• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

‘අජාන් නයනමෝලි’ හිමි ‘මව්රට’ට කතාකරයි EXCLUSIVE

September 30, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
‘අජාන් නයනමෝලි’ හිමි ‘මව්රට’ට කතාකරයි EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

සීතල මීදුම කපාගෙන නකල්ස් කඳු පංතියට ඉර උදාවෙන හැටි දෙවැනි දවසටත් දකින්න අපිට වාසනාව ලැබුණා. මීට කලින් අහලා නැති ඒ අමුතු කුරුලු ශබ්ද ආයෙමත් අහන්න අපිට පුළුවන් වුණා. සීතලට ගුළි වෙලා තව ටිකක් කූඩාරම ඇතුළට වෙලා ඉන්න හිත කිව්වත් ඒ හැඟීමට ඉඩක් දෙන්න අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ. විජේසිංහ අයියා කිව්ව විදියට සුදු හාමුදුරුවෝ පාන්දර හය වෙද්දී පිණ්ඩපාත වඩින්න කුටියෙන් පිටත් වෙනවා. ඒ අතරමඟදි උන්වහන්සේලා එක්ක කතා කරන එක තමයි අපේ අදහස වෙලා තිබුණේ.
නකල්ස්වලට ඇවිත් පැය 48කට ආසන්න කාල වේලාවක් ගත වෙලා තිබුණත්, ඒ වෙද්දිත් උන්වහන්සේලාගේ කුටි තියෙන තැන අපි හරියටම දැනගෙන හිටියේ නැහැ. ඒත් එදා උදේ කොහොම හරි උන්වහන්සේලා මුණගැහේවි කියන විශ්වාසය නම් අපේ හිතේ තිබුණා. ඒ වගේම තව කී දවසක් ඉඳලා හරි ආපහු යන්නේ උන්වහන්සේලා මුණගැහිලාම තමයි කියන අධිෂ්ඨානයත් අපි හැමෝගෙම හිතේ තිබුණා. අපි නැවතිලා හිටියේ උන්වහන්සේලා ගම්මානයට වඩින අඩි පාරට කිට්ටුව. ඒත් පිණ්ඩපාතය සඳහා එදා දිනයෙත් ගම්මානයට වැඩියේ නැත්නම් අපිට උන්වහන්සේ දැක ගන්න ලැබෙන්නේ නැහැ. විජේසිංහ අයියා කියපු මඟ විස්තර අනුව නම් සුදුහාමුදුරුවන්ගේ කුටිය තියෙන්න ඕනෑ අපි හිටිය තැනට තවත් ටිකක් උඩහට වෙන්න කියන එක ගැන දළ අදහසකුත් අපිට තිබුණ හින්දා උන්වහන්සේලා හොයා ගෙන හිමිදිරි උදෑසනම තව ටිකක් කන්ද උඩහට නගින්න අපිට සිද්ධ වුණා. හරියට නින්දක්, කෑමක් නැතිව දවස් දෙකක් කඳු පල්ලම්වල බඩගාලා හොඳටම හෙම්බත් වෙලා හිටිය අපිට ඒ වෙද්දි පුංචි කන්දක් වුණත් පෙනුණේ මහා ගිරි ශිඛරයක් වගේ. තව අඩියක්වත් ඉස්සරහට යන්න නම් බෑ කියලයි කකුල් දෙක නිතරම කිව්වේ. කූඩැල්ලෝ කාපු තුවාල සැරින් සැරේට කසනවා. ඒ මදිවට උදේ පාන්දර එල්ලුණු කූඩැල්ලෝ අපිව උදේ ආහාරයට අරගෙන.
