• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ඉන්දියාවෙන් ඇෆ්ගනිස්ථානයට ටොන් ගණනින් උදව්!

December 21, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
ඉන්දියාවෙන් ඇෆ්ගනිස්ථානයට ටොන් ගණනින් උදව්!
Share on WhatsAppShare on Facebook

ගොඩබිමෙන් වටවූ රටවලට (රාජ්‍ය) මුහුදු මාර්ගයෙන් විනා ගොඩබිමෙන් ප්‍රවාහන පහසුකම් සපයා ගත නුහුණි. එසේම ගෝලීය වෙළෙඳපොළට තබා ඉන්දියාවට හෝ තම නිෂ්පාදන ප්‍රවාහනය කිරීම එතතරම් සුකර කරුණක්ද නොවිණි.

එහෙත් මේ වන විට ඉරානයේ “චාබහාර්” වරාය මෑතක සිට වාණිජ කටයුතු පිළිබඳ කලාපීය කේන්ද්‍රීය ස්ථානයක්වීම නිසා ඒ දුෂ්කරතා අඩුවෙමින් තිබේ. එපමණක් නොව එම වරාය මේ වන විට බොහා් රටවලට ස්ථාවර ආර්ථික ප්‍රභවයක් වශයෙන්ද වැදගත්වී ඇත.

මේ සියලු කරුණු පිළිබඳ සිතා බැලූ ඉන්දියාව “ෂාහිඩ් බිහෙෂ්ති” පර්යන්තය (ටර්මිනලය) සංවර්ධනය කිරීම උදෙසා සහනාධාර වශයෙන් ඩොලර් මිලියන අසූපහක්ද, ණය පහසුකම් වශයෙන් ඩොලර් මිලියන එකසිය පනහක්ද සපයන බවට පොරාන්දු වන බව භාරත විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජයශංකර් පසුගිය සිකුරාදා ප්‍රකාශ කෙළේය.

තලේබාන් සන්නද්ධ කණ්ඩායම පසුගිය අගෝස්තුවේදී ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් පසුවද ඉන්දියාව ඕමාන් මුහුදු බොක්කේ පිහිටි වරාය සම්බන්ධව කෙරෙන කටයුතු ගැන ඉන්දියාවේ ලෝක් සභාවේදී කෙරුණු විමසීමක් අරබයා ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

කලාපයේ ගොඩබිමෙන් වටවූ සියලු රටවලට වඩා චාබහාර් වරායෙන් විපුල (වැඩිම) ප්‍රයෝජනය ලැබෙන්නේ ඇෆ්ගනිස්තානයටය. එහෙත් ඇෆ්ගනිස්තානයේ පාලනය නාහෙට නාහන සන්නද්ධ කණ්ඩායමක් අතේය.

වරාය සංවර්ධනය පිළිබඳ කටයුතු ඉන්දියාව “කරටම ඇරගෙන” කිරීමෙන් අනතුරුව තලේබාන්ලා කවර අන්දමේ රඟපෑමකට ඉදිරිපත් වන්නේ දැයි යන්න පූර්ව විනිශ්චයක් කළ නොහැකි අවිනිශ්චිත තත්ත්වය නිසා බහුජන සමාජ පක්‍ෂයේ මංත්‍රී “රිතෙෂ් පාණ්ඩේ” ඇසූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ඇමැතිවරයා සිය ස්ථාවරය එසේ පැහැදිලි කෙළේය.

ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයට සම්බාධක පනවා තිබේ. ඉරානය පාර්ශ්වයෙන්ද කෙරෙන යම් යම් දේ නිසා වරාය සම්බන්ධ ව්‍යාපෘතියේ කටයුතුද ඇනහිට තිබේ.

මේ මතභේදාත්මක තත්ත්වය පාදක කරගත් මන්ත්‍රී පාන්ඩේ එසේ පරිපූරක විමැසුමක් කෙළේය.

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජයශංකර්, ඒ මන්ත්‍රීවරයාට පිළිතුරු දෙමින් වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කෙළේය.

‘ගරු මන්ත්‍රීතුමා දැනුවත්කිරීමට මා කැමැතියි. ඔබතුමාගෙ මතය සම්පූර්ණයෙන්ම සාවද්‍ය (වැරදි) එකක්. මේ ගිවිසුම අස්සන් කළේ 2016දී. අපි මෙහෙයුම් ආරම්භ කළේ 2018දී. අප මේ වන විට fදාඹකර (cranes) හයක් සපයා තිබෙනවා. ඉන් fදාඹකර දෙකක ධාරිතාව ටොන් එකසිය හතළිහ බැගින්. හතරක ධාරිතාව ටොන් සියය බැගින්. එපමණක් නොවේ. ඩොලර් මිලියන විසි පහක් වටිනා උපකරණත් දී තියෙනවා.

මේවන විට පර්යන්තයේ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකයි. ඇමෙරිකාව ඉරානය කෙරෙහි පනවා ඇති සම්බාධක කිසි සේත්ම මේ ව්‍යාපෘතියට අදාළ නෑ.
ඉන්දියාව මේ වරාය යොදවා ගන්නේ වැඩි වශයෙන්ම මානුෂීය ආධාර බෙදා හැරීමටයි. විශේෂයෙන් කොවිඩ් වසංගතය වෙනුවෙන් බෙදාදෙන ආධාර වෙනුවෙනුයි.
ඇෆ්ගනිස්තානයට ආහාර ආධාර වශයෙන් 2020දී තිරිඟු ටොන් හැත්තෑ පන්දහසක් වරායෙන් නැව්ගත කර තිබෙනවා. තිරිඟු ටොන් එක් ලක්‍ෂ දසදහසක්ද, මුං වැනි ධාන්‍ය වර්ග ටොන් දෙදහසක්ද ඇෆ්ගනිස්තානයට මේ වන විට යවා තිබෙනවා.

අගමැති නරේන්ද්‍ර මෝදි ඉරානයට ගියේ 2016 මැයි මාසයේදී ඉන්දියාවත්, ඇෆ්ගනිස්තානයත්, ඉරානයත් ත්‍රෛපාක්‍ෂික ගිවිසුමක් අස්සන් කළා. ෂාහිඩ් බිහෙෂ්ති පර්යන්තයේ පළමු පියවර ඉරාන රජය සමග සම්බන්ධවී සංවර්ධනය කිරීමට ඉන්දියාව කටයුතු කරනවා’ යැයි ඇමැති ජයශංකර් විස්තර කෙළේය.

ඉන්දියා පෝර්ට්ස් ග්ලෝබල් ලිමිටඩ් සමාගම 2018 දෙසැම්බර් 24 වැනි දින සිට මෙහෙයුම් ආරම්භකර මේ වන විට රුසියාව, බ්‍රසීලය, තායිලන්තය, ජර්මනිය, යුක්රේනය, ඕමාන්, රොමේනියාව, බංග්ලාදේශය, ඔස්ටේ්‍රලියාව, ක්වේට්, උස්බෙකිස්තානය සහ එක්සත් අරාබි එමිරේට්ස් සමග මෙහෙයුම් පවත්වයි.

පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

පොහොට්ටුවට සුපිරි කාර්යාලයක් හදලා දුන්න සුපිරි කෝටිපතියා කව්ද?

Next Post

ඩඩ්ලි ඇතුලු හාල් මෝල් හිමියන් රට හෙල්ලෙන තීන්දුවක් ගන්න යයි!

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.