කොලඹ බාලදක්ෂ කැම්පෝරිය ශ්‍රී ලංකාවේ විශාලතම පූර්ණ අතථ්‍ය (Virtual) බහුදින ඉසව්ව ලෙස වාර්තා ගතවනු ඇත.
කොලඹ බාලදක්ෂයින්ගේ ප්‍රමුඛතම වාර්ශික ඉසව්ව වන කොලඹ බාලදක්ෂ කැම්පෝරිය 55 වන වරටත් සිඟිති, පෝතක,කනිෂ්ඨ, ජෙශ්ඨ, මානවක සහ බාලදක්ෂ නායක නායිකාවන් 4500 කට වඩා වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් 23 වන දින සිට දෙසැම්බර් 29 වන දින දක්වා පැවැත්වේ.
කැම්පෝරි සන්නාම තානපති ලෙස 2020 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුනු 200 ක් ලබා ගත් ශිෂ්‍යයින් දස දෙනාගෙන් එක් අයෙකු වන 11වන කොලඹ බාලදක්ෂ සමූහයේ මොහොමඞ් ෆර්සාන් මොහොමඞ් අම්මාන් නම් කර ඇත.
කොලඹ බාලදක්ෂයින්ගේ ප්‍රමුඛතම වාර්ශික ඉසව්ව වන කොලඹ බාලදක්ෂ කැම්පෝරිය වසර ගණනාවක් පවත්වාගෙන ආ සම්ප්‍රදායන් ඒ අයුරින්ම පවත්වා ගෙන යමින් 55 වන වරටත් පැවැත්වෙනුයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවැත්වෙන ප්‍රථම පූර්ණ අථත්‍ය (Fully Virtual) බාලදක්ෂ කඳවුර ලෙසිනි.මෙම ඓතිහාසික කඳවුර පිලිබඳ අදහස් දක්වමින් කොලඹ දිසා කොමසාරිස් අමිල් අබේසුන්දර මහතා ප්‍රකාශ කලේ ”මෙම කඳවුරට සාහභාගීවන බාලදක්ෂයින් සංඛ්‍යාව අනුව මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවැත්වූ විශාලතම බහුදින පූර්න අතත්‍ය (Fully Virtual) වැඩසටහන ලෙස වාර්තාගත වෙනවා,මෙය ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින් සියළු දෙනාටම ආඩම්බර විය හැකි අවස්ථාවක්.ඒ වගේම කොලඹ බාලදක්ෂයින් මිලියන ගනනාවක් වන ලොව පුරා විසිරී සිටින බාලදක්ෂයින් තම ආදර්ශපාඨය ලෙස භාවිතා කල ”සූදානම්ව සිටිමු” යන ආදර්ශ පාඨය ක්‍රියාවට නැංවූ ආකාරය ඔවුන් සියළු දෙනාටම ආදර්ශයක් වනු ඇත.

කොලඹ කැම්පෝරියේ සංවිධායක කොමසාරිස් ලෙස ක්‍රියා කරන එම තනතුරට පත්වූ ලාබාලතම කොමසාරිස්වරයෙක් ලෙසින් සැලකෙන සුපුන් ජයලත් මහතා තම අදහස් දක්වමින් ප්‍රකාශ කලේ ”කෝවිඞ් 19 වසංගතය හේතුවෙන් අප නව අභියෝග වලට මුහුන දෙමින් සිටිනවා, මෙම තත්වය කොලඹ බාලදක්ෂයින්ට අපගේ චින්තන රටාවන් වෙනස් කරමින් නව තාක්ෂනය භාවිතාකර පූර්න අථත්‍ය කැම්පෝරියක් සංවිධානය කිරීමට අපව පෙලඹවූවා. එය දැන් බොහෝ දෙනෙක් හඳුන්වන්නේ මෙම කැම්පෝරියේ ආදර්ශ පාඨය වන ˜ප්‍රතිනිර්මාණයේ මාවත’ යන නමින්.මෙම වැඩසටහන නිසැකයෙන්ම ප්‍රතිනිර්මාණය කරා යන ගමනේ ආරම්භය බව දෙමව්පියන් සහ බාලදක්ෂ නායකයන්ගෙන් ලැබී ඇති ධනාත්මක ප්‍රතිචාර වලින් පැහැදිලියි
කැම්පරි සංවිධායක කමිටුව සියළුම බාලදක්ෂයින්ට නිවැස් වල සිට ආරක්ෂාකාරීව සහභාගි විය හැකි පූර්ණ අථත්‍ය අවිධිමත් අධ්‍යාපන වැඩසටහනක් (Fully Virtual Non Formal Education programme )සූදානම් කර ඇති අතර එහිදී අන්තර්ජාලය ඔස්සේ කඳවුරු භූමි නිර්මාණය, ආරම්භක සහ සමාප්ති උත්සව, නිපුනතා ක්‍රියාකාරකම් 30ක් අථත්‍ය කඳවුරු ගිනිමැලයක්, පෝතක බාලදක්ෂ දිනය, පෝතක බාලදක්ෂ විවිධ ප්‍රසංගය, නත්තල් කැරොල් වැඩසටහන. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලයන් සමග සිදුකරන සාකච්ඡා යෝගා වැඩසටහන්, මානසික සෞඛ්‍ය පිලිබඳ සැසි, විදෙස් බාලදක්ෂයින් සමග සංස්කෘතික හුවමාරු වැඩසටහන්, කැම්පරි හවුල්කාර සංවිධාන මගින් පවත්වන වැඩමුළු ආදී වැඩසටහන් රාශියකට බාලදක්ෂයින්ට සහභාගී විය හැක.