මේ මොනවා වුණත් තාමත් අපේ බලාපොරොත්තුව නම් ඉටු වෙන පාටක් නැහැ. සුදුහාමුදුරුවෝ තියා උන්වහන්සේලා ගැන හෝඩුවාවක්වත් අපිට දැක ගන්න තිබුණේ නැහැ. ඒත් අපේ වෙලාවට එතැනට ආව දෙමළ මනුස්සයෙක් නිසා හැමදේම වෙනස් වුණා. ඔව්. අපිට උන්වහන්සේලා ගැන හරිම ආරංචිය හම්බ වුණා. “අද සුදුහාමුදුරුවෝ පිණ්ඩපාතය වැඩියේ උඩහ පැත්තට. තව ටිකකින් ආපහු ඒවි. කුටිය ළඟ හිටියා නම් කතා කරන්න පුළුවන්.” ඒ තමයි අපිට මේ ගමන පුරාවටම අහන්න ලැබුණු සුන්දරම වචන ටික. ඒ මනුස්සයා කියපු විදියට ඒ වෙද්දිත් අපි හිටියේ උන්වහන්සේලාගේ කුටියට බොහොම සමීපව. ඒ වෙද්දී වෙලාව උදේ හතට කිට්ටුයි. දෙමළ මනුස්සයා කියපු විස්තර අනුව සුදු හාමුදුරුවන්ගේ කුටිය හොයා ගන්න අපිට බැරි වුණත්, ඒ කිව්ව හරියෙන් නතර වෙලා උන්වහන්සේලා ආපහු වඩිනතුරු මඟ බලන්න අපි තීරණය කළා.
ඒ විදියට විනාඩි දහයක්වත් ගියේ නැහැ. අපි දවස් තුනක් පුරාවට මඟ බලා සිටි ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණා. පඬු පාට සිවුරුක් පොරවා ගත්ත දකුණු අතේ පච්චයක් කෙටුව සුදුම සුදු පාට හිමි නමක් බිම බලාගෙන සංසුන් ගමනින් අපේ ඉස්සරහට වැඩියා. ඒ දර්ශනය දකින්න දවස් තුනක්ම කට්ට කෑව හින්දා ඒ වෙලාවෙත් ඒ දකින්නේ හීනයක්ද කියලා නොහිතුණාමත් නෙවෙයි. නැහැ. ඒක හීනයක් නෙවෙයි. ඇත්තටම උන්වහන්සේ අපේ ඇස් ඉදිරියට වැඩියා. සුදු හාමුදුරුවරු කිහිප නමක් නකල්ස් කඳු පංතිය අවට වැඩ වාසය කරන බව තමයි අපි කලින් දැන ගෙන හිටියේ. ඒත් ඒ වෙලාවේ අපිට දැක ගන්න ලැබුණේ එක හිමි නමක් විතරයි. උන්වහන්සේ පිටිපස්සෙන් බලු රාලලා දෙන්නෙක් ආරක්ෂාවට එනවා. පිපිරෙන්න ඔන්න මෙන්න කියලා හිතෙන තරමට ලේ බීපු කූඩැල්ලෝ කිහිප දෙනෙක්ම ඒ වෙද්දිත් උන්වහන්සේගේ කකුල් දෙකේ. කූඩැල්ලෝ කාල හැලිලා ගිය තැන්වලින් බේරෙන ලේ හින්දා සුදු පාට කකුල් දෙක රතු වෙලා. ඒ වෙද්දිත් අපි හැමෝගෙම ළඟ කැමරා, ජංගම දුරකතන කිහිපයක්ම තිබුණත් උන්වහන්සේගෙන් අහන්නේ නැතිව ඒ දර්ශන වීඩියෝ හෝ ඡායාරූප ගත නොකරන්න අපි තීරණය කරලයි තිබුණේ. ඒ හින්දා මේ කියන දර්ශන පෙළ ඡායාරූප හරහා ඔබට පෙන්වීමේ හැකියාවක් නැහැ.
වැඳ නමස්කාර කරලා අපි ළඟ තිබුණු බිස්කට් පැකට් එකකුත් උන්වහන්සේට පූජා කරලා ටික වේලාවක් කතා කරන්න අවසර ඉල්ලුවට පස්සේ උන්වහන්සේ කිව්වේ එහෙනම් අපි කුටිය ළඟට යමු කියලා. ඒ හින්දා උන්වහන්සේ පිටුපසින් අපිටත් උන්වහන්සේගේ කුටිය ළඟට යන්න අවස්ථාව ලැබුණා. අපි ඒ වෙද්දී උඩහට ගිහින් තිබුණේ කුටිය පහු කරලා. ඒත් එතැනින් යන කාටවත් එතැන මිනිස් වාසයක් තියෙන තැනක් කියලා හොයා ගන්න කිසිම ඉඟියක් නැහැ. උන්වහන්සේ එක්ක ආවේ නැත්නම් අපිට ඒ කුටිය හොයා ගන්න පුළුවන්කමක් ලැබෙන්නෙත් නැහැ.
