• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මරියතුමී වගේ කඳානේ සැරිසරන කවුද මේ අමුත්තිය I Sri Lanka Latest News

February 22, 2024
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පහුගිය කාලේ ලංකාවට එක එක ජාතියේ ආතල් පොරවල් ආවනේ. ඒ අස්සේ අවලෝකිතේශ්වර කියලා ඩයල් එකකුත් ආවා. මිනිහට අපි මොනවා කිව්වත් මිනිහාගේ මොළේ පරීක්ෂා කරලා මේ සියල්ල අස්සේ මේ යකාට මිනිස්සු පෙරළි පෙරළි වැන්දා. ලිමොසින් අරගෙන මේ යකා කැලණිය ආවට පස්සේ කැලණියේ බැතිමතුන් පෝළිමට වැන්දා, මූණ පිස්සා, ලේන්සු දුන්නා, වඩාගත්තා, සාදු කිව්වා, ගෙන් ගෙට ගියා, බණ භාවනා කළා, භාවනා පන්තිවලට සහභාගි වුණා. එතැන එක කෝලමක්.(Sri Lanka Latest News)

තව කෝලමක් තිබුණා කවුදෝ හාදයෙක් දේශනා පවත්වලා ජීවිතේ ගැන කියාදීලා, අර්ථය කියාදීලා, බුදු සසුන ගැන, බුද්ධාගම, බුදුරජාණන් වහන්සේ ගැන කියලා බණ භාවනා කරලා ඒ පුද්ගලයාගේ දේශනා අහලා කිහිප දෙනෙක්ම සියදිවි හානි කරගත්තා. මේවා විකාරද, මේවට හිනා වෙනවද, මේවට අඬනවද, මේවා ගැන මොන විදියට බලනවද කියන එක ගැන හිතාගන්න බැරුව අපි දැන් ඉන්නේ. මොකද ලංකාවේ ඉන්න මිනිස්සුන්ව අන්දන්න මාර ලේසි බව දැන් අපට තේරෙනවා.

මොකද සාමාන්‍යයෙන් රටක මිනිස්සුන්ට මොකා ඇවිල්ලා කොහොම බොරු කිව්වත් නොරැවටී ඉන්න මිනිස්සුන්ට සහජ බුද්ධියක් තියෙන්න ඕනනේ. සාමාන්‍යයෙන් මනුස්සයෙකුට උපන් දා ඉඳලා ඉගෙනගන්න දේවල්, එකතු කරගන්න දේවල්, මතක තියාගන්න දේවල් එක්ක තමයි මිනිස්සු ජීවිතේ හදාගන්නේ. හැබැයි පුදුමේ කියලා කියන්නේ ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන් කොහෙන් හරි ආපු මොකෙක් හරි නාඩගමක් නැටුවොත් ඒකට අහුවෙනවා.

මේ සියල්ලම අස්සේ ඔන්න පහුගිය දවසක මරිය මවුතුමියගේ ස්වරූපය තියෙන කාන්තාවක් ලංකාවට ඇවිල්ලා තැන් තැන්වලින් මතුවෙන්න පටන් අරගත්තා. රෑට පල්ලිය ඉස්සරහා හිටගෙන ඉන්නවා, පල්ලිවලින් එළියට එනවා, ඒක දැක්කම මේගොල්ලෝ වඳිනවා, පස්සෙන් පන්නනවා, සාදු කියනවා, එක එක දේවල් කතාකරන්න හදනවා, උන්දැ පාරේ යනවා, මේගොල්ලෝ පස්සෙන් යනවා. මේ වගේ අලුත් විකාරයක් ලංකාවේ දැන් තියෙනවා. අපි මේ ආගම්වලට විකාර කියනවා නෙවෙයි.

