• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අවුරුදු 9කට ‌පෙර ‌කොරෝනා ‌අනාවැකිය ලෝකෙට ‌කියපු CONTAGION

February 8, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
අවුරුදු 9කට ‌පෙර ‌කොරෝනා ‌අනාවැකිය ලෝකෙට ‌කියපු CONTAGION
Share on WhatsAppShare on Facebook

සඳත් අමාවක වෙලා වගේ, මේක නම් මහා අන්ධකාර මූසල රාත්‍රියක්. වෙනදාට මහ රැය වනතුරුත් මිනිස්සු එතැන, මෙතැන යන මනරම් නගරය අද දස අතේ පාළුවට ගිහින්. ඉඳහිට මිනිස් පුළුටක්වත් දකින්න තියෙන්නේ දහවලට විතරයි. ඒත් ඒකත් ‘ලාහෙට ගෙම්බෝ එකතු කරනවා’ වගේ කතාවක්. දෙවියනේ, මේ මහා නගරයට මොකද වුණේ? දැන් මේ නගරයට රැයක්, දවාලක් නැහැ. හිරුත්, සඳුත් විතරයි ඔත්තු බලන්නේ ඉන්නේ. මිනිස්සු දහස් ගණනකගේ ප්‍රාණය යක්‍ෂයා විසින් උදුරාගෙන ගිහින්. සාතන්ට බයේ මිනිස්සු ගුළිවෙලා, හැංගිලා එළියට එන්නේ නැහැ. දෙවියනේ මේ යක්‍ෂයා කළ විනාශය කුමක්ද?
අද අප මිහිතලය මත සැබෑවට දිග හැරී ඇති මෙම ශෝචනීය කතාව නොදන්නා කෙනකු නැති තරම්ය. ‘කොරෝනා, කොරෝනා’ ඒ මහා විප්‍රයෝගයයි. කල්ප විනාශයයි. මේ මාරක කතාව ගැන මෙයට වසර 09කට පෙර ඒ ආකාරයෙන්ම ලොවට කියාපෑ අපූරු සිනමා නිර්මාණයක් ගැන කතා කරන්නටයි මේ හදන්නේ. එදා මේ කලා නිර්මාණය ලොවට දායාද කරන විට මෙවැනි විනාශයක් අනාගතයේදී සිදු වෙතැයි කිසි විටෙක සිතන්නට නැති. මේ සිදුවීම හරියටම ලොවට මහා අනාවැකියක් කිව්වා වගේ එකක්. එනම් මෙම සිනමා නිර්මාණයේ කතාන්දරය අද ලොවට සැබෑවටම සිදුවී අවසානයි.

පාළුවට ගිය අන්ධකාර නගර, උදේ – හවස මැරි මැරී වැටෙන ජීවිත, දැවි දැවී ජීවත්ව සිටින මිනිස්සු මේ ඔක්කොම වසර 9කට පෙර මේ චිත්‍රපටයේ තිබෙන මනඃකල්පිත සිදුවීම්. ඒත් අද ඒ මනඃකල්පිත සිදුවීම් යථාර්ථයක්ම වෙලා. මේක නම් සැබෑම ආශ්චර්යයවත් සිදුවීමක්. ඒ වගතුග දිගහැරෙන්නේ මෙහෙමයි.
‘කන්ටේජියන්’ මෙම ඇමෙරිකානු හොලිවුඞ් සිනමා නිර්මාණයේ නාමයයි.
මෙය 2011 වසරේදී නිර්මාණය කරන ලද චිත්‍රපටයකි. ‘කන්ටේජීයන්’ යන ඉංග්‍රීසි වදනෙහි අරුත වන්නේ බෝවන හෝ පැතිරෙන හෝ වසංගතයක් යන අරුතයි. දක්‍ෂ, සම්මානනීය ඇමෙරිකානු චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වන ස්ටීවන් සොඩර්බර්ග් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර ඇත. එනම් ඔහු 2000 වසරේදී හොඳම චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා ලෙස ඔස්කාර් නොහොත් ඇකඩමි සම්මානයෙන් පුද ලැබූ සිනමා නිර්මාණකරුවා වෙයි. එසේම ඔහුගේ මෙතෙක් කළ චිත්‍රපටවලට ඔස්කාර් සම්මාන 7ක් (විවිධ ක්‍ෂේත්‍ර)ම හිමිවී ඇති අතර, 1989 වසරේදී ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේදීද ස්ටීවන් සොඩන්බර්ග් හොඳම අධ්‍යක්‍ෂවරයා ලෙසට සම්මාන ලැබීය.