එතැන තියෙන්නේ පුදුමාකාර නිස්කලංක බවක්. එතැනට යන ඕනෑම කෙනකුගේ හිත නිකම්ම සමාධිගත වෙනවා. වසර ගණනාවක් පුරා ඒ සමාධිය එක්ක ජීවත් වෙන අපේ සුදුහාමුදුරුවන්ගේ සිතේ සිසිල උන්වහන්සේ එක්ක කතා කරද්දී අපිටත් දැනෙනවා. ඒ තරමටම උන්වහන්සේ ශාන්තයි. සංවරයි. ඒ මොනවා වුණත් අපේ පැමිණීම උන්වහන්සේට බාධාවක්. ඒ බව දන්න හින්දම “අපි ආව එක කරදරයක්ද” කියල අහලම තමයි අපි උන්වහන්සේ එක්ක කතාවට ආරම්භය යෙදුවේ. “ඔව්. ටිකක් විතර. කමක් නැහැ කතා කරමු.” සිනහාමුසු මුහුණින් උන්වහන්සේ අපිට උත්තර දුන්නේ එහෙමයි. නකල්ස් කැලේ ඉන්න සුදු හාමුදුරුවන්ට සිංහල යම් තරමකට පුළුවන් කියලා අපිට දැන ගන්න ලැබිලා තිබුණත්, අපි එක්ක කතා කෙරුව සුදු හාමුදුරුවන්ට නම් සිංහල කතා කරන්න බැහැ. ඒ හින්දා ඉංග්‍රීසි බාසාවෙන් තමයි මේ කතාව කරගෙන යන්න සිද්ධ වුණේ.
අජාන් නයනමෝලි හිමි. ඒ තමයි උන්වහන්සේගේ නම. උන්වහන්සේ යුගෝස්ලෝවියානු ජාතිකයෙක්. දැනට අවුරුදු 13කට විතර කලින් තමයි උන්වහන්සේ මේ සුන්දර, අද්භූත නකල්ස් වනයට වැඩම කරලා තියෙන්නේ. බුද්ධාගම ගැන කිසි දෙයක් නොදන්න කිතුනු දහම ප්‍රධාන ආගම වුණු රටක ඉපදුණු උන්වහන්සේ අන්තර්ජාලය හරහා තමයි බුදු දහම ගැන දැන ගෙන තියෙන්නේ. උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වෙලා තියෙන්නේ තායිලන්තයේදී. ඊට පස්සේ එංගලන්තයේදීත් උන්වහන්සේ බෞද්ධ අධ්‍යාපනය හදාරලා තියෙනවා. තායිලන්තයේ සිටින අතරෙදි තමයි උන්වහන්සේට අදටත් නිර්මල බුදුදහම සුරක්ෂිතව පවතින ශ්‍රී ලංකාව ගැන දැන ගන්න ලැබිලා තියෙන්නේ. ඒ හරහා තමයි උන්වහන්සේට නකල්ස් මහ වනාන්තරය වෙත වැඩම කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ.
උන්වහන්සේ කියන විදියට මීට කලින් විදේශීය ස්වාමීන් වහන්සේලා සිවු නමක් නකල්ස් වනාන්තරයේ වැඩ වාසය කරලා තියෙනවා. ඒ අතරින් දෙනමක් මීට මාස කිහිපයකට කලින් තමන්ගේ උපන් රට බලා වැඩම කරලා. කොවිඞ් 19 වසංගතයෙන් ඇති වූ තත්ත්වය හින්දා උන්වහන්සේලාට නැවත ලංකාවට වැඩම කිරීමේ අවස්ථාව තවම උදා වෙලා නැහැ. අජාන් ස්වාමීන් වහන්සේ කියන විදියට උන්වහන්සේලාගේ ජීවිත කතාව හරිම සුන්දරයි. මේ හැම දේම අත්හැරලා ඒ වගේ ජීවිතයක් ගත කරන්න යන්න තියෙනවානම් කියලා හිතෙන තරමටම ඒ ජීවිතය හරි සරලයි. උන්වහන්සේලා දිනකට අනුභව කරන්නේ එක් ආහාර වේලක් පමණයි. උදෑසන පිණ්ඩපාතයේදී ලැබෙන ආහාර දවල් 12ට පෙර අනුභව කරන බව තමයි උන්වහන්සේ අපි එක්ක කිව්වේ. පිණ්ඩපාතය සහ ආහාර අනුභව කිරීම හැරුණම දවසේ ඉතිරි වන මුළු කාලයම උන්වහන්සේලා කැප කරන්නේ භාවනාව සහ සූත්‍ර අධ්‍යයනය වෙනුවෙන්. ඊට අමතරව සවස් කාලයට වනාන්තරයේ සක්මන් කරන බවත් උන්වහන්සේගෙන් අපිට දැන ගන්න ලැබුණා.

