර කළ යුතුයි.
ඒ වගේම මේ කියන තැන එළිකරලා තියෙන විදිය දැක්කම, අපිට තව ප්‍රශ්න අහන්න හිතුණා. මොකද මේක ක්‍රීඩාවකට ගැළපෙන තැනක්ද? මෙතැන කිහිප අතකින් කළපුවට නිරාවරණය වුණු තැනක්. එහෙම තැනක වුණු නිසා එහේ බෝල වතුරෙ දාගෙන සෙල්ලම් කරනවට වඩා කොටුවෙ පිට්ටනියට ගිහිල්ලා කරන සෙල්ලමක් කරගන්න එක හොඳයි කියලා අපිට හිතුණා.
හැබැයි එකක්, අපිට මේ කතාව හොයාගෙන කළපුවට ගියාට පස්සෙ හිතුණ දේ තමයි,
‘මේ පරිසර නිලධාරි මෙච්චර කල් කොහෙද හිටියෙ’ කියන එක. මොකද අද වෙන කොට කළපුව කුණුවලින් පිරිලා. බෝට්ටුවකින් රවුමක් ගියාම පේනවා හැමතැනම දූපත් ඉවුරුවලට ගොඩගහලා තියෙන්නෙ විවිධ වර්ගවල කුණු ගොඩවල්.
‘මේ සම්බන්ධව ඒ පරිසර නිලධාරීන් ගත්ත පියවර මොනවද?
අපි ඒ ගැන හොයන්න පරීක්‍ෂණ පවත්වන්න වුවමනාවක් නැහැ. මේ පරිසරය දිහා ඇහැක් ඇරලා බලන ඕනෑම මනුස්සයෙක්ට ඒක ඉතාම පහසුවෙන් තේරුම් යනවා. ඒත් මේක වෙන්නෙ කොහොමද කියලා අපි නිකමට හොයලා බැලුවා. බොහෝ දෙනෙක් කියන විදියට මේ කුණු දාන්නෙ වාහනවලින් යන ගමන්. ඒවා දාන්නෙ හැමිල්ටන් ඇළට. ඒවා එහෙමම එනවා කළපුවට. කළපුවෙ එහෙමම තැන්පත් වෙනවා.
‘පරිසර නිලධාරි මේවා දන්නෙ නැද්ද?’
‘දැකලා නැද්ද’
ඕවා, අපිට හිතුණු දේවල්. මොකද මේ ‘දූපතට වෙන විනාසෙ ගැන හඬනඟන නිලධාරීන්, ඒ සිදුවීම ඇහින් දැක්කානම් මේ කළපුවට වෙන විනාසෙ දැකලා නැති වෙන්න බැහැ. ඒක බොහෝම සරල කාරණයක්. එහෙම මේ කළපුවට වෙන විනාසෙත් නතර වෙන්න ඕනෑ. එහෙම නොවී කඩොලාන පරෙස්සම් කළාය කියලා වැඩක් වෙන්නේ නැහැ.
අපි මේ ගැන හොයාගෙන යනකොට සාමාන්‍ය මිනිස්සු අපිට කියපු දේවල් ටිකවත් ක්‍රියාත්මක කරන්න මේ නිලධාරීන් වැඩ නොකරන්නෙ ඇයි කියන එක අපිට අපැහැදිලියි.
‘හැමිල්ටන් ඇළට දැලක් දැම්මා නම්, ඔය එන කුණු නතර වෙනවා.
‘සීසීටීවී කැමරා ටිකක් හයි කළා නම් හරි, කුණු දාන තැන් ටික හොයාගෙන.’
මේවා ක්‍රියාත්මක කරන්න අර පරිසර නිලධාරීන්ට ඔය කියන හයිය නැත්තෙ ඇයි? කළපුවෙ ඉවුර සම්පූර්ණයෙන්ම පිරිලා තියෙන්නෙ කුණුවලින්. ඒවා පරම්පරා ගණනාවක කුණු. මේ නිලධාරිනියට විතරක්වත්, මේ රජයට විතරක්වත් ඇඟිල්ල දික් කිරීමේ වුවමනාවක් අපිට නැහැ. මොකද ඒ ඇඟිල්ල ඒ පැත්තට දික් කරනකොට ඇඟිලි හතරක් හැරෙන්නෙ අපේ පැත්තට.
හැබැයි, දේවානි නෝනගෙ පරිසර අරගලයට අත්පුඩි ගහන අතරේ, මතක තියාගන්න අද ඔය කියන කඩොලාන මුල් අතරෙ ජීවත් වෙන්නෙ පුංචි මාළුවො නෙවෙයි. ඒ මුල් අතර පැටලිලා තියෙන්නෙ සිලිඋර, ප්ලාස්ටික් බෝතල්, පරණ ටීවී, පරණ බල්බ් වගේ ඒවා. ඒවයින් මේ කඩොලාන පද්ධතියට විතරක් නෙවෙයි ඉවුරටයි, කළපුවටයි දෙකටම හානි වෙනවා. ඒ හානිය තවත් පරම්පරා ගණනාවක් තිස්සේ අපිට විඳවන්න වෙන දෙයක් වේවි. කළපුවට බහින ඕනෑම කෙනෙක්ට දැනෙන්නෙ අප්‍රමාණ අප්පිරියාවක්. ඒ අවුරුදු ගාණක් පිරුණු කුණු කන්ද නිසා.
පරිසර නිලධාරීන්ට, ඇමැතිලට, මන්ත්‍රීලාට වගේම සියලුම තරාතිරම්වල මහජනතාවට කියන්න තියෙන්නෙ අපි ඔක්කොම එකතුවෙලා මීගමු කළපුවයි, කඩොලාන පද්ධතියයි විනාශ කරමිනුයි ඉන්නෙ. අපි එක එකාට ඇඟිල්ල දික්කළාට, අපි හැමෝම වැරැදියි. මේ ප්‍රශ්නයේදී හැමෝටම චෝදනා තියෙනවා.
අපි මේ ලියන්නෙ ඇහින් දැකපු, කනින් ඇහුණු කතාව. මේවා කවුරුවත් කියපු, කොහෙන් හරි හොයාගත්ත දේවල් නෙවෙයි. රැජින දූපතේ කවුරු හරි සල්ලිකාරයෙක්ට සින්නක්කර ලියන කාලෙ වැඩි ඈතක නැහැ කියලා අපිට හිතුණෙ මේ සෙල්ලමේ විදිය දන්න නිසා. කොහොම නමුත් මීගමු කළපුව අදත් ඔහේ කවි කියනවා. දහස් ගණන් බෝට්ටු මීගමු කළපුවෙන් මූදු යනවා. හැබැයි මීගමු කළපුව ගැන ආදරෙන් හිතන්න කෙනෙක් නැහැ. ‘රැජින දූපත’ වෙනුවෙන් පෙනී සිටින අතරෙ ඒ ගැනත් හැකි තරමටවත් අවධානය යොමු කරන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනා දෙයක් කියලයි මීගමු කළපුවෙ කරක්ගහපු ‘මව්රට’ අපිට හිතුණෙ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

COMING SOON නළු නිළි ‌කෝලම

Next Post

2020 එජාප දිනන ලකුණ

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.