විනාඩි 106ක කාලයක් පුරා දිවෙන ‘කන්ටේජීයන්’ චිත්‍රපටය ත්‍රාසජනක මෙන්ම, ඉතාමත් අනුවේදනීය රිද්මයක් ඇති සිනමා නිර්මාණයකි. මෙම චිත්‍රපටයෙහි සුවිශේෂිත්වය වන්නේ ‘කොරෝනා’ වයිරසය හරහා සිදුවන මහා ඛේදවාචකයක් ඉතාමත් තාත්විකව විදහා දැක්වීමය. මේ නිර්මාණය සඳහා කතාව ලියූ ඇමෙරිකානු ප්‍රකට ලේඛක ස්කොට් බර්න්ස් එම කාරිය සිතා ගැනීමටත් නොහැකි ආකාරයෙන් අතිශය සාර්ථකව ඉටුකර ඇත. අද වත්මන් ලෝකයේ සිදුවී තිබෙන කොරෝනා ඛේදවාචකයම මෙම චිත්‍රපටයේ කතාව තුළද අන්තර්ගතවීම විටෙක සිතා ගැනීමට පවා අපහසු කරුණක්ය. ඉදිරි ලෝකයට අනාවැකියක් පවසනවා සේ වසර 09කට පෙර නිමවූ එම චිත්‍රපටය අද යථාර්ථයක්වී මුළු ලෝකයම අගාධයකට තල්ලු කර දමා ඇත. එදා මෙම චිත්‍රපටයේ කතාව ලියූ ස්කොට් බර්න්ස් නම් ලේඛකයා තම කාරිය ආවාට, ගියාට කළේ නැත. එනම් ඔහු 2003 වසරේදී ලොව පුරා ව්‍යාප්ත වූ ‘සාර්ස්’ මාරාන්තික වෛරස් රෝගය සහ තවත් වෛරස් වසංගත ගැන දැඩි අධ්‍යයනයක් සිදු කළේය.
එතැනින් නොනැවතුණු ස්කොට් බර්න්ස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිටින වෛරස් රෝග විශේෂඥයන් දෙදෙනකු වන ඉයන් ලිප්කින් සහ ලෝරන්ස් බි්‍රලියන්ට් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. එම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා ලේඛකයාට බොහෝ කරුණු ගැඹුරින්, එසේම මනාව පැහැදිලි ලෙසද කියා සිටියහ. එම කරුණු සහ තමන් සොයාගත් කරුණුද ආශ්‍රිත කරගෙන ඔහු මනඃකල්පිත කතාවක් ගොඩනැඟුවේය. චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ස්ටීවන් සොබර්බර්ග් ද කතාව දුටු විට මහත් තිගැස්මකට පත්ව, මෙය අතිශය තාත්වික කතාවක් යැයි පවසමින් චිත්‍රපටය නිර්මාණය කිරීමට පියවර ගත්තේය. එහෙත් තවත් වසර 9කට පසුව ලෝකයේ සිදුවන්නේ මේ කතාන්දරයම යැයි ඔවුන් මොහොතකටවත් සිතන්නට නැතිය.
‘කන්ටේජීයන්’ චිත්‍රපට කතාව සිදුවීම් රැසක් ඇති කතාන්දරයක් වන අතර, එය සාරාංශ වශයෙන් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

