• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙට රනිල් පාර්ලිමේන්තුවට අයවැය ගේන්න ලෑස්ති වෙද්දී සජිත්-හර්ෂ-ඉරාන්-කබීර්-පල්ලේවත්ත සජබ ආණ්ඩුවක රටේ ආර්ථිකය හදන බ්ලූ ප්‍රින්ට් එක මිනිස්සුන්ට කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 12, 2023
in Exclusive
Reading Time: 17 mins read
A A
හෙට රනිල් පාර්ලිමේන්තුවට අයවැය ගේන්න ලෑස්ති වෙද්දී සජිත්-හර්ෂ-ඉරාන්-කබීර්-පල්ලේවත්ත සජබ ආණ්ඩුවක රටේ ආර්ථිකය හදන බ්ලූ ප්‍රින්ට් එක මිනිස්සුන්ට කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශක්තිමත් රාජ්‍ය පාලනයක් උදෙසා දූෂණ විරෝධී ක්‍රියාවලිය ඉතාමත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවත් අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කරනවා සේම දූෂණයත් දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ ප්‍රතිශතයක පවතින බැවින් මෙය ද නැති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

පැන්ඩෝරා පත්‍රිකා හරහා හොරා කන ලද මුදල් සහ සම්පත්.

පැන්ඩෝරා පත්‍රිකා හරහා හොරා කන ලද මුදල් සහ සම්පත් සම්බන්ධයෙන් කරුණු කාරණා අනාවරණය වූ බැවින් සමගි ජන බලවේග රජයක් තුළ හොරු අල්ලන නිවැරදි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් හොර ඇල්ලීම දේශපාලනඥයන්ගේ වගකීම නොවුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් ලෙස වෙනස් කල නොහැකි නීතියක් ලෙස රාජ්‍ය සම්පත් සොරා කෑමට විරුද්ධව ගන්නා නෛතික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෙනමම පරිච්ඡේදයක් තිබිය යුතු බවත් එය ඇති කිරීම දේශපාලනඥයන්ගේ වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් ආදිය අදාළ අණ පනතින්ම ලැබිය යුතු බවත් එවිට එය දේශපාලන බලපෑමෙන් තොරව ක්‍රියාත්මක විය හැකි ස්වාධින ආයතන ලෙස පවතින බවත් එවිට හොරකම් කරන ලද ධනය නැවත අත්පත් කර ගැනීම පහසු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (12) ගම්පහ වත්තල පැවැති සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ බ්ලූ ප්‍රින්ට් වැඩසටහනට එක්වෙමිනි.

දේශපාලන ගජමිතුරුකම් තුළ සොරා ගත් ධනය.

එසේම දේශපාලන ගජමිතුරුකම් තුළ සොරා ගත් ධනය නැවත ලබා ගත නොහැකි බවත් 2015 රජයේ පවා හොරු ඇල්ලීම ගැන කිව්වත් ඔවුන් පත් වූ පසු හොරු රැක්ක බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තමාටද ජනාධිපති ධුරය ලබා ගැනීමට හැකියාවක් තිබුනත් හොරුන්ගේ වරමක් යටතේ එවැනි ජනාධිපතිධුරයක් ලබා ගෙන හොරු ඇල්ලීම සිදු කළ නොහැකි නිසා එය බාර නොගත් බව යි.

ආවේගශීලීව රට පාලනය කරන්න බැහැ

තවද රජයක් ක්‍රියාත්මක කරන විට සංසුන් මනසකින් කටයුතු කළ යුතු බවත් රැල්ලට හෝ ආවේගශීලීත්වය තුළ රට පාලනය කළ නොහැකි බවත් බුද්ධිය ඥානය මත පදනම්ව ජාතික අවශ්‍යතාව දැන ගෙන නව ගමනක් යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රිකට් දූෂණ මඩින්න සජබෙ පෙරට ආවා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණයට විරුද්ධව සමගි ජන බලවේගය කටයුතු කළ ආකාරය ප්‍රායෝගිකව පෙන්වා ඇති බවත් එම දුෂණයට එරෙහිව 225 දෙනාම එකට එකතු කිරීමට විපක්ෂය ප්‍රථම වතාවට කටයුතු කළත් මෙහි ගරුත්වය විපක්ෂයට මෙන්ම ආණ්ඩු පක්ෂයට ද යොමු විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ හේතුවෙන් ක්‍රිකට් පරිපාලනය ලංකාවේ ක්‍රිකට් තහනම් කිරිමට අවැසි දේවල් පවා සිදු කළ බවත් එය රටට ද්‍රෝහිවීමක් බවත් ය.

සෙසු රජයන් මෙන් නොව සමගි ජන බලවේගය කියන දේ කරන කරන දේ කියන පක්ෂයක් හෙයින් බලයට පත් වූ විගසම හොරු අල්ලා දූෂණයෙන් තොර රටක් බවට අප රට පත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දි වැඩිදුරටත් පැවසීය.සමගි ජන බලවේගය ද්විත්ව රංගන ක්‍රියාත්මක නොකරන බව ද විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

අස්වැසුම ඡන්ද ගුන්ඩුවක් විතරයි. දුප්පත්කම තුරන් වෙන්නේ නෑ

එසේම වත්මන් රජය අස්වැසුම වැඩසටහන විද්‍යාත්මක දත්ත කේන්ද්‍රීය නොවන බවත් මෙහි දි සිදුවිය යුත්තේ ප්‍රථමයෙන් ජන සංගණනයක් සහ ගෘහයක ආදායම් වියදම් සමික්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාව ගණනය කිරීම වුවත් වත්මන් රජය එවැනි කිසිදු දෙයක් මෙහි දී සිදු නොකළ බවත් ඔවුන්ට ලැබුණු ඩොලර් මිලියන 200 මේ යටතේ හිතු හිතු ආකාරයට බෙදා දැක්වූ බවත් එය මැතිවරණය ඉලක්ක කර ගෙන සිදු කළ බවක් පෙනෙන්නට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලර්න් ඒෂියා සංවිධානයට අනුව මෙරට දුප්පතුන් ලක්ෂ 30 සිට 70 දක්වා වැඩි වී ඇති බවත් ඒ අනුව රටේ ජනගහනයෙන් 1/3ක් දුප්පතුන් බවත් දුප්පතුන් මුදල් දෙනවා සේම ඔවුන් සවිබල ගන්වා දුප්පත්කම තුරන් කළ යුතු වුවත් මෙහි දී එවැන්නක් සිදු නොවූ බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. එසේම සමගි ජන බලවේගය ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් එළි දක්වා සියලු ක්ෂේත්‍රයන් එකතු කර ගෙන මව්වරුන්ගේ දරුවන්ගේ පාසල් දරුවන්ගේ විශ්වවිද්‍යාල සිසුන්ගේ පෝෂණය ගැන සොයා බලන බවත් මන්දපෝෂණය මුළු සමාජයම වෙලා ගෙන ඇති බැවින් මෙය තුරන් කිරීමට ද සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

අවුරුදු 5ක් විතර තහනම් කරලා හරි ශ්‍රී ලංකා ක්‍රිකට් සුද්ද කරන්න ඕන! මම ඉන්නේ ඇමැති රොෂාන්ගේ පැත්තේ! ෆීල්ඩ් මාෂල් මුල්වරට ක්‍රිකට් අර්බූදයට මැදිහත් වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

එංගලන්තයට ගැහුවා… ඉන්දියාවෙන් කෑවා… රටටම බොරු කියපු වික්‍රමාරච්චි වෙදා බොරුකාරයා වුණා I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.