• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනා මැද්දෙත් ‌ගෙදර ‌නොගිහින් දළදා බුදුරැස් විහිදුවන්න ‌වෙහෙසෙන අපේ ඈයෝ

April 20, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
කොරෝනා මැද්දෙත් ‌ගෙදර ‌නොගිහින් දළදා බුදුරැස් විහිදුවන්න ‌වෙහෙසෙන අපේ ඈයෝ
Share on WhatsAppShare on Facebook

කන්ද උඩරට රාජධානියේ වැඩ වාසය කරනා ඓතිහාසික දන්ත ධාතූන් වහන්සේ මේ තුන්හෙළේටම ඇති මහානර්ඝ වස්තුවකි. එය චිරාත් කාලයක් තිස්සේම රැකබලා ගන්නේ හෙළයන් විසිනි. එය හෙළයෝ සිය අභිමානයක් සේ සලකති. සතුටෙන් සිදුකරති. දන්ත ධාතූන් වහන්සේගේ ඉතිහාසය බොහෝ දුර ය. උන්වහන්සේ රජ දවස දඹදිව් තලාවේ සිට ලංකාවට වැඩමවා වදාළ බව පුරාවෘත්තවල සඳහන්ය. එදා පටන් මේ දක්වා ලංකාවේ ඇති වූ දහසකුත් එකක් කරදර හිරිහැර මැද අපේ මිනිස්සු දළදා වහන්සේ රැකබලා ගඋන්වහන්සේ විටෙක කුරහන් ගලක සඟවා රැක බලාගත් වග ඉතිහාසයේ සඳහන්ය. තව විටක භික්ෂූන් වහන්සේ නමක් සිය සිවුරේ අමතර වාටියක දළදා වහන්සේ සඟවා ගෙන වනගතව හුන් බවක් සඳහන්ය. එදා මේ මහ වන මැද දළදා වහන්සේ වෙනුවෙන් දානය පිරිනමන්නට මගක් නොවූ තැන, ගහකින් වැටුණ මී අඹයක් උන්වහන්සේට පූජා කළ බව අහන්නට ලැබේ. මේ සුද්දෝ අපේ රට සිය අණසකට යටහත් පහත් කරගනිමින් උන් සමයයි. එදා උන්දැ මේ දළදා වහන්සේ තමන් සතු කරගන්නට බොහෝ උපක්‍රම යොදමින් හිටියේය. එදා සිට මේ දක්වා දහස් ගණන් ශ්‍රී ලාංකිකයන් සිය දිවි දෙවැනි කොට රැක ගත් දළදා වහන්සේ අද මේ පවත්නා තැන දළදා මාලිගාවේ ස්ථිර ලෙස තැන්පත් කෙරෙන්නේ ඉන් ඉක්බිතිය.
දැන්ද එන ඕනෑම පරසතුරු ආක්‍රමණ, ත්‍රස්තවාදී ප්‍රහාර, දුර්භික්ෂ, සුළි සුළං ආදී ඕනෑම අතුරු ආන්තරාවකදී උන්වහන්සේ රැක බලා ගැනීමේ වගකීම නිමක් නැත. ඒ සඳහා සිය මුළු ජීවිතයම කැප කරනා පිරිසක් අදද ශ්‍රී දළදා මාලිගාව වෙනුවෙන්ම කැපවී ජීවත් වෙති. මේ මුළු ලෝකයටම මුද්‍රා තැබූ දිනවල ඔවුන් උන්වහනසේ වෙනුවෙන් කරනා අපිරිමිත මෙහෙය ගැන සඳහනකි.