මේ ආගම් අස්සේ කෙරෙන පිස්සුවලටයි අපි විකාර කියලා කියන්නේ. මොකද එදා ඉඳන්ම ආගම් අස්සේ මිථ්‍යාදෘෂ්ටිකයෝ, අමුතු අමුතු භූතයෝ මතුවුණා. එහෙම මතුවෙන්නේ අදක ඊයේක නෙවෙයි. දොළුකන්දේ වැව් පිටින් පිරිත් කරපුවා, ඊට පස්සේ තැන් තැන්වල ගිහිල්ලා සුදු බෝධි අනං මනං වැඳපුවා, කැලණියෙන් නයි මතුවෙච්චා මේවා ඔක්කොම පන්සල් අස්සේ තිබෙන විකාර. මොකද පන්සල් අස්සේ විකාර කරනකොට ඒ විකාරවල තියෙන සුන්දරත්වය තමයි ඒවා කරන්නේ හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් නිසා. සමහර අය මහාචාර්ය හාමුදුරුවෝ. ඉතින් මේ වගේ ආචාර්ය මහාචාර්ය ඉහළ තනතුරු තාන්න මාන්නවල ඉන්න වැඳුම් පිදුම් ලබන පිරිස් පිස්සු නටනකොට ඒවට අභියෝග කරන්න සාමාන්‍ය මහජනතාව වෙච්ච අපට බෑ.

ඒ නිසා අපි මොනවා කිව්වත් අපි පිස්සෝ කියලා බැණුම් අහනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ. ඒ අස්සේ මේ ආපු කාන්තාව ගැන දැන් පහුගිය දවස ඔන්න කාරණා කාරණා කිහිපයක් මතුකරගෙන හොයාගෙන තියෙනවා. උන්දෑ රුසියානු ජාතික කාන්තාවක් බව තමයි කියැවෙන්නේ. මේ රුසියානු ජාතික කාන්තාවගේ අනන්‍යතාව හෙළිකර ගැනීම සඳහා පහුගිය දවසක පුළුවන් වුණා කියලත් වාර්තා වෙලා තිබුණා. මේ මනුස්සයාගේ මොළේ නම් ප්‍රශ්නයක් නෑ කියලයි කියන්නේ. උන්දෑගේ මොළේ ප්‍රශ්නයක් නැති වුණාට මෙයාගේ පස්සෙන් යන අයගේ මොළේ පරීක්ෂා කරලා නැති බව තමයි අපි හිතන්නේ.

මේ කාන්තාව කඳාන ප්‍රදේශයේ වැඩිපුරම සැරිසරපු බවත් වාර්තා වුණා. ඇගේ හැඩහුරුකම සම්බන්ධව වීඩියෝ තැන්තැන්වල සංසරණය වෙද්දී මේ මනුස්සයාව කඳාන පොලිසිය මගින් ප්‍රශ්න කරලා තියෙන බවත් කියැවෙනවා. කඳාන පොලිසියේ වාර්තාවට අනුව ඇය රුසියානු ජාතික කාන්තාවක් වන බවත්, ඇය කඳාන ප්‍රදේශයේ නිදහසේ සංචාරය කරන විට ඇගේ ඡායාරූපය සහ ඇඳ සිටි වස්ත්‍රය හේතුවෙන් බොහෝ දෙනා කුතුහලයට පත්වෙච්ච බවත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ කාන්තාවගෙන් කටඋත්තරයක් ගන්න කඳාන පොලිසිය කටයුතු කරලා තියෙනවා. ඒ වෙලාවේ හොයාගෙන තියෙනවා මේ කාන්තාවට කිසිදු මානසික ආබාධයක් නෑ කියලා.

