• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඊළග ප්‍රහාරය ගැන කාදිනල් හිමිගේ අනතුරු ඇගවීම

October 12, 2019
in News, Politics
Reading Time: 1 min read
A A
ඊළග ප්‍රහාරය ගැන කාදිනල් හිමිගේ අනතුරු ඇගවීම
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බිඳවැටුණු ජනතාවගේ ජීවන තත්ත්වය මේ වන විට බොහෝ දුරට යථා තත්ත්වයට පත්වී ඇත. ජනතාව මේ වන විට තම සුපුරුදු ජීවන රටාවට හුරුවී ඇත. අන්ත අඩියට ඇදවැටුණු සංචාරක කර්මාන්තයද දැන් කෙමෙන් කෙමෙන් හිස ඔසවමින් ඇත. ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ අප්‍රෙල් 21 වැනිදා පමණක් වුවද, ත්‍රස්ත ප්‍රහාරයන්ට බියෙන් ජනතාව කලබල වූ අවස්ථා බොහොමයක් ඊට පසුවද වාර්තා විය. කිසිදු පදනමක් නොමැතිව එකිනෙකා පැතිරවූ එම අසත්‍ය ප්‍රචාර හමුවේ ජනතාව කිහිපවරක්ම අන්ත අසරණ විය. පසුගිය මාස දෙක තුන තුළ එම තත්ත්වයද මඟහැරී ඇති බවක් දක්නට හැකි විය.