අද මේ වන විට සියල්ලම උඩු යටිකුරු වී තිබේ. මහනුවරද ඇතුළු නගර කීපයක ඇඳිරිනීතිය සති ගණනකින් ඉවත් කර නැත. එවැනි තත්ත්වයක් යටතේ මහ මගට බැසීම පවා වරදකි.
ඒ සඳහා ඇඳිරිනීති බලපත්‍රයක් අවශ්‍යව තිබේ. එය ලබා ගැනීම ඊටත් වඩා බරපතළ තත්ත්වයකි.
නමුත් සියල්ල ඉවසා දරාගනිමින් දළදා වහන්සේ වෙනුවෙන් සිය යුතුකම් ඉටුකරනා පිරිසක් සිටිති. මේ ඒ පිළිබඳ කරන හෙළිදරව්වයි.
මේ වන විට දළදා වහන්සේ වෙනුවෙන් සියලුම පූජා කටයුතු සිදුවෙමින් තිබේ. මාලිගාවේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ වැඩ කටයුතු සිදුකරයි. ඒ විශේෂයෙන්ම බාහිර ආරක්ෂාව වෙනුවෙනි. එය දළදා වහන්සේගේ සහ සමස්ත ලෝකයේම ආරක්ෂාව වෙනුවෙනි. මාලිගාවේ කිසිවෙක් රෝගී නොවිය යුතු අතර එහි යන්නට දොර ඇරෙනා දින තෙක් ඔබ මා ඇතුළු මුළු ලෝකයම නීරෝගී විය යුතුය.
දළදා මාලිගය නිරන්තර පූර්ණ විශබීජහරණයට ලක් කරන්නට ආරක්ෂක අංශ පියවර ගනී. නමුත් දළදා මාලිගයේ පාර්ශ්වයෙන් සිංහල ක්‍රමයට දුම් ඇල්ලීමක්ද සිදුකෙරේ. නමුත් මේ වන විට දළදා මාළිගය ජනතාවට විවෘත නැත. මේ හරහා දළදා මාලිගයේ කටයුතු සඳහා පිරිසකට විශාල වෙහෙසක් ගන්නට සිදුවෙමින් තිබේ. ඒ අනුව යම් පිරිසක් ආරක්ෂිත ආකාරයෙන් මාළිගය තුළම රැඳීසිටී. ඒ වගේම දළදා මාළිගය සඳහා විශේෂ විශබීජහරණ කුටියක්ද මේ වෙනකොට ඉදිකර තිබේ. නමුත් දළදා වහන්සේගේ එදිනෙදා කටයුතු වෙනුවෙන් යම් පිරිසක් රැඳී සිටිය යුතුමය.
දළදා වහන්සේ වෙනුවෙන් අවශ්‍ය කරන දානෙ වේල් මාලිගාවෙන්ම සකස් කරයි. මාලිගාවෙම ඒ සඳහා අවශ්‍ය කරන බඩු මුට්ටු රැස් කරගෙන තිබේ. සාමාන්‍ය පරිදි ව්‍යාංජන 32ක් දළදා වහන්සේ වෙනුවෙන් සකස් කරයි. ඒ සඳහා අවශ්‍ය එළවළු කුමන හෝ ආකාරයෙන් සකසන අයට ලබා දෙන්නට කටයුතු කළ යුතුය.

