• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඉස්සො කොටු පස්සෙ ඉන්න පිස්සො කව්ද?

September 7, 2020
in News, Politics
Reading Time: 5 mins read
A A
ඉස්සො කොටු පස්සෙ ඉන්න පිස්සො කව්ද?
Share on WhatsAppShare on Facebook

නව රජය බලයට පත් වීමෙන් පසු රට තුළින් වාර්තා වූ ආන්දෝලනාත්මක සිදුවීම් බොහොමයකටම ඩෝසර් සම්බන්ධ වී තිබීම විශේෂත්වයක් විය. ඒ අතරින් පළමුව වාර්තා වූයේ කුරුණෑගල නගරාධිපතිවරයා විසින් පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් ඩෝසර් කළේ යැයි කියන සිදු වීමය. ඉන් අනතුරුව ලෝක උරුම සිංහරාජයට අයත් කොටසක් ඩෝසර් කර ඇති බවට තොරුතුරු වාර්තා විය. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා එම ප්‍රදේශයේ සංචාරයකද නිරත විය. සිංහරාජය ඩෝසර් කිරීම පිළිබඳ කතා බහෙන් රටම උණුසුම් වී තිබූ පසුබිමක තවත් ඩෝසර් කිරීමක් සම්බන්ධ සිදුවීමක් පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිලුන්දාවෙන් වාර්තා විය.
එම තොරතුරු අනාවරණය කළේ ආනවිලුන්දාව “රැම්සා” කුරුලු අභය භූමියේ කොටසක් ඉස්සන් වගාව සඳහා ඩෝසර් කර ඇති බවය. මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයකු වන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහෝදරයකුටය. මීට පෙර මීගමුව කලපුවට අයත් දූපතක ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් වූ සිදුවීමකදීද සනත් නිශාන්ත මහතා දැඩි ආන්දෝලනයකට ලක් විය. එහිදී මීගමුව වන සංරක්ෂණ නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය සමඟ සනත් නිශාන්ත මහතා ඇති කර ගත් මත ගැටුමේ දර්ශණ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ අවස්ථාවේ නිශාන්ත මහතාගේ ආධාරකරුවකු “ඔක්සිජන් කන්න” දැයි ජයතිලක මහත්මියගෙන් විමසූ අයුරුද දැක ගත හැකි විය. ආනවිලුන්දාව ඩෝසර් කිරීමට සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා සම්බන්ධ බවට බොහෝ දෙනකු සැක කිරීමට එයද එක් හේතුවක් විය. ඒ හේතුවෙන් සනත් නිශාන්ත මහතාට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වන ආකාරයද දක්නට හැකි විය.
පරිසරවේදීන් සහ රටේ ජනතාව මේ පිළිබඳව දිගින් දිගටම විරෝධය දක්වද්දී, ආනවිලුන්දාව ඩෝසර් කිරීමට සම්බන්ධ වූ ඩෝසර් යන්ත්‍රය සහ එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ඔස්සේ වාර්තා විය. නමුත් ජනතාවගේ අදහස වන්නේ ඩෝසර් රථය අත්අඩංගුවට ගැනීමෙන් නොනැවතී රැම්සා භූමිය ඩෝසර් කිරීමට අණ දුන් පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුතු බවය. ඒ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සනත් නිශාන්ත මහතාගෙන් තොරතුරු විමසූ බවද වාර්තා විය.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වනජීවී අමාත්‍ය සී. බී. රත්නායක මහතාද පසුගියදා එහි සංචාරයක නිරත වූ අතර භූමිය ඩෝසර් කිරීමට අණ දුන් පුද්ගලයාට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් කරන බවට ඇමැතිවරයා එහිදී ජනතාවට පොරොන්දු විය. මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විගණකාධිපතිවරයා සඳහන් කර තිබුණේ ආනවිලුන්දාවේ ඉඩම් අක්කර 157ක් ඉස්සන් සහ මත්ස්‍ය වගාව සඳහා පසුගිය 2019 වසරේදී පෞද්ගලික අංශයට බදු දී ඇති බවය. එයින් අක්කර 55ක් බදු දී ඇත්තේ වසර 30ක් සඳහාය. ඉතිරි ප්‍රමාණය වසරක් සඳහා බදු දී ඇති බව සඳහන් වන අතර එම බලපත්‍රය අනුව ඉස්සන් කොටු 26ක්, මත්ස්‍ය පොකුණු පනස් හතරක් සකස් කර ඇති බවද විගණකාධිපතිවරයා සඳහන් කළේය. කෙසේ නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ පසුගියදා ඩෝසර් කළ භූමිය එසේ බදු දුන් ඉඩමක්ද නැද්ද යන්න ප්‍රශ්නයක් වන බවය.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ග්‍රාමීය සහ ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පසුගියදා සඳහන් කර සිටියේ මෙය සිදු කර ඇත්තේ තම ඡන්දදායකයකු විසින් වන බවය. කෙසේ නමුත් එහිදී කිසිදු පාරිසරික හානියක් සිදු වී නොමැති බවද ඒ මහතා සඳහන් කළේය.
“කතන්දරයක් යනවා කට ඇරලා නම කියන්නෙ නෑ. නිකං තප්පුලන බවක් තමයි පේන්න තියෙන්නෙ. ඉතිං ඊයෙ උදේ අතිගරු ජනාධිපතිතුමා මට කතා කරලා ඔය ආනවිලුන්දාවෙ පළහිලව්වක් යන්නෙ සමාජ ජාලා වල, ඔයාගෙ තියෙන සම්බන්ධය මොකද්ද, මොකද්ද ඒකෙ තත්වය කියලා මගෙන් ඇහුවා මං එතුමාට දුන්න උත්තරේ – ස’ මේ කිසිදු දේකට මගේ කිසිදු සම්බන්ධයක් නෑ. මගෙ වචනෙක හරි සම්බන්ධයක් තියෙනවා නම් මේකට මම ඕනෙම දඬුවමකට යටත් වෙන්න සූදානම්. මේක මා විසින් හෝ මගේ කෙනෙක් කරපු දෙයක් නෙවෙයි. හැබැයි මගේ ප්‍රදේශයේ මගේ ගම්වැසියෙක් මගේ ඡන්ද දායකයෙක් කරපු කටයුත්තක්. මේ සිද්ධ වෙලා තියෙන කාරණය සම්බන්ධව ස්ථාන පරීක්ෂාවක් කරලා මගේ ඇස් දෙකෙන් මම දැක්කා. මේකෙ කිසිදු පරිසරයට හානි කිරීමක් සිද්ධ වෙලා නෑ” ඒ සනත් නිශාන්ත මහතාගේ අදහස්ය.

