• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එංගලන්තයට ගැහුවා… ඉන්දියාවෙන් කෑවා… රටටම බොරු කියපු වික්‍රමාරච්චි වෙදා බොරුකාරයා වුණා I Sri Lanka Latest News

November 13, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජ්‍යොතිෂ කලාව, එහෙමත් නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා නම් ඇස්ට්‍රොලොජි අද කාලේ තරමට ඒ කාලෙ ජනප්‍රියව තිබුණේ නැත. ඒ කාලෙ කියලා කිව්වේ එක්දහස් නවසිය පනස් ගණන්, හැට ගණන් හෝ හැත්තෑ ගණන් වැනි කාලවලය. කසාදයකදී විසි පොරොන්දම් බැලුවද ගෙයක් හදන්නට අත්තිවාරම් කපනකොට හතර කොන් ගැන විමසිලිමත් වුවද කෙල්ලක් ගෙට වූ විටෙක කොටහලු නැකැත සුබද අසුබදැයි කියා ගමක වසන ගුරුන්නාන්සේ කෙනකුට කියා විස්තරය සෙව්වද අද තරමට නම් ඒ කාලේ ජ්‍යොතිෂය විකාරයක් වී තිබුණේ නැති බව විශ්වාසය.(Sri Lanka Latest News)

විකාරයකටත් වැඩිය ජ්‍යොතිෂ කලාව අද වසංගතයක් වී හමාරය. හැබැයි ඉතින් දස අත පැතිර යන වසංගතයක් ගානට මිනිසුන්ගේ ඔළු කට්ට විෂබීජවලින් පිරෙව්වාට කොරෝනා වැනි වසංගතයක් අපේ පුංචි රට දරුණු අහේනියකට ඇද දමන බව ගැන අනාවැකි කියන්නට නම් ජ්‍යොතිෂ කලාවේ එකම එක කෙරුම්කාරයකුටවත් දිවැස් තිබුණේ නැති එකයි කනගාටුව. එලෙසම දක්වන්නට පුළුවන් තවත් එක හොඳම නිදසුනක් වන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයයි. මහා ශෝකාන්තයක් වූ ඔය කියන කාරණා දෙක හෝ සිදුවීම් ගැන එකම එක ඉඟියක්වත් කියා දෙන්නට ලංකාවේ ජ්‍යොතිෂවේදීන් අතර කිසිම කෙනකු සිටියේ නැත.

ඒ කියන්නේ ජ්‍යොතිෂය කියන්නේ අමු බොරුවක් කියලද?

අපොයි නැහැ. කවුද එහෙම කියන්නේ…

දස දහස් ගණනක් ඈත ගව් ගණන් දුරාතීතයේ සිට රජ කාලේ ඉඳන් නිමිති බලපු පේන අහපු ජ්‍යොතිෂ විද්‍යාව කොහොමද බොරුවක් වෙන්නේ? සිදුහත් කුමරුගේ උපත සහ බුදුබවට පත්ව පිරිනිවීම වගේම ජේසුස් වහන්සේගේ උපත සහ උකුත් වීම ගැන පෙරනිමිති කියපු ජ්‍යොතිෂ විද්‍යාව කොහොමද පලකට නැති බොරුවක් වෙන්නේ? ජ්‍යොතිෂ කලාව කියන්නේ වැදගත් විෂයක්. වරද තියෙන්නේ ඒක වවාගෙන කන පහත් ක්‍රමවේදය තුළයි. සෝෂල් මීඩියා ඔස්සේ රූපවාහිනී නාලිකා සහ එෆ්.එම්. චැනල් ඔස්සේ ලංකාවේ ජ්‍යොතිෂවේදීන් නටන නාඩගම් කොයි තරම් විකාරයක්ද? එක් අයකු දෙදෙනකු හැරෙන්නට ජ්‍යොතිෂ විද්‍යාව ෆැෂන් එකක් කරගත්ත ජ්‍යොතිෂවේදීන් අද පඳුරක් පඳුරක් ගානේ පෙනී සිටින්නේ කෝලම්කාරයන් ගානටයි.

මේ කෝලම්කාරයෝ හරියට ඉන්ද්‍රජාලිකයෝ වගේ. ඔවුන්ට කළ නොහැකි යමක් නැති බව පෙන්වන්නේ ඔළුවේ කැක්කුමක් ආවත් සාස්තරයක් බලන්නට යන, වාතයක් ගියත් නිමිත්තක් අහන්නට යන බොළඳ මානසිකත්වයක් තියෙන මිනිසුන්ව වශීකර ගන්නා තාලයටය. බොරු සාස්තර කලාව අනුව තමා අදහන ජ්‍යොතිෂවේදියා හමුවේ හීලෑ වන සාස්තර අසන්නා තම ගෙපැල උකසට සින්න වනතුරු ඔහු හෝ ඇය කියන්නක් කරන්නේ කොටි වල්ගය අල්ලා ගත්ත තාලයටය. අවසානයේ සිදුවන්නේ සාස්තරය දුන් මිනිසුන්ගේ බැංකු ගිණුම තරවීම සහ සාස්තරයට අනුව චාරිත්‍ර වත්පිළිවෙත් කළ අයගේ උන්හිටි තැන් නැති වීමය.

