• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝ කුහක මාධ්‍ය? කෝ කුහක කලාකාරයෝ? උඹල නොදන්නවාට අන්න යොහානි ටයිම්ස් චතුරස්‍රයට ගිහිල්ලා I Sri Lanka Latest News

August 20, 2023
in Exclusive, Heart, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දෛවය හෝ ජීවිතය අපට තිළිණ කරන සමහර දේවල් විටෙක පුදුමාකාරය. එහිදී ඇතැමුන්ට වාසනාව ඕනෑවට වැඩියෙන්ද, තවත් අයකුට අවාසනාවන්ත දේ දරාගන්නට බැරි තරමින්ද, වෙනත් කෙනකුට වාසනාව සහ අවාසනාව සමසමවද මලු පිටින් දෝතට ලැබෙන්නේය.(Sri Lanka Latest News)

වාසනාව පමණට වැඩිය ලැබෙනකොට, ‘දෙන දෙවියෝ හොම්බට ඇන ඇන දෙනවා’, ‘බත් ඇති තැනටමලු කොස් ලැබෙන්නෙත්’ යනුවෙන්ද විවිධ ගම්මැදි කතාද ප්‍රචලිතව ඇත. ඉහත කී ඒ තැන් අතර ඔබ කොතැනක සිටිනවාදැයි අප නොදන්නවා වුවද වාසනාව යන වචනය දෝත පුරාම අරගෙන ඇවිදින් සිටින අය අතර ඔබ අප හොඳින්ම දන්නා කියන අයකු ලෙස යොහානි දිලෝකා ද සිල්වා හඳුන්වා දෙන්නට පුළුවන.

ඔව්, ඉන්දියාවේ සහ ඩුබායි රාජ්‍යයේ සිය නම පතළ කළ යොහානි ඔන්න ඇමෙරිකාවෙත් තම නම කතාබහට ලක්කොට අවසානය.

‘යොහානි ටයිම්ස් චතුරස්‍රයට’ යන සිරස්තලය සහිත ඒ පුවත මේ දවස්වල සෝෂල් මීඩියා කලඹවමින් දසත පැතිර යමින් තිබෙන වග කවුරුත් දන්නා කාරණයකි. මිනිත්තු දෙක තුනකට කාලය අරන් ටිකක් විතර හිතලා බලනවා නම් යොහානි පැමිණි කෙටි ගමන තුළ ඈ ගිහින් තියෙන දුර ඕනෑවටත් වැඩිය. පුංචි මතක්කිරීමක් කරනවා නම් ඉන්දියාවේ සංගීත කලාව තුළ යොහානි කළ මහා පෙරළිය ඩුබායි රාජ්‍යයෙන් ඈ ලද ගෝල්ඩන් වීසා සම්මානය ඇගේ ජීවිතයේ සුවිශේෂ සන්ධිස්ථානයක් වේ.

ඇය ලද ඒ අනභිභවනීය වූ සෑම ජයග්‍රහණයක් තුළදීම මුහුණු පොතේ දහසකුත් එකක් අනුගාමිකයන් සේම සමහර සංගීත ප්‍රවීණයන්ද ඇතැම් මාධ්‍යයන්ද ඇයට ඉතා ඊර්ෂ්‍යාසහගත ලෙස කුහකකම් කරන විටෙක ‘මව්රට’ අප නම් ආරම්භයේ ඉඳන්ම සංගීත ක්ෂේත්‍රය හරහා මවු රටට නම්බුවක් ගෙනත් දුන්න මේ පුංචි ටික්ටොක් රැජින හෙවත් කොත්තු මී කෙල්ල සමග සිටියෙමු.

‘නියමයි යොහානි ඔහොම යං…’ කියමින් යොහානිට සුබ පතන්නටද තව දිරි දෙන්නටද අමතක නොකෙරුවෙමු. ඒ වාගේම සුප්‍රසිද්ධ ‘ස්පෝටි ස්පයිස්’ (sporty spice) ආයතනය විසින් හඳුන්වා දී තිබෙන සවුත් ඒෂියන් හෙරිටේජ් මන්ත් (South Asian Heritage Month) නම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ යොහානිව තෝරාගෙන තිබෙන මේ සුවිශේෂ අවස්ථාව වෙනුවෙන් එයට සමගාමීව ඇගේ සොඳුරු රුව සහිත දැන්වීමක් එක්සත් ජනපදයේ ටයිම්ස් චතුරස්‍රයෙහි ප්‍රදර්ශනය වීම ගැනත් අප ඇයට අලුතෙන් සුබ පතන්නෙමු. ඒ සුබ පැතීමෙහි සුවිශේෂ සිතුවිල්ලට හේතු වූ ප්‍රධානම කරුණු දෙකක් වේ.

