අධ්‍යයන පොදු සහතිකපත් උසස් පෙළ විභාගයෙන් 2020 වර්ෂයේ ගණිත අංශයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා වි දැනට මොරටුව විශ්ව විද්‍යාලය අධ්‍යාපනය ලබන සිසුවෙකුගේ සිරුර සිය නිවස තුළ එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි කිලිනොච්චිය පොලිසිය පවසයි.Sri Lanka Latest News
එලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය, විවේකානන්දනගර් පදිංචි චන්ද්‍රමෝහන් තේනුජන් නමැති අවුරුදු 22ක් වයසැති තරුණයකි.
කිලිනොච්චිය පොලිසියට ලැබුණ තොරතුරක් මත සිසුවාගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවස තුළ මියගිය සිසුවාගේ සිරුර හමුව තිබේ.
සිසුවාගේ දෙමාපියන් දෙදෙනාම ගුරුවරුන් වන අතර මියයන අවස්ථාවේ නිවැසියන් කිසිවෙකු නොසිට ඇති බවත් පොලිසිය පැවසීය.