ඉදිරි මහමැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීන්දු කොට ඇත.
ඒ අනුව ඉදිරියේදී ඒ මහතාගේ නායකත්වයෙන් බිහි කරන නව සන්ධානය යටතේ කොළඹින් තරග කිරීමට තීරණය කර ඇති ප්‍රේමදාස මහතා මේ වනවිටත් ඊට අවශ්‍ය පසුබිම සකස් කොට ඇති බව දැනගන්නට ඇත.
එහිදී මෙතෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීමටද තීන්දු වී ඇත.
මෙතෙක් කොළඹ දිස්ත්‍රික්කයේ මනාප වාර්තාව වික්‍රමසිංහ මහතා සතුව ඇති අතර මෙවර එය බොහෝ දුරට ප්‍රේමදාස මහතා විසින් බිදදමනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.










