ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන මහජන නියෝජිතයන් අතර මේ වන විටද දැඩි තරගකාරී බවක් දක්නට ඇත. ඉදිරි මහ මැතිවරණයේදී මෙතෙක් දේශපාලනයේ නියැළුණු අය වෙනුවට නවක මුහුණු පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බවට මතයක්ද සමාජයෙන් ගොඩ නැඟෙමින් ඇත. එම මතය දරණ බොහෝ දෙනාගේ අදහස වන්නේ පාර්ලිමේන්තුවට තේරී පත් වන 225ම විද්වතුන් විය යුතු බවය. එහෙත් පසුගිය දිනක මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර තිබුණේ මන්ත්‍රීවරුන් 225ම විද්වතුන් විය යුතු යැයි තමන් කිසිසේත්ම විශ්වාස නොකරන බවය.
ඒ හේතුවෙන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන බොහෝ දෙනකු ඉදිරි මැතිවරණය සඳහා සූදානම් වන ආකාරයද දක්නට ඇත. ඒ අතරින් ක්‍රීඩා සහ කලා ක්ෂේත්‍රය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තු වන කලාකරුවන් සහ ක්‍රීඩකයන් පිළිබඳ සමාජයේ වැඩි කතාබහක් නිර්මාණය වී ඇත. තමන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන බව ඇතැම් කලාකරුවන් සහ ක්‍රීඩකයන් ප්‍රසිද්ධියේ පවසද්දී, ඔවුන් කිසිවකු දේශපාලනයට පිවිසීම අනුමත නොකරන බව එම ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් පවසන ආකාරය දක්නට ලැබීමට විශේෂත්වයක් වී ඇත. එම අදහස දරණ පිරිස් පවසන්නේ ආගමික නියෝජිතයන් පවා පාර්ලිමේන්තුවට පත් කළ යුතු නැති බවය. මේ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන ජනප්‍රිය චරිත සහ එලෙස ඉදිරිපත් වීමට එරෙහිව අදහස් දක්වන ජනප්‍රිය චරිත අප සමඟ දැක්වූ අදහස්ය.
කලාකරුවන්ගෙත් නොවිසඳුණු ප්‍රශ්න විසඳන්න ඕනෑ -ඕෂධී හේවාමද්දුම
“මම එකවරම දේශපාලනයට ආව කෙනෙක් නොවෙයි. මම 2010 සිට දේශපාලන වේදිකාවේ සිටින කෙනෙක්. 2010 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තියෙනකල් හුඟක් කලාකාරයෝ එතුමා සමඟ සිටියා. හැබැයි රාජපක්ෂ මහත්තයා පරාජය වුණාට පස්සෙ හුඟ දෙනෙක් හැලුණා. ඒ අය හැරගියා. පැරැදුණාට පස්සෙ හුඟ දෙනෙක් හැර යනවනෙ. ඉතිරි වුණේ බොහෝම අතළොස්සයි. අතේ ඇඟිලි ගානට. එතෙන්දි රාජපක්ෂ මහත්තයත් සමඟ ඉතිරි වුණ කෙනෙක් තමයි මම. 2015ට පසුව විපක්ෂයේ කලාකරුවන් හැටියට අපි හඬ නැඟුවා. ඒ පැරැදුණු අවස්ථාවල සාකච්ඡාවක් තියන්නවත් අපට ඉඩක් හෝ තැනක් ලැබුණේ නැහැ.
කලාකරුවන්ගෙත් නොවිසඳුණු ප්‍රශ්න විසඳන්න ඕනෑ. මැද පෙරදිග වගේ රටවල්වලින් බැහැරව ඉන්න අපේ කාන්තාවන්ට ප්‍රශ්න අඩුයි. නමුත් ප්‍රශ්න තියෙන කොටසකුත් ඉන්නවා.
අපේ රට ජාතිය රැකගන්න අවශ්‍යයි -අනුෂා දමයන්ති
“මම 2005දී දේශපාලනයට එන්නේ. මම දේශපාලනයට ආව හේතුවක් තිබුණා. මේ රටේ යුද්ධය නිමාකරමි කියන විශ්වාසය මත එයට ශක්තිය දෙන්න තමයි මම වේදිකාවට නැග්ගේ. මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තමයි කැපවුණේ. එතුමා වීදුරු කූඩුවේ සිට කතාකරන කොට වේදිකාවෙ කවුරුත් හිටියේ නැහැ. මම එතුමා සමඟ වේදිකාවේ හිටියා. මොකද ඒ වෙනකොට බෝම්බ පුපුරයි කියා බය තිබුණා.