පාස්කු බෝම්බය සහ කොරෝනාවෙන් පසුව බොරු සෝබනයට සාස්තර කියන ජ්‍යොතිෂවේදීන් පල්ලම් බැස්සා නේද?

ඒ ඉතාම ටික කාලයකට පමණය. ඔන්න ඒ බොරු ෂෝකාරයන් ආයෙමත් රඟන්නට පටන්ගෙන ඉවරය. ආයෙමත් ඔවුන් රූපවාහිනී සහ එෆ්.එම්. චැනල්වල තම සටකපට සෙල්ලම ආරම්භ කර ඇත. ඔවුන්ට වැරැදුණු තැන් දැනගෙනත් ඒ මුසා ඇසූ ගනුදෙනුකාර භවතුන්ට නැවතත් තම තමන්ගේ කේන්දර කොපි සමග ඔවුන් වටේට පෙළගැසී සිටිති. තම වාරය එනතුරු ඉවසිල්ලක් නැතුව බලා සිටිති. මේ සෙප්පඩ විජ්ජාවට කියන්නේ ‘හෝද හෝද මඩේ දමනවා’ කියලාය. ඒත් නැතිනම් ‘ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා, වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා’ කියලාය. කොහොම කිව්වත් පරණ තාලේ මිනිස්සු ඒ කියමන් කීවේ කට කහනවාට නොවේ කියන එක මේ වාගේ සංගදි දකිනකොට තවත් ඇත්ත වෙනවාය.

ඒ ඇත්ත අතරේ බොරු අනාවැකි කියන වෙද මහත්තුරුත් ජ්‍යොතිෂ කලාව විහිළුවක් කරන්නට පටන්ගෙන තිබීම කනගාටුවට කරුණකි. සද්දෙ වහගෙන ටික කාලයක් පැත්තකට වෙලා හිටිය අපේ පච වදාරන ජ්‍යොතිෂවේදීන් ආයෙම අළු ගසාදමමින් සබේට එන අල්ල පනල්ලේ වෙද මහත්තුරුත් සමාජ මාධ්‍ය හරහා මුහුණ ඔබන්නට පටන්ගෙන ඇත. මේ කියන වික්‍රමාරච්චි වෙද මහත්තයා ඇවිදින් සුළුපටු අයකු නෙමේය. ඔහුට කතරගම දෙවියන්ව ජීවමානව දර්ශනය වීමේ භාග්‍යයද උදාවී ඇති බව ඔහුම පවසයි. නමුත් කතරගම දෙවියන්ගේ ස්වරූපය කොයි වාගේද කියලා ඔහු පැහැදිලිව නොදැන සිටීම ගැටලුවකි.

‘කතරගම දෙවියන්ගේ ජීවමාන ස්වරූපය කොයි වගේදැයි පැහැදිලි කරන්න පුළුවන්ද?’

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන කතිකාවකදී එම නිවේදකයා ජ්‍යොතිර්වේදියකු වූ වෙද මහතාගෙන් එක් අවස්ථාවක එසේ අසා සිටියේය. ජ්‍යොතිර්වේදී වෙද මහතා අමුතු හිනාවක් පෑවේය. අමුතු රැඟුමකුත් රැඟුවේය.

‘මං වගේ ඔබ වගේ. නැත්නම් තවත් කවුරුත් වගේ. ඔය ඕනෑම ස්වරූපයක් වෙන්න පුළුවන්…’
අනතුරුව ඔහු එහෙම කීවේය.

ප්‍රශ්නයට අවැසි උත්තරය හරි කෙළින් නැති දෙපිට කැපෙන උත්තරයක් බව වෙද මහතාට නොපෙනුණාට එයට සවන් දුන් එය නැරඹූ හැමෝම ඔහුගේ බොරු දේව අනුහස ගැන අටුවා ටීකා නැතිව එතැනදීම දැනගත් බව ඔහුට තවමත් වැටහී නොතිබීම විහිළුවකි.

‘මට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න ගන්නවා. බැරි ප්‍රශ්න මම අතාරිනවා. අදාළ නොවන උත්තර මම දෙන්නෙ නැහැ…’

ජ්‍යොතිර්වේදී වෙද මහතා කතිකාවට එන්නේ එහෙමය.

කතරගම දෙවියන් ජීවමානව පෙනීසිටින අනුහසක් ඔහුට ඇත්නම් සරල ප්‍රශ්නයකට අවැසි උත්තරය කොයිකදැයි සිතීමේ සාමාන්‍ය නුවණවත් ඔහුට නැත්තේ ඇයි? ඔහුගේ අනාවැකි සෙල්ලමත් ඒ වාගෙමය. බැරි කයිවාරු දොඩන්නට ගිහින් මෙකී උත්තමයා ඉල්ලගෙන කෑවේය. අනෙක ඔහු අත දැම්මේ ක්‍රිකට් වැනි ජනප්‍රිය ක්‍රීඩාවකටය. එක පිට එක ක්‍රිකට් මැච් පැරැදිලා මොරාල් අවුල් කරගෙන ඉන්න අපේ ක්‍රිකට් ලෝලීන්ට වෙද මහත්තයාගේ බොරු අනාවැකි ප්‍රකාශ නිසා තවත් නහුතෙට තදවිය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොවැම්බර් 02 වැනිදා පැවැති තරගය ලංකාව ජයග්‍රහණය කරන බවට මේ වික්‍රමාරච්චි වෙද මහතා අනාවරණයක් කළේය.