එහි පළමු කාරණය ඇමෙරිකාවේ සුපිරි තරුවලට පමණක් වෙන්වූ ටයිම්ස් චතුරස්‍රයේ සුවිසල් කුලුනට යොහානි ඇතුළු වීමය. අනෙක් කාරණය මෙතුවක් කාලෙකට ලංකාවේ ප්‍රවීණ යැයි කියන රැප් හෝ පොප් කලාවෙ කිසිම ගායකයකුට හෝ ගායිකාවකට ඒ අහඹු වාසනාව නොලැබීමය. ඒ හින්දාම අප තව වතාවක් කියනවා, ‘නියමයි යොහානි ඔහොම යං’.

හැබැයි එකක් කියන්න ඕනෑ. යොහානි ගැන විශේෂයෙන්ම අද මේ සටහන ලියන්නට ගත්තේ ඒ විදියට ඇයට සුබ පතන්න විතරක්ම නෙවෙයි. ඇගේ අලුත් ජයග්‍රහණයෙහි පාරට්ටුව ගැන විතරක් කියන්නට නෙවෙයි. ලොව පුරා තම නම ප්‍රචලිත කරමින් තම මවු රටට කීර්තිය අත්කර දෙමින් යොහානි යන දිගු ගමන තුළ තව අඳුරු පැත්තක් තියෙනවා කතා කරන්න. අපි ඒ කතාව මෙහෙම පටන් ගන්නම්. කවුරුන් හෝ කෙනෙක් කිසිම කෙනකුගේ සහායක් නැතිව යම් ඉලක්ක කරා යනකොට අසාමාන්‍ය විදියට ඒවා ජයගන්නකොට අපි මොනවද එයට දෙන ප්‍රතිචාර?

‘ඒක එයාගේ ජානවලින් ආව හැකියාවක්…’

‘එයාගේ තාත්තත් ඔය වගේමයි. ඒ ලේවල ඝනකම තමයි ඔය…’

‘ඒක එයාගෙ ලෙයින්ම ආප හැකියාවක්…’

බොහෝ විට ඕනෑම කෙනකුගේ කටින් ඉහත කී අය ගැන කියැවෙන්නේ අන්න ඒ වගේ කතා තමයි.

එතකොට යොහානි කියන්නේ බොහොම මෑතකදී සංගීත කලාවට පය තියපු රැප් කෙල්ලක්. ටික්ටොක් ෆැෂන් එකට හැඩගැසුණු, ඉරුණු ඩෙනිමට උඩින් ෂෝට් බ්ලවුස් අඳින තාලේ ෆැන්සි කෙල්ලක්. ඇයට විශාරද මට්ටමේ කීර්තිනාම තිබුණේ නැහැ. ප්‍රවීණ කියන අකුරු තුන ඇගේ නමට ඉහළින් කවදාවත් කියැවුණේ නැහැ.

එහෙම ගරු බුහුමන් යොහානිට ඕනෙ වුණෙත් නැහැ. ‘මැණිකේ මගේ හිතේ…’ සින්දුව අතිශයින් ජනප්‍රිය වෙද්දීත් දිල්ලියේ ඈ වෙනුවෙන් අහස උසට වේදිකා තැනුණත්, ඒ.ආර්. රහුමාන් වාගේ ඉන්දීය සංගීත විශාරදයන් එක්ක කරට කර සින්දු කියන්න වාසනාව ලැබුණත් යොහානි තමන්ගෙ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න හිතුවෙ නැහැ.

