• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටට කීර්තියක් අරන් දී අපට කඳුළක් ඉතිරිකර ඇයි දෙව්මියේ අප හැර ගියේ…

October 18, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
රටට කීර්තියක් අරන් දී අපට කඳුළක් ඉතිරිකර ඇයි දෙව්මියේ අප හැර ගියේ…
Share on WhatsAppShare on Facebook

ලොවටම ආදර්ශයක් වුණු දෛවයට අභියෝග කළ දෙව්මි රන්සරා රාජපක්ෂ දැරිය මෙලොවින් සමු අරන් අධ්‍යාපනය පැත්තෙන් ඉහළ දස්කම් දැක්වූවා ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුළත් කළ පසු අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගොස් තිබෙන බව දැනගන්න ලැබුණා. දෙව්මි දැරියගේ වෙන්ව යාම අප හැමගේම හදවත් කම්පාවට පත්කරයි.

ආදරණීය දෙව්මි දුවේ නොසිතු ලෙස ඔයා අපිව දාලා යන්නම ගිහින්. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් 2020 වසරේ A9 ඉහළම ප්‍රතිඵල ලබාගනිමින් ඔබ රටට කීර්තියක් ගෙනදුන්නා. ඒ කීර්තිය අපට අමතක නැහැ. ඔයාගේ නොසැලෙන උත්සාහයත් කැපවීමත් විශ්වාසයත් නිසයි ඔයා ඒ ජීවිතයේ කඩඉම ජයගත්තේ. ඔයා 2014 අවුරුද්දේදී පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වුණේ ලකුණු 177ක් ලබාගනිමින්. ඒකෙන් ඔයා ජීවිතයේ පළමු කඩඉම පසුකළා. ඒ නිසයි ඔයාට අපේ රටේ හැමෝම ආදරේ කළේ. ඔයාගේ අම්මා තාත්තා, පාසලේ ගුරුවරු, සහෝදර සහෝදරියන් ඒ ප්‍රතිඵලය දැකලා සතුටු වුණා.

අප ‘මව්රට’ පුවත්පත ඒ ගැන ලිව්වා. බොහෝ පිරිසක් ඒ ලිපිය කියවලා ඔයා ගැන ආඩම්බර වුණා. මාතර බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමිනුයි ඔයා සිටියේ. ඒ පාසලටත් ඔයා කීර්තියක් හිමිකර දුන්නා.

ඔයාගේ මවුපියන් හැමදාම උදෑසන ඔයාව වඩාගෙන ඉස්කෝලේ ගියේ ඔයාගේ අනාගතේ ලස්සන කරන්නයි. එයාලා ඔයාට ගොඩාක් ආදරේ කළා. ඒ ඔයාව දස මාසයක් කුසේ දැරුව අම්මා නිසයි. එයාට ඔයාව පෙනුණේ එයාගේ රාජ කුමාරිය විදියටයි. අම්මාත් ඔයාගේ ඉස්කොලේ ගුරුවරියක් නිසා ඔයාගේ ඉගෙනීම් කටයුතුවලට පහසුවක් වුණා. කුසුම්නි අබේගුණවර්ධන වන ඔයාගේ අම්මාට වෛද්‍යවරු කියලා තිබුණේ ඔයාව ජීවත් කරවන්න අමාරුයි කියලා. ඒ ජීවිතේ අත්දැකීම කටුකයි කියලා අම්මා කවදාවත් හිතුවේ නැහැ. ඒ අම්මා ඔයා පුංචි කාලේ වින්ද දුක මෙතෙකැයි කියන්න බැහැ. ඔයාගේ අම්මාට ඔයාගේ බඩගින්න දැනුණා. මුත්‍රා කරන්න ඕනේ වුණාම ඒ අවශ්‍යතාව දැනුණා. තාත්තා කිව්වේ දෙව්මි දුව මගේ පණ කියලා. ඒත් අද ඒ පණ දාලා ගිහින්. ඉස්පිරිතාලේ ඔයාව තියාගෙන මාස තුනක් එක දිගට කාලයක් තිබුණා. ඒත් ඒ අම්මාගේ උත්සාහය නිසාම ඔයාව අවුරුදු 18ක් ජීවත් කෙරෙව්වා. ඒ පිනම ඇති ඔයාගේ අම්මා තාත්තාට නිවන් දකින්න.

තාත්තා මහින්ද කුලතුංග රාජපක්ෂ. ඔහු මාතර වන අඩවි කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරියෙක්. ඔයා පුංචි කාලේ තාත්තා ඔයාව බයිසිකලේ වාඩිකරගෙන පාසලට එක්කගෙන ගිහින් පන්තියෙ වාඩිකරලා යන්නම් කියලා කිව්වා මතකද ඔයාට? ඔයාගේ මල්ලිලා දෙන්නට ඔයා හොඳ සහෝදරියක් වුණා. ඔයාගේ ආදරණීය මල්ලිලාටත් ඔයා නැතුව පාළුයි. දරාගන්න බැහැ. ඔයා උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන්නට ආසාවක් තිබුණත් මනස වෙහෙසන්න අමාරු නිසා ඔයා වාණිජ අංශයෙන් උසස් පෙළ කරන්න තෝරාගත්තා.

එදා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහත්තයා ඔයාගේ නිවෙසට ඇවිත් සුබපැතුවේ ඔයාගේ අනාගතය ලස්සන කරන්නයි.