‘බෙත් එම්හොෆ්’ නමැති ඇමෙරිකානු ව්‍යාපාරික කාන්තාව තමන්ගේ යම් ව්‍යාපාරික කටයුත්තක් සඳහා හොංකොං දේශයට යන්නීය. ඇය එම රටෙහි දින කිහිපයක් ගතකර නැවැත ඇමෙරිකාවට පැමිණෙන විට යම් උණ රෝගී තත්ත්වයකින් පෙළෙන බවක් පෙනෙන්නට තිබිණි. එහෙත් එය එතරම් උත්සන්න තත්ත්වයක් නොවූ හෙයින් ඇය තමන්ගේ පවුලේ සාමාජිකයන් ළඟට යෑමට පෙර, තමන් මින් පෙර ඇසුරු කළ පෙම්වතකු හමුවීමටද චිකාගෝ නුවරට යන්නීය. ඇය පවුලේ සාමාජිකයන් වෙත යන්නේ පසුව වන අතර, ඒ වන විට ඇයගේ උණ රෝගය යම් උත්සන්න තත්ත්වයකට පත්ව තිබිණි.’
‘බෙත් එම්හොෆ්ගේ පෙර කසාදයේ සය හැවිරිදි පිරිමි දරුවා වන ක්ලාක් ද ඇය සමඟ වාසය කරයි. එහෙත් දින දෙකක් ගතවෙත්ම එම දරුවාද උණ රෝගයෙන් පෙළෙන්නට වි පාසලෙන් ගෙදර එවූයේය. බෙත්ගේ තත්ත්වයද උත්සන්නවී තිබිණි. ඇයගේ වත්මන් කසාදයේ සැමියා වන මිච් එම්හොෆ් වහාම ඇය රෝහල්ගත කරයි. එහෙත් තවත් දින දෙකකින් ඇය හදිසියේම මරණයට පත් වන්නීය. එහෙත් මෙම මරණයට හේතුව කුමක් දැයි වෛද්‍යවරුන් නොදනියි. ඒ සමඟම තවත් දින දෙක තුනකින් සැමියා දකින අනෙක් දුක්ඛිත දසුන වන්නේ තම වත්මන් කසාදයේ බිරියගේ පෙර කසාදයේ දරුවා වූ ක්ලාක් ද නිවෙස ඇතුළත මියගොස් සිටින අයුරුයි. මෙය අතිශය භයානක රෝගී තත්ත්වයක් බැව් වෛද්‍යවරු පවසති. එහෙත් මෙම අසනීපය මිච්ට නොසෑදෙයි. එයට හේතුව ඔහුගේ ප්‍රතිදේහ බලගතු යැයි පැවසෙන අතර, ඒ වන විට වෙනත් ස්ථානයක අධ්‍යාපනය ලබන ඔවුන්ගේ තරුණ දියණිය නිවෙසට පැමිණෙයි. කෙසේ හෝ අවසානයේ බිරිය වූ බෙත් එම්හොෆ් විසින් ඇසුරු කළ කිහිප දෙනකුම මෙම භයානක රෝගය වැලැඳී ඔවුන්ගෙන් තවත් පිරිස්වලටද රෝගය ව්‍යාප්ත වෙයි. අවසානයේදී ඇමෙරිකාවේ නගර ගණනාවක මෙම භයානක වසංගත රෝගය පැතිරෙන අතර, මිනිසුන් සිය දහස් ගණනින් මරණයට පත් වන්නට ගනියි.’