‘ඔන්න බලාපල්ලා මං ආපු දුර. ලංකාවේ කිසිම ගායකයකුට ගායිකාවකට එන්න බැරි තැනකට මම ඇවිදින් ඉවරයි…’

කවමදාවත් යොහානි සෝෂල් මීඩියාවල තමන් ගැන ඒ වාගේ පම්පෝරි පෝස්ට් දැම්මෙ නැහැ. ප්‍රවීණයන්ව හෝ තම සමකාලීනයන්ව විවේචනය කළේ නැහැ. තමාට කුහකකම් කරන කිසිම කෙනකුව විවේචනය කළේ නැහැ. චිත්‍රාල් සෝමපාලලා වාගේ විශාරද ඔස්තාර්ලා එළිපිට අපහාස කරනකොට තමාට නොවන ගානට ඈ එය දරාගෙන හිටියා.

ඒ විතරක් නෙවෙයි.

කිසිම මාධ්‍යයකින් යොහානිගේ ගමනට තල්ලුවක් ලැබුණාද? නැහැ. කොහොමවත් නැහැ. බටහිර පන්නෙට සින්දු කියන ලංකාවේ වෙනත් පොෂ් ගායක ගායිකාවන්ට ලැබෙන චාන්ස්වලින් ප්‍රසිද්ධියෙන් එක අබ ඇටේක තරමේ යමක් ඇයට ලැබුණෙ නැහැ. තඹ සතේකට ඈ ඒවා මායිම් කළෙත් නැහැ. ඊරිසියාකම් මැද කුහක ප්‍රතිචාර මැද යොහානි තමන්ගෙ ගමන ගියා. හිතුවෙ නැති තැනකට ගියා. මේ වන විට යොහානි ඉන්නේ එක්සත් ජනපදයේ ටයිම්ස් චතුරස්‍රය තුළ තම සරල රූපකාය ප්‍රදර්ශනය කරන සුවිශේෂ අවස්ථාව හමුවෙයි.

කොහොමද මේ පුංචි කෙල්ලගේ වාසනාව?

ඔව්. ඒ වාසනාව ඇයට ලැබුණේ අපහාස උපහාස මැද කෙනෙහිලිකම් මැද හැම දේම දරාගෙන ඉස්සරහට ගිය නිසයි. සරලවම කියනවා නම් ප්‍රතිවාදියා සත අලුක්කාලකටවත් ගණන් ගන්නේ නැතුව මහා සටනක් මැද ජොනී බට්ටෙක් කකුලට පෑගෙයිදෝ කියන බය සැකය අමතක කරලා ඉදිරියට යන විරෝදාර සෙන්පතියෙක් වාගේ නොසැලෙන ධෛර්යයකින් මේ පුංචි කෙල්ල එයාගෙ ගමන ගියා.

හරියටම එයාගේ තාත්තා වාගෙමයි කියලා කිව්වොත් මේ කතාවට දෙන්න තියෙන හොඳම පැහැදිලි කිරීම ඒක තමයි.

යොහානිගේ තාත්තා කවුද?

සත්තකින්ම කියන්න කනගාටුයි.

තමන් උපන්න මවු රටේ නම ජාත්‍යන්තරයට ගෙනියන මේ පුංචි කෙල්ලගේ තාත්තා යුද ජයග්‍රහණයේ සෙන්පතියෙක් කියලා ලංකාවේ හුඟක් දෙනා බොහෝ විට දන්නෙවත් නැහැ. ඒකට හේතු දෙකක් තියෙනවා.

එකක් යොහානි එයාගේ තාත්තාගේ වීරත්වය පාවිච්චි කරලා සෝෂල් මීඩියා හරහා රැල්ලක් වෙන්න හිතුවේ නැහැ.

දෙවැනි කාරණය වුණේ යොහානි යුද ජයග්‍රහණයේ සෙන්පතියකුගේ දියණියක් බව දන්න පිරිසවත් ඇයට තාත්තගේ නම මතක් කරලා චියර් කරන්න තරම් නිහතමානී නොවීමය.