කමිටුවක් දැම්මා – ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්
‘මව්රට’ ඒ ගැන නිශ්චිතව දැනගැනීම සඳහා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් සමන්ත විජේසිංහ මහතාගෙන් විමසීමක් කළා. ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.
‘පසුගිය 2019 වසරේදී අපි මේ බදු දීල නැහැ. මේ ගැන දැන් පරීක්‍ෂණ පවත්වන්න කමිටුවක් පත්කරලයි තියෙන්නේ. කමිටුවට දිස්ත්‍රික් ලේකම් වාර්තාවක් ලබා දේවි. වනජීවී දෙපාර්තමේන්තුවත් මේ ගැන සොයබලාගෙන යනවා.

කිසිම දෙයක් මම හංගන්නෙ නැහැ – ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපති

කොහොම නමුත් මේ ගැන පරීක්‍ෂණ පවත්වන ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපති අනුරාධ හේරත් මහතාගෙන්ද විමසුවා.
මේ පරීක්‍ෂණයේ කිසිම දෙයක් මම හංගන්නෙ නැහැ. දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙන්නට අමතරව තවත් තොරතුරු ඇවිත් තියෙනවා. මම ඒ ගැනත් පරීක්‍ෂන පවත්වනවා. මෙම සිද්ධිය පසුබිමේ දේශපාලන බලපෑමක් තියෙනවද යන්න ගැන (පසුගිය සඳුදා වනතුරු) මෙතෙක් කිසිවක් හෙළිවී නැහැ.

කවුද මේ ආරක්‍ෂා කරන්න හදන්නෙ -පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් පෙරේරා

දැන් මේ වෙනකොට ඔය සිද්ධිය ගැන අධිකරණ ක්‍රියාමාර්ග අරන් තියෙනවා. දේශපාලන මැදිහත් වීම් තියෙනවා කියලයි ආරංචිය. ඒ කාලෙ ඉඳන් ඉස්සන් වගාවට සම්බන්ධ වුණු පිරිස් වෙන්න ඇති. මාධ්‍ය මගින් හෙළිවන දේවල් අනුව ඉතිහාසය බැලුවහම යම් යම් සැක තියෙනවා. මේ වැඬේ කරන්න කියපු කෙනානෙ අල්ලන්න ඕනෑ. මේක වෙලා හුඟක් කල්. කවුද මේ ආරක්‍ෂා කරන්න හදන්නෙ පොලිසිය මන්දගාමීව යන්නෙ නැතිව හරි පුද්ගලයා සොයාගත යුතු වෙනවා.