සියලු සැප සම්පත් පිරුණු යුරෝපීය රටක ඉපදිලා නකල්ස් වගේ දුෂ්කර වනාන්තරයක උන්වහන්සේලා ගෙවන ජීවිතයේ මොන සැපක්ද කියලා කෙනකුට හිතෙන්න පුළුවන්. ඒත් බාහිර ප්‍රශ්න මොකුත් නැති කුරුලු ශබ්ද පිරුණු මහා වනාන්තරයක ගතකරන ඒ ආධ්‍යාත්මික ජීවිතය ඉතාම සුන්දර එකක් කියලා නම් මේ ගමනේ ලබපු අත්දැකීම් එක්ක අපට හොඳටම තේරුණා. ඒ වගේම දවසකට එක වේලක් පමණක් ආහාර ගත්තත් ශරීර සෞඛ්‍ය අතින් උන්වහන්සේ ඉතාම ජවසම්පන්න බවත් අපට හොඳින්ම දැක ගන්න ලැබුණා.
පසුගිය අවුරුදු 13 පුරාවට මහ ගන වනාන්තරයක ගත කෙරුව හුදෙකලා ජීවිතය අතරතුර උන්වහන්සේලාට බාධක පැමිණුනු අවස්ථාවත් නැතිව නෙවෙයි. සමාජ මාධ්‍ය එක්ක තිබුණු ගනුදෙනුව නවත්වන්න උන්වහන්සේලා තීරණය කරන්න ඒ බාධකත් එක හේතුවක් වෙලා තියෙනවා. ඒ හැමදේම ගැන තවත් රසවත් තොරතුරු බොහොමයක් තියෙනවා. ඒ දේවල් ගැන ලබන සතියේ තව විස්තර කියන්නම්.
සුදු හාමුදුරුවෝ ගැන විස්තර නොකියා අගේ කරනවා කියලා පසුගිය සති දෙක පුරාවටම අපිට බොහෝ චෝදනාත් එල්ල වුණා. ඒත් ඒවා බොහොම සුන්දර චෝදනා. ඔන්න අපි සුදුහාමුදුරුවෝ ගැන විස්තර කිව්වා. ඒත් මේ කතාව තව ඉවර නැහැ. සුදුහාමුදුරුවෝ ගැන කතාවත් තව ඉවර නැහැ. නකල්ස් වගේ සුන්දර, අද්භූත, ගුප්ත වනාන්තරයක අපි නොදන්න කොයිතරම් දේ නම් තියෙන්න පුළුවන්ද?

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ගැසට් නොකළ ආයතන ජනපති ලේකම් කාර්යාලය යටතට

Next Post

රජ්ගම එජාප මන්ත්‍රීවරු සජිත්ට සෙට් වෙයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.