නමුත් මෙතැනදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තම මහත්මා ගතිය විදහාපාමින් තමාගෙන් විය යුතු යුතුකමක් ඉටුකළා. ඒ, යොහානි එක්සත් ජනපදයේ ටයිම්ස් චතුරස්‍රයේ සිය රුව ලොවට ප්‍රදර්ශනය කළ කීර්තිමත් සංසිද්ධියත් සමගයි. යොහානිට ඉතා උණුසුම් සුබ පැතුම් එක්කරමින් ඇගේ පියා 2006 මාවිල්ආරු සටනේදී කළ වික්‍රමාන්විතය ගැන ඔහු තම ෆේස්බුක් ගිණුමෙහි සුවිශේෂ සටහනක් තැබුවා. තමා යුද හමුදාපතිව සිටි සමයෙහි යුද ජයග්‍රහණයේ අවසානය දක්වා වීරෝදාර සෙන්පතියකු ලෙස කර්නල් ප්‍රසන්න ද සිල්වා නොබියව නොසැලී ඉදිරියට ගිය නිර්භීත ආකාරය ගැනද සරත් ෆොන්සේකා එම සටහන හරහා පෙන්වා දී තිබුණේ ඉතා නිහතමානීවය.

‘දුව යොහානි, ඔයාගේ තාත්තා එදා නොසැලී යුද මෙහෙවරෙහි ඉදිරියට ගිය ඒ නිර්භීත ගමන අද ඔබ සංගීත ක්ෂේත්‍රය තුළ යන්නට පටන්ගෙන තිබීම අපේ රටට ආඩම්බරයක්. හද පතුලින්ම මම ඔබට සුබ පතනවා…’ යනුවෙන් සරත් ෆොන්සේකා සිය සටහන අවසන් කර තිබිණි. මෙහිදී විශේෂයෙන් කියන්නට ඇත්තේ බොහෝ දෙනකුට සමහර විට අපි හැමෝටම අමතකව ගිය යමක් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මතක් කර දුන්නා.

යොහානි ද සිල්වා කියන්නේ යුද සෙන්පති ප්‍රසන්න ද සිල්වාගේ දුව කියන එක වාගෙම තවත් සුවිශේෂ සත්‍යයක් ඒ මතක් කිරීම තුළ හයිලයිට් වෙනවා.

ඒ මොකක්ද?

මේ නොසැලෙන ධෛර්යය සියල්ල දරාගෙන තම ඉලක්කයන් කරා යන අධිෂ්ඨානශීලී හැඟීම යොහානිට ආවේ එයාගේ තාත්තාගෙ ලේ හරහාය.

බොහෝ දෙනකු තම ජයග්‍රහණයන් පයිසෙකටවත් ගණන් නොගනිද්දී ඇතැම් ප්‍රවීණයන් කුහකකම් කරද්දී, සංගීත ක්ෂේත්‍රයේම ඉරිසියාකාරයන් තමාව මඟහැර යද්දී යොහානි ඒ ගැන කතා කරන්න එකම එක පත්තරේකින්වත් සම්මුඛ සාකච්ඡාවකට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේ නැත. ඒ ගැන තම ෆේස්බුක් පිටුවේවත් සටහනක් තැබුවේද නැත. තාත්තා, ප්‍රසන්න ද සිල්වා යුද ජයග්‍රහණ මෙහෙයුම හරහා තම සේනාංකය සමග නිර්භීතව ඉදිරියට ගියා සේම යොහානිද තනිව තමාව මෙහෙයවමින් සිය ජයග්‍රහණ කරා ගියාය. ඒ තාත්තාගේ ලේය. තාත්තාගේ ලෙයෙහි ඝනකමය. පුංචි යොහානිට මෙච්චර හරියක් කරන්නට බය නොහඳුනන බාධක ගණන් නොගන්නා ඒ ලේවල උණුසුම ශක්තිමත් පිටිවහලක් වන්නට ඇත.

ඉතිං කොහොමද අපි කමෙන්ට් නොකර ඉන්නෙ?

‘යොහානි එයාගෙ තාත්තා වගේ. ඒ ලේවල ඝනකම හයිය තමයි ඔය…’

‘ඔව්. ඒක එයාගේ ලේවලින්ම ආව ගැම්මක්…’

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

2020 වසරේ ගණිත අංශයේ දිස්ත්‍රික්කයේ පළමුවැනියා! මොරටු සරසවියේ ඉගෙනගන්න අවුරුදු 22ක තරුණයා එල්ලිලා මැරිලා? Sri Lanka Latest News

Next Post

ජනපති හදිසියේම සිංගප්පූරු යයි! Sri Lanka Latest News

MORE NEWS

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.