මමත් තොරතුරු හොයනවා -පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චින්තක මායාදුන්නේ

ඔය සිද්ධියට අදාළව ඔප්පු තිරප්පු තියෙනවා කියලත් ආරංචියි. නමුත් මම හරියට දන්නෙ නැහැ. හරියට දැනගෙන කතා කරන්න ඕනෑනෙ. කොහොම නමුත් මම ඔය ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ තමයි විස්තර සොයාගන්න ඕනෑ. මම ඒ තොරතුරු ඉල්ලා තියෙනවා.

යට ඉන්නේ කව්ද කියලා කියන්න -පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි අශෝක ප්‍රියන්ත

මේ සිද්ධිය යට ඉන්නෙ දේශපාලනඥයෙක් නම් ඒ ගැන හංගන්නෙ නැතිව හෙළිකළ යුතුයි. ඒ මොකද නැත්නම් අනෙක් දේශපාලනඥයන්ටත් මේ ප්‍රචාරවලින් හානියක් වෙනවා. අනෙක් එක එම දිස්ත්‍රික් කමිටුවේ සභාපති හැටියට නීත්‍යානුකූලව අදාල පාර්ශ්වවලින් මේ සිද්ධිය ගැන පරීක්‍ෂණ වාර්තාවක් ඉල්ලා තියෙනවා.

සමහර විට ඩෝසරේ වැරදි වෙන්නත් පුළුවන් – පාහියංගල ආනන්ද සාගර හිමියන්

අද පරිසරය ආරක්‍ෂා කරගන්න කතා කරන අය හඳුන්වන්නෙ ත්‍රස්තවාදීන් හැටියටයි. මහජන මුදලින් යැපෙන දේශපනඥයන්ගේ වගකීම වන්නේ පරිසරය ආරක්‍ෂාකර ගැනීමයි. එක් අවස්ථාවක කඩොලාන විනාශ කරන්න එක්තරා දේශපාලනඥයෙක් සූදානම් වෙද්දී ඔහු සඳහන් කළේ ඔක්සිජන් අවශ්‍ය වන්නේ කන්නද කියලයි. මේ සිද්ධියේදී අවසානයේ ඔය ඉස්සන් පොකුණ ඩෝසර් කරන්න යෙදුව කුල්ල අන්තිමේ වැරැදිකාරයා වෙන්න පුළුවන්.
අද පරිසරය විනාශ කරන අය තමයි ජාතික වීරයන් වෙන්නෙ. මේ සිද්ධියත් දේශපාලන හයියක් නැතිව කරන්න පුළුවන් දෙයක් නොවෙයි. අපි බලා ඉඳිමු මොකද වෙන්නෙ කියලා.‍‍

දේශපාලන හයියක් නැතිව කරන්න බෑ – පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි

මේ සිද්ධියේ යට ඉන්න කෙනා ගැන තවම තොරතුරු එළිවෙලා නැහැ. මේ වගේ දේවල් දේශපාලනඥයකුගේ රැකවරණ නැතිව ව්‍යාපාරිකයකුට විතරක් තනිව කරන්න බැහැ. ආණ්ඩුව කියන්න ඕනෑ කවුද දේශපාලනඥයා කියල. විපක්‍ෂය විතරද පරිසරය රකින්න ඕනෑ. ආණ්ඩු පක්‍ෂය දැනගන්න ඕනෑ මේක කළේ කවුද කියල හෙළිකරන්න. පොලිස් පරීක්‍ෂණයට ආණ්ඩුව සහාය දෙන්න ඕනෑ. අපි බලා ඉන්නව ආණ්ඩුව මොකද කරන්නෙ කියලා. දැන් ආණ්ඩුව දාල තියෙනවනේ විමර්ශන කණ්ඩායමක්. එතෙන්දි හෙළිවන දේ රටට කියන්න ඕනෑ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

බෝල්රූම් ඩාන්ස් නාමල් තහනම් කරයි

Next Post

20ට එරෙහිව පළමු විරෝධය හෙට සෝභිත පිළිරුව අසල

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.