ඒ සඳහා කුමන හෝ කැපකිරීමක් කරන්නට මේ අය සූදානම්ය. මේ ඒ ගැන අප හොයා බැලූ විට දැන ගන්නට ලැබුණ දේවල්ය.
“උඩ රාජකාරි කරන කට්ටියක් ඉන්නවා. තේවා කරන අය ගෙවල්වලට යවන්නෙ නෑ.”
ඔවුන් අපට පැවසීය.
“ඒ අය අතර තේවාව සඳහා තේවාව බාර නායක හාමුදුරුවන් වහන්සේලා හතරනමක් වැඩ වාසය කරනවා. උන්වහන්සේලාට අමතරව තවත් පිරිසක් ඉන්නවා.
ඒ අතර කෙනෙක් තමයි කාරිය කෝරාල මහත්තයා. එතුමගෙ වගකීමක් වෙන්නෙ බඩු මුට්ටු ආදිය සපයා දීම. ඒ නිසා එතුමන්ට මේ වෙලාවෙ යන්න එන්ඩ බෑ. රටේ ආරක්ෂිත තත්ත්වය තහවුරු වෙනකල් ඉන්න වෙනවා.
වට්ටෝරු රාල කියන්නෙත් මේ සඳහා අත්‍යවශ්‍ය කෙනෙක්. ඒ නිසා එතුමනුත් මේ ඇඳිරිනීතිය පටන් ගත්තදා ඉඳලම ගෙදර ගිහිල්ලා නෑ. යතුර පයින්ඩ කිරීම වගේම විශේෂයෙන් ගන්ධ කුටිය ඇතුළෙ දළදා හාමුදුරුවන්ට අවශ්‍ය කරන පුදසත්කාර කරන්නෙ එයා. එයාට දළදා වහන්සේ වෙනුවෙන් විශාල වගකීමක් තියෙනවා. ඒ නිසා එක දවසක්වත් එන්න බැරි වුණොත් ඒක ප්‍රශ්නයක්. ඒ නිසා ගෙවල්වල යන්නම බෑ.
ගෙප රාල කියන්නෙත් තවත් ඒ වගේ කෙනෙක්. දළදා වහන්සේ වැඩ ඉන්න තැන සුද්ද බුද්ද කරන එක වගේ දේවල් වෙන්නෙ එයා අතින්. බරාද රාල කියන්නෙ තවත් එහෙම කෙනෙක්. එන අයව වන්දවන එක ඇතුල් කරන පිට කරන එක වගේ දේවල් වගේම දානෙ පයින්ඩ කරන එක,දොරවල් අරින වහන එක එයාගෙ රාජකාරි. තවත් මේ වෙලාවෙ දළදා මාලිගයේම රැඳී ඉන්න වුණ කෙනෙක් තමයි කට්ටිරාල. දළදා වහන්සේ වෙනුවෙන් සලස්වෙන දානය පාත්තරවලට බෙදලා සකස් කරන එක කරන්නෙ එතුමා. ඒ නිසා එයාටත් යන්න බෑ. ඒ වගේම දළදා මාලිගයේ අවශ්‍ය රාජකාරියක් කරන කෙනෙක් වෙන්නෙ පල්ලෙ මාලෙ රාල. එයාට පැවරෙන්නෙ පහළ මාලයේ රාජකාරි. එතැන යතුර පයින්ඩ කරනවා. අතුපතුගෑම, බුදු කුටිවලට පුද පූජා පැවැත්වීම කරන්නෙ පල්ලෙ මාලෙ රාල.

තව මේ වෙලාවෙ මාලිගයේ රැඳී ඉන්න දෙන්නෙක් තමයි හග්ගෙඩි අප්පුලා දෙන්නා.
ව්‍යාංජන 32 සහිත දානයට අදාළ රාජකාරි වගේම අවශ්‍ය අවස්ථාවකදී හග්ගෙඩි පිඹීමත් කළ යුතුයි. ආරච්චිලාගේ මහ අරමුදලෙ දොරටු ආරක්ෂාවට ඉන්න එක, පිටස්තර කෙනෙක්ට එන්න දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නෙ ඒ අය. මේ වෙලාවෙ පිටස්තර ආරක්ෂාව තිබුණට දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ අය කැප වෙලා ඉන්නවා.
පනික්කියො කියන්නෙ හේවිසි ගහන අය. ඒ වගේම මුළුතැන් රාලලා කියන්නෙ දානෙ සකස් කරන එක බාර උදවිය”
අද වෙන කොට මේ හැමෝම සිය ගේ දොරවල රාජකාරි අමතක කර දමා දළදා වහන්සේ වෙනුවෙන් කැප වී සිටිති. මේ අයගේ මුළු ජීවිතයම කැප කරන්නෙ දළදා වහන්සේ වෙනුවෙන්ය.
ඔබටත් මටත් ඒ වෙනුවෙන් අපේ වගකීමක් තිබේ. ඒ නිවෙසටම වී සිටීමය. ඉහළ මාලේ කටයුතු වෙනුවෙන් සිය ජීවිතේම කැපකර සිටිනා අයට යළි ගේ දොර බලා යන්නට ඉඩ ලබා දෙන්නට ඔබත් මමත් කටයුතු කළ යුතුය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රැස්වීම කටමුල තියා මැතිවරණ කොමිසමට ‘හූල්’ ‌බාල්දියක් ‌පෙරළයි

Next Post

A/L තියන්න පුලුවන්ද-බැරිද? රට වටෙන්ම කියන කතා ‌මෙන්න

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.