නමුත් ඔක්තෝබර් 15 වැනිදායින් පසු ශ්‍රී ලංකාවට නැවත වරක් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රකාශයක් මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ ජනතාව අත්විඳි සාමකාමී බව මුළුමනින්ම නැතිවී යන තත්ත්වයක් උද්ගත විය. නැවත වරක් ජනතාව එකිනෙකා දෙස සැකෙන් බියෙන් බලන්නට විය. අමිහිරි අත්දැකීමක මතක ජනතාවගේ සිත් තුළ රැව්පිළිරැව් දෙන්නට විය. නැවත වරක් ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ජනතාව වඩාත් කලබල වූයේ එම හෙළිදරව්ව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් සිදුකරන ලද්දක් වීම නිසාය. පාස්කු ප්‍රහාරයෙන් පසු කතාබහට ලක්වූ ප්‍රධාන පුද්ගලයන් අතර ඉදිරියේම සිටියකු වූයේ අදරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාය. ශ්‍රී ලංකාවේ ජාතීන් අතර අරගලයක් ඇතිවීම වළක්වාගැනීම සඳහා උන්වහන්සේ ගත් උත්සාහය ජාති ආගම් භේදයකින් තොරව සියලුම දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර විය. එමෙන්ම උන්වහන්සේ වැනි ගරු කටයුතු පුද්ගලයකු වගකීම් විරහිත ප්‍රකාශයක් සිදු නොකරනු ඇතැයි යන්නද ජනතාවගේ විශ්වාසයයි.
ශ්‍රී ලංකාවට නැවතත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාදිනල් හිමිපාණන් අනතුරු අඟවා තිබුණේ ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමිනි. එම ප්‍රහාරයේද ඉලක්කය වී ඇත්තේ ප්‍රධාන පෙළේ කතෝලික පල්ලි කිහිපයක් බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්වී ඇත. කාදිනල්තුමන්ගේ ලිපිය සම්බන්ධයෙන් කතෝලික සභාවේ ජූඞ් සමන්ත පියතුමන් මාධ්‍ය හමුවේද අදහස් දැක්වූ අතර මේ සියලු කරුණු කාරණා හේතුවෙන් ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ රට තුළ නැවතත් ආන්දෝලනයක් ඇති විය. මේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු කාදිනල්තුමන්ට ලැබුණු ආකාරය පිළිබඳ කිසිවක් මේ වන තුරුද හෙළිදරව්වී නොමැති නමුත් කාදිනල්තුමන්ගේ ලිපිය මුල්කොට ගෙන කතෝලික පල්ලි අවට ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ අදාළ තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය ත්‍රිවිධ හමුදාව වෙත භාරදී ඇති බවය. කාදිනල්තුමන්ගේ ලිපියට බාහිරව එවැනි ප්‍රහාරයක් සම්බන්ධ තොරතුරක් ආරක්ෂක අංශ වෙත ලැබී නොමැති බවද ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනල් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ නාවික හමුදාව සුපුරුදු ආකාරයෙන් ආරක්ෂක කටයුතු ක්‍රියාත්මක කරන බවය. අදාළ ලිපිය මුල්කොට ගෙන විශේෂ වෙනස්කම් සිදුකර නැතත් උපායමාර්ගික වෙනස්කම් සිදුකරමින් එම ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන බවද සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේය. කෙසේ වෙතත් මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ ආරක්ෂක බුද්ධි අංශ වෙත නොලැබුණු තොරතුරක් කාදිනල්තුමන් වෙත ලැබුණේ කෙලසද යන්නය.
නැතිනම් එවැනි තොරතුරක් ලැබුණද ඒ සඳහා ක්‍රියාත්මක නොවීමට බුද්ධි අංශ කටයුතු නොකළේද යන සැකයද ඇතැමුන් තුළ හටගෙන ඇත. එසේත් නොමැති නම් මෙය වෙනත් අරමුණක් සඳහා සිදුකළ අසත්‍ය ප්‍රචාරයක්ද යන සැකයද ඇතැමුන් තුළ හටගෙන ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු කාදිනල්තුමන් කටයුතු කළ ආකාරය ප්‍රශංසාවට ලක්වූ සේම එම ප්‍රහාරයෙන් මාස කිහිපයක් ගතවන විට උන්වහන්සේ සිදුකළ ඇතැම් ක්‍රියාවන් බොහෝ දෙනාගේ විවේචනයටද හේතු විය. එතුමන් කටයුතු කරන්නේ දේශපාලනික අරමුණක් සඳහාය යන්නද ඇතැමුන්ගේ අදහස විය. රටේ ආරක්ෂාව සම්බන්ධ සංවේදී තොරතුරක් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම පිළිබඳ විවේචනයක්ද මේ වන විට සමාජය තුළ නිර්මාණය වී ඇත.
කාදිනල්තුමන් යොමුකළ ලිපිය සහ එයට ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් අප අගරදගුරු පදවි ලේකම් ඩෙනින්ටන් සුබසිංහ පියතුමාගෙන් කරුණු විමසූ අතර උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ තමන්ට ලැබුණු තොරතුරක් ඔස්සේ ආරක්ෂක අංශ දැනුවත් කරමින් තම යුතුකම ඉටුකළ බවය.
“ඒ විදියේ තොරතුරක් ලැබුණට පස්සේ ආරක්ෂක අංශ දැනුවත් කරන එක අපේ යුතුකමක්. අපි ඒ යුතුකම ඉටුකෙරුවා. ඒ වගේම කතෝලික පල්ලි අවට ආරක්ෂාව තරකරන්න කියලා අපි ඉල්ලීමක් කළා. ඒ ලිපියේ අඩංගු තොරතුරු සම්බන්ධයෙන් කරුණු විභාග කරලා වහාම අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති ලේකම් කාර්යාලයයෙන් ලිපිය යොමුකළ දින රාත්‍රියේම අපට පිළිතුරු ලැබිලා තිබුණා. ඒ වගේම මේ වෙද්දී පල්ලි අවට ආරක්ෂාව වැඩිකරලා තියෙන බවත් අපට පේන්න තියෙනවා. ඒ ගැන අපව දැනුවත් කරලත් තියෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මට මෙහෙම කියන්න විදියක් නැහැ.” ඒ ඩෙනින්ටන් සුබසිංහ පියතුමාගේ අදහසය.
කතෝලික පල්ල සඳහා පෙරට වඩා වැඩි ආරක්ෂාවක් ලබාදී ඇති බව ඒ අනුව පැහැදිලිය. කාදිනල්තුමන් යොමුකළ ලිපියේ සත්‍ය අසත්‍යභාවය පිළිබඳ රටට හෙළිකළ යුත්තේ ආරක්ෂක අංශ විසින්ය. එමෙන්ම එවැනි ප්‍රහාරයක් සැලසුම් කර ඇත්නම් එයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ වගකීම ඇත්තේද ආරක්ෂක අංශ අතේය. කොයි හැටි වෙතත් මේ පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකර ජනතාව දැනුවත් කිරීම කාට කාටත් හොඳ බව අපේ අදහසය.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

හරක් ඉන්න රටක සිංහයෙක් රජ ‌වෙයිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ඇල්පිටිය පරද්දපු ගයන්තට එරෙහිව ඇතුළෙන්ම කැරැල්ලක්

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.