මහින්ද රාපපක්ෂ මහතාගේ දේශපාලන කඳවුරේ සිටින මගේ ඔ`ඵවට ආවේ අපේ රට ජාතිය රැක ගැනීමේ සංකල්පයයි. ඒ ආකල්පය ජනතාව අතරට ගෙන යෑමට අවශ්‍යයි. රට වෙනුවෙන් කරන්න බොහෝ දේ තියෙනවා. රැකීරක්ෂා ප්‍රශ්න තියෙනවා. මම දේශපාලන වශයෙන් හඳුනාගත් දෙයක් තියෙනවා. ඒක පළාතෙන් පළාතට හරි වෙනස්. කොළඹට අවශ්‍ය දේ නොවෙයි ඌව පළාතට අවශ්‍ය වෙන්නේ. මිනිසුන්ගේ අවශ්‍යතාවන් වෙනස් වෙනවා. මම හිතන්නේ දේශපාලනඥයන්ට අවශ්‍ය වන්නේ ඒ පළාත්වල මිනිසුන්ට අවශ්‍ය දේ හඳුනාගැනීමයි. ඒ පුද්ගලයන්ට උදව් කරන්න ඕනෑ. මා ගැන දේශපාලන වශයෙන් විවිධ ප්‍රචාර ගියද මම තවමත් මට නාමයෝජනා දෙන්න කියලා ඉල්ලා නැහැ. මම රටට කලාකරුවන්ට ආදරෙයි.”
අනාගතය වෙනස් කරමු -උද්දික ප්‍රේමරත්න
“මුඵ කලා ක්ෂේත්‍රයේම ප්‍රේක්ෂකයන් මට තියෙන ආදරය, ගෞරවය මම දන්නවා. එය මා ගොඩනඟා ගෙන තියෙනවා. මම ඒ අයගේ විශ්වාසය ආදරය කිසි දිනෙක බිඳ වට්ටවන්නේ නැහැ. මගේ කලාකාමී ජීවිතයෙන් ටිකක් එහාට ගිහින් මම කැමැතියි මගේ අනුරාධපුර ජනතාවට සේවය කරන්න. මොකද එහෙම වැඩකර දියයුතු තත්ත්වයකට අනුරාධපුර ජනතාව පත්වෙලයි ඉන්නෙ. මු
ඵ රටම සංවර්ධනය වන රටක් හැටියටයිනෙ හඳුන්වන්නේ. නමුත් අතීතය වෙනස් කරන්න බැරි නම් අනාගතය වෙනස් කරමින් අනුරාධපුර ජනතාවට සේවය කරන්නයි මම කැමැති.”
උත්තර දෙන්න වෙලාවක් නෑ -ටී. එම්. ඩිල්ෂාන්
“මේ දිනවල මගේ දේශපාලන කටයුතුවලට අදාළව සාකච්ඡා කරමින් ඒ ගැන සැලැසුම් කරමින් සිටින නිසා ඒ සම්බන්ධයෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙලාවක් නැහැ.”
නළු නිළියෝවත්, වෙන ක්ෂේත්‍රයේ කෙනෙක්වත් පාර්ලිමේන්තුවට සුදුසු නැහැ = නිල්මිණි තෙන්නකෝන්
දේශපාලනයට සම්බන්ධ වෙන්න කියලා ඇරයුම් මට ආවේ අද ඊයේ නෙවෙයි. චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය ජනාධිපති විදියට ඉන්න කාලේ ඉඳන්ම මට ඒ වගේ ඇරයුම් ආවා. නමුත් ඒකට මගේ කිසිම කැමැත්තක් නැහැ. ටෙලි නාට්‍යයකින් හරි චිත්‍රපටියකින් හරි ජනප්‍රිය වුණාට රටේ දේශපාලනය කරන්න බැහැ කියන එකයි මගේ මතය. ඒකට පුළුල් දැනුමක් තියෙන්න ඕනෑ. හැබැයි ඒ දැනුම තියෙනවා නම් තමන්ට දෙයක් කරන්න පුළුවන් කියලා දැනෙනවා නම් ඡන්දය ඉල්ලුවට කමක් නැහැ. ඒත් තමන්ගේ පටු අරමුණු ඉටු කරවා ගැනීම සඳහාම ඡන්දය ඉල්ලනවා නම් ඒක වැරැදියි. අපේ කලාකරුවෝ ඡන්දය ඉල්ලන එකට සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් විවේචන එල්ල වෙලා තියෙනවා මම දැක්කා. ඒක එක එක අයගේ මතය. ඡන්දය කියන්නේ නිකන් රැල්ලට යන දෙයක් නෙවෙයි. ඒක රටේ අනාගතය තීරණය කරන දෙයක් වෙන්න ඕනෑ. ඒ හින්දා එහෙම කරන්න බැරි නම් නළු නිළියෝවත්, වෙන ක්ෂේත්‍රයේ කෙනෙක්වත් පාර්ලිමේන්තුවට සුදුසු නැහැ කියන එකයි මගේ මතය.
ප්‍රේමලාල් විජේරත්න – චන්දන පොන්නම්පෙරුම