මෙය කතාවේ සරල අන්තර්ගතය වුවත්, තවත් ප්‍රබල සිදුවීම් දාමයකින් මෙම චිත්‍රපටය වෙළාගෙන බොහෝ ත්‍රාසජනක ආකාරයෙන් කතාව ගලාගෙන යයි. මෙසේ වසංගත රෝගය සෑදී මිනිසුන් මිය යන විට එම වෛරසයට හේතුව කුමක් දැයි සෙවීමට පර්යේෂකයෝ විවිධ පර්යේෂණ සිදු කරති. එක් මහාචාර්යවරයකු පවසා සිටින්නේ රහසිගත ජීව විiාත්මක අවියක් නිෂ්පාදනය කිරීමට ගොස් වැරැදීමකින් මෙම වෛරසය ලොවට මුදාහැරුණු බැව්ය. තවත් පර්යේෂකයන් පිරිසක් පවසා සිටින්නේ වවුලන් සහ ඌරන්ගෙන් මෙම වෛරසය පැමිණි බැව්ය.
දැන් මේ ඉහත මත දෙකම දෙස අවධානයෙන් බලන්න. වසර 9කට පෙර මෙම චිත්‍රපටයට මනඃකල්පිතව සිතූ එම සිදුවීම් දැන් යථාර්ථයක්වී සත්‍ය ලෙසම සිදුවෙයි. එනම් දැනට තිබෙන කොරෝනා වෛරසයද ඇති වූයේ ජීව විiාත්මක අවියක් නිපදවීමට සිදු කළ රහසිගත පර්යේෂණයකින් යැයි ඊශ්‍රායල මහාචාර්යවරයකු පසුගියදා පවසා සිටියේය. එමෙන්ම තවත් චීන පර්යේෂකයන් පිරිසක් පවසා සිටියේ මෙවර මෙම කොරෝනා වෛරසය සතුන්ගෙන් බෝවුණු එකක් බැව්ය. එදා චිත්‍රපටයේ දසුන්ම අද සත්‍යයක් වී ඇත. එසේම එන්නත් සහ ඖෂධ සොයා ගැනීමට වෙහෙස දරන විශේෂඥයන්ගේ දසුන්ද අද සත්‍ය යථාර්ථවාදී ඒවා බවට පත්වී ඇත.
මේ ආකාරයට ‘කන්ටේජීයන්’ චිත්‍රපටයේ කතාව 90%ක්ම වත්මන් කොරෝනා ඛේදවාචකය හා සමානය. තවත් යථාර්ථයක්ම වී අතිශය තාත්වික ලෙස දැකිය හැකි දසුන් වන්නේ, ජනතාව නොමැතිව මහා පාළුවට ගිය නගරය. අද වූහාන් නගරයේ දසුන්ද මේ ආකාරයෙන් අපට දැකිය හැකිය. එදා චිත්‍රපටයේ මෙන්ම අද එම නගර සත්‍ය ලෙසම පාළු සොහොන් පිටි බවට පත්වී ඇත. අන්ධකාරයේ නගර බවට පත්වී ඇත. සිදුවීම් රැසක් ගෙවී ගොස් මෙම චිත්‍රපටයේ කතාවේ අවසානයේදී මෙම භයානක කොරෝනා වෛරසය ලොවට බිහිකළ හොංකොං දේශයටද ගොස් වෛද්‍ය පර්යේෂකයෝ පර්යේෂණ පවත්වති. එහිදී සොයා ගැනීමට හැකි වන්නේ වවුලන් සහ ඌරන් ඇසුරු කරගෙන මෙම කොරෝනා වෛරසය ඇති වුණු බැව්ය. අද පවතින කොරෝනා වෛරසයද චීන නාගයන් සහ වවුලන් ඇසුරු කරගත් එකක් යැයි පර්යේෂණ කණ්ඩායම් සොයාගෙන ඇත. මේ ආකාරයට එදා චිත්‍රපටයේ මනඃකල්පිත ලෝකය අද ඇස් පනාපිට යථාර්ථයක් බවට පත්වී ඇත. එදා මෙම සිනමා නිර්මාණය බොහෝ බුද්ධිමත් අයුරින් නිර්මාණය කිරීමට වටාපිටාව සකසාගත් හෙයින් අද එය වාර්තාගත සලකුණක් වී ඇත.