නමුත් එය හද්ද ගජබින්නාලංකාරයක් විය. එහි ප්‍රතිඵලය වූයේ වෙද මහත්තයාගේ ජ්‍යොතිෂ කලාව මහා හෑල්ලුවකට ලක්වීම සහ වෙද මහත්තයා ජෝකර් කෙනකු වීමය. අසැබි වචන සහ කෝලංකාර වචන පිරුණු කමකට නැති කමෙන්ට්ස් දිගට හරහට වෙද මහත්තයාගේ තිබුණු ප්‍රතිරූපයත් කුඩුපට්ටම් කොට දැම්මේ ලැජ්ජාශීලී විදියටය.

‘වෙද කර්මාන්තේ කරගෙන පැත්තකට වෙලා හිටියා නම් මේ මොනවත්ම නැහැ නේද?’ කියා වෙද මහත්තයට හිතුණා වෙන්න බැරිද?

නැහැ. වෙද මහත්තයාට එහෙම නම් හිතුණේ නැහැ වාගේ. ඒ හින්දා වෙන්නැති ඔහු ඔහුගේ බොරු අනාවැකිවලට විරුද්ධව කමෙන්ට් කරපු කොල්ලන්ට ‘නපුංසක’ කියලා ලේබලයක් ගැහැව්වේ.

ඒ කියන්නේ වෙදකම වාගේ වැදගත් වෘත්තියක ඉන්න උන්නැහේටත් ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවත් නැහැ.

හිතන්න තියෙන්නේ ඒ ටික තමයි. වෙද මහත්තයා කරන්නෙත් අපේ අනෙක් ජ්‍යොතිර්වේදීන් වාගෙම අඳුරේ අතපතගාන එක. වැරැදි නිමිති දෙමින් වැරැදි අනාවැකි කියමින් තමා නොදන්නා බව ලෝකයා දන්නා බව වටහා ගත්තත් ආයෙමත් සබයට එමින් රූපවාහිනී එෆ්.එම්. චැනල් සහ සෝෂල් මීඩියාවල වැජඹෙමින් මොවුන් කරන මේ විගඩම නවතින්නේ කවදාද?

ඔවුන් සමග ගනුදෙනු කරන ඔවුනට රැවැටී සිටින අපේ මිනිසුන්වත් මුසාවෙන් පිරුණු මේ ජ්‍යොතිෂ මාෆියාවෙන් මිදෙන්නේ කවදාද?

දෙපැත්තම එකය. බොරු සාස්තර අපේ මිනිසුන් රවට්ටයි. අපේ මිනිසුන් ඔවුන්ට රැවැටෙයි. කිසිදුම යහපතක් නොවන බව දැන දැනම රැවැටෙයි. ඒ රැවැටිල්ල ඇස්බැන්දුමකි. අතීතයේ යස රඟට තිබූ අලංකාර ජ්‍යොතිෂ කලාව තුළ එවැනි ඇස්බැන්දුමක් ඇති කළේ අපේ ඊනියා ජ්‍යොතිෂවේදීන්ය.

තවදුරටත් දශක ගණනාවක් මේ ඇස්බැන්දුම සිදුවේවිද? සමහර විටෙක එය එහෙම වනු ඇත. උඩ ඉන්නා දෙවියන් බිමට බැස මේ හොරු රැළට අතුල් පහර බැගින් දෙනතුරු එය එලෙස සිදුවන්නට තිබෙන ඉඩකඩ වැඩිය. දෙවියන් වඩින්නට පළමුව සොරුන්ට රැවැටී සිටින අපේ මිනිසුන්ව තම තමන් රැවැටීමකට හසුව සිටින බව දැනුණහොත් ඔවුන් දෙවියන්ට කන්නලව් කරනු ඇත.
‘අනේ දෙවියනේ මුන්ට හොඳක් නම් වෙන්න එපා…’

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හෙට රනිල් පාර්ලිමේන්තුවට අයවැය ගේන්න ලෑස්ති වෙද්දී සජිත්-හර්ෂ-ඉරාන්-කබීර්-පල්ලේවත්ත සජබ ආණ්ඩුවක රටේ ආර්ථිකය හදන බ්ලූ ප්‍රින්ට් එක මිනිස්සුන්ට කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ICC එක බලාගෙන ඉන්නේ! දේශපාලන ඇඟිලි ගැසීම් නවත්වන්න! තහනම මැද රැස්වුණු ෂම්මිගේ ක්‍රිකට් විධායක කමිටුව නිවේදනයක් නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.