ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (20) අලුයම සිංගපූරුව බලා පිටත්ව යන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි. (Sri Lanka Latest News)
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා සිංගප්පූරු ජනාධිපති හලිමා යාකොබ්, අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං, ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන් සහ තිරසරබව සහ පරිසරය පිළිබඳ ඇමැතිනී ග්‍රේස් ෆූ ඉයෙන් යන මහත්ම මහත්මීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.