විවිධ භයානක රෝග වසංගතයක් ගැන ලෝකයේ මේ වන විට චිත්‍රපට 10ක් පමණ නිර්මාණය වී ඇත. එහෙත් ‘කන්ටේජීයන්’ සිනමා නිර්මාණය තරම් ඒ එකක්වත් තාත්ත්වික නොමැති යැයි අද ‌වෛද්‍ය විද්වතුන් රැසක්ම ප්‍රකාශ කර ඇත. මෙම සිනමා නිර්මාණය එකල නිෂ්පාදනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක් වැයවී ඇති අතර, එය ප්‍රදර්ශනයෙන් පසුව ඩොලර් මිලියන 135.5ක සුවිශාල ආදායමක් ලැබීය. මෙය බොක්ස් ඔෆීස් වාර්තාවකි. එසේම මෙය දැනට වසර 09කට පසුව නැවැත වතාවක් ලෝකයේ ජනතාව විසින් මහත් උනන්දුවකින් නරඹන බැව් වාර්තාගත වන අතර, දැනට ඇමෙරිකාවේ ‘ටොප් ටෙන්’ චිත්‍රපට අතරටද පත්වී ඇත. මෙහිදී අපූරු කතාවක් ලෙස වාර්තා වන්නේ හොඳම චිත්‍රපට දහය අතරට ඇති අනෙක් චිත්‍රපට නවයම පසුගියදා ලොව පුරා ප්‍රදර්ශනය කෙරුණු නවතම චිත්‍රපට වීමය. එනම් මෙසේ පැරැණි චිත්‍රපටයක් එම චිත්‍රපට ගොන්න අතරට පත්වීම ප්‍රථම වතාවට සිදුවී ඇති සිද්ධියක් බැව් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ හෙයින් පෙනී යන්නේ මෙම චිත්‍රපටය ජනතාව විසින් කොපමණ ආකර්ෂණය කර ඇතිද යන්නය.
‘කන්ටේජීයන්’ චිත්‍රපටය ලොව තවත් ජනප්‍රිය වන්නට හේතු වී ඇත්තේ එහි අතිශය සුප්‍රකට, දක්‍ෂ නළු නිළියන් රැසක් රඟපෑමද හේතුවෙනි. මෙහි මිච් එන්හොෆ් නමැති ප්‍රධාන පිරිමි රංග භූමිකාව රඟන්නේ ඔස්කාර් සම්මානලාභී හොලිවුඞ් රංගන ශිල්පියකු වන මැට් ඩැමෝන් විසිනි. එසේම ප්‍රධාන නිළි චරිත දෙකක් රඟපාන්නේද ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනියන් දෙදෙනකු වන ග්වෙන්ත් පැල්ත්‍රෝ සහ කේට් වින්ස්ලට් විසිනි. මේ හෙයින් එම සිනමා නිර්මාණයේ තාත්විකත්වය තවත් උද්දීපනයකට පත්ව ඇත.
මෙම මහා සිනමා නිර්මාණයේ කතාවේ ආකාරයට ලොව රටවල් 30ක පමණ මෙම කොරෝනා වසංගතය අතිශය භයානක ලෙස පැතිරෙන අතර, ඉන් ලොව වටා මිය යන පිරිස මිලියන 2.5ක් (ලක්‍ෂ 25ක්) පමණ වෙයි. කෙසේ හෝ අද කොරෝනා වසංගතය එවැනි තත්ත්වයකට තවම පත්වී නොමැත. එහෙත් මෙහි බියකරු බව දන්නේ උඩ සිටින දෙවියන් පමණක්ය. මෙය කොතැනකින් කෙසේ නිමවන්නේ දැයි දන්නේ උන්වහන්සේය.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

අලුත් ‌STF ලොක්කා ගැන කවුරුත් ‌නොදන්න රහසක් ‌හෙළිවෙයි

Next Post

සජිත් කොළඹින් එයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.