ඈ ලංකාවේ සංචාරය කිරීමේදී මේ වගේ නිදහසේ මාර්ගයේ ගමන් කරපු අවස්ථාවක පටිගත කරපු වීඩියෝවක් තමයි සමාජ ජාලගත වෙලා තියෙන්නේ. ඉතින් මේ ගැන එක තැනකදී කඳාන පොලිසිය මගින් ප්‍රශ්න කරලා තියෙනවා. එහිදී හෙළිවෙලා තියෙන්නේ ඇය නිදහසේ පාරේ ගමන් කරන කාන්තාවක් බවත්, ඈට කිසිදු මානසික ආබාධයක් නැති බවත්. හැබැයි ඈට මානසික ආබාධයක් නැති වුණාට මේ රටේ ඉන්න අනිත් එවුන්ට මානසික ආබාධයක් තියෙනවනේ. ඒ නිසාසේ මෙහෙම ඇවිදිනකොට ප්‍රශ්නයක් ඇතිවෙන්නේ.

ඇය ඔළුව වහගෙන ලස්සනට ඇඳගෙන ගියාම ඇගේ මූණ සහ මරිය මවුතුමියගේ මූණේ යම් සමානකමක් දැකලා ඒ හැඩරුව මවාගෙන මේ මරිය මවුතුමියයි කියලා පිළිඅරගෙන ඉහ උඩ තියාගන්නා සිරිත අපේ. ඒ නිසා මේ ගොං පාට් එක අපේ නිසා ඇයත් අපහසුතාවට පත්වෙනවා මේ විදියට පොලිසියෙන් ප්‍රශ්න කරන්න ගියාම. මොකද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න දඟලන අස්සේ අපි මේ පාරේ යන ගෑනුන්ගේ රෙද්ද දැකලා උන්දැට වඳින්න ගියාම ඒ මිනිස්සුන්ට මේ රටට එන එකත් එපාවෙනවා.

ඒ මිනිස්සු දන්න අයටවත් ලංකාවට එන්න එපා කියයි. මොකද මේක කොමිටල් විජිතයක් බවට පත්වෙලා තියෙන හින්දා. කොහොම නමුත් කියන්න තියෙන්නේ තැන් තැන්වල හිටපු අවලෝකිතේශ්වරලා ලංකාවට එන අස්සේ ඉන්ටර්නැෂනල් අවලෝකිතේශ්වරලත් දැන් ලංකාවට එන්න පටන් අරගෙන තියෙනවා කියන එක. ඒක අමුතුම තත්ත්වයක්. මේවා ඉතින් කාට කියනවද, කොහොම කියනවද කියලා අපි දන්නේ නෑ.

ඒ වුණාට මොකක්දෝ තවත් විකාරයක් මේ කාලේ මතුවෙලා තියෙනවා. මේවා ඇඟේ දාගෙන ප්‍රශ්න ඇතිකරගන්නේ නැතුව ඉන්නවා නම් තමයි වඩා හොඳ කියලා අපි අපේ පාඨකයන්ට කියන්නේ. මෙයාට වඳින්න ගිහිල්ලා මෙයාට පූජා පවත්වන්න ගිහිල්ලා මෙයාට භක්ත්‍යාදරය දක්වන්න ගිහිල්ලා තවත් වැඩ වරද්ද ගත්තොත් ඒ මනුස්සයත් කෝටි ගානක් හම්බ කරගෙන ලංකාවේ මිනිස්සුන්ගේ අතේ තියෙන කීය හරි සූරගෙන තමයි මේ කතන්දරෙත් ඉවර වෙන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රිය අනතුරක්ද? මිනීමැරුමක්ද? මිනීමැරුමක් කියලා ඔප්පු වුණොත් ඒ පසුපස ඉන්න සියලු දෙනාටම දඬුවම් දෙන්න ඕනෑ! කාලෙකට පසු පාර්ලිමේන්තුවේ කතා කළ ජොන්ස්ටන්ට සනත් නිශාන්තගේ මරණය ගැන සැකයක්! ජවිපෙටත් ලොකු චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

‘ශ්‍රී ලංකාව ඉන්දියාවේම කොටසක්’කියපු කතාවට හරීන්ගේ ඇමැතිකම නැතිවෙයිද? I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.