• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනා පිරුණු ‌IDH රෝහලේ දැන් ‌මොකද ‌වෙන්නේ…

March 22, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
කොරෝනා පිරුණු ‌IDH රෝහලේ දැන් ‌මොකද ‌වෙන්නේ…
Share on WhatsAppShare on Facebook

අයි.ඩී.එච්. රෝහල ගැන අපි කතා කළෙමු.ඒ මීට බොහෝ කලකට පෙරය. එදා අපි කීවේ අයි.ඩී.එච්. දෙවියන් ගැනය. ඒ දෙවියන් නිරන්තරව මනුෂ්‍ය වේසයෙන් විත් සියලු දොස් නිවාලන බව අපි කීවෙමු. එදා අයි.ඩී.එච්. රෝහල් අධ්‍යක්ෂවරයා කීවේ “එන ඕනෑම ප්‍රශ්නයකට අපි ලෑස්තියි” කියලාය. ඒ මෙවන් අර්බුදයක් වෙතැයි සිහිනෙකින්වත් නොහිතමිනි. නමුත් අද බලාපොරොත්තු විරහිතව මේ අර්බුදය පැමිණ තිබේ. දැන් අපි අසරණය. අයි.ඩී.එච්. රෝහල අද ඉන්නේ අතිශය අර්බුදකාරී තැනකය. මේ රෝගය සුළඟෙන් බෝ නොවෙනා මුත් සුළඟෙන් බෝ වෙන මට්ටමේ සිට කටයුතු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස්දී තිබේ. එවන් තත්ත්වයක් යටතේ කටයුතු කරන්නට අද අයි.ඩී.එච්. රෝහලට සිදුව තිබේ.
මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ තත්ත්වය මොකක්ද?

මේ ලියනා මොහොත වන විට අයි.ඩී.එච්. රෝහල සම්පූර්ණයෙන්ම පිරී ගොස්ය. එහි ගණිතමය අගයන් නිවැරදිව නැත. හැබෑවටම ඒවා අත්‍යාවශ්‍ය බවද අපි නොහිතමු. නමුත් නිරන්තරව රෝහලට නිතර එන යන උණ රෝගීන් නිසා මේ ගණන් හිලව් නිවැරදිව දෙන්නට හැකියාවක් නැති විය හැක. නමුත් අයි.ඩී.එච්. රෝහල නිරන්තරව කාර්යබහුලය. ඔවුන් මේ මොහොතේ එක තත්පරයකටවත් විවේක ගන්නේ නැත.
“ඉස්පිරිතාලෙ වැඩ කරන අය නිවාඩු දාලලු”
වගේ කතන්දර ඔක්කෝම බයිලාය. ඔවුහු සියලුම දෙනා නිවැරදිව රාජකාරිවලට වාර්තා කරති. සමහර විට සිය පවුල්වල බොහෝ දේ පසෙකලා ඔවුන් රෝහලට එයි. කිසිවෙක් ඒ ගැන මැසිවිලි නඟනා බවක් දැන ගන්නටවත් නැත.
රෝහලේ සිවුවැනි වාට්ටුව මුලින්ම කොරෝනා වෙනුවෙන් වෙන්විය. ඒ සාමාන්‍යයෙන් බෝවෙන රෝග වෙනුවෙන් පෙර සිටම වෙන් කළ වාට්ටුවයි. එය සාමාන්‍යයෙන් වීදුරුවලින් ආවරණය කර සකස් කර තිබේ. කාමර එකින් එක වෙන්ව සකස් කර ඇති අතර අතිශය ආරක්ෂිතය. මේ කාමර තට්ටු දෙකක වෙන වෙනම සකස් කර තිබෙනා අතර ඉබෝලා යැයි සැක කරන ලද රෝගියෙක් වරක් මෙයට ඇතුළු කරන ලද බව දැන ගන්නට තිබේ. නමුත් මේ කාමර මේ තරම් බරපතළ තත්ත්වයක් යටතේ ඒ පිරී යන්නේ මේ වතාවේය.
මේ සති අන්තය උදාවන්නටත් පෙරම හතරෙ වාට්ටුව සම්පූර්ණයෙන්ම පිරී යන අතර මේ තත්ත්වය යටතේ ඊළඟ විකල්පයකට යන්නට රෝහලට සිදුවේ. මේ වනවිටත් රෝහලේ වෙනත් රෝගීන් මුල්ලේරියාව රෝහලට පිටත් කර යවන අතර, තුනේ වාට්ටුවේ සිටි එච්.අයි.වී. රෝගීන් පහේ වාට්ටුවට මාරු කරන්නටත්, තුනේ වාට්ටුව කොරෝනා රෝගීන් වෙත ලබා දෙන්නටත් රෝහලට සිදුවෙයි. මේ හරහා රෝගීන් කාමරවලින් පිටතට ගෙන ශාලාවක රැඳවීම නිසා රෝහල් කාර්ය මණ්ඩලය තවත් අනාරක්ෂිත වෙයි. නමුත් මේ වන විට මේ තුනේ වාට්ටුවට ඇතුළු වීම පිරිසිදු කරන්නන්, හෙද කාර්්ය මණ්ඩල සහ වෛද්‍යවරුන්ට පමණක් සීමා කර තිබේ. අයි.ඩී.එච්. රෝහලේ හැබෑ තත්ත්වය ඒකය.

අයි.ඩී.එච්. රෝහලේ සාමාන්‍යයෙන් වෙන කවරදාවත් නොවුණ පරිදි මේ වනවිට කොත්තමල්ලි ලබා දෙන තත්ත්වයක් ගැන නිල නොලත් ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබේ. චීන කාන්තාව රෝගී වූ අවස්ථාවේ ඇයට ෆ්‍රයිඞ් රයිස්, ෆ්‍රයිඞ් නූඞ්ල්ස් ලබා දුන් රෝහල් කාර්ය මණ්ඩලය මේ රෝගීන්ටද ඔවුන් කැමති ආකාරයෙන් ආහාර ලබා දෙයි. පාන්, නූඞ්ලස් බත් ඉඳි ආප්ප වශයෙන් ඔවුන් රිසි පරිදිය. අවශ්‍ය ආහාර වර්ගයක් ඉල්ලා සිටීමේ හැකියාවක් තිබේ.
ප්‍රාථමික ප්‍රතිකාර ඒකකය ඇතුළුව බොහෝ අංශ මේ වන විට රෝගීන් යැයි සැක කරනා අය නිසා පිරී ගොස්ය. බාහිර රෝගීන් ලෙස වෙනත් කිසිම රෝගියෙක්ට ප්‍රතිකාර සිදු නොවේ. මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ සැබෑ තත්ත්වය ඕකය. සියලු අංශ සීරුවෙන්ය. අවශ්‍ය නම් ප්‍රාථමික ප්‍රථිකාර ඒකකයද රෝගීන් වෙනුවෙන් වෙන් කරන්නට අවශ්‍ය කටයුතු සූදනම්ය. හමුදා අංශ නව කාමර පද්ධතියක් සකසමින් සිටී. කෙසේ වෙතත් සියල්ල සාමාන්‍ය අතට හැරෙනා තුරු ඔවුන් ඕනෑම දේකට සූදානම්ය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඇඳිරි නීතිය අස්සේ ‌කොරෝනා මැද්දේ මව්රට ගිය ගමන

Next Post

හොඳට හික්මීමෙන් ඉන්න: සිරිසේනටත් ‌කොරෝනා මතක් ‌වෙයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.