ඔයාගේ ආසාව තිබුණේ උසස් පෙළ විභාගයෙන් ලංකාවට විශිෂ්ට ප්‍රතිඵලයක් ගෙනදෙන්නටයි. ඒත් ඊට ඉස්සෙල්ලා ඔයා යන්නම ගිහින්. බලන්න ඔයාට ඒක පහසු කාර්යයක් වුණේ නැහැ. දෙපා අහිමිව ශුසුම්නාව ආශ්‍රිත ආබාධයක් නිසා බොහෝ කොටස් අප්‍රාණික තත්ත්වයකයි ඔයා සිටියේ. ඉඟටියෙන් පහළ කොටසද සම්පූර්ණ අප්‍රාණික තත්ත්වයේයි තිබුණේ. ඒත් ජීවත් ඉන්න කල් ඔයා ඔයාගේ අධිෂ්ඨානය සඵල කරගත්තා. අපේ රටේ බොහෝ දරුවන්ට අඟපසඟ නිසි පරිදි තිබිලත් සමහර දරුවෝ ඉගෙන ගන්නේ නැහැ. ඒ අයට ඔයා ආදර්ශයක් ගෙනදුන්නා. ජීවිතයේ කොයි තරම් අඩුපාඩු තිබුණත් කැපවීමෙන් උත්සාහයෙන් වැඩ කළොත් ලොවේ දරුවන්ට දිනාගන්න බැරි දෙයක් නැහැ කියලා ඔයා පෙන්නුවා. ඔයා සාමාන්‍ය පෙළ සමත් වුණාම ඒ සතුට තාත්තාගේ ෆේස්බුක් ගිණුමේ තැබුවේ ‘ගතින් දුබල වූ මා සිතින් කිසිදා නොවැටී දිවි මඟේ කිසිදා නෙතඟ කඳුළක් නොසලා අතර මඟ නොසැලී ආ අභියෝගාත්මක ගමන් මඟේ ජය ටැඹක් වූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විශිෂ්ට සමාර්ථ 9ක් ලබා ගත්තෙමි. වෙර නැති මා ගතට සෙවණැල්ල සේ වෙර දුන් මගේ සෙනෙහෙබර මෑණියන්ටත් පියාණන්ටත් නෑ හිතමිතුරන්ටත් පළමු ශ්‍රේණියේ සිට සිප්සතර දුන් ගුරුවරුන්ටත් විදුහල්පතිතුමාටත් මට ආදරය කරන හැමෝටමත් ස්තුතියි…’ යනුවෙන්. ඒ වචන අපේ හදවත වේදනාවට පත්කරනවා.

ඔයාගේ වියෝව දරාගන්න බැරිව පාසලේ ගුරු මවක් කිව්වේ අපේ සිහින බලාපොරොත්තු නැතිවෙලා ගිහින් කියලා. ඔයාගේ වියෝව පාසලට විතරක් නෙවෙයි මුළු රටටම වේදනාවක් ගෙන දුන්නා. ඒ ගුරු මව කිව්වේ ඔයා ටිකක් අසනීපයෙන් ඉඳලා තියෙන්නේ. ඉස්පිරිතාලේ යන්න දෙමව්පියෝ බල කළත් ඔයා බැහැ කීවේ ඔයාට මොනවා හරි දෙයක් දැනෙන්න ඇති. ඒත් අම්මලා ඔයාට තියෙන ආදරේ නිසාම අවසානයෙත් ඉස්පිරිතාලයට අරන් ගියා. ඔයා වේදනාවෙන් දැඩි සත්කාර ඒකකයේ හිටියා. එතැනදී ඔයා අවසන් හුස්ම පොද හෙළුවා. ඒ වෙලාවේ දුක දරාගන්න බැරුව ඔයාගේ අම්මා තාත්තා කෑගහලා ඇඬුවා.

දෙව්මි දුවේ… ඔයාව ජීවිතයේ කවුරුවත් ඔයා අවසන් හුස්ම හෙළනකල්ම අතහැරියේ නැහැ. ඔයාගෙ ජීවිතයට අම්මලා තාත්තාලා ශක්තියක් වුණා. මේ වගේ දරුවන් ඉන්න පවුල්වලට දරුවන් තනිකරන්න එපා කියලා ආදර්ශයක් දුන්නා. මාතර දික්වැල්ල කුරුඳුගහහේන ජනතාව වගේම මුළු රටේම සියලු දෙනා ඔයාගේ වෙන්ව යාම දරාගන්න බැරිව වැළපෙනවා. දෙව්මි දුවේ, මේ ලෝකේ තියෙන්නේ යාම් ඊම් විතරයි. අපි මේ ලෝකෙට ආවොත් කවදා හරි දවසක සමුඅරන් යන්න ඕනෙ. සත්‍යය එයයි. මගේ රත්තරන් දුවේ සතුටෙන් ගිහින් එන්න. අපි ඔයාට හැමදාමත් ආදරෙයි…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පාගමනට පොලිසිය කඩන් පනී! සිසුන් කුදලගෙන යයි! මහ වැසි මැද කැළණිය උණුසුම් වෙයි! (VIDEO)

Next Post

කැළණියේදී පොලිසියට එරෙහිව සටන් පාඨ දෝරෙ ගලයි! මේ වීඩියෝව ටිකක් බලන්නකෝ! (VIDEO)

MORE NEWS

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

Load More
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

.යුපුන් අබේකෝන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක්ම සිදුකරමින් ක්‍රීඩාවෙන් සමුගත්තා. අමතක කරන්න බැරි කාරණය වෙන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු විදිහට මීටර් සියය වේගයෙන්ම...

Read more
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.